එරික් ඉලයප්ආරචිචි:
බුදු සිරිත දෙස නව්‍ය දෘෂ්ටියකින් බලා බොහෝ සේ ආවර්ජනා කොට එය යථාර්ථවාදී නවකථා ශානරය තුළ තාත්වික ලෙස ගොඩනැඟීමේ දී මාර්ටින් වික්‍රමසිංහ පැරැණි කතාකරුවන් සම්පූර්ණයෙන් නිහඬවන හෝ අතිශයින් සංක්ෂිප්තවන තැනෙහි ස්වකීය ආඛ්‍යානය ප්‍රාණවත් කරයි. එය සරල කාරණාවක් නොවේ.
බුදු සිරිත පවසන සාහිත්‍යය හෝ එය පූර්විකා කරගන්නා වංශ කථා සාහිත්‍යය හෝ ඒ සම්බන්ධයෙන් අනුගමනය කර තිබෙන්නේ දෘඪ නිහඬ පිළිවෙතකි. සද්ධර්මරත්තාවලිය බුද්ධ චරිතය ගැන කියන තෙවෙනි පරිච්ඡේදයේ දී ඒ ගැන කියන්නේ මෙපමණි.
“…ත්‍රිවිධ සෘතුවට නිසි ව පහළවූ මාළිඟා තුනෙහි බිම්බා බිසොවුන් ප්‍රධාන කොට ඇති සතලිස් දහසක් පුරඟනන් පිරිවරා ශක්‍ර සම්පතට අපහාස්‍ය කරන්නාක් වැනි වූ රජසම්පත් විඳින දෑල උයන් කෙළියට යන තුන් දවසෙක ජරා පිළිකුල් රුවක් හා මළ රුවක් හා දැක කලකිරී…”32
31 මාර්ටින් වික්‍රමසිංහ, බව තරණය, සරස, 2005. පිටුව 138 32 ධර්මසෙන මහාස්ථවිරපාදයන්, සිතියම් සහිත සද්ධමරත්නාවලිය, සාහිත්‍ය ප්‍රචාරක සමාගම, 1952. පිටු 24, 25
“… බිම්බා බිසොවුන් රහල් කුමරුවන් වැදූ නියාව මහාභිනික්මන් වහා නික්මෙන්නට කියා එවාලූ මෙහෙවරක් මෙන්… පුත්‍රප්‍රතිලාභයට වඩා ශ්‍රාමණ්‍ය ඵල ප්‍රතිලාභය උතුම. ‘තවද එකම පුතණු කෙනෙක් වේද? මහාභිනික්මන් නික්ම බුදුවුවහොත් අසංඛය ගණන් දරුවන් ලද හැක්කැ යි…”33
සද්ධර්මරත්නාකරය මෙපමණ කීමෙන් ඒ ගැන නිහඬ වේ.
“තුන් සෘතුවට සුදුසු වූල ප්‍රාසාදවල අතුරණ ලද ඇතිරිළි, මහරු තිර, විතානාදීන් හොබනා වූ යහන්හි, දිව සැපයක් සේ, සුවපහස් දෙන සේනාසනාදි වූ රාජ සම්පත්තිය හැර ගිය හෙයින්
…”34
සමහර විට යසෝදරා ගැන සහානුභූතික යමක් පවසන්නේ චන්නකින්නර ජාතකය පමණක් විය හැකි ය. කින්නරයකුව උපන් බෝධිසත්වයන්ගේ බිරිය වූ කින්නරීපූර්වාත්මභවයෙහි යසෝදරා ය. හිමාලයෙහි දඩයමේ පැමිණි රජු කින්නරියගේ ගී රාවය අසා ඇය කෙරෙහි ආසාවෙන් බැඳී විෂ කවන ලද හීයකින් කින්නරාට විදියි. කින්නරිය සිය සැමියාගේ සිරුර බදා ගෙන වැලපෙන අතරේ තම ආදරණීය සැමියාගේ සිරුර තවමත් උණුසුම් බව වටහා ගනියි. ප්‍රමාද නොවී තම සැමියාගේ දිවි බේරා දෙන ලෙස දෙවියන් වෙතින් ඉල්ලයි. දෙවියෝ බ්‍රාහ්මණ වේශයක් ගෙන පැමිණ කින්නරාට පණ ලබා දෙයි.
බුදුන් බුදු වූ පසු සිය මාළිගාවට පැමිණි විට සුද්දෝදන රජු යසෝදරාගේ ගුණ කියයි. කිසිදු කුමාරයකු විසින් එවන ලද තිළිණ ඇය භාර නොගත් බව කියයි.
එනයින් අප ජාතක කථාකරුවා යසෝදරාට ලබා දෙන්නේ ග්‍රීක මහාකවි හෝමර් ‘ඔඩිසි’ වීර කාව්‍යයේ දී ඔඩිසියස් හෙවත් යුලිසිස් වීරයාගේ බිරිඳ වූ අකලංක පෙනිලෝපිට ලබා දෙන උත්තරීතර ස්ථානය යි. මාර්ටින් 33
ධර්මසෙන මහාස්ථවිරපාදයන්, සිතියම් සහිත සද්ධමරත්නාවලිය, සාහිත්‍ය ප්‍රචාරක සමාගම, 1952. පිටු 24, 25
34 විමලකීර්ති මහා ස්වාමිපාදයන්, සද්ධර්මරත්නාකරය, රත්න පොත්
ප්‍රකාශකයෝ, 2017, පිටුව 24
වික්‍රමසිංහ තමා මහත් සේ අගැයූ ජාතක කථා සාහිත්‍යයේ චන්න කින්නර විවරයෙන් ‘බව තරණය’ වෙත ඇතුළු වන්නේ ඇයට
‘දුවේ…’ යි අමතන අයුරිනි.
“සොහොන් පාලකයාගේ දූ හොඳටම ලස්සන ද?”
“ඔවු” යි කියමින් සිදුහත් සිනාසිණි.
“ඈ ඔබේ ඇඟේ හැපුණේ නැද්ද?”
“නෑ. මගේ අත මිරිකුවා!”
“ඉතින් ඔබ සන්තෝස වුණා.”
“ටිකක්.”35
පියල් හා නන්දා මෙන් ම අරවින්ද හා සරෝජිනී අතර ද ගොඩනැඟූ ‘ආදරයේ භාෂාව’ සිදුහත් හා යසෝදරා අතර ප්‍රතිරාවය කරන මාර්ටින් වික්‍රමසිංහ, ඒ ඔස්සේ සිංහල නවකථාව තුළ ‘ආදරවන්තයාගේ කතිකාව’ (lover’s discourse) ගොඩනඟන්නට දායක විය. එනයින් නවකථාවේ මහ භාෂාව තුළ ගොඩනැගෙන්නේ තවත් අතුරු භාෂාවකි. මයිකල් බක්තීන්ගේ විචාරය ඔස්සේ කල්පනා කළ හොත් එය සංවාදී සැණකෙළියකි.
නවීන මනෝවිශ්ලේෂණය තුළ තවදුරටත් විභාග කළ හොත් යසෝදරා – සිදුහත් සංවාද සාහිත්‍යයේ ආරම්භක අදියරේදී යසෝදරා චරිතය ප්‍රමෝදයේ( jouissance) සාධකය ලෙස ද, සිදුහත් චරිතය සිතන පුද්ගල විෂය (thinking subject) ලෙස ද ගොඩනැංවේ. සිදුහත් ඇගේ ආදර කලාපය තුළ තවදුරටත් රැඳෙන්නේ ඇගේ ප්‍රමෝදයේ අතිරික්තය නිසා ය. ඇගේ ‘ආසාවේ රාජධානිය’ සිදුහත්ගේ රාජකීයත්වය හා ස්වයංවර විවාහය මඟින් ඔහු තමා සන්තක කරගැනීමේ වුවමනාව මෙන් ම ඉදිරියේ දී ගැහැනියක ලෙස මුහුණ දෙනු ඇති ව්‍යසනය මඟින් ද ඇති කරන ලද අවිඥානක අතිරික්ත හැඟීම් සමුදායක් සමඟ වෙළී තිබේ. වික්‍රමසිංහ යථෝක්ත සංවාදයේ ඊළඟ ‘ආදර ප්‍රස්තුතය’ හැටියට ලියන්නේ ඊට සැබැවින් ගැලපෙන වගන්ති පෙළකි.
35 මාර්ටින් වික්‍රමසිංහ, බව තරණය, සරස, 2005. පිටු 46 – 7
“තව මාස තුනකින් යුද හරම සෙල්ලම් පවත්වනවා. ඔබ
එදාටත් අමුසොහොන බලන්න යනවා ද?” අසමින් යසෝදරා
සිනාසුණා ය.
“නෑ. මම එදාට යුද හරම දක්වන්ට එනවාට ඔබ කැමති ද?”
“ඔවු. හොඳටම කැමැතියි.”36
වයෝවෘධ වික්‍රමසිංහ මේ ලියන්නේ තම විචාර මාර්ගය තුළ මනෝවිශ්ලේෂණයට මුල් තැන දෙන නව තරුණ බුද්ධිමය පරපුරක් ආකර්ෂණය කරන අයුරේ ආදර දෙබසකි. එනමුත්ඔ වුන්ගේ විශ්ලේෂණයන් අතර ද ප්‍රමුඛත්වයට පත් නොවන ‘ආදරවන්තයාගේ කතිකාවක්: කැබලිති (A Lover’s Discourse:Fragments) නම් කෘතිය මඟින් රෝලන්ඩ් බාත ඉතාමත් වෙහෙස වෙමින් ආසාවේ භාෂාවේ කායවිච්ඡේදනය (anatomy of desire) සිදු කරමින් ආදරය හා භාෂාව සුරතාන්තමය ලෙස උත්සවශ්‍රීයෙන් සමරයි.

බාත පෙන්වා දෙන්නේ කෙනෙකු ආදරයෙන් බැඳී සිටින විට පාවිච්චි කරන්නේ ඔහු හෝ ඇය සාමාන්‍යයෙන් කතා කරන බස නොවන බව ය. එය ඔහු හෝ ඇය ඔවුන්ට ම හා ඔවුන්ගේ පරිකල්පිත පෙම්වතකුට හෝ පෙම්වතියකට ඇමතීමකි. එය හුදකලාවේ භාෂාවකි (language of solitude). පුරාවෘත්තයේ භාෂාවකි ( language of mythology). චිත්තරූප සංගීතයකි (image repertoire).

වික්‍රමසිංහගේ අදීන පෙමාතුර සංවාද බස එය වහරන චරිත දෙක ම විෂයෙහි මතු එළඹෙන හුදකලාව ධ්වනිත කරයි. එය දෙදෙනාගේ ම පුරාවෘත්තවලට මඟ හෙළි කරයි.එහි ලා දිග හැරෙන ‘චිත්ත රූප සංගීතය’ දරු සම්පත ලැබීම,මහාභිනිෂ්ක්‍රමණය, නැවත දෙදෙනා දැකීම හා දරුවාගේ ඉරණම ආදී අනාගත චිත්තරූප මෙන් ම ඒ දෙදෙනාගේ උත්කෘෂ්ටභාවයට පත්වන පරිකල්පිත ප්‍රේමය (sublime love) ද හඟවයි.
36 මාර්ටින් වික්‍රමසිංහ, බව තරණය, සරස, 2005. පිටුව 47

එරික් ඉලයප්ආරචිචි – Eric Illayapparachchi
පෙර කොටස් :
- මාර්ටින් වික්‍රමසිංහගේ බව තරණය: විවාදාත්මක යුගයකට සංවාදාත්මක නවකතාවක් 1-l
- මාර්ටින් වික්‍රමසිංහගේ බව තරණය: විවාදාත්මක යුගයකට සංවාදාත්මක නවකතාවක් 1-ll
- මාර්ටින් වික්‍රමසිංහගේ බව තරණය: විවාදාත්මක යුගයකට සංවාදාත්මක නවකතාවක් 2-l
- මාර්ටින් වික්‍රමසිංහගේ බව තරණය: විවාදාත්මක යුගයකට සංවාදාත්මක නවකතාවක් 2-Il
- මාර්ටින් වික්‍රමසිංහගේ බව තරණය: විවාදාත්මක යුගයකට සංවාදාත්මක නවකතාවක් (3 කොටස)
- මාර්ටින් වික්‍රමසිංහගේ බව තරණය: විවාදාත්මක යුගයකට සංවාදාත්මක නවකතාවක් (4 කොටස)
- මාර්ටින් වික්‍රමසිංහගේ බව තරණය: විවාදාත්මක යුගයකට සංවාදාත්මක නවකතාවක් (5 කොටස)
- මාර්ටින් වික්‍රමසිංහගේ බව තරණය: විවාදාත්මක යුගයකට සංවාදාත්මක නවකතාවක් (6 කොටස)
- මාර්ටින් වික්‍රමසිංහගේ බව තරණය: විවාදාත්මක යුගයකට සංවාදාත්මක නවකතාවක් (7 කොටස)
- මාර්ටින් වික්‍රමසිංහගේ බව තරණය: විවාදාත්මක යුගයකට සංවාදාත්මක නවකතාවක් (8 කොටස)





