මමත් හරි ආසයි නටන්නට

දොම්ත දොමිකිට තක්ක තරිකිට

මමත් හරි ආසයි නටන්නට

වත්ත පහළට යන්න යන අර

හොර කුරුල්ලෙක් වගේ කැරකෙන

“මැන්ඩියට වත් ඉන්න දන්නෑ

තාලෙකට අඩි තියන්නත් බෑ

ඉතින් උඹ කොහොමෙයි නටන්නේ?”

එහෙම පැනයක් මගෙන් ඇහුවට

මමත් හරි ආසයි නටන්නට

සම්ප්‍රදායන් ගැන ඇහැව්වට

වැදි නැටුම් ගැන අහලා තිබ්බට

බෙර පදේකට නිකම් වැනුනට

කවමදාවත් නටලා නෑ මම

ලඟම උන් අය බොහෝ තැන්වල

“අනෙ ඌ නටන්නට දන්නෙ කෝළම්”

සමච්චලයට කියලා තිබුණට

කවමදාවත් තරහා නෑ මම

දොම්ත දොමිකිට තක්ක තරිකිට

මමත් හරි ආසයි නටන්නට

වත්ත පහළට යන්න යන අර

හොර කුරුල්ලෙක් වගේ කැරකෙන

*ඇතැම් ප්‍රදේශ වල හොර කුරුල්ලා යන නමින් ආමන්ත්‍රනය කරන්නේ හොර ගස්වල බීජයටය.

More From Author

මගේ ලොකු නැන්දා හෙවත් ‘මාලිනී ෆොන්සේකා’

නොසැලෙන කම්කරු මැයි දින පෙළපාළිය ට්‍රැෆල්ගර් චතුරශ්‍රයට

Leave a Reply

Categories

LDM Columns