ලේඛිකා රුවන්මලී කොඩිකාර මෙවර ලංකා ඩේලි මේල් වෙබ් අඩවියේ අරුනැල්ල සමඟ එක්වෙයි.
ප්‍රශ්නය: ඔබ ලේඛකත්වයේ වරම් ලැබුවේ කෙසේද?
පිළිතුර:මා පාසල් අවදියේ සිට ම පුවත්පත් ,සඟරාවල කවි පිටු සඳහා කවි රචනා කළා.වනිතා විත්ති,වත්මන,සිව්දෙස ,නවලිය ,තරුණි, වැනි පුවත්පත් හා සඟරා විටින් විට දුරබැහැර සේවය කරද්දී. මේ ලේඛන කටයුතු මගහැරෙනවා මගේ පවුලේ වගකීම් නිසා මා අවුරුදු විසිතුනක සේවාකාලයකින් පසු විශ්‍රාම ලබනවා.ඉන්පසු නැවත ලිවීම ආරම්භ කරනවා.දිවයින ,ලංකාදීප ,සත්මඬල වැනි මුද්‍රිත මාධ්‍ය වල කවි පළවෙනවා.මං සාහිත්‍යට බොහෝ ලැදි කෙනෙක් කුඩාකල සිටම. දෙදහස් විසිපහ වසරේ මං මගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය පළකරන්නේ “මඳ සිනා නගන විල්දිය “නමින්.එලෙසින් තමයි මා ලේඛන කලාවට සම්බන්ධ වන්නෙ
ප්‍රශ්නය: ඔබ පසුගිය දා එළිදැක්වූ “මද සිනා නගන විල්දිය” කාව්‍ය සංග්‍රහය පිළිබඳව කෙටි හැඳින්වීමක් කළොත්?
පිළිතුර:මඳ සිනා නගන විල්දිය පොතේ කවි 49 ක් ඇතුළත් වෙනවා.මෙහි කංචුක නිර්මාණය තරිඳු ඩී මල්විල සෝදුපත් පරීක්ෂාව අශෝක කුලතුංග පිටු සැකසුම බද්ධාංජලී පටිභාණි කවි තෝරා බේරාගෙන සංස්කරණය කිරීමෙන් සහ අගනා පෙරවදනක් රචනා කිරීමෙන් දිරිය සැපයූ ප්‍රවීණ කිවියර රංජිත් මල්ලියාවඩු මහතා ගෞරවයෙන් සිහිපත් කරනවා.මේ පොත පුස්තකාල පොතක් ලෙස 2025 වසරෙ ජාතික පුස්තකාල හා සේවා මණ්ඩලයෙන් නිර්දේශ වෙනවා.

ප්‍රශ්නය: ඔබේ කවියට මෙතෙක් ලැබුණු ප්‍රතිචාර ගැන ඔබ තෘප්තිමත්ද?
පිළිතුර:මේ පොත දොරට වැඩීමේ උත්සවයක් පැවැත්වූයේ නැහැ.ඒ අවස්ථාවේ යෙදී තිබූ නොයෙකුත් පෞද්ගලික වැඩකටයුතු නිසා.එහෙත් නිරෝෂ ප්‍රනාන්දු සොයුරා එතෙර සිට ඔහුගේ “සාහිත සංවාද “යූ ටියුබ් වැඩසටහන ඔස්සේ zoom සංවාදයක් පවත්වා එළිදැක්වීමක් සිදුකළා. සරත් විජේසූරිය සර් ඇතුළු පිරිස විද්වත් අදහස් ඉදිරිපත් කළා.චූලානන්ද සමරනායක මහතා ඇතුළු බොහෝ සාහිත්‍යවේදීන් පොත පිළිබඳ විචාර ඉදිරිපත් කරමින් මට බොහෝ වටිනා උපදෙස් ලබාදුන්නා.ජයසිරි අලවත්ත මහතාගෙ “සරග”සාහිත්‍ය වැඩසටහනෙත් පොත පිළිබඳ සංවාදයක් පැවැත්වුවා.ගම්පහ ආසියානු සාහිත්‍ය නිවහනේ පොත ගැන කතිකාවක් සිදුවුණා .ඉතින් මගේ ලේඛන කටයුතු යහපත්ව කරගෙන යාමට වැදගත් කරුණු ගොන්නක් මේ මගින් ලැබුණා .මං මගේ පොත ගැන නිහතමානීව සතුටු වෙනවා.මං තව ම දුහුනෙක් බවයි මගේ හැඟීම .
ප්‍රශ්නය: සාහිත්‍යකරුවාගේ වගකීම පිළිබඳ ඔබගේ අදහස කුමක්ද?
පිළිතුර:සාහිත්‍යකරුවෙකුගේ වගකීම ගැන මගේ පෞද්ගලික අදහස නම් සාහිත්‍ය පරිශීලනය කිරීමෙන් මා සොයන්නේ නිවීමක්.වඩා යහපත් නිවුණු පෞරුෂයක් ඇති පිරිසක් බිහිකරන්නට දායකවීම සාහිත්‍යකරුවෙකුගේ වගකීම වෙන බවයි මං විශ්වාස කරන්නෙ
ප්‍රශ්නය: ඉදිරියට පැමිණීමට තිබෙන නව නිර්මාණ මොනවාද?
පිළිතුර:ඉදිරියේදිත් නිර්මාණ තුළින් ඔබ හමුවීමට බලාපොරොත්තු වෙනවා. ලියමින්,නැවත නැවත කියවමින් පිරිපහදු කරමින් ඉන්නවා.තව කාලයක් ගතවෙයි එය සකස්කරගන්න. කාව්‍ය සංග්‍රහයක් කරන්නයි අදහස .
සංවාද සටහන: සුභාෂ්





