හිතේ ඇති වුනත් දුක් වේදනාවන්පෙන්වන්න එපා

හිතේ ඇති වුනත් දුක් වේදනාවන්
පෙන්වන්න එපා
ලෝකෙට කඳුලකින්
ඇති තරම් යට කරන් දරාගෙන
තනියෙන්
නැති ලෙසට කිසිදෙයක්
ලෝකෙටම
පෙන්නපන්!
උඹෙ කඳුළු රූ රන්නෙ
දෙකපොලටමයි උඹේ
උඹ හඬන්නෙත් වාවන්නෙ නැති නිසයි
නොකීවත් හිත උඹේ
උඹ දරාගෙන ඉන්න මහ මෙරත් නම් උඹේ
උඹම දිරවා ගනින් කෑ මාලු උඹෙ බඩේ!
තනිවෙච්ච ගෑණියක් ගැන තවත් ගෑණියෙක්
ඔය වෙච්ච දේ මදි නොකීවට ඔයත් හොඳ බඩ්ඩක්
අච්චු දෙයි ඕවට දැක්ක
වගේ කියයි නොදැක්ක ත්
වෙච්ච දේ උඹෙ හිතේ නොකර හිටපං සද්දක්!
උඹෙ කඳුළු හංගපං
ලෝකෙන් සැඟ වී හිටපං
උං බලං ඉන්නෙම
උඹට වැරදෙන කං
උඹම උර මත තියං
ගෙනා පව් විඳවපං!

More From Author

චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ පැරඩයිස් චිත්‍රපටය ගැන ලෝසවෙඅ සමග සාකච්ඡා කරයි

බිකිනි මැසීමේ සහ සුරුට්ටු එතීමේ සාහිත්‍යය සහ කලාව

Leave a Reply

Categories

LDM Columns