මාර්ටින් වික්‍රමසිංහගේ බව තරණය: විවාදාත්මක යුගයකට සංවාදාත්මක නවකතාවක් (5 කොටස)

එරික් ඉලයප්ආරචිචි:

මාර්ටින් වික්‍රමසිංහගේ නිරූපණය තුළ සිදුහත්, නරදත්ත, දේවදත්ත, කපිල, බද්දිය ආදී ශාක්‍ය තරුණයින්ගේ දඩ කෙළිය, ඔවුන්ගේ වංශවත්භාවය, සමාජ ආධිපත්‍යය, සතුරන් ජය ගැනීමේ පෙරහුරුව හා ශිල්ප හැකියාව පළ කරන අතරේ සොබාදහම13

The Storyteller, Reflections on the Works of Nikolai Leskov in Illuminations, Walter Benjamin, Essays and Reflections, edited by Hannah Arendt, Schocken Books, New York, 1969, p. 83

ජය ගැනීමේ අභිලාෂයත්, විනෝදය සහ සන්තෘෂ්ටිය සමඟ බැඳුණු අනුරාගී ලු‍බ්ධි ආර්ථිකයත් ( libidinal economy ) පැහැදිලි කරයි. කතුවරයා එනයින් ස්ථාපිත කරන්නේ නවකථාවේ ඉදිරි විකාශනයට
වුවමනා සමාජ පසුබිම යි. මේ තරුණ පිරිස රාජකීයයෝ මෙන් ම කුලීන වියත්තු ද වෙති. ඇලෙක්සැන්ඩර් කුමාරයාට ඇරිස්ටෝටල් මෙන් ඔවුන්ට විස්වාමිත්‍ර සිටින්නේ ය. මඟු‍ල් උයන ඇතුළු ස්වකීය විජිතයේ වන දඩයම, ස්වාධිකාරී බලයෙන් සන්නද්ධ රජු සහ සෙසු කුලීනයින්ගේ විනෝදය යි. මාළිගාව සහ රාජ සභාව සහිත ඇතුළු නගරයෙන් හා ප්‍රත්‍යන්තයෙන් ඈත් වී වනය කරා එළඹෙන රාජකීයයෝ දඩයම ඔස්සේ විජිතකරණයෙහි හා ප්‍රතිවිජිතකරණයෙහි (territorialisation and re-territorialisation ) නිරත වෙති. ඔවුන්ගේ ඊතලය ගමන් කරන දුර එහි ව්‍යාප්තිය සංකේතවත් කරයි.

වික්‍රමසිංහ සවිස්තරාත්මකව වර්ණනා කරන පරිදි ‘හිරු රැස් කැරැලි නිසා කිපී දත් විරිත්තන වුරුකයකු’, ‘අං නැති දුඹුරු පැහැති කස්තුරි මුවා’, ‘කැලයට වැදුණු අඳුරු පැහැති සතෙකු’ හා හංසයකු ඔවුන්ට හමුවේ. දඩයම ඇසුරෙන් ගොඩනැ‍ඟෙන ශාක්‍ය වංශික තරුණයින්ගේ අනුරාගය හා භෞම – ආධිපත්‍යය සහිත ලු‍බ්ධි ආර්ථිකය සලකුණු කරන අතරේ කතුවරයා ඒ මත තම දෘෂ්ටිවාදයේ අනුරාගය ද අතුරයි. ඒ දඩයම් විනෝදයේ සදාචාර සීමාව ලකුණු කිරීමෙනි.

එකී සදාචාර කතිකාව දුරදිග යවන වික්‍රමසිංහ, විඳ බිම හෙළනු ලැබූ හංසයාගේ අයිතිය, හංසයාට ප්‍රතිකාර කිරීමේ සහේතුකත්වය, දඩයම සහ රටත් ජනයාත් රැක ගැනීමේ පරිශ්‍රමය අතර ඇති බව පැවසෙන සම්බන්ධය, සතුන් මරණ වැද්දන් සහ ඒ දෙය ම සිදු කරන රාජකීයන් අතර වෙනස, සත්ව හිංසාව සහ එකවර සතා මැරීමේ සුහුරුකම යන කාරණා ගැන සංවාදාත්මක ලෙස විස්තර කරයි. කතුවරයා මෙහි උගුලක පැටලේ. ඒ රාජකීයන්ගේ සුඛපරම ජීවිතය තුළ දඩයම හා බෞද්ධ දෘෂ්ටිය එකට රඳවන්නේ කෙසේ ද යන ගැටලුව යි. ඒ විප්‍රකාරය අවසන් වන්නේ ගැටලුවට විසඳුම සෙවීම කල් තැබීමෙනි.

“විඳ මැරූ සතා දෙස සන්තෝසෙන් බැලීම වැරදිදැ යි අපි විස්වාමිත්‍රගෙන් අහමු” යි කියමින් බද්දිය, කපිල අනුගමනය කළේ ය. සිදුහත් ඇතුළු අනික් කුමාරයෝ ඒ දෙදෙනා අනුගමනය කළෝ ය.”14

මෙහි දී සිදු වන්නේ රාජකීය කුමාරයන්ගේ අවිඥානයට හෙවත් ඉඩියාවට (id) මාර්ටින් වික්‍රමසිංහගේ උපවිඥානය හෙවත් සුපඊගෝව (superego) මැදිහත් වීමකි. එම කැත් කුල සිරිත් සිදුහත් ඇතුළු සාධාරණ රාජකීයන්ගේ උපවිඥානය ම විනා තමාගේ උපවිඥානය නොවන බව කියන්නට මාර්ටින් වික්‍රමසිංහ සිය ආඛ්‍යානයෙහි සේවය ලබා ගනියි. මනෝවිශ්ලේෂණය තුළ මෙය තේරුම් ගැනීම පිණිස අපි සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් හා පශ්චාත් – නූතන විචාරකයින්ගේ ‘ෆ්‍රොයිඩ් නැවත කියවීම්’ වෙත යොමු වෙමු.

Sigmund Freud

“භාවිතයට ගැලපෙන අයුරින් ඉඩ් (අවිඥානය) (id) සංවිධිමත් කරනු පිණිස ඉතා වෙහෙසකර හා පරිශ්‍රමශීලී කර්තව්‍යයක් සුපිරි අහමට (superego) තිබේ. ෆ්‍රොයිඩ් තව දුරටත් ලියන්නේ ඒ කටයුත්ත ‘කැරැලි ගැසීමක (insurrection) තර්ජනය ඇති පෙදෙසක හමුදා කණ්ඩයක් හෙවත් ගැරිසනයක්(garrison) පිහිටුවන අයුරින් සාක්ෂාත් කරගන්නා බව යි.”15

⁣පෙර කොටස්:

More From Author

මැකියාවෙලීගේ ”කුමාරයා”

සාහිත්‍යය මාසයේ- පිස්සු හැදෙන මගේ සාහිත්‍ය සම්මානය

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348