එරික් ඉලයප්ආරචිචි:
“බව තරණය’ නවකථාව ලියවීමේ දී හා එය උසස් නවකථාවක් ලෙස සැකසීමේ දී මාර්ටින් වික්‍රමසිංහ ආඛ්‍යාන විද්‍යාත්මක වශයෙන් පරිහරණය කරන්නා වූ සාහිත්‍ය ගතිකයන් පිළිබඳ වැටහීමක් අපට ලබා ගත හැකි අතර එය ‘බව තරණය
- මාර්ටින් වික්‍රමසිංහ, නවකථාංග හා විරාගය, සී/ස මවුන්ට් ප්‍රකාශකයෝ,පිටුව 238-9
- මාර්ටින් වික්‍රමසිංහ, බව තරණය, සරස, 2005. පිටු vi, vii
- මාර්ටින් වික්‍රමසිංහ, බව තරණය, සරස, 2005. පිටුව 199
නැවත කියවීමේ අපගේ ප්‍රවිෂ්ටය වන්නේ ය. රෝලන්ඩ් බාත නව ප්‍රබන්ධ කලාවේ ශිල්පි විධි පැහැදිලි කරමින් හඳුනා ගන්නා ‘කථාව පැවසීමේ කේත”(story telling codes ), සැබැවින් ම මිනිස් ජීවිතය සමඟ ගනුදෙනු කරන නවකථාකරුවා, තම චරිතයේ සමාප්ති තත්ත්වය ලෙස මරණය හෝ වෙනත් සාක්ෂාත්කරණයක් ලබා ගැනීම කථාව අවසානය දක්වා කල් දමමින් පාඨකයා නව ප්‍රබන්ධය කෙරෙහි ඇඳ බැඳ තබා ගන්නා කේත ලෙස හඳුනා ගන්නට කැමැත්තෙමි. මෙය නව විචාර ආස්ථාන තුළ වෝල්ටර් බෙන්ජමින් හා රෝලන්ඩ් බාත සුසංවාදී කරගැනීමේ නවක උත්සාහයකි. මාර්ටින් වික්‍රමසිංහ තම නවකථාවේ සමාප්තිය ලෙස දකිනු ඇත්තේ බුදුන් වහන්සේ බුද්ධත්වය ලැබීම හා උන්වහන්සේගේ මහා පරිනිර්වාණය බව පාඨකයකුට සිතුණත් කතුවරයා එය අවසන් කරන්නේ දැන් බවුන් වඩන නමුත් පෙර කල්හි කාමිනියක වූ අම්බපාලිය කෙලෙසුන් නසා රහත් බව ලබා, උදාන ගාථාවලියක් පන්හිඳෙන් තල්පතක ලියා බුදුන් වහන්සේ වෙත යැවීමෙනි.

පුරාණ වස්තු බීජයකට වුවත්චෙ කොවියානු කථා වින්‍යාසයකින් අනුබල ලබන අවසානයක් ලබා දෙන්නට මාර්ටින් වික්‍රමසිංහට ඇති හෘදයාංගම වුවමනාව මින් පැහැදිලි ය. මෙය ආගමික හා දේශපාලනික ගැටුම් බහුල අයර්ලන්තයේ ඩබ්ලින් නුවර පදිංචිකරුවන්ගේ ( Dubliners) ජීවිත ගැන කියන කෙටිකථාවල දැකිය හැකි තරමේ ආකර්ෂණීය නූතනත්වයකි.
“ඈ (අම්බපාලි) ඇගේ භාෂා ශාස්ත්‍ර දැනුම හා ඇගේ අත්දැකීම ද ගුරුකොට ගෙන උදාන ගාථාවලියක් රචනාකොට එය පන්හිඳෙන් කොළ පතක ලියා බුදුන් වහන්සේ වෙත යැවූවා ය.”11
අයර්ලන්ත ජාතික ජේම්ස් ජොයිස්, ඒකාකාරී ජීවිතයක් ගෙවන මැදි වියේ බැංකු අයකැමියකු සහ විවාහක කතක් අතර ඇති වන ඵල නොදැරූ ප්ලේටොනික ප්‍රේමයක් ගැන කියවෙන

- මාර්ටින් වික්‍රමසිංහ, බව තරණය, සරස, 2005. පිටුව 199
‘හද රිදවන කාරණයක්’ ( A Painful Case) නම් කෙටිකථාව මෙලෙස හමාර කිරීමට සූදානම් වේ. “නිවස කරා ළඟා වූ ඔහු කෙළින් ම සිය නිදන කාමරයට ගොස් පත්තරය සාක්කුවෙන් ගෙන, කවුළුවේ මැලැ වී යන ආලෝකයෙන් එම ඡේදය නැවත කියවන්නට විය. හඬ නඟා කියැවූයේ නැතත් ආත්මීය පැතුම් යාච්ඤා (prayers Secreto) කරන අවස්ථාවේ පූජකයකු මුමුනන්නා සේ ඔහු තම දෙතොල සෙල වී ය. ඒ ඡේදය මෙසේ විය….”12
අම්බපාලි උදාන ගාථාවලියක් රචනාකොට එය පන්හිඳෙන් කොළ පතක ලියා බුදුනට යැවීමේ ‘බව තරණ’ පුවත සහ ‘ඩබ්ලිනර්ස්’ කථා මාලාවේ ආගමික වාතාවරණය හා නූතන සමාජ ආතති මධ්‍යයේ බැංකු අයකැමියාගේ ප්‍රතික්ෂේපයෙන් සිව් වසරකට පසු එමිලි නම් විවාහක කාන්තාව දුම්රියේ හැපී මියයාම නිසා ඔහු තුළ ඇති වන වේදනාබර හැඟුම් ප්‍රකාශනය අතර පවතින භාව ආඛ්‍යාන සමීපත්වය හද සසල කරයි.

නිදසුන් දෙකේ දී ම අවධාරණය කරන්නේ චරිතයක ඇතුළාන්තය හා ආත්මීයත්වය බැව් කිව මනා නොවේ. අම්බපාලි ලීවේ ඇගේ හදින් නැඟි උදාන වාක්‍යයකි. දිවි නසා ගැනීමක් ද විය හැකි එමිලිගේ ප්‍රවෘත්තිය බැංකු අයකැමියා කියැවූයේ කිතුනු පූජකතුමකු නම් පුද්ගල පැතුම් යැදුම් නිහඬව මුමුනන ආකාරයෙනි. ඒවා හඬ නඟා සජ්ජායනය කරනු ලබන සාමුහික වන්දනා යැදුම් නොව පුද්ගල ආත්මයන් අමතා පවසනු ලබන නිහඬ යාච්ඤා විශේෂයකි.
ඉන් පළ වන්නේ මාර්ටින් වික්‍රමසිංහගේ නූතනත්වය පිළිබඳ ඉඟියකි. අදේවවාදී ජේම්ස් ජොයිස් සමකාලීන කතෝලික අයිරිෂ් සමාජය නිරූපණයේ දී සිය නූතන සුධීමත්භාවය සනාථ කරන අතරේ ‘බව තරණය’ රචනා කරන වික්‍රමසිංහ බුද්ධ කාලීන භාරත සමාජය නිරූපණයේ දී සිය නූතන සුධීමත්භාවය පළ කරයි.
- James Joyce, Dubliners, Penguin Books, 1958, p. 110 – 11

එරික් ඉලයප්ආරචිචි – Eric Illayapparachchi
පෙර කොටස්:





