මාර්ටින් වික්‍රමසිංහගේ බව තරණය: විවාදාත්මක යුගයකට සංවාදාත්මක නවකතාවක් 1-ll

නවකතාවේ සාරාර්ථය සොයන සද්භාව(Ontology) විචාරයේදී ද මානවියත්වය, ජීවිතය හා මරණය දක්නා ආකාරය වෙනස් බව ශ්‍රේෂ්ඨ ජර්මානු මාක්ස්වාදී කලා චින්තයකු වූ වෝල්ටර් බෙන්ජමින් කතා කියන්නා ද (Storyteller) ලිපියේ පෙන්වා දෙයි.

Walter Benjamin

නවකතාව මරණය මිනිස් දිවියේ එළිපතේ පැවතුණු යුගයක බිහි වූවක් නොව මරණය යම් ප්‍රමාණයකින් ජය ගත හැකි වුණු යුගයක බිහි වූවකි. එහිදී දෛවයාගේ එළඹුම කල්දැමේ., ජීවිතය අල්ලා ගැනේ. ස්වකීය සද්භාවී තත්ත්වය හා ව්‍යුහමය ගොඩනැගීම තුළ ජීවිතයට මේ තරම් ආසන්න වන්නාවූ තවත් කලා මාධ්‍යයක් නොමැති තරම්ය. සමාජ තත්ත්වයන් හා පුද්ගලික ආත්මභාවයන් තුළ ජීවිතය අපායක් වුණු කල්ලී පවා නවකතාව ජීවිතය විනා අන් කිසිවක් ඉල්ලා නොසිටි. දොස්තොයෙවුස්කිගේ නවකතාව සහ ගුන්ට ග්‍රාස්ගේ නවකතා බොහොමයක් ඊට සාක්ෂි දරයි.

Fyodor Dostoevsky

මේ ඔස්සේ ගැඹුරින් කල්පනා කරන කෙනෙකුට මෙසේද කල්පනා කළ හැකිය.. නවකතාව වර්දිත තත්ත්වයක තිබියදී කෙටි කතාව ක්‍රියා ශාරණයක් බිහිවන්නට නවකතාව විසින් ඉඩ හරනු ලබන ලද්දේ ජීවිතය වෙලා ගන්නට හෝ යම් ප්‍රමාණයකින් ඉන් නිදහස් වන්නට හැකි නව ප්‍රබන්ධ විශේෂයකට ඉඩ හරින්නට විය හැකිය. ජීවිතයට අනුපූරකයක් හෙවත් ව්‍යාති රේඛයක් ලෙස මරණය ද නවකතාවක නිරූපණය වන විට එයද ජීවිත විවරණයේම කොටසකි. සිංහල නවකතා අතර මාටින් වික්‍රමසිංහගේ ‘විරාගය’ සහ ගුණදාස අමරසේගේ ‘අසත්‍ය කතාවක්’ ඊට නිදසුන් සපයයි.

ජෝර්ජ් ලුකාස්ට පසු බිහිවුණු වැදගත්ම මාක්ස්වාදී කලා විචාරකයා සහ ස්ටලින්වාදි පාරිහානියට ගොදුරු නොවූ විචාරකයා වූ වෝල්ටර් බෙන්ජමින් ‘කතා කියන්නා’ ලිපියේ දී. ජෝජ්ලුකාස් උපුටන අතරේ මරණය, කතන්දරය සහ නවකතාව අතර සම්බන්ධතාව වඩාත් සද්භාවීම් මානයකින් හා ආත්මීය මානයකින් පෙන්වා දෙමින් දුකාස් පා නොතැබූ අඩවියකට පිවිසේ.

George Lucas

2 The Storyteller, Reflections on the Works of Nikolai Leskov in
Illuminations, Walter Benjamin, Essays and Reflections, edited by
Hannah Arendt, Schocken Books, New York, 1969, pp. 83-109

බල්සක්, ගොතේ, ගොගොල්, දොස්තොයෙව්ස්කි, ගෝර්කී ආදීන්ට සීමා නොවී යථාර්ථවාදය නූතනවාදී පුනරුදය තුළ බිහිවුණු ෆාන්ස් කෆ්කා, මාර්සෙල් පෲස්ට්, බෝදිලෙයා අදින් සහ බර්ටෝල්ට් බ්රෙෂ්ට්, චාලි චැප්ලින් හා ආවෛ්ශික චිත්‍ර ශිල්පී පෝල් ක්ලී ද මහා කලා පෞරුෂයන් ලෙස සැලකූ වෝල්ටර් බෙන්ජමින්ගේ දුෂ්කර ප්‍රවාද කියවීම සම්බන්ධයෙන් මා නිවැරදි නම්, සදාතනිකත්වයේ අදහස (අභිධාර්මික අර්ථයෙන් නොව හුදෙක් සාහිත්‍ය කලා දෘෂ්ටියේ අර්ථයෙන් සංසාර චක්‍රය පිළිබඳ අදහස ද මීට ඇතුළත් කළ හැකිය)පරිහානියට යාමක් – සදාතනිකත්වය පිළිබඳ මුද්‍රාව මරණය තුළ තිබේ යන අදහසේ බිඳ වැටීමක් – මෙන්ම එසේ සිදුවී නම් මරණයේ මුහුණුවර වෙනස් වී යයි තර්ක බුද්ධියෙන් සිතන්නට පුළුවන් බවක් ඉන් පැවසෙන බව නිගමනය කළ හැකිය.

Paul Klee

ඒ අනුසාරයෙන් බෙන්ජමින් එළඹෙන විශේෂ කරුණක් වන්නේ ඉහත කී වෙනස්වීම තවත් බරපතල ප්‍රතිවිපාකයක් ඇති කළ බවය. එනම් මරණයාගේ තත්ත්වය වෙනස්වීම විසින් කතන්දර කීමේ කලාවට උවමනා වුනු අත්දැකීම් සන්නිවේදනය කිරීමේ (Communicability) හැකියාව ප්‍රහීන කර දමනු ලැබූ අතර එම ප්‍රමාණයෙන්ම (Same extent) කතන්දර කීමේ කලාව පරිහානිය කරා ගමන් කළේය.

‘ශතවර්ෂ’ ගණනක් පුරා පොදු විඥානය තුළ මරණය පිළිබඳ සිතුවිල්ල සර්වව්‍යාපි සහ චිත්‍රත්වය ලෙස පිරිහී ගිය ආකාරය නිරීක්ෂණය කළ හැකිය. එහි අවසාන අදියරවලදී එය වේගවත් විය. තවද 19 වැනි ශත වර්ෂයේදී ධනේශ්වර සමාජය සනීපාරක්ෂක (Higienic) හා සමාජයීයය,
පුද්ගලික හා මහජන ආයතන ඔස්සේ ද්විතීය තීය ප්‍රතිඵලයක් අත්කර ගත් අතර සිය උප විඥාණය තුළ පැවතුණු එහි අරමුණ මෙය විය හැකිය.. එනම් මරණයට පත්වීමේ දර්ශන දැකීමෙන් මහජනයා වැළැක්වීම විය හැකිය.( Avoid the sight of the dying) මියයාම එක්තරා කාලෙකදී පුද්ගලයාගේ ජීවිතය තුළ මහජන ක්‍රියා පිළිවෙලක්, අගේ ඇති වැඩක් වී තිබිණි. සිංහාසනයක් බවට පත් කළ මරණ මංචකය සහිත මල ගෙදර (Deth House) සම්පූර්ණයෙන් විවෘත කර තිබෙන දොරකඩ රැස් කරන සෙනඟ සහිත මධ්‍ය කාලීන චිත්‍ර ගැන සිතන්න නූතන අවධියේදී මිය යාම චිරස්ථායි ජීවිත කරළියෙන් ඈතට ඈතට තල්ලු කර ඇත. එකල කෙනෙකු නොමල නිවසක්වත් කාමරයක්වත් නොතිබිණි. අද මිනිස්සු මරණය කිසි දිනක පා නොතැබූ කාමරවල වෙසෙති. ඔහු සදාතනිකත්වය තුළ වියළී ගිය පදිංචිකාරයෝ වෙති. ඔවුන්ගේ අවසානය එළඹී කල්‍හි ඔවුන්ගේ උරුමය ලද්දෝ ඔවුන් සත්කාරාගාර(Sanatoria) හෝ රෝහල් වෙත ගෙන යති.

ඒ අනුව අපට පෙනීයන්නේ ආගම සාහිත්‍ය ඇතුළු කතන්දරයෙන් වෙනස්ව නවකතාවක් ගොඩනැගීම පසුපස මරණයේ මුහුණුවර වෙනස්වීම, ජීවිතය පෘථිල වීම සහ අත්දැකීම් සන්නිවේදනය ලා කතාකරුවා මුහුණ දුන් අපහසුව තිබෙන්නට ඇති බවය. මරණය හා ආගමික කතාවේ සමීප සම්බන්ධය පිළිබඳ අපට කිසාගෝතමීගේ කතාවේ මහඟු නිදර්ශනය ඇත.නව ගිවිසුමේ කියවෙන ක්‍රිස්තු චරිතය කතාවේ ලාසරස්ගේ විත්තිය ඇත.

නවකතාව මරණය වෙනුවට ජීවිතය සහමුලින් වැළඳ ගත් සාහිත්‍ය ශානරයක් වන අතර මරණය අදාළ වන්නේ එහි හැඩය දක්වන්නටය. නවකතාවකදී වසර හැටක් ආයු වළඳා මියගිය කෙනෙකු ගැන කිසිවකු පවසන විට ඉන් කියවෙන්නේ ඔහු ඒ සැට වසර පුරා සෑම මොහොතම ජීවත්වුණු බයවය. පැරැණි කතාවේ හෙවත් කතන්දර කලාවේ සහ නවකතාවේ වෙනස පෙන්නුම් කිරීමේදී වෝල්ටර් බෙන්ජමින් තවත් කාරණා දෙකක් තහවුරු කරන්නා සේ පෙනේ.

පළමුවැන්න, කතාවේ හෙවසත් ‘ස්ටෝරියේ’ සාමූහිකත්වය සහ නවකතාවේ මහත් හුදෙකලා භාවය අතර ඇති වෙනසයි. නවකතා බිහි වන්නේ හුදෙකලාවේ ප්‍රාදූර්භූතය හැටියටය. ‘බව තරණය’ සංඥාපනයෙන් සළකුණු වන්නේ ද මාටින් වික්‍රමසිංහගේ හුදකලාවයි.

3 The Storyteller, Reflections on the Works of Nikolai Leskov in
Illuminations, Walter Benjamin, Essays and Reflections, edited by
Hannah Arendt, Schocken Books, New York, 1969, pp. 93-94

අද ‘මුහුණු පොත’ වෙතට ඇලුනු නවකතාකරුවන් විකාර සහගත සත්ව කොට්ඨාශයක් බවට පත්වන්නේ යතෝක්ත හුදකලාවට ඔවුන් සමුදී තිබෙන බැවිනි.
කතා කලාව විනාශ මුඛයට තල්ලු කරන්නට හා නවකතාව කැඳවන්නට හේතු වුණු අනෙක් කාරණය ලෙස බෙන්ජමින් දකින්නෙ පසුකාලීනව මිනිසා මුහුණ දුන් අත්දැකීම් සන්නිවේදනයේ අපහසුවයි. ලෝක මහා යුද්ධයට සහභාගි වී පැමිණි සෙබළුන් සිය අත්දැකීම් නොකියා නිහඬව සිටින්නට කැමති වුණු සැටි බෙන්ජමින් පෙන්නා දෙයි. යුද බිමේදී අති බිහිසුණු නව යුද්ධ තාක්ෂණයට මැදිවීමේ අත්දැකීම කෙනෙකු සාමාන්‍ය පුද්ගලයෙකුට පසු කලක කියන්නේ කෙසේද? එමෙන්ම අද ජනමාධ්‍ය ලෝකය ප්‍රවෘත්ති මහෝගයට මැදිවුණු කෙනෙකු ස්වකීය පුද්ගලික අත්දැකීම අන් කෙනෙකුට පවසන්නේ කෙසේද?

අද මෙරට ලේඛකයාගේ තත්වය ඊටත් නරකය කෙළවරක් නැතිව කතා කියවන අගක් මුලක් නැතිව කතා දිග හැරෙන සමාන්තර ලෙස චැනල්ලෙන් චැනලයේ කතා රසක් කියැවෙන- කඩින් කඩ කොටස් කොටස් දැකීම නිසා කතාවල අසම්පූර්ණත්වය සාමාන්‍ය ගති ලක්ෂණයක් බවට පත්වුණු- සිංහල ටෙලි නාට්‍ය ලෝකය මේ තත්ත්වය තවත් දරුණු වී ඇත.

පෙර කොටස:

More From Author

බ්ලැන්කිවාදය – Blanquism

“The Feast of Roses” කෘතියෙහි සිංහල පරිවර්තනය ‘නූර් ජහාන්’

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348