එරික් ඉලයප්ආරචිචි:
‘බව තරණය’ පළ වූ යුගයේදී එහි වෙතැයි කියූ බෞද්ධ දර්ශනයට නොගැලපෙන හා බුදු සිරිතෙන් නොකියවෙන කාරණා පෙරදැරි කර ගනිමින් සිදුවුනු විවේචනයද එය දාර්ශනික නවකතාකි යන අදහසද මුල් තැනට පත් විය. එය සාහිත්‍ය විචාරයක් නොවන දෘෂ්ටිවාදී විචාරයක් වූ අතර දණ්ඩනීය නොවූ ධර්මාධිකරණ හැඩයක් ලබා ගති. දෙවැන්න එම නවකතාව සාහිත්‍ය ක්ෂේත්‍රයෙන් පිටතට ගෙන දාර්ශනික ප්‍රවාද අතර රැඳවීමේ උවමනාවක් සහ පාටථ ප්‍රතිචාර ක්ෂේත්‍රයේ දී පාඨකයාගේ ‘කියවන නුවණ’ අව ප්‍රමාණ කිරීමක් දැකිය හැකි විය.සැබවින්ම මෙය මාටින් වික්‍රමසිංහගේ නවකතාවක් එවැනි ඉරණමකට භාජනය වුණු මුල් අවස්ථාව නොවීය.තම විරාගය නවකතාවද සාහිත්‍ය විචාරය වෙනුවට අරවින්දගේ චරිතය විමර්ශනය කරන අන්දමේ විචාරයකට යොමු වුණු අයුරු එතුමා විසින්ම පෙන්වා දෙනු ලැබ ඇත.

බෞද්ධ දර්ශනය, තේරී ගී හා ජාතක කතා සාහිත්‍යය මතු නොව නූතනවාදී, සාහිත්‍යය භවසත්තාවාදය ලෙස එතුමා නම් කළ සාන්දෘෂ්ටිකවාදය, අවෛෂයික හෙවත් වියුක්ත කලා ප්‍රතිමා හා ඊ.එම් ෆෝස්ටර් ,ග්‍රැහැම් හෆ් වැනි විචාරකයින් කැඳවමින් ‘නව කතාංග හා විරාගය’ රචනා කරන්නේද ඒ වෙනුවෙනි.

අසාමාන්‍ය ලෙස විශාලව වැඩි, වල් බිහිවෙමින් පවත්නා (Overgrown) සාහිත්‍ර ප්‍රභේදයක් ලෙස ඇතැම් විචාරකයින්
කල්පනා කරන ලෝක නවකතාවේ දී එහි පවත්නා හේතුඵලතාව තුළ කතා වස්තුව ,චරිත හා විකාශනයෙහි ලා පෙන්නුම් කරන ඵලදායි සංශයවාදී අවලම්බනය ඔස්සේ දිනාගෙන ඇති වටිනාකම් මගින් එහි අනන්‍ය පාරතන්ත්‍ර ස්වභාවය තීරණය කරනු ලැබේ.
ඒ හෙයින් නවකතාවක් ‘අන්තැනක’ තැබීමට වඩා තවදුරටත් යෝග්‍ය වන්නේ ඒය ‘ඒ තුළම තැබීමය’.
- The Art of Brevity, Excursions in Short Fiction Theory and Analysis,
edited by Peter Winter, Jakob Lothe and Hans H’ Skei, University of
South Carolina Press, 2004, p. xii

තවද නවකතාව බිහිවන්නට මග සැලසුනු ‘යථාර්ථවාදය’ වූවත් එහි සිදුවී තිබෙනවා වෙනස්කම් හමුවේ අන් තැනක තැබීමට වඩා තවදුරටත් යෝග්‍ය වන්නේ එය ‘ඒ තුළම තැබීමය ‘ ‘බවතරණය’ මේ සත්කාරයට යොමු කරන්නේ කෙසේද? එය අසාමාන්‍ය ලෙස විශාලව වැඩියි, වල්බිහි වෙමින් පවත්නා හෝ පවතිනට නියමිත වූ කලා ශානරයක ප්‍රතිඵලයක්ද, එසේ නැති නම් බොහෝ ලිවීමෙන් ඉමහත් ලේඛන සපලතාවක් දැක් වු ලේඛිකයකුගේ විශාලව වැඩුනු සහිත්‍ය ලතා මණ්ඩපය තුළ සිදුවුනු වල් බිහිවිමක් ද එහි පවත්නා හෙතුඵලදාතාව තුළ කතා වස්තුව, චරිත හා විකාශනෙහි ලා පෙන්නුම් කරන ඵලදායි සංශයවාදී අවලම්භනය ඔස්සේ දිනා ගෙන ඇති වටිනාකම් කවරේද? ඒවා මගින් එම නවකතා අනන්‍ය පාරතන්ත්‍ර ස්වභාවය තීරණය කරන්නේද? එය නවකතාවක් වන්නේ නම් ‘අන් තැනක ‘තැබීමට වඩා යෝග්‍ය වන්නේ එය ඒ ‘තුළම’ තැබීම නොවේ, සිංහල නවකතා බිහිවන්ට මඟ සැලසූ ‘යථාර්ථවාදය’ තුළ වුවත් සිදුවී තිබෙන වෙනස්කම් හමුවේ එයා ‘අන් තැනක’ තැබීමට වඩා තවදුරටත් යෝග්‍ය වන්නේ එය ‘ඒ තුළම’ තැබීම නොවේද?
‘බව තරණය ‘නවකතාවේ අර්ථය ඒ තුළම සොයන අතරේ බාහිර ලොවෙහි ඇති දෙයකට නවකතාව අදාළ කරන්නට නවකතා සාහිත්‍යයට ඇති හැකියාවද අවතක්සේරු ‘නොකර’ ‘පාඨක ප්‍රතිචාර’ ‘විචාර න්‍යාය’ වැන්නක් ඔස්සේ එහි වර්තමානික ස්ථාපනය සහ කලා වස්තුවක් ලෙස ඒ නිපැයුම ඓතිහාසික තත්ත්වයන් හා සැලකිල්ලට ගත යුතු පර්යේෂණ කාරණා පිළිබඳවද අවධානය යොමු කිරීම මැනවි.
ඒ අනුව නවකතාවක් ලෙස එහි පවත්නා සර්වකාලීනත්වයේ වර්තමාන කාල රාමුව ලෙස, එය පළවී වසර පනහකට, පසු අප ‘බවතරණය’ අද කියවන්නේ කවර අන්දමේ රටක සිටද? සරලව කියතහොත් එය බංකොලොත් ජාතික රාජ්‍යයකි.තරුණ නැගිටීම හා සිවිල් යුද්ධ නිසා පැහැරී ගිය සමාජයකි.
මාර්ටින් වික්‍රමසිංහ හැදුනු වැඩුණු භූමි භාගය හා වික්‍රමසිංහ සාහිත්‍ය තුළනය කිරීමේ බොළඳ උත්සාහය නිසා මා ලද අතීත අත්දැකීම් මෙහි පූර්විකාවකට අදාල වේ. මා මුලින්ම කොග්ගල පැමිණියේ ගාල්ල උළු විටකේ පිහිටි මුද්‍රණාලයක් ලවා මගේ මුල් කාව්‍ය සංග්‍රහයක් මුද්‍රණය කරවා ගන්නටය. එවිට මෙහි දුටු දෙයින් මම අන්ද මන්ද වීමි. මේ ස්ථානයට වැටුණු පාරේ තිබුනේ බන්ධනාගාරයකි. ඒ ඊට සුළු කලකට පෙර අප්‍රියල් කැරැල්ලේ සිරකරුවන් සිර කොට තැබූ ස්ථානයක් විය. ඊට පසු මෙහි ඉදි කෙරුනේ ආයෝජන ප්‍රවර්ධන කලාපයකි. තවත් දවසක මගේ බිරිඳ හා දරුවන් සමඟ මෙහි පැමිණියෙමි. එවිට මෙහි වූ ගේට්ටුව අසලදී මට මුණගැසුනේ ඉතා ආකර්ෂණීය දුර්ලභ චරිතයකි. ඔහු කඩවසම් ජේත්තුකාර සරොම් කාරයෙකි.. වාද බයිලාකරුවෙකි. තමා එක් වාදයක දී බයිලා චක්‍රවර්ති එම්.එස්. ප්‍රනාන්දුත් ට පවා බයිලාවෙන් අභියෝග කළ බව ඔහු මා සමඟ කියා සිටියේය. විවාදය අවසන් වී ඇත්තේ විවාදාභිමුක බයිලාකරුවන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු අලියා ටොනික් බෝතලයක් බිඳ එය තියුණු රණවියක් කර ගැන්මෙනි. ‘බවතරණය’ නවකතාවේ නොනැසෙන අදාලත්වය විභාග කළ යුත්තේ එවැනි සමකාලීනත්වයක් සිටිමිනි.

‘බව තරණය’ චරිතාපදානාත්මක නවකතාවක් වන අතරේ එහි කතා නායකයාගේ ප්‍රබන්ධනාත්මක වටිනාකමට අතිරේකව දාර්ශනික දේශපාලනික හා සමාජීය උනන්දුවක්ද කතුවරයා තුළ විය. තම කතා නායකයා විසින් දේශීය ධර්මය සබ්යත්වයක් ගොඩනගන්නට ඉවහල් වූ සාධකයක් ලෙස සැලකූ ඔහු එය තමා නියෝජනය කරන සංස්කෘතියේ පදනම් සාධකයත් ලෙස සැලකුවේය. මෙවැනි පූර්ව විශ්වාසයක් නවකතා ශානරය තුළත්, නූතනවාදය (Modernism) තුලත් අවදානම් සහගත කටයුත්තකි. නවකතාව ආගමික සාහිත්‍යයට හාත්පසින් වෙනස් සාහිත්‍යයක්ද, ඊට වඩා බෙහෙවින් නූතන කලා මාධ්‍යයක් ද
වන අතර කතුවරයාගේ දෘෂ්ටිවාදය හෝ වෙනත් දෘෂ්ටිවාදයක් අභිබවා වර්ධනය කෙරුණු හා කළ යුතු දෙයකි.
නවකතාව ආගමික සාහිත්‍යයට සපුරා වෙනස් සාහිත්‍ය ප්‍රභේදයක් බව තහවුරු කළ මනාය. නවකතා සාහිත්‍යයේ පවුරු පදනම් ආගමික සාහිත්‍යය පවුරු පදනම් නොවේ. ආගමික සාහිත්‍යයේ දී චරිතයක දෛවය ආගමික උවමනාව වෙනුවෙන් පූර්ව නිශ්චිත වූවක් වන අතරේ නවකතා සාහිත්‍යයේ චරිතයක දෛවය හා අනාගතය ප්‍රබන්ධනාත්මක සන්ධර්භය තුළ අවලම්බනය වෙමින් පවතින්නකි. සංශ්‍යවාදී අවලම්බනය ඔස්සේ දිනාගෙන ඇති වටිනාකම් නවකතාව සතුවන අතර එහි අනන්‍ය පාර තන්ත්‍ර ස්වභාවය ඉන් තීරණය වේ. ජාතක කතා සාහිත්‍යයේ දී ආගමික කතාව ආකෘතිමය වශයෙන් වඩාත් සංකීර්ණ ස්වභාවයක් ලබා ගන්නා නමුත් එහිදී ද අතීත කතාවේ සිටි චරිතයක් මෙසෙහි දිගහැරෙන වර්තමාන කතාවේ සිටින චරිතයකට මුල රූපය සපයන අයුරු අපි දකිමු.
බයිබලයේ පරණ ගිවිසුමේ කියවෙන ‘බාලාම් නම් ප්‍රඥාවන්තයා සහ කතා කරන කොටලුවා’ පිළිබඳ කතාවේදී රජතුමා කොටලුවා පිට බලාම් යවන්නට උත්සාහ ගන්නේ ආක්‍රමණිකයාට ශාප කරවන්නටය .එනමුත් එය දෙවියන්ගේ අපේක්ෂාව නොවේ. බාලාම් මූලින් එය ප්‍රතික්ෂේප කරයි. එනමුත් දැඩි බලපෑම් නිසා බාලාම්ට ඒ ගමන යන්නට ඉඩ හරින දෙවියෝ සිය නියමය අනුව ඉදිරි කටයුතු කළ බව පවසති. ගමන අතරමගදී කොටලුවා දකින්නේ දෙවියන්ගේ දූතයා අතරමග කඩුවක් රැගෙන රැඳී සිටින අයුරුය. කොටළුවා බාලාම්ට අකීකරු වෙයි. ඔහු කොටලුවාට තළයි. කොටළුවට පෙනුනත් බාලාම්ට සුරදූතයා නොපෙනේ. මා නුඹේ කොටලුවා නොවේ යැයි කොටළුවා පවසයි. එනයින් දෙවියන් කොටලුවාට කතා කිරීමේ ශක්තිය ලබා දී තම අදහස කියවා ගනි. පසුව මග අව්රා සිටින සුරදූතයා දකින බාලාම් සිදුවන්නේ කුමක්දැයි වටහා ගනියි.

එරික් ඉලයප්ආරචිචි – Eric Illayapparachchi






10 thoughts on “මාර්ටින් වික්‍රමසිංහගේ බව තරණය: විවාදාත්මක යුගයකට සංවාදාත්මක නවකතාවක් 1-l”