සුරංගි ලියනපතිරන:
1997 වසරේ ඉරාන ජාතික මජිඩ් මජිඩ් විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලද childrens of heaven නම් සිනමා කෘතිය ලොව පුරා ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් 1998 වසරේ දී හොඳම විදේශ භාෂා චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූ සිනමා නිර්මාණයකි.
මෙම කතාව සහෝදරයකු හා සහෝදරියක් නැති වූ සපත්තු යුවළක් නිසා විඳින ගැහැට පාදක කර ගනිමින් රචනා කෙරුණකි. මනුෂ්‍යත්වය තේමා කර ගනිමින් රචනා වූ මෙම සිනමා පිටපත තුළ කුඩා ළමුන් දෙදෙනෙකු හරහා සමාජයට කියාපානා පණිවුඩ බොහෝමයකි. අපට මනුෂ්‍යත්වය පිළිබඳව ඔවුන්ගෙන් නැවත වරක් හැදෑරීමට සිදුවනු ඇත . ඉරානය වැනි රටක් පිළිබඳව ඔබ තුළ ඇත්තේ යහපත් ආකල්පයක්ද යන්න මම නොදනිමි. නමුත් මෙම චිත්‍රපටය නරඹන තෙක් මා තුළ පැවති එකී අදහස් මජිඩ් මජීඩ් විසින් සුණු විසුණු කර දමන්නට සමත් විය.

අලීගේ වේදනාවෙන් දිලිසෙන දෑස් මසිත කම්පනයට ලක් කරයි. එසේම සහරා ද සිය තාත්වික රංගන ප්‍රතිභාව මගින් ඔවුන් කුඩා ළමුන් බව ද අපට මොහොතකට අමතක කරවයි. තම නැගණියගේ කැඩුණු සපත්තු ,සපත්තු මසන්නෙකු ලවා සාදවා ගන්නා නමුත්, එයද වීථි පිරිසිදු කරන්නෙකු විසින් කසළ යයි සිතා රැගෙන යයි., අලීට සපත්තු සොයාගත නොහැකි නිසා ඔහු නිවසට යයි. ඔහුගේ නැගණිය සපත්තු මැසුවාදැයි අසන පැනයට අලී ඉතාමත් පරිස්සම් සහගතව පිළිතුරු සපයයි . සහරා කෑ ගසා හඬන්නේ නැත. කුඩාම නැගණිය උකුලේ තබාගෙන නිදි කිරමින් සිටින සහරාගේ දෑසින් කඳුළු වැටෙයි. අලීටද එසේමය. ඔවුන් රහස් ලියමනක් හරහා දෙමාපියන්ට නොදැනෙන්නට අදහස් හුවමාරු කරගනී.

නමුත් අනතුරුව ඔවුන් තම දෙමව්පියන්ට මුදල් නොමැති නිසා ගිවිසුමකට එකඟ වේ. ඒ සපත්තු නැති උන බව දෙමව්පියන්ට නොකියන්නටය. සහරා උදෑසන පාසල් වාරයට අයියාගේ සපත්තු පළඳින අතර අලී සවස පාසල් වාරයට එම සපත්තු පැළඳගනියි. එය අතරමගදී හුවමාරු කර ගන්නා මොවුන්ට නිරන්තරයෙන් පාසලේ සිටත් නැවත පාසලටත් යාමට ඒමට සිදුවන්නේ වේගවත්ව දිවීමෙන් අනතුරුවය .

සහරාට සපත්තු ලොකු වැඩි නිසා එක සපත්තුවක් කානුවට වැටෙන්නෙ මෙවැනි තදියම් දිවිල්ලකදීය. මේ අවස්ථාව ප්‍රේක්ෂකාගාරය නොදැනුවත්වම ” අනේ අපොයි කියවෙන අවස්ථාවකි. මම එය අත්වින්දෙමි. සපත්තුව කාණුව දිගේ වේගයෙන් ඇදී යන විට ප්‍රේක්ෂකයන්ගේ හදවත් ඒ හා සමාන්තර වේගයකින් ගැහෙන්නට පටන් ගන්නා ආ කාරය සමහරවිට මජිඩ් මජිඩ්වත් නොසිතන්නට නොදකින්නට ඇත .

මේ සපත්තු හුවමාරුව නිසා අලීට සෑම දිනකම පාසලට යාමට ප්‍රමාද වෙයි. නමුත් ඔහු පන්තියේ පළමු තුන්දෙනා අතර සිටින දක්ෂ සිසුවෙකි. අලීගේ චර්යාවන් අපට වැඩිහිටියෙකුගෙන්වත් අපේක්ෂා කළ නොහැකි තරමට අනභිභවනීය ය. සාරගේ මුවග මතුවන අව්‍යාජ සිනහවත් මේ දරුවන්ගේ ඇති නිර්මල භාවයත් මොනවට කියාපායි.
සපත්තු නොමැතිව ඒ සා වේදනා ගැහැට වින්දද ඔහු කිසි දිනක අනුන්ගේ සපත්තු නොගත්තේය . පල්ලියේ සපත්තු පිළිවෙලට තබන්නේ තේ අල්ලන්නේ ඔහුය. ඔහුට අවශ්‍ය නම් ඒවා සොරාගත හැකිය .නමුත් ඔහු එසේ නොකරයි . ප්‍රේක්ෂක මනස වේදනා රසයේ උච්චස්ථානයට ගෙනවිත් “මිනිසා ජීවත් විය යුත්තේ මිනිසා වෙනුවෙන් ය” යන පරම සත්‍යය මේ චිත්‍රපටය හරහා වරින් වර ප්‍රේක්ෂක මනසට තට්ටු කරමින් කියාපායි. , වරෙක සාරා ඇගේ නැතිවූ සපත්තු පයලා සිටින සපත්තුකාරියගේ පසු පස ගොස් නිවෙස සොයා ගනී .එවෙලේ නිශ්ශබ්ද වන ඇය අනතුරුව සිය සොයුරා සමඟ එම නිවස අසලට යන්නේ “අද නම් සපත්තු කොහොමහරි ගන්නවා වැනි අදහසකිනි, නමුත් එම දැරියගේ පාවහන් යුවළ පැළඳ සිටින ඇගේ පාසලේ තවත් කුඩා දැරියක දකින සාරාගේ හැසිරීම අති විශිෂ්ට ය. ඈ කලබල නොමැතිව සපත්තු කාරියගේ පසු පසින් ගොස් ඇගේ නිවස සොයා ගනී .අනතුරුව සිය සොයුරා සමඟ එක්ව එම නිවස වෙත යන්නේ ” අද නම් සපත්තු දෙක ගන්නවාම” යන හැඟීමකින් බව පෙනෙයි
නමුත් එම දැරියගේ පියා අන්ධ බව දැක මොවුන් නිශ්ශබ්දව නැවත හැරී එයි.

නමුත් තවත් වරෙක අලී විසින් ඔහු ත්‍යාග ලෙස ලැබ සාරා වෙත පිරිනැමූ පෑන සාරා අතින් නැතිවූ පසු එය අහුලා ගන්නේ ඉහත කී ඇගේ සපත්තුව ලාගෙන සිටි කුඩා දැරිය විසින්මය. එය අහුලාගන්නා කුඩා දැරිය එය සාරාගේ බව දැක ඈ පසුපස දිවයන නමුත් ඇයට සාරා හමු නොවේ. එය ආසාවෙන් ළඟ තබා ගන්නා නමුත් ඊළඟ දිනයේ ඇය එයා සාරාට ලබා දෙයි.ඒ කුඩා දරුවෙකුගෙන් අපේක්ෂා කළ හැක්කක් නොවේ. සපත්තු නැතිව වේදනාවට පත්වන නැගණිය
“ඔයාගේ වරදින් ඒක වුණේ. මං තාත්තට කියනවා” යනුවෙන් පවසද්දී සොයුරු අලි පවසන්නේ “මම ගුටි කන්න බය නැහැ. මං හිතුවා ඔයා ඒක තේරුම් අරගෙන ඇති කියලා තාත්තට සල්ලි නැහැ. “
කී විට ඇය නිහඬවන ආකාරය හද කම්පාවට පත්කරවන සුළුයි. අවසානයේ පාසලෙන් දිවීමේ තරගයකට ළමුන් තෝරන අවස්ථාවේ ඊට සහභාගී නොවන අලි එම තරගයේ තෙවන ස්ථානයට සපත්තු දෙකක් හිමිවන බව දැකීමෙන් පසු ක්‍රීඩා ගුරුවරයා වෙත ගොස් තමන් ඊට සහභාගි කරවාගන්නා ලෙස අයදී දිනන පොරොන්දුව මත ඔහුගේ දක්ෂතා පිළිබඳ සෑහීමකට පත් වී ඔහු එම තරගයට සහභාගී කරවා ගනී. එහිදී තම නැගණියට තෙවන ස්ථානය ලබා ගන්නා බවට පොරොන්දු වන අලීට ” ඔයා තුන්වෙනියා නොවුනොත් ” යනුවෙන් ඇය විමසයි.” මං තුන්වෙනිය වෙනවා”
ඔහු ස්ථීරසාර හඬින් පවසයි. තරඟය අවසන් වන තෙක් ඔහුට තම නැගණියගේ හඬ සිහිවේ. ඔහු වැටී වැටීත් නැගි සිට ත් වේගයෙන් දුවයි.

එහිදී ඔහුට ප්‍රථම ස්ථානය හිමිවුනත් ඒ පිළිබඳ ඔහුට සතුටක් ඇති නොවේ. ඔහු ඉච්ඡාභංගත්වයෙන් යුතුව නිසට පැමිනෙද්දී ඔහු කියන්නටත් පළමු සොයුරෙ තෙවන ස්ථානය රැගෙන නොමැති බැව් අවබෝධ වන නැගණිය ඒ පිළිබඳ නොවිමසා තම කුඩා නැගණිය හඬන හඬ ඔස්සේ දිව යයි. මේ අතර ඔවුන්ගේ පියා සහරාට අලුත් සපත්තු යුවලක් රැගෙන එන බැව් නොදන්නා කුඩා දරුවන් එය දැනගත් පසු ඇතිවන සතුට දකින්නට තිබුණා නම් යෙහෙකැයි මට සිතේ. නමුත් නිර්මාණයේ ගුණාත්මක බව රඳා ඇත්තේ ද ප්‍රේක්ෂකයාගේ විමසිලිමත් නුවණ අවදි කරවනු වස්ය .

එය ඔබේ දරුවාට ද ඔබටද විශාල කතාන්තරයක් කියාපානු ඇත . සමස්ත කතාව මගින්ම අනෙකා වෙනුවෙන් ජීවත් වීම සහ මානව දයාවේ අගය කියාපායි.ඉතින් නැවතත් කියන්නේ ඔබද ඒ කෙසේ හෝ නැරඹිය යුතුම චිත්‍රපටයක් නොවන්නේද යන්නයි.

සුරංගි ලියනපතිරන-Surnagi Liyana Pathirana





