වෛද්‍ය සුජීවා හේමමාලි:
යළි කිසි දින හමු නොවනා
දුටුවත් මග හැර හැරෙනා
සෙනෙහස් ගඟුලක ගිලෙනා
නුඹ අතුරන – කුමට සිනා
අහස වගේ මට පෙනෙනා
එනමුදු පොළොවෙම හිඳිනා
නපුරු වදන් තෙපලවනා
කුමකට ඉවසමි වදනා…
හිත හිත මට දුක ගෙනෙනා
ඉද හිට ඇවිදින් එබෙනා
සීතල දවසක ගෙනෙනා
හිම කිරමක සුවය මෙනා…

සපැමිණ සන්සුන් ගමනා
ඉද හිට නැටුවට පෙමිනා
නැසුවත් ගෙල මිරිකමිනා
නොපතමි රති සුව නුඹෙ නා…

වෛද්‍ය සුජීවා හේමමාලි-Dr.Sujeewa Hemamali





