හිත්තටියගේ සමන්ත:
පරපෝෂිතයෙකු මෙන් කොමියුනිස්ට්වාදය පිලිබඳවවූ සාහිත්‍යය කියවන්නේ කෙසේද ?
කොමියුනිස්ට්වාදය පිලිබඳවවූ විවිධ අදහස්, වර්තමාන සන්දර්භය තුළ සාකච්ඡා කිරීමටයි මා අදහස් කරන්නේ. මාගේ මෙම ලිපිපෙල ගැන සමහර දෙනෙකු කල අදහස් දැක්වීම්වලදී, ඔවුනට පෙර අපෙර ගලපා ගැනීමට යම් එකතුවක් කලයුතුයැයි මා හට සිතුනු බැවින්, මෙම පෙරවදන අත්‍යාවශ්‍යම දෙයක් විය.
ධනවාදයේ වත්මන් අර්බුදයත් සමඟ, විකල්පයක් ලෙස කොමියුනිස්ට්වාදය පිළිබඳ අදහස නැවතත් න්‍යාය පත්‍රයට පැමිණ තිබේ. මාක්ස්, කොමියුනිස්ට්වාදය දකින්නේ ධනවාදයේ සමාජ හා ආර්ථික ප්‍රතිවිරෝධතා තුළින් මතුවන අනාගත ඓතිහාසික අවධියක් ලෙසය. කෙසේ වෙතත්, ධනවාදය ගැඔුරු අර්බුදයක වුවද, එය පෙරලා දමා නව සමාජයක් නිර්මාණය කරනු ඇතැයි මාක්ස් විශ්වාස කළ බලවේගවල සලකුණක්වත් නොමැත.
නමුත්, ඉතාමත් සරලව සංක්ෂිප්ත කරන්නේ නම් ප්‍රංශ දාර්ශනික ඇලන් බදියු වැන්නන් තර්ක කරන්නේ කොමියුනිස්ට්වාදය පැන නගින්නේ හදිසි සහ අනපේක්ෂිත ‘සිදුවීමකින්’ බවයි.( මෙය ඔහුගේ Event යන සංකල්පයේ ගැඹුරු අදහසේ අති සරල කරනයකි. )

කොමියුනිස්ට්වාදය පිළිබඳ ප්‍රධාන ප්‍රශ්න අනාගත දෘෂ්ඨි කෝණයකින් විග්‍රහ කරන කතුවරුන් කිහිප දෙනෙකු මත අප රදාපවතින අතර,ඒ සෑම කෙනෙකුම විකල්පයේ විශේෂිත මානයක් අවධාරණය කරයි. එනම් බදියු (රාජ්යය සහ පක්ෂය මත); අර්නස්ටෝ ලැක්ලාව් (බලය සහ උපාය මාර්ගය ජය ගැනීම මත); සහ ඇන්ටෝනියෝ නෙග්රි (ශ්‍රමය සහ පොදු දේපළ පිළිබඳ) න්‍යායවාදීන්ය. ඔවුන් න්‍යායික සහ දේශපාලන මැදිහත්වීම සඳහා සමාන කැපවීමක් බෙදාහදා ගන්නා අතර, මෙම සම්ප්‍රදායන් අලුත් කිරීමට උත්සාහ කරන්නේ එහි මූලික කරුණු නැවත සොයා බලමිනි.

ඉතා මෑත දිනෙක අපෙන් සමුගත්, ඉතාලි ජාතික Antonio Negri ( ඇන්ටෝනියෝ නෙග්රි ) 2021 ඔක්තෝබර් 29 වන දින, නව පොත් ත්‍රිත්වයක පළමු වෙළුම ප්‍රකාශයට පත් කළේය. මෙම පළමු වෙළුම Marx in Movement: Operaismo in Context ලෙස නම් කර ඇති අතර, විශේෂයෙන්ම නෙග්‍රිගේ “සමාජය” යන සංකල්පයේ න්‍යායික වර්ධනය අනුව, ඉතාලි Autonomist Marxist චින්තනයේ ඉතිහාසය පිළිබඳ විස්තරාත්මක සටහන් සහ ඒ පිළිබඳ විමර්ශනයක් සැපයීමට උත්සාහ කරයි. එය ඔහු සිදුකරනුයේ, “කම්කරුවා” යන්නට මාක්ස්ගේ කාලයේ කර්මාන්තශාලා පදනම් වූ කාර්මික ශ්‍රමයේ සිට වර්තමානය දක්වා සිදුවූ වෙනස්කම් අනුව, මාක්ස්වාදය යාවත්කාලීන කිරීමේ උත්සාහයක් වශයෙනි.

රුසියානු කවියෙක් සහ ශාස්ත්‍රඥයකු, කලා න්‍යායාචාර්යවරයෙක් සහ දාර්ශනිකයෙක් වන කේටි චුහාරොව් ( Keti Chukharov )තම ” යහපත පුරුදු කිරීම: සෝවියට් සමාජවාදය තුළ ආශාව සහ කම්මැලිකම (Practicing the Good: Desire and Boredom in Soviet Socialism) යන කෘතියෙහි මෙම සාකච්ඡාවට වෙනත් මානයක් එකතු කරයි.

එහිදී ඇයගේ පර්යේෂනයන්, දේශපාලන ආර්ථිකය, දර්ශනය, කලා න්‍යාය සහ සංස්කෘතික න්‍යාය මත පදනම්වූ පුළුල් තිරස් ප්‍රවේශයක් සලකුණු කර ඇති අතර, එය පැරණි සීතල යුද්ධය සහ පශ්චාත් ස්ටැලින්වාදී අවධිය පිළිබඳ ස්ලාවික් අධ්‍යයනවල අදහස් නැවත නිර්වචනය කිරීමක් වන අතරම, මෙම කාල පරිච්ඡේදයන් පිළිබඳව පවතින අර්ථ නිරූපණයන්ට අභියෝග කරයි.
සෝවියට් අත්දැකීම් ජය ගැනීම සඳහා, චුහාරොව් සෝවියට් සමාජවාදයේ විශ්වීය හා ගෝලීය මානයන් යලි පණ ගැන්වීම අරමුණු කරයි. ඇත්ත වශයෙන්ම, පොදු යහපත සඳහා පුද්ගලික දේපල සාර්ථකව අහෝසි කරන ලද සමාජයක එකම ආකෘතිය සෝවියට් සමාජය සපයයි. මෙම රැඩිකල් සමාජ-ආර්ථික මාරුව විඥානවාදී අපේක්ෂාවන් සංයුක්තව ක්‍රියාත්මක කරන ලද ලිබිඩිනල් නොවන සමාජයකට මග පෑදුවේ කෙසේද යන්න චුහාරොව් විමර්ශනය කරයි.
මොවුනට වෙනස් මගක ගමන් කරන, ජෝනාස් සීකා ( Jonas Ceika ) ලිතුවේනියානු දාර්ශනිකයෙක් හා ප්‍රචලිත යූටියුබ් කරුවෙකි. 21 වැනි සියවස සඳහා නව වමක් ගොඩනැගීමට කාල් මාක්ස් සහ ෆ්‍රෙඩ්රික් නීට්ෂේගේ අදහස් යොදා ගත හැකි බව සීකා සිය ” මිටියෙන් හා දෑකැත්තෙන් (2022) දර්ශනවාදය කරන්නේ කෙසේද ? ” යන පොතේ තර්ක කරයි. ඔහු තර්ක කරන්නේ මාක්ස් හට ධනවාදය පිළිබඳ රැඩිකල් විවේචනයක් සඳහා පදනමක් සැපයිය හැකි අතර නීට්ෂේට නිදහස් සමාජයකට අත්‍යවශ්‍ය පුද්ගලයා සහ ස්වාධීනත්වය පිළිබඳ දැක්මක් සැපයිය හැකි බවයි. ඔහු බලගතු චින්තකයෙකු වන අතර ඔහුගේ වැඩ කටයුතු සමකාලීන වම පිළිබඳ විවාදය උත්තේජනය කිරීමට උපකාරීවී ඇත.

විධිමත් හෝ ගැඹුරින් සාකච්ඡාවට හා අධ්‍යයනයට ලක්නොකරමින්, මෙසේ නම් ගොඩක් අතහරිමින් ( Name dropping ), මා ගොඩ නගන කේන්ද්‍රීය තර්කය වන්නේ මාක්ස්වාදී අදහස් වලට හා කොමියුනිස්ට්වාදයට මධ්‍යස්ථානයක් නැති බවත්, ප්‍රධාන සංකල්ප සහ අදහස් සියල්ල දැනුම් දෙන අතිශය සංකීර්ණ දේශපාලන දැක්මකින් මෙහෙයවන ලද එම සාහිත්‍යය කියවන විට හා අධ්‍යයනය කරන විට ( පරපෝෂිතයන්සේ* ), වාමාංශිකයන් වන අපට බොහෝදේ එකතු කර ගත හැකි බවත්ය.
මෙම ලිපිපෙලෙහි මා දිගින් දිගටම සාකච්ඡාවට ලක්කර ඇත්තේ කාල් මාක්ස්ගේ කෘති පිළිබඳ විශේෂඥතාවයක් දක්වන ප්‍රංශ දාර්ශනිකයෙකු වන ඉසබෙලා ගාරෝ විසින් ඇයගේ Communism & Strategy : Rethinking Political Mediations කෘතියෙහි ඉදිරිපත් කරන,

කොමියුනිස්ට්වාදය උපක්‍රමික ප්‍රවිශ්ඨයක් ලෙස යොදා ගැනීමේ යෝජනාවයි. ඒ එය මේ යුගයේ, වාමාංශික විවාදයන්ට ඉතාමත් වැදගත් කේන්ද්‍රීය එකතුකිරීමක් යැයි මා ඉතාමත්ම තදින් විශ්වාසය කරනා බැවිනි

හිත්තටියගේ සමන්ත-Hiththatiyage Samantha
පෙර කොටස්:
- දේශපාලනික මාක්ස්වාදයක් සදහා -Towards Political Marxism (පළමු කොටස)
- දේශපාලනික මාක්ස්වාදයක් සදහා -Towards Political Marxism (2කොටස)
- දේශපාලනික මාක්ස්වාදයක් සදහා -Towards Political Marxism (3කොටස)
- දේශපාලනික මාක්ස්වාදයක් සදහා -Towards Political Marxism (4 කොටස)
- දේශපාලනික මාක්ස්වාදයක් සදහා -Towards Political Marxism (5 කොටස)






One thought on “දේශපාලනික මාක්ස්වාදයක් සදහා -Towards Political Marxism (6 කොටස)”