හිත්තටියගේ සමන්ත:
මාක්ස්වාදය දේශපාලනික උපක්‍රමික ප්‍රවිශ්ඨයක් ලෙස
මාක්ස්වාදය පිලිබඳවවූ අපගේ දැනුම බොහෝවිට, අවංකවම, අධ්‍යයන දැනුමකට වඩා ඇදහීමකට ආසන්න දෙයක් වීය. මේ නිසා, මේ ලිපිපෙලෙහි මා පලකරනා දෑ මගින්, මාක්ස්වාදී අධ්‍යයනයන් හා මතවාදයන් ගැඹුරින් හදාරා ඇත්තියක වන ඉසබෙලාගේ ගාරෝගේ අදහස් විකෘති නොකරේ යැයි කිසිදු සහතිකයක් නොමැත. ( මා මේ සාකච්ඡාවෙන් ඉවත් කිරීමට යෝජනාවක් ! ) ඇත්තටම ඇයගේ අදහස් නිවැරදිවම දැනගැනීමට නම්, ඔබ විසින් ඇයගේ මුල් ලේඛන කියවිය යුතුය. අනෙක් අතට මෙහිදී කෙරෙන්නේ සාරාංශගතකරනයකට ලක්කල සරල සාකච්ඡාවක් බැවින්, ගැඹුරු කියවන්නෙකුට අසාධාරණයක් සිදුවීම වලක්වාලීම අසීරුය.
ඒ අතර, මාගේ කලින් සටහනට කොමෙන්ටුවක් දැමූ හිතවතෙකු උපහාසාත්මකව පවසා තිබුනේ බරපතල වචන හැර, සරලව පැහැදිලිව යමක් කියානොමැති බවත්, ධනේශ්වරයේ අර්බුදයට විසදුම කොමියුනිස්ට්වාදය යැයි සරලව කිව හැකිව තිබූ බවයි. ඇත්තම අවශ්‍යතාවයක් තිබේ නම් හෝ මහන්සිවී අධ්‍යයනය කිරීමට සූදානම් නම්, මා මෙහි මතුකරන කාරනය එය නොවනා බවත්, විශේෂයෙන්ම ( ලාංකීය ) මාක්ස්වාදීන්ට මගහැරැනු අත්‍යාවශ්‍යම තීරණාත්මක එකතුකිරීමක් පිළිබඳව මේ අධ්‍යයනය සිදුකරනා බවත් සටහන් කිරීමට කැමැත්තෙමි. මේ ලිපිය මගින් මා උත්සාහ කරන්නේ, ඉසබෙලා ඇගේ ලිපිවල දක්වා ඇති තරමක් සංයුක්ත උදාහරණ කිහිපයක් ගෙන, ඇය කියනා අදහස් පැහැදිලි කරගැනීමේ පහසුව තකා (ලාංකික සංදර්භයට කොතරම් ගැලපේද යන්න නොසලකා ) ඉදිරිපත් කිරීමටයි.
ඉසබෙලා ගාරෝගේ මූලෝපායික කොමියුනිස්ට්වාදය පිළිබඳ සංකල්පය කම්කරු පන්තියේ සහ අනෙකුත් පීඩිත කණ්ඩායම්වල විමුක්තිය සඳහා උපාය මාර්ගික ප්‍රවේශයක් ලෙස මාක්ස්ගේ කොමියුනිස්ට් න්‍යාය නැවත අර්ථකථනය කිරීමකි. ගාරෝ තර්ක කරන්නේ කොමියුනිස්ට්වාදය යනු හුදෙක් මනෝරාජික පරමාදර්ශයක් හෝ ඉලක්කයක් ලෙස නොව, න්‍යායික හා ප්‍රායෝගික මැදිහත්වීම්වල එකතුවක් හරහා සාක්ෂාත් කරගත හැකි සංයුක්ත ඉලක්කයක් බවයි.

එය සක්‍රීය වන්නේ කිසියම් අවසාන ඉදිරිදර්ශනයක් ලෙස නොව, ධනවාදයෙන් දේශපාලන පිටවීමක් සඳහා අවශ්‍ය මැදිහත්වීම් සහ ආක්‍රමණශීලී සංක්‍රාන්තියක් ප්‍රතිනිර්මාණය කිරීමක් ලෙසයි.
ඇය යෝජනා කරන උපායමාර්ගික කොමියුනිස්ට්වාදයේ එක් ප්‍රධාන ලක්ෂණයක් වන්නේ, නව දේශපාලන මැදිහත්වීම් වර්ධනය කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කිරීමයි. ධනවාදයේ නව ලිබරල් ප්‍රතිව්‍යුහගත කිරීම් හමුවේ සම්ප්‍රදායික වාමාංශික කොමියුනිස්ට් පක්ෂ සහ වෘත්තීය සමිති වඩ වඩාත් අකාර්යක්ෂමවී අසමත්වී ඇති බව ගාරෝ තර්ක කරයි. එබැවින් ඇය කම්කරු පන්තියේ සහ අනෙකුත් පීඩිත කන්ඩායම්වල අවශ්‍යතාවලට, වඩා වැඩියෙන් ප්‍රතිචාර දක්වන නව ආකාරයේ දේශපාලන සංවිධානයක් වර්ධනය කිරීමට යෝජනා කරයි.

උපායමාර්ගික කොමියුනිස්ට්වාදයේ තවත් ප්‍රධාන ලක්ෂණයක් වන්නේ විවිධ අරගලවල අභිසාරීත්වය කෙරෙහි එහි අවධානය යොමු කිරීමයි. ගාරෝ තර්ක කරන්නේ කම්කරු පන්තියට සහ අනෙකුත් පීඩිත කන්ඩායම්වලට, හුදෙකලාව විමුක්තිය ලබා ගත නොහැකි බවයි. එබැවින් සමාජ සාධාරණත්වය සඳහා වූ සමකාලීන අරගලයන්හිදී , විවිධ සමාජ ව්‍යාපාර අතර සහයෝගීතාවයේ සහ සම්බන්ධතාවයන්ගේ නව ආකාර වර්ධනයක් කිරීමට ඇය යෝජනා කරයි. විප්ලවවාදී ක්‍රියාවලියට සම්බන්ධ විවිධ සමාජ ස්ථරයන් බලමුලු ගැන්වීමේ මාධ්‍යයන් සහ ආකාරයන් පිළිබඳ පුළුල්වූ ක්ෂිතිජයන් සහ සාරවත් අදහස් මෙම ලක්ෂණ වලින් සමන්විතවේ.
මෙම කොමියුනිස්ට් න්‍යාය සහ භාවිතය පිළිබඳ ගාරෝගේ උපාය මාර්ගික කොමියුනිස්ට් සංකල්පය, මෑත කාලීනව, කොමියුනිස්ට්වාදී න්‍යායාත්මක පුනර්ජීවනයක් සඳහා බලපා ඇත.
ඇගේ මෙම අදහස් කොමියුනිස්ට්වාදයේ අනාගතය පිළිබඳ පවතින විවාදයට අගනා දායකත්වයකි.

හිත්තටියගේ සමන්ත-Hiththatiyage Samantha
පෙර කොටස්:






One thought on “දේශපාලනික මාක්ස්වාදයක් සදහා -Towards Political Marxism (3කොටස)”