හිත්තටියගේ සමන්ත:
දේශපාලනික මාක්ස්වාදයක් කුමක් සදහාද ?
මෙයට පෙර කොටස්වල යම් වියුක්ත ස්වභාවයක්, නැති නම් ප්‍රායෝගික අදාලභාවය පිළිබඳව ගැටලුවක් සමහර දෙනෙකුට පෙනෙන්නට ඇති නමුත්, මා විශ්වාස කරනා ආකාරයට, ලාංකීය රැඩිකල් වාමාංශිකයන්ට, එම ලිපි තුල සිතන්නට ඉතා වැදගත් “එකතු කිරීම්” මා විසින් යෝජනා කරන ලදී . මේ සටහනේ අරමුණ ඒ පිලිබඳවවූ පැහැදිලි කර ගැනීමක් හා අවධාරණයක් ඇති කිරීමයි.
1960 ගණන්වල සිට, “විරෝධතාවන්” යනු අසාධාරණයට ප්‍රතිචාර දැක්විය හැකි, සාමාන්‍ය මිනිසුන්ට පැහැදිලි සහ හොඳින් අවබෝධවූ මාර්ගයක් බවට පත් විය.
විශේෂයෙන්ම සෝවියට් සංගමය බිඳවැටීමෙන් පසුව, ලෝකය නොවැලැක්විය හැකි ලෙස ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය කරා ගමන් කරමින් සිටින බව සහ එම අසාධාරණ පාලනයන්ට එරෙහි මහජන විරෝධතාවයන් ඇතිවීම එවැනි ගමනක නොවැළැක්විය හැකි පෙර නිමිත්තකි යන අදහස සැම දෙනාගේම සිත් තුළ ගැඹුරින් කාවැදී තිබුණි. 2010 සිට 2020 දක්වා දශකය තුළ, මානව වර්ගයා තුලවූ මෙම ප්‍රතිවිරෝධතාවයේ පෙන්නුම් කිරීමක් ලෙස පෙනෙන මෙම මහජන විරෝධතාවල ප්‍රබල පිපිරීමක් අප දුටුවේය. මෙම විරෝධතා ටියුනීසියාවෙන් ආරම්භ වී අරාබි ලෝකය පුරා පුපුරා ගියේය. තුර්කිය, බ්‍රසීලය, යුක්‍රේනය සහ හොංකොං වැනි රටවලද දැවැන්ත කැළඹීම් හා පෙලපාලි ඇතිවිය. දශකය අවසන් වන විට, සුඩානය, ඉරාකය, ඇල්ජීරියාව, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, ඉන්දුනීසියාව, ලතින් ඇමරිකාව, ඉන්දියාව, ලෙබනනය සහ හයිටියේ බොහෝ ප්‍රදේශවල විරෝධතා පැතිරෙමින් තිබුණි. ඇමරිකාවෙන් පටන් ගෙන ප්‍රංශය දක්වා මෙම විරෝධතාවයන් දිග හැරුණි. මෙම වසර 10 – 12 තුළ, මානව ඉතිහාසයේ වෙනත් ඕනෑම අවස්ථාවකට වඩා වැඩි පිරිසක්, වීදි පෙළපාලිවලට හා විරෝධතාවයන්ට සහභාගී වූහ. 2022 “අරගලය” මෙහි ලාංකීය අපගේ ප්‍රතිවිරෝධයන්හි උත්කර්ෂවත් පුපුරා යාමෙහි අත්දැකීමයි.

සාපේක්ෂ වශයෙන් ස්වයංසිද්ධව ඇතිවූ මෙම විරෝධතා ඉතා ඉක්මනින් එකට එකතුවූ ඒවාවූ අතර, ඇත්ත වශයෙන්ම නායකත්වයෙන් තොර, තිරස් ලෙස ව්‍යුහගතවූ අතර, මතවාදීමය වශයෙන් විවිධ ස්ථාවරයන් එවායෙහි ප්‍රකාශිත විය.
මෙම විරෝධතා බොහෝමයක් ඔවුන්ගේ සහභාගිවන්නන් විසින් උද්යෝගිමත් “ජයග්‍රහණයක්” ලෙස අත්විඳින ලද අතර, ජාත්‍යන්තර මාධ්‍ය තුළ ජයග්‍රාහී ශුභවාදී අදහස් ඇති විය. නමුත් වසර කිහිපයකට පසු, විරෝධතාකරුවන්ගේ අරමුණුවලට වඩා බොහෝ වෙනස් වූ ප්‍රතිඵල ඇතිවී ඇති ආකාරය අපට දැන් දැකගත හැකිය. කොතැනකවත් සැලසුම් කළ පරිදි දේවල් සිදු නොවීය. බොහෝ අවස්ථාවලදී, තත්වය වඩාත් නරක අතට හැරුණි.
මෙසේ වූයේ ඇයි ?
මේ විරෝධතාවලට බොහෝ දේ පොදු විය. ඒවා නායකයෙකු නැති තිරස් අතට සංවිධානයවූ, “ස්වයං” ලෙස පැනනැගි, නගර වීදිවල හෝ පොදු චතුරශ්‍රවල ඇතිවූ, ඩිජිටල් ලෙස සම්බන්ධීකරණවූ සිදුවීම් බව ඔබ අත්විඳ හෝ බොහෝ විට අසා ඇත. විරෝධතාවයන් ප්‍රකාශ කිරීමට සහ ඔවුන් අනාගතයේදී ගෙන ඒමට අදහස් කරන ලද “සමාජ ප්‍රතිරූපය” යැයි කියනු ලැබූ ආකෘතියට උපකාර කිරීමට එම විරෝධතාවයන් යොදා ගත්හ. නමුත්, අති විශාල ජනතා සහයෝගයක් හා සහභාගීත්වයක් තිබූ මෙම විරෝධතාවල දක්නට ලැබෙන ආකාරයේ ලිහිල් නැගිටීම් මගින්, අවසානයේ, අසමානතාවය සහ වාර්ගික ආතතීන් වැඩි කිරීමට නැඹුරු වන අතර ඒවා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම හෝ දූෂණය අවසන් නොකල බව දැන් පැහැදිලිය. පැහැදිලිවම ස්වයංසිද්ධ, ඩිජිටල් සම්බන්ධීකරණයකින් තිරස් ලෙස සංවිධානයවූ, නායකයින් නොමැති මෙම මහජන විරෝධතාවයන් සමාජ ව්‍යුහයන් තුළ සිදුරු පුපුරවා හැරීමට සහ දේශපාලන රික්තයක් ඇති කිරීමට ඉතා හොඳ කාර්යයක් කළේය. නමුත් එම රික්තය පිරවීමේදී එය බෙහෙවින් අඩු සාර්ථක භාවයක් අත්කර ගත්තේය.
එමෙන්ම, හැම විටම යම් බාහිර බලවේගයක් එම අවකාශයට මැදිහත් වීමට සූදානමින් සිටියහ. ඊජිප්තුවේදී ඒ හමුදාවයි. බහරේනයේ එය සෞදි අරාබිය සහ ගල්ෆ් සහයෝගිතා කවුන්සිලය විය. තුර්කියේ ඒ Recep Tayyip Erdogan. හොංකොං හි එය බීජිං විය. ලංකාවේදී එය රනිල් පාලනයයි.
පැහැදිලිවම අසාර්ථක වූ මෙම විරෝධතාවලට සහභාගිවූවන් අපට කියනු ඇත්තේ ‘අපි විශාල දෙයකට බීජ රෝපණය කළෙමු. දිගු කාලීනව, මෙම අරගලයන් විශාල දෙයක කොටසක් බවට පත්විය හැකි අතර, අපට වෙන කවරදාටත් වඩා ශක්තිමත්ව ආපසු පැමිණ ජයග්‍රහණය කළ හැකිය කියාය’.
කෙනෙකුට දැනිය හැකි සැබෑම දෙය එයයි. එය කිසිසේත් මායාවක් නොවේ. එය ජීවිතය සැබවින්ම විය යුතු ආකාරය පිළිබඳ විස්මිත, මොහොතක දර්ශනයකි ! කෘත්‍රිම වෙනස්කම් සහ පටු ආත්මාර්ථකාමී ක්‍රියාකාරකම් දියවී යන මොහොතේ, සෑම දිනකම අපට දැනෙන්නේ එයයි. අපගේ සමාජය සැබවින්ම සහභාගිවී සිටින විට, සෑම චලනයකදීම අපි සැබෑ ඉතිහාසයක් ගොඩනඟන විට සහ අපගේ සහෝදර මිනිසුන් සමඟ ආදරයෙන් හා සමගියෙන් ක්‍රියා කරන විට, අපට සෑම විටම එසේ දැනෙන්නට හැකිය. එහෙත් කලයුත්තේ කුමක්ද යන්න පිලිබඳවවූ මතවාදයක්, එනම් මා කී පරිදි, එය කුමක්දැයි තීරණය කිරීමට ඔවුන්ට නොහැකි විය.
අරගලය ! එය දැන් අමතක කිරීම පහසුය. නමුත් එය 2022 දී ගෝඨාභය වැනි ආඥාදායක පාලකයකු බලයෙන් පහ කළ ව්‍යාපාරයයි.
ඉසබෙලා ගාරෝ ( Isabelle Garo ) වැන්නියකගේ ,”මාක්ස්වාදය උපක්‍රමික ප්‍රවිශ්ඨයක් ලෙස ” යොදාගැනීමේ යෝජනාව අපට මග හැරිය නොහැකි ලෙස වැදගත් වන්නේ මේ තත්වය තුලයි.

වඩාත්ම තීක්ෂණ මාක්ස්වාදී දේශපාලනයකින් මුහුණ දිය යුතු දැවැන්ත අභියෝගයක් ඇය ඉස්මතු කරයි. අපේ කාලයේ, එය තවදුරටත් කල් දැමිය නොහැක. දේශපාලන විෂය, එකවර බහුවිධ හා සම්බන්ධීකරණයවූ රැඩිකල් පරිවර්තනයක් ගැන නැවත සිතා බලමින්, දේශපාලන අරගල සහ බලය අත්පත් කර ගැනීම යන සහයෝගීතා ක්‍රම නිර්මාණය කිරීමට ඉතිරිව ඇත. සමකාලීන ප්‍රතිබිම්බයන්ගෙන් ආභාසය ලබන මාක්ස්ගේ නැවත කියවීමකින් මතුවන නමුත්, ඔවුන්ට අහිමි වූ උපායමාර්ගික මානයක් සමඟ ඒ අභියෝගයට ඇය මුහුණ දෙයි. වර්තමානයේදී, උපායමාර්ගික මාක්ස්වාදය අලුත් කිරීම පිළිබඳ නව කතිකාවකට ඇය අප යොමු කරයි.
- ඉසබෙලා විසින් ඇයගේ ලේඛනයන්හි භාවිතා කරන Communism යන්නට නිවරැදි දේශපාලනික අදහසක් ජනනය කරන්නේ “කොමියුනිස්ට්වාදය” යන්න වුවත්, ලාංකික සංදර්භය තුල යම් නුහුරු ආන්තික අදහසක් ජනනය කරනා බැවින්, එය සදහා ” මාක්ස්වාදය ” යන්න මෙම ලිපි පෙලෙහි භාවිතා කරනාලදී. ඇය strategic tool අදහස සාකච්ඡාවට ගන්නා තැන්වල අනාගත කොමියුනිස්ට් සමාජයක් = මාක්ස්වාදී සමාජයක් ලෙස යොදාගෙන ඇත.
*

හිත්තටියගේ සමන්ත-Hiththatiyage Samantha
පෙර කොටස:






4 thoughts on “දේශපාලනික මාක්ස්වාදයක් සදහා -Towards Political Marxism (2කොටස)”