ශ්‍රී ලාංකීය බයිලා සංස්කෘතියේ අනන්‍යතාවය එම්. එස්. ප්‍රනාන්දු

MS THE MAGNIFICENT SAMSON – කර්තෘ අශෝක කුලතුංග මහතා.

ලාංකීය සංගීත ඉතිහාසය විවිධ මානයන් ඔස්සේ විහිදී ගිය අතර බයිලා සංගීතය ද එහි සුවිශේෂී ස්ථානයක් ගනියි. මගගේ සැම්සන් ෆර්නැන්ඩු විශ්වීය ලෙස ලාංකීය ජනතාවගේ හද දිනු ගායකයෙකි.එමෙන්ම සංගීත ලෝකයේ නොමැකෙන සලකුණක් තැබූ නිර්මාණකරුවෙකි.බයිලා චක්‍රවර්තී යන නාමයෙන් පිදුම් ලද ඔහු සිංහල දමිළ මෙන්ම ඉංග්‍රීසි මැලේ යන බහු භාෂා වලින් තම ප්‍රේක්ෂකයින්ම රසවත් ගායනයෙන් පිනවන ලදී.විවිධ සමාජ පන්ති ඔහුගේ නිර්මාණ වලට පාදක වූ අතර දශකහතරක් පුරාවට එම ඔහුගේ ගායනය ඉතාමත් ජනප්‍රියව අසන්නන් අතර නිම්නාද විය.

1936 මාර්තු 4 වන දින මොරටුවේ උපත ලැබූ එම් එස් ප්‍රනාන්දු, ලැරොන් ප්‍රනාන්දු සහ ලිලී ගෝමස්ගේ වැඩිමහල් පුත්‍රයා විය(113). ඔහු අධ්‍යාපනය ලැබුවේ වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් සහ දෙහිවල ක්‍රිස්තු දේවස්ථාන විද්‍යාලයෙනි.

වර්ෂ 1950 පමණ කාලය වන විට රට අභ්‍යන්තරයේ මුහුදුබඩ ප්‍රදේශ වල සිඝ්‍රයෙන් වාද බයිලා කලාව ප්‍රචලිත විය. සහජ ආභාසයක් නිසා දෝ සැම්සන් ගේ සිරුරේ රුධිරය ලෙස සංසරණය වුයේ බයිලා කලාවයි. ඒ නිසාම කුඩා කාලයේ [පටන්ම ප්‍රදේශය අවට පවත්වනු ලබන සියලු බයිලා තරඟ නැරඹීම හා ඇසීම හේතු කොටගෙන ඉන් ලැබූ උත්තේජනයෙන් කුඩා සැම්සන් තනිවම බයිලා පද ගැට ගසන්නට පුරුදු විය. ඉතා ක්ෂණිකව බයිලා පද ගෙතිමටත්, චතුර ලෙස ගායනා කිරීමටත් සනිට උපතින්ම හැකියාව ලැබුණි.

පිටු අංකය 255″
එම් එස් The Magnificent samson” අශෝක කුලතුංග.

කුඩා කාලයේ පටන්ම එම් එස් බයිලා ගායනයට හපන්කම් දැක්වූ බව තේරුම් ගත හැකිය.එදිනෙදා ශ්‍රී ලාංකිකයන්ගේ ජිවන අත්දැකීම් තම නිර්මාණ වලට තේමාව කර ගත් එම් එස් කලාත්මක නවෝත්පාදන රැසක් ගීත කරලියට දායාද කරන ලදී. ගී පද රචනය, සංගීතය, තනු නිර්මාණය ගායනය යන සකල විධ හැකියාවන්ගෙන් පරිපුර්ණ වූ එම් එස් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගතහොත් යුග පුර්ෂයෙකි.

දුගී සමාජ පන්තියේ සිට මහා මන්දිර වල පවා මිනිසුන්ගේ සිත් හොරා ගත් එම් එස්ගේ නිර්මාණ රැසකි. එමෙන්ම එම් එස් ගේ නිර්මාණ තුල ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික සංස්කෘතික සහ දේශපාලනික යන සෑම අංශයක් ම අන්තර්ගත වීම සුවිශේෂි කරුණකි.එමෙන්ම වාද බයිලාව ලංකාවේ ජනප්‍රියම යුගයක සිංගල ගීත ක්ෂේත්‍රයට නව ආරක නැවුම් සංගීත රසයක් ගෙන දෙන නිර්මාණ එකතුවක්ම එක් කිරීමට එම් එස්ට හැකි විය.
එම් එස් ප්‍රනාන්දු විසින් වසර 21ක් තුළ චිත්‍රපට 75ක් ඇතුළුව භාෂා 5කින් ගීත 1000ක් ගායනා කිරීම වෙනුවෙන් 1973 වසරේදී කොළඹ කලා කවය විසින් ජනාධිපති ධුරයේ සිටි විලියම් ගොපල්ලව මැති තුමා අතින් ” රන් නෙලුම මලක් ප්‍රධානය කිරීමට සංවිධානය කර තිබුණි.

පිටු අංක 44.එම් එස් The Magnificent samson” අශෝක කුලතුංග.

කොඩි ගහ යට (හතර දෙනාම සුරයෝ )
මල් යහනාවකි ලෝකේ (සුරේඛා )
මල් වයසේ මධු සිහිනේ (කස්තුරි සුවඳ)
පෙම් ලොව නින්දේදී (සංගීතා )
ඔහු විසින් ගැයූ අපුර්ව ගීත අතරින් කීපයකි.

එම් එස් ගේ නිර්මාණ වලට තමා ජීවන් වන පරිසරයේ සිදුවීම් බොහෝ දුරට පාදක කරගෙන ඇත.තමන් දුටු පුද්ගල චරිත අපුරු නිර්මාණයන්ට තේමාවන් කරගැනීමට ඔහුට තිබුනේ අපුරු කුසලතාවයකි.

ගල්කිස්ස හෝටලය අසල සිටි කුලී රථ රියදුරකු වූ ආතර් අයියා නම් පුද්ගලයා ඔහුගේ නිර්මාණ වලට එසේ සංකලනය වූවේ

මෙලෙසය.ස්වභාව සෞන්දර්යයට පෙම් බැඳී එම් එස් ගොවියෙකි.ජන කවියේ අභාශයද ඔහුගේ බොහෝ නිර්මාණ වලට හේතු පාදක විය.ඔහුගේ නිර්මාණයන් අව්‍යාජය.යථාර්තවාදීය.නිර්ව්‍යාජය.

ගොවිතැන් ආශ්‍රිතව ජනවහර ඉතා සංයමයෙන් යොදාගෙන ඇති අතර ජනශ්‍රැතිය පිලිබඳ එම් එස්ගේ ඇති අවබෝධයද මින් මොනවට පිළිඹිබු වේ.

එමෙන්ම සමාජය අත්විඳින්නට වන අත්දැකීම් සහ දකින සිදුවීම් එලෙසින්ම අව්‍යාජ ලෙස රසිකයින් වෙත ලඟා කිරීම එදා පටන් අදවන තෙක්ම රසික ජනාදරයට නිර්මාණ ඔස්සේ පත් වීමට හේතු වූ වැදගත්ම කාරණයයි. එමෙන්ම නිර්මාණයක් පරිපුර්ණ විය යුතු සියළුම ගුණාංගයන් පරිපුර්ණ වූ නිර්මාණයන් එකතුවකගේ අයිතිකරුවකු වීමට එම් එස්ට හැකිවුයේ එලෙසිනි. ඔහුගේ නිර්මාණ තුල ආදරය, සමාජයේ දක්වනට ලැබෙන ඛේදවාචකයන්ගේ සේම ලාංකීය දේශපාලනය පිළිබඳවද උත්ප්‍රසයට ලක් කරන්නේ ව්‍යංගවය.

සමාජය අප කොතරම් වෙනස් වීමට උත්සහ කලත් දේශපාලනයේ රැවටීම් වලට අසුවන ආකාරය අපුරුවට පෙන්වා දෙයි.

එම් එස් ගේ ගී රචනා තුළින් ඔහු හදවතෙහි වැඩ සිටි උතුම් මිනිස් පුත්‍රයා ජනිත වන්නේ නිසර්ඝයෙනි/ඔහු ඇලඩින් ගෙන් පහන ඉල්ලන්නේ තමා වෙනුවෙන් නොව මේ රට වෙනුවෙනි.

පිටු අංක 104. එම් එස් The Magnificent samson” අශෝක කුලතුංග.

මෙහිදී අශෝක කුලතුංගයන් විසින් එම් එස්ගේ ජිවන පුරාවෘත්තයම හදාරා මෙම ලිවිම සිදු කිරීම එම් එස් මැග්නිෆිකන්ට් කෘතියේ ඇති විශේෂත්වයයි.එම් එස් මැග්නිෆිකන්ට් ග්‍රන්ථය පර්යේෂණ ග්‍රන්ථයක් වන අතර එම් එස් ගේ සංගීත භාවිතයත් සමග ඔහුගේ නිර්මාණ සියල්ලේම නාමාවලියන් පවා ගුවන් විදුලි සංස්ථාවෙන් සොයාගෙන මෙම කෘතියට අන්තර්ගත කර ඇත.ඔහු විසින් ගායනා කරන ලද ගීත 300ක් මෙහි අන්තර්ගත වන අතර පද රචනා 196ක් ඇතුලත් වේ. එමෙන්ම එම් එස්ගේ ජිවිතයේ විවිධ සිදුවීම් ඇතුලත් පැරණි ජායාරුපද සංස්කරණයකින් තොරව කෘතියට ඇතුලත් කර ඇත්තේද එහි වටිනාකම සුරැකෙන ආකාරයෙනි.

වසර හතරක පමණ දිගු කාලයක් වැය කරමින් මෙම අසහාය නිර්මාණකරුවා පිලිබඳ සිදුකල අපුරු හෙළිදරව්ව වචනයෙන් කිව හැකි ප්‍රමාණයට වඩා වටිනාකමකින් සහ අගයකින් යුක්ත ක්‍රියාවලියක් බව මෙම පර්යේෂණ ග්‍රන්ථය අධ්‍යයන කරන සෑමදෙනෙකුටම වැටහෙන දෙයකි.

අශෝක කුලතුංග

ජීවත්ව සිටියදී නිසි ඇගයුමකින් පිදුම් ලැබිය යුතු අනගිබවනිය සංගීතඥයකු පිළිබඳව මෙලෙස ගෞරවාදරයට ලක් කිරීම පිළිබඳව අශෝක කුලතුංග සොයුරාට හර්දයාංගම ස්තුතිය පුද කරන අතරම ඔහුගේ ඉදිරි නිර්මාණ කටයුතු වඩ වඩා සාර්ථකව පාඨකයින් වෙත ලඟා කිරීමට ශක්තිය ;ලැබේවායි හදවතින්ම සුබ පතමි !!

More From Author

කොන්දේසි විරහිතව යටත් වීම හෝ ප්‍රතිවිපාකවලට මුහුණ දීම’ යනාකාරයෙන් තර්ජනය කිරීමෙන් ආරම්භ වූ ඉරානයට එරෙහිව අවි අමෝරා ගත් ඇමරිකාවේ යුද්ධය, ‘ඉරානය නැවතත් ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීමට’ පොරොන්දු වීමෙන් අවසන් කළේ කෙසේද? (පළමු කොටස)-විශ්ලේෂණයක්.

දේශපාලනික මාක්ස්වාදයක් සදහා -Towards Political Marxism (2කොටස)

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348