අපි අපේ රුධිරය වගුරුවන්නේ කියුබාවේ දුප්පතුන් වෙනුවෙනි !

එය “ජුලි 26 ව්‍යාපාරයේ” තේමා පාඨය විය. වත්මන් කියුබානු කොමියුනිස්ට්වාදීන් වසර 72 කට පසුවත් ජුලි 26 වන දිනය හදුන්වන්නේ “කිසිදා නොනිවෙන ගිනිදැලක්” ලෙසිනි.

මෙයට වසර 72 කට පෙර ,1953 ජූලි 26 වන දින මොන්කාඩා ප්‍රහාරය සිදුවූ දිනය මුල්කොට ගෙන ඇති වුනු කියුබානු විප්ලවීය ව්‍යාපාරය එකල හැදින්වුනේ එනමින්ය. නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් මූලික කරගෙන කියුබානු තරුණ හා ශිෂ්‍යය සංවිධානයක් මගින් එරට පාලක පංතිය ඉලක්ක කොට කල පලමු සන්නද්ධ ප්‍රහාරය සිදු කල, ඒ ඓතිහාසික දිනය කියුබාවෙහි පමණක් නොව ලොව පුරා කොමියුනිස්ට්වාදීන්ට ඉමහත් ආස්වාදනීය දිනයකි. මෙදින ප්‍රහාරය අසාර්ථක වුවද එය ඓතිහාසික දිනයක් ලෙස සැලකෙන්නේ ප්‍රහාරය නිර්භීත මෙන්ම අරමුණු සහගත ප්‍රහාරයක් වූ හෙයිනි.

මොන්කාඩා බරක් කඳවුර-The Moncada Barracks

මොන්කාඩා ප්‍රහාරයේ ප්‍රධාන නායකත්වය දැරුවේ එකල තරුණ නීති ශිෂ්‍යයෙකු වූ ෆිදෙල් කැස්ත්‍රෝය. පාලක ෆුල්ජෙන්සියෝ බැටිස්ටාගේ ඒකාධිපති පාලනය පෙරලා දැමීම අරමුණු කරගත් මෙම ප්‍රහාරයේ ප්‍රධාන ඉලක්කය වූයේ හවානා නගරයේ පිහිටි මොන්කාඩා හමුදා කදවුරයි. මෙදින මොන්කාඩා ප්‍රහාරය අසාර්ථක වුවද , 1959 ජනවාරි 1 වෙනිදා වන විට සාර්ථක විප්ලවයකින් ජයග‍්‍රහණය ලබන්නට තරම් “ජුලි 26 ව්‍යාපාරය” සමත් වූයේ දේශපාලන හා සමාජීය සාධකවල එකතුවකි.

ෆිදෙල් කැස්ත්‍රෝ-Fidel Castro

අරමුණු සහගත ගමනාන්තයේදී අතර මැද මාවත් විශ්වාස නොකිරීම එහි තිබූ අගනාම සාධකය විය. වී අයි ලෙනින් බොහෝ වරක් පැවසූ පරිදිම, මේ “ජුලි 26 ව්‍යපාරය” ද පාලකයන්ට එරෙහිව අනුකම්පා විරහිත අරගලයක නිරත විය. එහිදී සංවිධානය වීම, එකමුතු කම, අධිෂ්ඨානය හා සතුරා හමුවේ තිබිය යුතු නිර්භීතකම මේ “ජුලි 26 ව්‍යාපාරය” තුල ආරම්භයේ සිට අවසන් මොහොත තෙක්ම රැදී තිබිණි.

ඒ නිර්භීතකම හා අරමුණු සහගත අධිෂ්ඨානය නොතිබෙන්නට ඇමරිකන් එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන් ගේ සතුරු ප්‍රහාර, ,කුමන්ත්‍රණ හා නොනවතින සම්බාධක හමුවේත් කියුබාව වැනි කුඩා රාජ්‍යයකට මෙතරම් කලක් පැවතිය නොහැක. දශක ගනණාවකට පසුවත් මේ වීරෝධාර කියුබානුවන් ජුලි 26 දිනය යනු “කිසිදා නොනිවෙන ගිනිදැලක්” යැයි අදටත් පවසන්නේ ඒ ජීවමාන පුරාවතක් බඳු වීරෝධාර සටන්කරුවන් සිහිගන්වමිනි.

“මාත් සමග ග්‍රෑන්මා යාත්‍රාවෙන් කියුබානු අරගලයට සීයයක් පමණ පැමිණියා, අතර මගදී එල්ල වූ වෙඩි වරුෂාවකින් අපේ සගයින් ජීවිත 82 ක් කියුබානු ජනතාවගේ නිදහස වෙනුවෙන් පරිත්‍යාග කරන්නට සිදුවුනා. මම නැවත කියුබානු විප්ලවය පටන් ගත්තේ දොලොස් දෙනෙකුගෙන්”

පිදෙල් කැස්ත්‍රෝ එලෙස පැවසුවේ ස්වකීය ජයග‍්‍රහණයෙන් බොහෝ කලකට පසුය.

ඉග්නාසියෝ රමෝනේ නම් මාධ්‍යවේදියා වරක් පිදෙල් කැස්ත්‍රෝ ගෙන් ප්‍රශ්නයක් අසනවා කියුබානු විප්ලවය ආරක්ෂා කිරීම සඳහා සෝවියට් රුසියාව මෙන් පෙරස්ත්‍රොයිකාවක් අවශ්‍ය බව ඔබට හිතුනෙ නැත්තෙ ඇයි කියල?

ඉග්නාසියෝ රමෝනේ-Ignacio Ramonet

ඊට කැස්ත්‍රෝ ගෙන් ලැබුනු පිලිතුර වර්තමානටද වැදගත්‍ වේ.

“සෝවියට් දේශය තුළ අප අත්දුටු ඓතිහාසික යථාර්ථයක් තිබුණා. කියුබාවේ ස්ටාලින් වාදයක් තිබුණේනෑ. බලය අයුතු ලෙස භාවිතය,නිල ඡායාරූප, පිළිරූ හදන පෞද්ගලිකත්වයේ සංස්කෘතිය මෙහෙ තිබුණේ නැහැ. අපි හැම වෙලාවෙම පෞද්ගලිකත්වයේ සංස්කෘතියට විරුද්ධ වුණා . අපට අප අතින් සිදුනොවූ වැරදි වලට පිළියම් හොයන්න අවශ්‍ය නැහැ. මෙහි බලහත්කාරී සාමූහිකරණය තිබුණෙ නෑ. අපි එක් මූල ධර්මයකට ගරු කළා. සමාජවාදය ගොඩ නගන්නේ නව සමාජයක් ගොඩ නැගීමට කැමති නිදහස් මිනිසුන්ගෙන් “

අභිමානවත් කියුබානු ධජය දිගුකල් දිනේවා !!!

More From Author

පාසල් වියේදී ලිංගිකත්වය පිළිබඳ පාඩම් කියා දිය යුතුය

දේශපාලනික මාක්ස්වාදයක් සදහා -Towards Political Marxism (6 කොටස)

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348