ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදින්ගේ අර්බුදය මුල් කරගෙන රෝසා ලක්සම්බර්ග් ඉදිරිපත්කල “ජූනියස් පත්‍රිකාව” (2 කොටස)

ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදින්ගේ අර්බුදය මුල් කරගෙන රෝසා ලක්සමිබර්ග් සිරගෙදර සිට ඉදිරිපත්කල “ජූනියස් පත්‍රිකාව” ගැන ලියවෙන දෙවැනි කොටස විදිහට මෙතනින් පටන් ගන්න පුළුවන්.

ජූනියස් පත්‍රිකාව

“ධනේශ්වර පාර්ලිමේන්තු ක්‍රමය තුල ජනතා සංවිධාන, ආර්ථික අරගලය සහ දේශපාලන අරගලය අතර සම්බන්ධය, සමාජවාදී පරමාදර්ශ සහ ක්ෂණික දෛනික අවශ්‍යතා වෙනුවෙන් නොපසුබටව පෙනී සිටීම යන කරුණු උපයෝගී කරගැනීම යන්න ප්‍රථම වරට දැඩි විද්‍යාත්මක ඉගැන්වීම්වල මඟපෙන්වීම මත කම්කරු පන්තියට ලැබුණි.”සරලව කිව්වොත්, මෙහි අදහස් වෙන්නේ සමාජවාදය ගොඩනැගීම සඳහා අවශ්‍ය ක්‍රමවේදයන් ගැනයි. එනම්, ධනේශ්වර පාර්ලිමේන්තු ක්‍රමය පාවිච්චි කිරීම, ජනතාව එකතු කර ගැනීම, ආර්ථික හා දේශපාලන අරගල එකට ගෙන යාම, සමාජවාදී අදහස් දෛනික අවශ්‍යතා සමඟ සම්බන්ධ කිරීම වැනි දේවල්. ඒ වගේම විද්‍යාත්මක මූලධර්ම අනුව කටයුතු කිරීමේ වැදගත්කම මෙහිදී රෝසා අවධාරණය කරනවා.

කම්කරු පන්තියේ (වැඩ කරන ජනතාවගේ) නිදහස සහ ඔවුන්ව පීඩාවෙන් මුදා ගැනීම පිණිස විවිද මාක්ස්වාදී “නිකායන්, සහ පාසල්, වලින්  පරමාදර්ශී කොමියුනිස්ට් රාජ්‍යයන් බිහිකර ගැනීම පිණිස විවිධ රටවල හුදකලා අත්හදා බැලීම් කරනු වෙනුවට” කල යුත්තේ වෙනත් දෙයක් බව රෝසා මතු කරනවා. ඒ කියන්නේ කලින් තිබූ විසිරුණු, කුඩා කණ්ඩායම් වලට සහ යථාර්ථවාදී නොවන සමාජවාදී අදහස්වලට වඩා වෙනස් දෙයක් ගැනයි ඇය අදහස් කරන්නේ.ඒ කියන්නේ මෙතන “නිකායන්” කියන්නේ කුඩා කණ්ඩායම්.”පාසල්” සහ “පරමාදර්ශී රාජ්‍යයන්” කියන්නේ ප්‍රායෝගික සැලැස්මක් නැති, න්‍යායාත්මක අදහස් වලින් යුක්ත මනෝ විකාර අදහස් යන්නයි. “හුදකලා අත්හදා බැලීම්”කියලා කියන්නේ සමාජවාදය බිහි කරලිම සදහා රටවල තනි තනිව ක්‍රියාත්මක කිරීමට ගත් උත්සාහයන්.  “…ලෝකයේ රටවල් එකිනෙකට බැඳ තබමින් එකම, ජාත්‍යන්තර න්‍යායික පදනමක් බිහිවිය.”  මෙය මගින් සමාජවාදය පිළිබඳ පොදු අවබෝධයක් ඇතිවීම ඇය අවධාරණය කරනවා. ඒක ජාත්‍යන්තරව රටවල් එකතු කළා. “එකම, ජාත්‍යන්තර න්‍යායික පදනම” කියන්නේ  මාක්ස්වාදය ගැනයි. “රටවල් එකිනෙකට බැඳ තබමින්, ලණු එකතුවක් මෙන්” යන වාක්‍ය ඛණ්ඩය එකමුතුකම සහ ශක්තිය පිළිබඳව හොඳ රූපයක් ගෙන දෙනවා.  “මාක්ස්වාදී දැනුම මුළු ලෝකයේම කම්කරු පන්තියට මාලිමාවක් ලබා දුන්නේය.” – මෙතනදි මාක්ස්වාදයේ වැදගත්කම ගැන ඇය කතා කරනවා. මාක්ස්වාදය කම්කරු පන්තියට ඔවුන්ගේ අරගල පිළිබඳ පැහැදිලි අවබෝධයක් සහ මඟ පෙන්වීමක් ලබා දුන්නා. “මාලිමාව” කියන්නේ මඟ පෙන්වීම සහ ඉලක්ක කරා ගමන් කිරීම සඳහා උපකාරී වන දෙයක්.මේ ඡේදයෙන් කියවෙන්නේ කලින් තිබූ, සංවිධානය නොවූ සමාජවාදී අදහස් වලින් මිදී, මාක්ස්වාදී මූලධර්ම මත පදනම් වූ, ජාත්‍යන්තර එකමුතුවක් ඇතිවීම ගැනයි.

මාක්ස්වාදය කම්කරු පන්තියට ඔවුන්ගේ විමුක්තිය සඳහා අවශ්‍ය න්‍යායික රාමුව සහ උපාය මාර්ගය සැපයුවා.එමගින් දෛනික සිදුවීම් වල ඇති ව්‍යාකූලත්වය තේරුම් ගත හැකි අතර, ස්ථාවර අවසාන ඉලක්කය කරා ළඟා වීමට අවශ්‍ය නිවැරදි මාවත සැමවිටම තීරණය කළ හැකිය.මෙහිදී ඇය මාක්ස්වාදයේ ප්‍රායෝගික වටිනාකම ඉස්මතු කරයි: එය ලෝකය තේරුම් ගැනීමට සහ එය වෙනස් කිරීම සඳහා ඵලදායී ලෙස ක්‍රියා කිරීමට කම්කරු පන්තියට උපකාරී වන අතර, කොමියුනිස්ට් සමාජයක් කරා ඔවුන්ගේ අවසාන ඉලක්කය කරා ගෙන යයි.

කම්කරු අරගලයක ඡායාරූපයක්

මෙහිදී අලුත් තත්වයක්‌ බිහිවුනු බව  රෝසා විසින් මතු කරනවා. ඒ නව ක්‍රමය බිහි කළේ සහ ආරක්ෂා කරන ලද්දේ සහ එහි නායකත්වය ගත්තේ ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදය විසින් කියලා. ඒ කියන්නේ ප්‍රංශ-ප්‍රෂියානු යුද්ධය සහ පැරිස් කොමියුනය පරාජය වීම නිසා යුරෝපීය කම්කරු ව්‍යාපාරයේ කේන්ද්‍රස්ථානය ජර්මනියට මාරු වීම සිද්දවීම අලුත් තත්වයක් බිහි උනා.

ප්‍රංශය මුල් අවධියේ සම්භාව්‍ය ස්ථානය වූ බවත් පසුව එය වෙනස් වූ බැවින්, “මෙම නව ක්‍රමය බිහි කළේ, ආරක්ෂා කළේ සහ එහි නායකත්වය ගත්තේ ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදයයි. මෙතනදී ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදය “නව ක්‍රමය” බිහි කළා, ඒ කියන්නේ මාක්ස්වාදී සමාජවාදය ව්‍යාප්ත කිරීමට, එහි මූලධර්ම ආරක්ෂා කිරීමට සහ නායකත්වය දීමට කටයුතු කළා. මේකෙන් පෙන්නුම් කරන්නේ ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මාක්ස්වාදී අදහස් වර්ධනය කිරීමේදී සහ ප්‍රචාරය කිරීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ බවයි.  “ප්‍රංශ-ප්‍රෂියානු යුද්ධය සහ පැරිස් කොමියුනය පරාජය වීම යුරෝපීය කම්කරු ව්‍යාපාරයේ කේන්ද්‍රස්ථානය ජර්මනියට මාරු කළා.” – මෙහි ඓතිහාසික පසුබිම පැහැදිලි කරනවා ඇය විසින්. විශේෂයෙන්ම ප්‍රංශ-ප්‍රෂියානු යුද්ධය (1870-1871) සහ පැරිස් කොමියුනය (1871), එනම් පැරිසියේ පැවති විප්ලවවාදී ආණ්ඩුව පරාජය වීම ඉතා වැදගත් ප්‍රතිඵල ගෙන දුන්නා.

1871 පැරිස් කොමියුනේ- (Paris Commune) ඡායාරූපයක්

ප්‍රංශයේ සමාජවාදී ව්‍යාපාරය දුර්වල වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සමාජවාදී ක්‍රියාකාරකම්වල කේන්ද්‍රස්ථානය සහ සමාජවාදී චින්තනය ජර්මනියට ගමන් කළා. “කේන්ද්‍රස්ථානය” යනුවෙන් අදහස් කරන්නේ වඩාත්ම බලගතු හෝ වැදගත් ස්ථානයයි.  “ප්‍රංශය මුල් අවධියේ සම්භාව්‍ය ස්ථානය වූ බැවින්…” – මේකෙන් ඉදිරි සාකච්ඡාව සඳහා පදනම දමනවා. පැරිස් කොමියුනය සහ මුල් විප්ලවවාදී ව්‍යාපාර පැවති ප්‍රංශය, සමාජවාදී අරගලයේ මුල් අවධිය නියෝජනය කළ බව මෙයින් ඇඟවෙනවා. දැන් ජර්මනිය නායකත්වය ගන්නා බව මෙයින් කියවෙනවා.සාරාංශයක් ලෙස ගත් කල, මෙම ඡේදයෙන් විස්තර කරන්නේ ප්‍රංශයේ අත් වූ පරාජයන්ගෙන් පසුව ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයේ ප්‍රධාන බලවේගය ලෙස ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ නැගීමයි. ප්‍රංශ-ප්‍රෂියානු යුද්ධය සහ පැරිස් කොමියුනය මර්දනය කිරීම නිසා ජර්මනියට මාක්ස්වාදී මූලධර්ම සංවර්ධනය කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රධාන ස්ථානයක් වීමට අවශ්‍ය තත්ත්වයන් ඇති කළා.මේක ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදින්ට ලැබුණු අහබු අවස්ථාවක් නොවෙයි.

ඇය තව දුරටත් විස්තර කරන විදිහට ප්‍රොලෙතාරියන් පන්ති අරගලය සහ එවකට යුරෝපීය කම්කරු පන්තියේ ගැහෙන, ලේ ගලන හදවත වූ පැරිස් නුවරින් විතැන් වී එහි දෙවන අදියරේ පෙරගමන්කරුවන් බවට ජර්මානු කම්කරුවන් පත් විය. පන්ති අරගලයේ මුල් අවධිය පැරිස් නුවරට සම්බන්ධයි. “ගැහෙන, ලේ ගලන හදවත” කියන රූපකය මගින් පැරිසියේ කම්කරු පන්තියේ දුක් වේදනා හා අරගලය අවධාරණය කරයි. පැරිස් කොමියුනයේ පරාජය වීම එම අවධියේ අවසානය සනිටුහන් කළා. දැන් ජර්මානු කම්කරුවන් දෙවන අදියරේ “පෙරගමන්කරුවන්” ලෙස ස්ථානගත වුණා. මෙයින් අදහස් කරන්නේ ඔවුන් ඒ වන විට සිටි වඩාත්ම දියුණු හා සංවිධානාත්මක කණ්ඩායම බවයි.  “නිමක් නැති කැපකිරීම් සහ විස්තර කෙරෙහි නොසැලෙන අවධානය යොමු කිරීම සහ අරගලය තුළින්, ඔවුන් ශක්තිමත්ම සංවිධානය ගොඩනගා ඇත,මේකෙන් කියවෙන්නේ ජර්මානු කම්කරුවන්ගේ උත්සාහය ඉස්මතු කරනවා. පෙරගමන්කරුවන් වීමේ සාර්ථකත්වය අහම්බයකින් සිදු වූවක් නොවේ. එය “නිමක් නැති කැපකිරීම්” (දුෂ්කරතා හා විනාශයන් විඳදරා ගැනීම) සහ “විස්තර කෙරෙහි නොසැලෙන අවධානය යොමු කිරීම” (ඔවුන්ගේ කාර්යයේදී ඉතා සූක්ෂම වීම) තුළින් ලබා ගත්තකි. “ශක්තිමත්ම සංවිධානය,වීම තුළින් ඇඟවෙන්නේ ජර්මානු කම්කරුවන් විසින් එකල වඩාත්ම ඵලදායී හා බලවත් සමාජවාදී සංවිධානය ගොඩනගා ඇති බවයි.ප්‍රංශයේ පසුබෑමෙන් පසුව සමාජවාදී ව්‍යාපාරයේ පෙරමුණ ගත්තේ ජර්මානු කම්කරුවන් බව ඇය අවධාරණය කරනවා. වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන්, කැපකිරීම් කිරීමෙන් සහ ශක්තිමත් සංවිධානයක් ගොඩනැගීමෙන් ඔවුහු මෙය සාක්ෂාත් කර ගත්හ. ඔවුහු ප්‍රොලෙතාරියන් පන්ති අරගලයේ “දෙවන අදියරට” නායකත්වය දීමට සූදානම්, වඩාත්ම දියුණු හා සංවිධානාත්මක කණ්ඩායම ලෙස ඔවුන් ව ඇය මෙහිදී නිරූපණය කරනවා.මාක්ස්වාදී මූලධර්ම” මත පදනම් වී “විද්‍යාත්මක සමාජවාදය” වැනි  අදහස් පුවත්පත් ඔස්සේ  බෙදා හැරීම කළ අතර, අධ්‍යාපනය සහ දැනුවත් කිරීමේ වඩාත්ම ඵලදායී මාධ්‍යයන් ඒ අනුව බිහි විය, බලවත්ම ඡන්දදායකයින් රැස් කර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර විශාලතම සංඛ්‍යාවක් ලබා ගත්හ. ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදය සලකනු ලැබුවේ ඒහි පිරිසිදුම ප්‍රතිමූර්තිය ලෙසයි.”ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මාක්ස්වාදී සමාජවාදයේ ප්‍රමුඛතම ආදර්ශය වූ අතර, දෙවන ජාත්‍යන්තරය තුළ නායකත්වය සහ බලපෑමේ තත්වයක් දැරූ බවත්, ලොව පුරා සිටින අනෙකුත් සමාජවාදී පක්ෂවලට මඟ පෙන්වමින් උපදෙස් දුන් බවත් ඇය මෙහිදී පවසනවා.

මාක්ස්ගේ ප්‍රංශයේ පන්ති අරගලය, නැමැති 1848-1850 කෘතියට ලියූ සුප්‍රසිද්ධ පෙරවදනෙහිදී, ෆ්‍රෙඩ්රික් එංගල්ස් මෙසේ ලිවීය:”
වෙනත් රටවල මොනවා සිදු වුවත්, ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදයට විශේෂ ස්ථානයක් සහ විශේෂ කාර්යභාරයක් පවතී. අවම වශයෙන් දැනටමත් එය එසේ වෙයි. ඡන්ද පෙට්ටි වලට මිලියන දෙකක පමණ ඡන්දදායකයන් පිරිසක් විසින්  ඡන්දය දමා යවන අයත්, ඡන්දය නොදුන්නත් ඔවුන් පිටුපස සිටින තරුණ තරුණියන් සහ තරුණයන් ඇතුළු විශාල පිරිසක්  ඔවුන් වටා ශක්තිමත්ව සිටින බැවිනි.”

පෙර කොටස :

More From Author

‘කණ්ඩෙම්කාරයෝ’: සමාජීය මිථ්‍යාමතික භාෂාව සහේතුකවාදීව විවරණය කිරීමට ගත් ප්‍රබල උත්සාහයක්

මහාචාර්ය සඳගෝමි කෝපරහේවා සම්පාදිත ‘භාෂාධ්‍යයනය හා වාග්විද්‍යාව’ පිළිබඳ ග්‍රන්ථය එළිදැක්වීම – අගෝස්තු 22 

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348