දැන් අපි ඉංග්‍රීසි Gnome සහ Gnosis පද පරීක්ෂා කරමු. චාල්ස් කාටර් ගුණසේන ශබ්දකෝෂය 1930 2වැනි සංස්කරණය
gnome -භූතයා ,ප්‍රේතයා
gnosis– නීති වාක්‍ය,උපදෙිශක වාක්‍ය,සූත්‍රය
මලලසේකරඉංග්‍රීසි සංහල ශබ්ද කොෂය 1958 දෙවැනි සංස්කරණය
gnome– පොළව යට වසන භූතයා, බහිරවයා
gnosis – ලෝකෝත්තර ඥාණය
සදාර්ථවාහිනී මුනිදාස සෙනරත් යාපා ගොඩගේ ශබ්දකෝෂය -2007
gnome -පොළව යට වස්තුව ආරක්ෂා කරනවායැයි සැලකෙනමිත්‍ය විශ්වාසයන්ගේ ඇති වාමන ජීවියෙක්
gnosis– ලෝකෝත්තර,අභිරහස් හා සම්බන්ධ ඥාණය
ඊ.ඩබ්ලිව් අධිකාරම් -පාඨශාලීය ශබ්දකෝෂය1971
gnome – පොලව යට වස්තුව ආරක්ෂා කරන භූතයා
gnosis– දැනීම,අවබෝධය,අධ්‍යාත්මික ඥානය
සෝමපාල ජයවර්ධන ගොඩගේ ශබ්ද කෝෂය 1998
gnome – බහිරවයා,ආප්තය
gnosis– ප්‍රඥාව ,ලෝකෝත්තර ඥාණය
සුචරිත ගම්ලත් ඉංග්‍රීසි සිංහල මහා ශබ්දකෝෂය
gnome– පාතාල භුතයා ,පාතාල බහිරවයා
gnosis-ප්‍රඥාව,ඥාණය,ලෝකෝත්තර ඥාණය,ගුප්ත අද්භූත දේපිලිඹද දැනුම ,අධ්‍යාත්මික විද්‍යාව
සරසවිය ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය
gnome– පොලව යට අරක්ගෙන සිටිනවා යැයි සැලකෙන භූතයා,බහිරවයා,අගුටුමිට්ටා,ආප්තය,උපදේශ වාක්‍ය,ආප්තෝපදේය
gnosis– දැනීම,අවබෝධය,ලෙීකික බව ඉක්මවා ගිය අධ්‍යාත්මික ඥාණය
gnome සහ gnosis පද දෙකේ මූලික ප්‍රත්‍ය “gno” ය.මින් එකක් එනම් gnome භූත සංකල්පය කරා යන අතර gnosis ඥාණය/දැනුම කරා යයි.ඒ වගේම gnosis එක්තරාවිදියකට ලෙෘකික බව ඉක්මවා ගිය ඥාණය පිළිඹද අදහසක් ලැබේ.එනම් එය අනුභූ.තික ඥාණයක් තොවේ.ඩෙකාර්ට් වස්තුව කරා යන ගමනේදී එය අනුභූතික පදාර්තමය ගතිකයන් බැහැර කොට එහි දේහමය ගුණ ගැනීම අපට නැවතත් මතකයට නගා ගන්න පුලුවං.
දැං අපි නැවතත් මේ gno ප්‍රත්‍යටම ඈදෙන agnostic පදය පරීක්ෂා කර බලමු.
චාල්ස් කාටර් ගුණසේන ශබ්දකෝෂය 1930 2වැනි සංස්කරණය
agnostic – පොරබැදීම ආදී ක්‍රීඩා පිලිඹදව
agnosticism-මැවුම්කාරයෙක් ඇද්ද නැද්ද හෝ ලෝකයේ උත්පත්තිය ගැන හෝ නොදැන සිටීම,එබදු දැනීමක් ඇතිකරගත නොහැකිය යන විශ්වාසය,අතීහ්චරවාදිය
මලලසේකරඉංග්‍රීසි සංහල ශබ්ද කොෂය 1958 දෙවැනි සංස්කරණය
agnostic – නාස්තික දෘෂ්ටිය
agnosticism– අඥයවාදය
සිරිසේන මායිටිපේ ශබ්දකෝෂය 1950
agnostic– නාස්තික දෘෂ්ටිකයා
ඊ.ඩබ්ලිව් අධිකාරම් -පාඨශාලීය ශබ්දකෝෂය1971
agnostic– අඥයවාදියා,නොදනිමියි කියන්නා
සදාර්ථවාහිනී මුනිදාස සෙනරත් යාපා ගොඩගේ ශබ්දකෝෂය -2007
agnostic– අඥයවාදියා
agnosticism– අඥයවාදය
සෝමපාල ජයවර්ධන ගොඩගේ ශබ්ද කෝෂය 1998
agnostic– අඥයවාදියා

සුචරිත ගම්ලත් ඉංග්‍රීසි සිංහල මහා ශබ්දකෝෂය
agnostic– පෙනෙන දෙයට ඔබ්බෙන් ඇති කිසිවක් දැනගත නොහැකියැයි කියන තැනැතතා.භෞතික සිද්ධින්ගෙන් බැහැරව කිසිවක් දත නොහැකියි සිතන්නා.අඥයවාදියා.
මලලසේකර ඉංග්‍රීසි සංහල ශබ්ද කොෂය 2004
agnostic– භෞතික සිද්ධීන්වලින් බැහැරව කිසිත් නැතැයි අදහන්නා
සරසවිය ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය
agnostic– දෙවියන් හෝ ගුප්ත බලවේග විශ්වාස නොකරන,පවතින දෙය පමණක් විශ්වාස කරන,අදේවවාදියා,යථාර්ථවාදියා
agnosticism – අදේවවාදය ,යතාර්ථවාදය
ඉතිං අපිට gnosis සහ agnosis ඥාණ වර්ග දෙකක් හදුනා ගත හැකියි.එකක් පවතින දෙය මත අනුභූතිය මත ලැබෙන ඥානය එනම් ඥානයෙහි භෞතික සීමාව සලකුණුවෙන ඥානය (agnostic) සහ අනුභූ.ියට යටත් නොවන ඥානය (gnosis) ලෙස.වෙනත් විදියකට කිව්වොත් මිනිස් දැනීම තුල පමණක් ලැබෙන ඥාණය පිලිගන්නා සහ මිනිස් දැනිමට එහා ගිය ඥානය පිලිගන්නා ලෙස අපට දැනුම සම්බන්ධ වර්ග දෙකක් වශයෙනි.
ඉතින් මේ ලියවිල්ලේ අපි හදුනා ගන්නට උත්සහ කලේ ලාංකීය පොලොව තුල Subject object ට ආසන්නව සංකල්පයන් හැසිරුණු ආකාරයයි.මේ ශබ්ද කෝෂවල ඒ ඒ පදයට යෙදී ඇති වචන අතර සියුම් වෙනස්කම් ඒ ඒ වර්ශවලදී ඒ ඒ වචන වලට සිදුවුනු වෙනස් කම් සියුම්ව සලකා බැලීම නොකරන ලදී (කවුරුන් හෝ ඒ පිළිඹදව අධ්‍යයනයක් කරනවනම් ලංකාවෙ Subject Object වලට අදාල සංකල්ප වල විකාශනය ගැන ලොකු වැටහීමක් ගත හැකියි.
මේ ඉදිරිපත් කරපු දේවල් වලට අනුව අපිට පෙනී යන්නෙ ලාංකීය Subject Object අතර වෙනස සංකල්පීයව “භූත,“ ප්‍රත්‍ය වටාත් “ෙඥ්ය” ප්‍රත්‍ය වටාත් සංවිධානය වෙමින් පැවති බවකි.ඒ වගේම මේ සදහා වස්තුව විශය යන පද ඉතාමත් පැටලිලි සහගත ලෙස ශබ්දකෝෂවල යෙදී තිබුනු අයුරු අපිට පැහැදිලි විය.එක විදියකට වස්තුව බේරාගැනීමට යාමේදී විශය පැටලිලි සහගත වන බවත් විශය බේරගන්න යාමේදී වස්තුව පැටලිලි සහගත වෙන බවත් ඉහත උදාහරණ වලින් ඔබට පෙනේවි.
මේකට කදිම උදාහරණයක් තමයි සුචරිත ගම්ලත්ගෙ මහා ඉංග්‍රීසි සිංහල ශබ්ද කෝෂය.එයට අනුව
Subject– අධ්‍යයන ශික්ෂණය,විශය,පරීක්ෂා කරන දෙය,පරීක්ෂාමාන,විශය,ගෝචරය, විශය ක්ෂේත්‍රය,වස්තු විශය,ප්‍රේක්ෂකයා,තැනැත්තා,අරමුණ.කාරණය,ඥාතෘ,විශයික,නිමිත්ත,බැහැර ලොව පිලිද ඥාණය(philos),සංවේදනයන් ග්‍රහණය කරගන්නා තැනැත්තා
වාමාංශික විභවයක් ඇති දාර්ශනික පරිචයතක් ඇති ගම්ලත් මහතා විශය (Subject)බේරාගැනීමට යාම මේ තාක් යහපත්ය.කාරණය ඇත්තේ ඔහු වස්තුව (Object) වෙන්කර හදුනාගැනීමට යාමේදීය.
Object–
- අරමුණ,පරමාර්තය,අදහස,ආරම්මණය,ආලම්බනය
- වස්තුව,විශය වස්තුව,දෙය
- ඥෙය,ඤේයය,නේ,විශය,ඉන්ර්‍දයාර්ථය,උද්‍යේගය,
- ප්‍රෙයා්ගය
- ද්‍රව්‍ය,ගෝචරය,විභාවය
- ලක්ෂය,කර්මය,පත්‍රය,භාජනය
ඉතින් Object විස්තර කරන්න යෑමේදී එය subject ගුණ සමග පැටලැවී ඇති ආකාරය අපට නිරීක්ෂණය කල හැක.අපි මෙහිදී සැලකිල්ලට ගත යුත්තේ මේවා හුදු සංකල්ප පැටලීමක් හෝ,ශබ්දකෝෂ සම්පාදකයන් අතින් සිදුවන අත්වැරැද්දක් හෝ ඔවුන්ගේ දැනුමේ සීමාවන් වශයෙන් නොවේ. බටහිර ලෝකයේ පවා මේ Subject object වෙන් වීම සිදු වුනේ දර්ශනවාදයේ මැදිහත් වීමෙනි.වෙනත් විදියකට කිව්වොත් ඩෙකාර්ට්ගේ ලෝකය තුල මෙය වෙන් වීමට පටන් ගන්නේ ඔහු සිකීම ගැන සිතීමෙනි.එනම් සිතන මනුස්සයාව වස්තුවක් ලෙස ගැනීමෙනි.මේ නිසා Subject Object සදහා හුදු නාමපද හෙවීමට වඩිා අප කල යුත්තේ ලාංකීය සිතීම තුල මේ දෙක වෙන් කිරීමට උත්සහ කිරීමයි.

කපිල ක්‍රිශාන්ත-Kapila Krishantha
පෙර කොටස මෙතනින් 👇





