තමන් තමන්ට ආදරය කල යුතුය.

ආතතියක් දැනෙන හැම වෙලාවකම හොදම යාලුවෙක් එක්ක කතා කරන්න” කියලා උපදේශයක් මම මොහොතකට කලින්
මූණු පොතේම දැක්කා.

🌸මම මට ආතතියක් දැනෙන හැම වෙලාවකම ගොඩාක් දෙනෙක් කරන කාර්යබහුල වීම තෝරා ගන්නවා.

මට දැනෙන හැටියටත් ඒක තමා හොදම විසදුම.
අපිට අනන්‍ය සිතුම් පැතුම් තව කෙනෙකුට අහගෙන ඉන්නත් කම්මැලි වෙන්න පුළුවන් වගේම,  අපේ හිත ගැන “මම” කියන පුද්ගලයාට තේරුම් ගන්න පුළුවන් තරමට තවත් බාහිර පුද්ගලයෙකුට තේරුම් ගන්න පුළුවන්ද කියන එක අස්ථිර වගේම, ගැටලුව විග්‍රහ කිරීම ම එය සංකීර්ණ කරන්නටත් හේතු සාධක විය හැකියි.

🌸අනිත් කාරණාව තමා මට වගේම අනිත් පාර්ශව වලටත් තම තමන්ගේ කුටුම්භය තුළ පවතින අනේක විධ වැඩ රාජකාරි අතර,  තව ආතතියට පත් වූ කෙනෙක් වෙනුවෙන් අවංකවම කාලය වෙන් කිරීමට හැකියාවක් තිබේද යන්න.

🌸අනිත් කාරණය, අපේ ආත්මය විවර කර සියල්ල වමාරන්න අප තෝරා ගන්න පුද්ගලයාගේ විශ්වසනීයත්වය.

මේ අප ලබා ඇති මනුෂ්‍යය භාවය තුළ, අප විසින්ම අතිකරගන්නා ගැටළු හේතුවෙන් ඇතිවන මානසික ආතතීන් තවත් අයෙකුගේ ගිණුමට බැර නොකර, සියල්ල සම සිතින් දරා ගැනීමටත්, ඇතිවෙන සියලු දේ නැති වෙන ලෝ දහම තුළ  ස්ථිර යයි පවතින කිසිම දෙයක් ලොව නොපවතින බවත් හිතට දෙන්න මම  හැම වෙලාවෙම උත්සාහ කරන්න වෙනවා.

කෙනෙකුගේ ජීවිතය සැහැල්ලුවෙන්ම ගෙවෙනවා කියලා පූර්ව විනිශ්චයක් දෙන්න බෑ තමා. අඩුම තරමින් තමා විසින් තමන්ටම රිද්දා ගන්නේ නැතිව ඉන්න පුළුවන් නම් එකත් කොච්චර දෙයක්ද.

ලේ බැඳීම් හරිම බරයි.
ඒ බැඳීම් කෙනෙකුගේ හිතයි ඇසූයි බර කරනවා යම් යම් අවස්ථාවල.
බාහිර ලෝකයේ ඇතිව නැතිව යන සංසිද්ධීන් නිසාම හිත් කොනකට දැනෙන දැවිල්ලට නිර්වචන සපයන්න නම් කාටවත්ම බැහැ.ඒ ඒ කෙනාට අනන්‍ය හේතූන් මත එය එසේ විය හැකි බවත් තේරුම් යා යුතුයි. මුළු ජීවිතේම බර තවත් කෙනෙකුට භාර දෙන්න නෙවෙයි,  හිතේ බරට අස්වැසිල්ලක් වෙන්නත් සුන්දරම හිත් ඇත්තන්ටත් බැහැ කියන එකත් තේරුම් ගෙන යන්න ඕන ගමනක් මේ දිවි ගමන. කෙටියෙන්ම කියතොත්  තමන් තමන්ට ආදරේ කරන්න ඕන.

කරුණා සාගරයක් වන අම්මාවරුන් අතිනුත් තවත් අම්මාවරුන්ගේ හිත් රිද්දවෙනවා. එහෙව් එකේ කොහොමද තවත් හිතක කරුණාව තෙතමනය සියයට සියයක් ම  බලාපොරොත්තු වෙන්නේ.

More From Author

ලාංකීය චින්තනය තුල  Subject Object හැසිරීම පිලිඹදව ශබ්දකෝෂ පරීක්ෂාවක් 2 කොටස

ඊශ්‍රායලයේ ගාසා වැටලීම බිඳ දමා එහි වැසියන්ට ආහාර ලබා දීමට මහජනයාගෙන් මුහුදු කොරිඩෝවක්

Leave a Reply

Categories

LDM Columns