සෑම කෙනෙක්ම තවත් අයෙකුට එක වගේම නො දැනෙන්නේ ඇයි?

කොළම් අංක 3

මේක මට කලෙක ඉඳන්ම තියෙන ගැටළුවක්,

කාලයක් ගත වෙලා,
ජීවිතය එක්ක ගැටිලා,
විවිධ හිත් ඇති අයවලුන්ගේ ඇසුරට වැටුනට පස්සේ,
මට හිතුනා;

සමාන වයිබ් එකක් තියෙන අය එකට එකතු වෙනවා,

එහෙම අයත් එකිනෙකා කෙරේ වෙනස් ගති පැවතුම් දක්වන්නට පුලුවන්.

ඉතාම හොඳ ගති ලක්ෂණ තියෙන කෙනෙක් තව කෙනෙකුට හොඳ නැති වෙන්න පුලුවන්,

කෙනෙකුට හොඳ නෑ කියල හිතෙන කෙනෙක් තව කෙනෙකුට හොඳම හොඳ කෙනෙක් විදියට දැනෙන්න පුලුවන්,

තව දෙයක්,

කෙනෙක් තව කෙනෙකු කෙරේ දක්වන, සැලකිල්ල අවධානය, ආදරය, කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්න පුලුවන්.

ඔබ දෙන ආදරය ඔබට නොලැබෙන්න පුලුවන්.

ඔබ දෙන අවධානය, සැලකිල්ල පෙරලා ඔබට නොලැබෙන්න පුලුවන්.

ඒ වුණාට කමක් නෑ.

ඔබේ හොඳ හිත ඔබ ළඟ තබා ගන්න.

හදවතින්ම දෙන
ආදරය,
දයාව,
කරුණාව,
ඉතිරි නොකර දෙන්න.

හොඳම හිතින් ආශීර්වාද මුදා හරින්න.

විශ්වය පෙරලා ඔබට ආදරය කරාවි,
කරුණාව පෙන්වාවි,
දයාව පතුරුවා හරීවි.

කොහොම කිව්වත් මේ ලෝකේ ඉන්න මිනිස්සු විවිධ ආකාරයි.

පිටතින් වගේම ඇතුලතින්,

මට කෙනෙක් හැම තිස්සෙම කියන දෙයක් තියෙනවා.

මේ ලෝකේ ඉන්න මිනිසුන් ,

කලුත් නෑ,

සුදුත් නෑ,

අලු පාටයි.

ඒ නිසා අනෙක් පුද්ගලයා කරන කියන හිතන විදිය ගැන වද නොවී,

ඔබ නැත්නම් මම

අන් අය කෙරේ හැසිරෙන ආකාරය ගැන හිතන එක තමා හොඳම.

ඔබට දැනෙන සතුට, ආදරය, සෙනෙහස, අවධානය ඔය වගේ මානුෂීය හැඟීම් එක්ක ගනුදෙනු කරද්දී හරි පරිස්සමට.

රිදුන, තැවුන හිතක් යථා තත්ත්වයට ගේන්න හරි අමාරුයි.

හිතේ ඇතිව,නැතිව යන සිතිවිලි අකුරු කරන්නට පටන් ගත්තට පස්සේ, ඒවා පිළිබඳව අන් අයගේ තක්සේරුව පසෙක ලා මගේ තක්සේරුව මත වටිනාකමක් දෙන්නට මම උගත්තෙමි. ලියූ යම් දෙයක් වෙද ඒ මූණු පොතේ පත්ඉරු පුරා වැතිරූයෙමි. තම තම නැණ පමණින් අවබෝධ කරගත් උදවිය, නේක නිර්වචන දුන්හ. සාවධාන වුනෙමි.

මහා ගත් කතුවරු ලියන අනේකවිධ සටහන් මත, පුද්ගල නිර්වචන සැපයුවේ නම්, චරිත කීයක් නම් මේ දිවි මඩලේ රඟපාන්න ට සිදුවේවිද?

ලිවීම යනු පුද්ගලබද්ධ සිද්ධීන් සමග සිතක උපදින ෆැන්ටසියක්, විය හැක.

තම ජීවන තත්ත්වය උකහා පෙන්වා, තව කෙනෙකුන් ට මාර්ගෝපදේශ සැපයීමට උත්සාහ කරන්නක් විය හැකිය.

දෑස් සහ සිත බද්ධව, නිර්මාණය වූ, ක්ෂණික සිතිවිල්ලක් විය හැකිය.

නිර්මාණකරණය යනු අත්දැකිය යුතු මානසික තත්වයකැයි මට සිතේ.
මේ මට හිතෙන හැටි,

More From Author

ජාතික ජන බලවේගය: බලාපොරොත්තු සහ අපේක්ෂා- ලයනල් බෝපගේ

විනාශයට පෙර-පසු  බලාපොරොත්තුවේ රාජ්‍යය- උදය ආර්. තෙන්නකෝන්

Leave a Reply

Categories

LDM Columns