අද අපි ” mind “පිටුව හරහා හා හා පුරාම අලුත් දෙයක් කතාකරමු…මං මෙහෙම අහන්නම්…පුරුදු …ඔයාලා ලගත් තියෙනවා එක එක පුරුදු…අත්හැරගන්නට අපහසු….මිදෙන්නට අපහසු පුරුදු…
ඒවගේම ඇතිකරගන්න ආස පුරුදු….හුරුකරගන්න කැමති පුරුදු…
නැතිවෙන්න බෑ…මොකද ඔයාට වගේම මේ ලියන මටත් තියෙනවා එහෙම පුරුදු….ඉතිං අපි මේ පුරුදු ගැන කතාකරන්න කලින් ඒදේවල් ඇතිවෙන්නේ කොහොමද කියලා හොයමුද…
අපේ මොලේ තියෙනවා නේද…එහෙ මෙහෙ අතගාන්න එපා…මොලේ ඇති ඔය කොහේහරි…😀ඉතිං මේ මොලේ තියෙනවා කොටස් දෙකක්..එකක් autopilot system එහෙම නැත්නං ස්වයං නියමු පද්ධතිය….අනික් එක logical system නැත්නං තාර්කික පද්ධතිය…මෙන්න මේ දෙකෙන් තමයි අපේ පුරුදු කියනදේ පාලනය වෙන්නේ…
මේ autopilot system එකෙන් වැඩ කරන්න හරිම පහසුයි… ආයාසයකින් තොරයි වගේම හරි නිදහස්…හරියට තමන්ගේ ගෙදර ඇද වගේ….
ඒත් මේ logical system එක හරියට පිට ගෙදරක නුහුරු ඇදක එක රැයක් නිදියනවා වගේ…ඔන්න සරලවම කිව්වා…ජීවිතේ අමාරුම තීරණ ගන්න….අසීරු අවස්ථාවන්ට මුහුන දෙන්න…මේ logical mood එක අපිට සෑහෙන්න වැදගත් වෙනවා…අපි මේ මූඩ් එකේ ඉද්දි ක්‍රියාකරන්නේ සෑහෙන අවදියෙන්…අවබෝධයකින්…
ඒ වගේම එක පාරට දහපාරක් හිතනවා…ඉතිං ඒ නිසා autopilot mood එකට අපිව පාලනය කරන්න නොදී මේ logical mood එකෙන් වැඩ කරන්න හැමවෙලාවකම උත්සාහ කරනවානම් හුහක් වෙලාවට අපේ ජීවිතේ ආපස්සට බලද්දි පසුතැවීම් අවම වෙනවා….අතපසුවීම් අවම වෙනවා…
ඉතිං මේ මාතෘකාව ටිකක් ලොකු මාතෘකාවක්…ඒ නිසා ඉතුරු ටික මෙහෙම කතාකරමු…අපි කියවන එක විනාඩියක් නවත්තලා හරි පුංචි දෙයක් කරමුද …පොඩි හෝම්වර්ක් එකක්…
පොඩි වෙලාවක් අරන් නිදහසේ හිතලා ඔයාගේ ජීවිතෙන් අයින්කරන්න ඕනේ පුරුදු වගේම ජීවිතයට එකතු කරගන්න ආසාවෙන් ඉන්න පුරුදු මොනවද කියලා ලිස්ට් එකක් ලියමුද..
ඉතිං ඔයාලා පුරුදු ලිස්ට් එකක්ම ලෑස්ති කරගත්තද..ඔතනින් එක අහිතකර පුරුද්දක් හරි නැතිකරගන්න ආසාද…එහෙනම් අපි පටන්ගමු…
දන්නවද ..මේ autopilot system එක එහෙමත් නැත්නං ස්වයං නියමු පද්ධතිය තියෙන්නේ අපේ ආරක්ෂාවට..ඒ කියන්නේ එයා හිතනවා එයා විසින් අපිව ආරක්ෂා කරනවා කියලා..මේ autopilot mood එකේ ඉන්නකම් අපි කවදාවත් ම රිස්ක් එක්කට ….එහෙම නැත්නං අභියෝගයකට අතගහන්න…අලුත් තීරණයක් ගන්න….පෙලබෙන්නේ නෑ…මේ පද්ධතිය විසින් අපිව ඒ හැමදේකින්ම වලක්වනවා….
ඒ වැලැක්වීමට මේ පද්ධතියට වැයවෙන්නේ හරියටම තත්පර පහයි…ඉතිං අපිට පුලුවන් නම් මෙන්න මේ තත්පර පහේ කඩයිම පහුකරගන්න එහෙනම් අපි දිනුම්…
මෙහෙම හිතන්නකෝ…ඔන්න අපි වැඩ කරන්නේ ලොකු කම්පැණියක…දැන් කට්ටියම එකතුකරලා රැස්වීමක් තියෙනවා …සමාගමේ දියුනුව වෙනුවෙන් අදහස් විමසනවා…ඉතිං ඔයාගේ හිතට හොද අදහස් පෝලිමක්ම ගලාගෙන එනවා…හැබැයි තත්පර පහක් ඇතුලත අර autopilot mood එක ක්‍රියාත්මක වෙලා ඔයාට ඒත්තු ගන්නනවා…”මේක කියන්න එපා…ඕක මෝඩ අදහසක්…ඕක කියන්න ගිහින් හැමෝම හිනාවෙයි..මම විහිලුවක් වෙයි ” කියලා …ඉතිං අපි අර අදහස් ගිලගෙන බලන් ඉන්නවා ..හැබැයි තවත් ටිකකින් අපේම අදහස එතනම ඉන්න වෙන කෙනෙක් විසින් ඉදිරිපත් කරනවා…හැමෝම අත්පුඩි ගහනවා…ප්‍රශංසා කරනවා…එතකොට ඔයාට මොනවා හිතෙයිද… ඔයාට සිද්ද වෙනවා ඔයා වෙනුවෙන් වදින්න තිබුනු අත්පුඩිය වෙනකෙනෙක් වෙනුවෙන් වදිනවා ලොකු වේදනාවක් එක්ක බලන් ඉන්න.
හැබැයි ඔයාට පුලුවන් වුනානම් අර තත්පර පහ ජයගන්න….එහෙනම් මේ පැසසුම ලැබෙන්නේ ඔයාට….ඉතිං කොහොමද අපි මේ තත්පර පහ දිනලා autopilot system එකෙන් logical system එකට මාරුවෙන්නේ…
මෙහෙම කරන්න…ඔයාගේ හිතට යම් පුරුද්දක් අදහසක් ආපු සැනින් ආපස්සට කවුන්ට් කරන්න.five ,four,three,two,one…ඒ සැනින් අලුත් අදහස ක්‍රියාත්මක කරන්න…අලුත් පුරුද්දට මාරුවෙන්න….අර ගණන් කිරීම..ඒකත් ආපස්සට…එහෙම කරන තත්පර පහේදි අපි ස්වයංක්‍රීයව autopilot mood එකට යෑම මොහොතකට බ්‍රේක්වෙනවා…එතකොට අපිට පුලුවන් logical mood එක ක්‍රියාත්මක කරන්න….
මේ ක්‍රමය හැම වෙලාවකම පාවිච්චි කරන්න ..පුරුද්දක් විදිහට ඔයා උදේ නැගිටින්නේ අටට නම්…ඒත් දැන් ඔයාට පාන්දර පහට නැගිටින්න අවශ්‍ය නම්…හරි පලවෙනි දවසේ එලාම් එක තියන්න…ඔන්න එලාම් එක වදිද්දි හිත කියනවා “තව ටිකක් නිදියපාන්…අයියෝ මට බෑ නිදිමතයි” කියලා. …ඒ කෑගහන්නේ වෙනකවුරුවත් නෙවෙයි අර autopilot system එක…ඉතිං ඔයාට එලාම් එක වැදුන සැනින් ආපස්සට ගණන් කරලා ඇදේ කෙලින් වෙන්න පුලුවන් නම් අපිට පුලුවන් අර අට වෙනකම් නිදියපු පුරුද්ද බ්‍රේක් කරලා අලුත් පුරුද්දට මාරු වෙන්න…මුලින් ආයාසයකින් කරන්න පටන්ගත්තා වුනත් එකදිගට මාසයක්වත් කරන් යද්දි මේ හොද පුරුද්ද අපිටත් නොදැනීම අපේ autopilot system එකේ තැන්පත් වෙනවා…එතකොට ඒක අපිට සාමාන්‍ය දෙයක්…සාමාන්‍ය පුරුද්දක් බවට පත්වෙනවා..
තවත් සුලබ උදාහරණයක් දෙන්නද…ඔයා එක මනුස්සයෙක් ට තදින් ඇබ්බැහිවෙලා ඉන්නවා.එයා බොහොම නරක අධම ඔයාගේ ක්ලාස් එකටවත් නොගැලපෙන මනුස්සයෙක් .ඔයාට ඔහුගේ ඇබ්බැහියෙන් මිදෙන්න උවමනා වුනත් හැම මොහොතකම අර autopilot mood එක කියනවා “අනේ එයාව මට ඕනේ.ඒ කටහඩ මට අහන්න ඔනේ.කොච්චර නරක වුනත් ඒ උනුසුමේ දැවටෙන්න ඕනේ”
හැබැයි ඔයාට පුලුවන් නම් අර තත්පර පහ දිනන්න logical mood එකට මාරුවෙලා යාථාර්තය කොච්චර හිරිකිතද අප්‍රසන්න ද කියලා හිතලා ආපස්සට හැරෙන්න…අන්න එතනදි ඔයා දිනනවා.ඔයා ට ඔයාව ම මුණගැහෙනවා..
දැන් මේ මගේ ලියන පුරුද්දම ගමු..මං ඉස්සර නිසදැස් ලිව්වේ කාටත් හොරෙන්..කතා ලිව්වේ කාටත් හොරෙන්..මට හිතුනා අනේ කට්ටිය මට හිනාවෙයි…අම්මා මට බනියි…අනේ මට ලැජ්ජායි…නෑදෑයෝ මොනවා කියයිද වගේ දහසක් දේවල්…හැබැයි එක දවසක මං මගේ autopilot mood එකෙන් මාරුවෙලා තීරණයක් ගන්නවා…මං ලියනවා …ප්‍රසිද්ධියේ ලියනවා…මගේ නිර්මාණයක් එලියට දානවා…කවුරුත් මට හිනාවුනේ නෑ…ඉන්පස්සේ කාලයක් යද්දි ලිවීම මට පුරුද්දක් වෙනවා .ඔව් දැන් හිතුවත් මට නොලියා ඉන්න බෑ…මොනවා හෝ කුරුටු ගානවා….ඉතිං මං මගේ සිහින ඒ ඔස්සේ හැබෑකරගන්නවා…ඉස්සරහටත්…
එහෙමනම් ඔයත් උත්සාහ කරන්න …හැම නරක පුරුද්දක්ම බ්‍රේක් කරලා ඒ වෙනුවට අලුත් හොද් පුරුද්දක් රිප්ලේස් කරන්න…අලුතින් හිතන්න …අභියෝග බාරගන්න….මේ තත්පර පහ ජයගන්න පුලුවන් නම් ජීවිතය වෙනස් කරන එක මහ ලොකු කජ්ජක් නෙවෙයි…එහෙනන් අද ඉදන් පටන් ගන්න…ජීවිතය වෙනස් කරන්න…five..four …three …two….one
ඕෂධි නවරත්න