සෑම මිනිසෙකුට ම සිනාසීමට  අයිතියක් ඇත

මා උන්නේ කාර්යාලයේ  පහල මාලයේ. සජිව් බොස් ගේ කැබින් එකේය.

බොස්

එහෙත්  ඔහු උන්නේ වෙන කල්පනාවකය. ඔහුගේ ඇස් තිබුනේ කැමරා තිරය මතය. ප්‍රදාන ගේට්ටුව  ලග අවුරුදු හැටක හැත්තෑවක පිරිමි පුද්ගලයෙකු උන්නේය. ඔහුගේ දෑතේම මොනවා හෝ පිරවූ බෑග් දෙකකි. මොහොතක්  කතා කල ආරක්ෂක නිලදාරියා ඔහු එලියට යවා ගේට්ටුව වැසුවේය.

මගේ කැබින් එකට එවන්න මනෝජ්

බොස් ආරක්ෂක  නිලදාරියා එයාව ට ඇමතුමක්  ගෙන කීවේය. තවත් මොහොතක කින් ගේට්ටුව ලග උන් වයෝවෘද්ධ  මිනිසා අප ලගට ආවේය.

සජීව් මහත්තයා

ඔහු… ද්‍රවිඩ පුද්ගලයෙකි.

ලොකු උන්නැහේ  මාව දන්නවද

කෝවිල ලගදී දකිනවා මහත්තයා

ම්

මොනාද  මේ

මේ බෑග් දෙකේම තියෙන්නේ හදුන්කූරු මහත්තයා. පෑලියගොඩ  ගෙදරකින් ඉල්ල ගන්නේ… ඊයේ ඉදන් එක පැකට් එකක් විකුන ගන්න බැරුව ගියා. මගේ ලමයි බඩගින්නේ සජිව් මහත්මයා

මොකක්ද  නම

සෙල්වා

සෙල්වට පොඩි ළමයි ඉන්න විදිහක් නෑ.

මගේ පුතාට අවුරුදු  තිස් අටක්. එකා යකා වුනා. ගෙදර ට බලන්නෑ මහත්තයා. ගෑණි ගිනි තියාගෙන අවුරුදු  දෙකකට කලින් මලා. ළමයි තුන් දෙනා මටයි. මගේ ගෑනිටයි බරක් වුනා. ඒත් අපිත් නොබැලුවොත් කවුද උන්ට බත් කටක් දෙන්නේ. මැරෙන්නවත් නිදහසක් නෑ දෙයියෝ

ඉතිං  ඇයි මාව හොයන් ආවේ.

මං මහත්තයා ව කෝවිල ලගදී දකිනවා. මං එතනත් හදුන්කූරු  අරන් යනවා. මහත්තයා මිනිස්සුන්ට උදව්  කරනවා දැකලා තියෙනවා. ඒත් මං මහත්තයා ට කවදාවත්  අතපෑවේ නෑ. වාහනේ දැකලා නතර වුනේ. හදුන්කූරු  පෙට්ටියක් හරී ගනී කියලා මගේ දෙයියෝ

ම්

සෙල්වා කැමති  ද රස්සාවක් කරන්න

දෙයියනේ කවුද  මහත්තයා  මට රස්සාවක් දෙන්නේ. දෙයියො  පල්ලා හම්බුනොත් කරනවා.

මේ හේ ගාඩ්න් එක අතුපතු ගාගෙන අස්කරගෙන ඉන්න පුලුවන් ද… මං පඩියක් දෙන්නම්.

දෙයියෝ ශාමී… කරන්නම්කෝ

ම්.. .එහෙනම් ගාඩ් රූම් එකට ගිහින්. එතන ඉන්න මහත්තයා ට අයි. ඩී එකයි විස්තර  ටික දෙන්නකෝ

මහත්තියා මං අදම වැඩ කරන්නම්.

ම්…

ඉතිං  ජිවිතේ  එපා වී වාගේ මහන්සි යකින් ආ මහලු මිනිසා අදහාගත නොහැකි.  ප්‍රබෝධයකින් ආපසු එලියට ගියේය.

බොස්

ම්

එහෙම කෙනෙක්  මෙතෙන්ට  ඕන කමක් තිබුනද

නෑ… ඒත් ඒ මනුස්සය ට එහෙම දේක වුවමනාව තිබුනා. හැමවෙලේම අපි අපේ වුවමනාවට විතරක් සවේදී  වෙන්න හොද නෑ.

අවස්තාව  නැති වුනත් හැම මිනිහෙකුටම සතුටින්  හිනාවෙන්න අයිතියක්  තියෙනවා 

More From Author

‘මම’ නමැති ජීවියාගේ දිනචර්යාව

ශ්‍රී ලංකා ස්ත්‍රින්ගේ ඡන්දබල ව්‍යාපාරය 

Leave a Reply

Categories

LDM Columns