සුදන දන සියපතය  දුදනන් අතර…

මඩෙන් ගොඩ එන සියපතේ

දනෙන් ඉහලට මඩ නැතේ

පිනෙන් අඩුවක් කිසි නැතේ

බුදුන් පිදුමට ගෙන යතේ

සුවඳ පැතිරෙයි වට පිටේ

සුදන දන යහ ගුණ  මෙනේ

දුඟද රඳවයි මඩ ගොඩේ

දුදන දන මෙනි නැත ගුණේ

ගුණවත් දනන් මුතු මැණික්  රන් සේම දිදුලයි

නැණ ගුණය පහන් ආලෝකයක් සෙ සුදිලෙයි

ඝන අඳුර එකලු කරනා පුන් සඳ සෙ දුදනන් අතර  බැබලෙයි

සුදන දන පුදසුනේ තබනා

සාධු නාදෙන් පිදෙන සියපතට සමවෙයි!

More From Author

හෙගල් – විස්තරාත්මක හැදින්වීමක්…..

වැල්ල ගිලගෙන වෙරළ සිද  බිද ……                

Leave a Reply

Categories

LDM Columns