හෙගල් යනු සමස්ත බටහිර දර්ශනයේ ඉහල ම සහ අවසන්ප්‍රකාශනයයි.තෙල්ස් ගෙන් ආරම්භ වන බටහිර දර්ශනය සොක්‍රටීස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල් , ඇක්වයිනස්, ස්පිනෝසා, ඩෙකාට්, හියුම්, කාන්ට් හරහා පැමිණ හෙගල්ගෙන් එහි උපරිමයට ලඟා වේ. හෙගල්ගේ බලපෑම කොතෙක් ද යත් බොහෝ ගුරුකුල (ෆ්‍රැන්ක්ෆර්ට්, ලැකාන්, ජිජැක්) සදහා ඔහු මග හැර යා නොහැකි ලක්ශයක් විය. ඔහුගේ බලපෑම දර්ශනය සහ දේශපාලනය යන ක්ෂේත්‍ර දෙකට ම එක හා සමානය. කාල් මාක්ස් පළමුව හෙගල්වාදියෙන් වෙමින් සහ අනතුරුව හෙගල් විවේචනය කරමින් මාක්ස්වාදය සදහා පදනම සපයයි. අද දක්වා ම බොහෝ න්‍යායවේදීන් හේගල් නැවත අධ්‍යනයේ වැදගත්කම අවධාරණය කරයි.
හෙගල්ගේ කෘතීන් ඉංග්‍රීසි බසින් පළවී සහ ඒවා සම්බන්ධව විවිධ සංවාද තිබුන ද සිංහල පාඨකයා වෙත ඒවා සමීප නොවීය. මෙම කෘතිය ඒ අඩුව සපුරාලයි.
චෙක් ජනරජයේ මසරික් විශ්වවිද්‍යාලයෙන් හෙගල්ගේ නිශේධය සංකල්පය පිළිබදව සිය ආචාර්ය උපාධිය ලබාගන්නා සමන් පුෂ්පකුමාර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දර්ශන දෙපාර්තමේන්තුවට නව පාඨමාලාවක් ලෙස හෙගල් ව හඳුන්වා දුන්නේය.
හෙගල්ගේ දර්ශනය බිහිවූ පසුබිම විස්තර කිරීමෙන් ආරම්භ කරන මෙම කෘතිය හෙගල්ගේ මූලික සංකල්ප විස්තර කරමින් පොදු පාඨකයාගේ සහ විෂය පිළිබද උනන්දු විද්‍යාර්ථීන් ගේ බුද්ධිමය මැදිහත්වීම කෙරෙහි ආමන්ත්‍රණය කරයි.
ආචාර්ය සමන් පුෂ්පකුමාර
උපුටා ගැනීම පොත්. com