ඊශ්‍රායලයේ නීතිවිරෝධී ගාසා වටලෑම බිඳ දමා අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ සැපයීම සඳහා මහජනතාවගේ මුහුදු කොරිඩෝවක් ස්ථාපිත කිරීමේ අරමුණින් Freedom Flotilla සන්ධානයේ ස්ථිර මෙහෙයුමේ ලොව පුරා සිටින ස්වේච්ඡා සේවකයන් 12 දෙනෙකු මේ වන විට මැඩ්ලීන් (Madleen) නම් වූ නෞකාවේ යාත්‍රා කරමින් සිටින අතර ඊයේ රාත්‍රියේ දී ඩ්‍රෝන යානවක් නෞකාවට ඉහලින් අනතුරුදායක ලෙස සැරිසැරීම නිසා නෞකාවෙන් සජීවී ව එය ලොවපුරා මාධ්‍ය සහ මානව හිමිකම් ආයතන දැනුවත් කරමින් තිබිණ. ඒ දැනට පැය පහකට පමණ පෙරය. නෞකාව මේ වනවිට සිටින්නේ ග්‍රීසියට සැතපුම් 80ක් පමණ ඈතිනි.

මේ පළමු ඩ්‍රෝන යානව ඉවත්ව ගොස් ඇති නමුත් නැවත වතාවක් තවත් ඩ්‍රෝන යානවක් අනතුරුදායක ඉහළ අහසේ සැරිසරන බව නොකාව මඟින් මේ වන විට සජීවී ව දැනුම් දෙමින් පවතී. මේ වන විට නෞකාවෙ සිටින සියළුම දෙනා ජීවිතාරක්ෂක කබා පැළඳ අනතුරකට සූදානමින් සිටින නමුදු ප්‍රහාරයක් එල්ලවී නැව මුහුදුබත් වුවහොත් සියළුදනොගේම ජීවිත පැය කිහිපයකින් අවසන් වනු ඇතැයි සැළකේ.
මැඩ්ලීන් නෞකාව ගාසා වෙත රැගෙන යන්නේ අත්‍යවශ්‍ය වෛද්‍ය ආධාර, ආහාර සහ ළදරු සැපයුම් වැනි දෑ පමණක් නොව ඊශ්‍රාලයේ ම්ලේච්ඡ වටලෑම බිඳ දැමීමට, සාගතය අවසන් කිරීමට සහ ජන සංහාරයට අභියෝග කිරීමට මිලියන ගණනකගේ මනුෂ්‍යත්වයයි. ධෛර්‍යයයි. බලාපොරොත්තුව යි. මේ නෞකාව ආරක්ෂිතව ගමන් කිරීම සඳහා ඉඩ ලබා දෙන ලෙස එක්සත් ජාතීන්ගේ විශේෂඥයෝ පසුගියදා ඉල්ලා සිටියෝය.

සමාජ ක්‍රියාකාරිනී ග්‍රේටා තන්බර්ග් (GretaThunberg) පැවසූ පරිදි “මෙම මෙහෙයුම කෙතරම් භයානක වුවත්, එය ජන සංහාරයට ලක්වන ජීවිත හමුවේ මුළු ලෝකයේම නිහඬතාවය තරම් භයානක නොවේ.”
මහේෂ් මුණසිංහ-Mahesh Munasinghe





