ලාංකීය චින්තනය තුල  Subject Object හැසිරීම පිලිඹදව ශබ්දකෝෂ පරීක්ෂාවක් පළමු කොටස

ලාංකීය චින්තනය තුල වස්තුව (Object)  සහ විෂය (Subject) විකාශනය කෙබදුද?මේ ලිපියේ අරමුණ ඒ පිලිඹදව පරීක්ෂා කිරීමයි.
මුලින්ම අපි Subject Object පද දෙකට ඉංග්‍රීසි සිංහල ශබ්ද කොෂ වල දී ඇති අර්තයන් පිලිඹදව අවධානය යොමු කරමු.
මලලසේකර  ඉංග්‍රීසි සිංහල ශබ්ද කොෂය 1958 2වන මුද්‍රණය
Subject -යටත් වැසියා,කාරණය.මාතෘකාව.විශය,වස්තුව
Object – දේ,ද්‍රව්‍ය.බඩුව,වස්තුව,විශය,බලාපොරොත්තුව,කරුණ,අදහස
R සෙනවිරත්න ගොඩගේ ඉංග්‍රීසි සිංහල ශබ්ද කෝෂය 2001
Subject – යටත් පරාදීන,මාතෘකාව,කරුණ,විශය.තැනැත්තා
Object– බලාපොරොත්තුව,අරමුණ,දේ,විශය,බඩුව,වස්තුව,අදහස්
සෝමපාල ජයවර්ධන ගොඩගේ ඉංග්‍රීසි සිංහල ශබ්ද කොෂය 1998
Subject – විශය.මාතෘකාව,රට වැසියා,තැනැත්තා,කතෘ
Object – වස්තුව,ද්‍රව්‍ය ,අරමුණ,කාරණය,පදාර්ථය,කර්මය
සදාර්ථවාහිනී – මුණිදාස සෙනරත් යාපා- ගොඩගේ ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය 2007
Subject-විශය,සාකච්චා කලයුතු ,විස්තර කල යුතුකාරණය ,පුද්ගලයන් ,
               අවස්ථාවන්,සිද්ධියක්,යටත් වැසියා
Object -දැනගත හැකි නොහොත් ස්පර්ශ කල හැකි යම්වස්තුව ,විශයය
              ,බලාපොරොත්තුව,වාක්‍යක කර්මය
මේ ආකාරයට ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂවල Subject Object පරිවර්තනය වීම ඉතාම මතබේදාත්මකය.ඒවායේ පරස්පර ගනනාවක් දක්නට ලැබේ.උදාහරණයකට වස්තුව විශය යන පද Subject වලටත් Object වලටත් දෙකටම යෙදී තිබේ.එමෙන්ම දේ,ද්‍රව්‍ය,බඩුව වැනි පදාර්තමය ලක්ෂන සමගම අරමුණ,අදහස,බලාපොරොත්තුව,කර්මය යන පදද Object යන්නට යෙදෙන අතර යටත්වැසියා ,පරාදීන,,රට වැසියා කාරණය අවස්තාව වැනි අදහස් Subject  සමග යෙදී තිබේ.
මින් අදහස්වන්නේ කුමක්ද?එනම් Subject Object වෙන්වීම හා ඒ අතර සම්බන්ධය පිලිඹදව බටහිර දර්ශනවාදය තුල ක්‍රි.ව.1600 ගනන්වල පටන් බෙහෙවින් සංවාදශීලී වුනත් ලාංකික සිතීමේ යතාර්තය තුල ඒ පිලිඹද පරීක්ෂාකිරීම බෙහෙවින් සීමා සහිත බවයි. Subject object අතර කණ්ඩනය ලාංකීය සිතීම තුල බෙහෙවින් ගැටලු සහගත බවයි.මේ සදහා හොදම උදාහරණය තමයි දර්ශනය පිලිඹද පාරිභාෂිත ඒ ඒ දාර්ශනිකයන්ට වෙනමත් දාර්ශනික ධාරාවන්ට වෙනම වෙනමත් සකස් වී ඇති තත්වයක් තුල අපට ඇති දර්ශනවාදය පිලිඹද පාරිභාෂිතය පිටු 85 ක පොත් පිංචක් වීම.එයත් දර්ශනවාදය හා තර්ක ශාස්ත්‍රය එකට ඈදා සකස් කර තිබීම.මින් අදහස් වෙන්නෙ ලාංකීය සිතීමට දර්ශනවාදයේ මැදිහත් වීම බෙහෙවින් සීමිත බව නොවේද?
ඉතින් අපි ලංකාවේ Subject object යෙදී ඇති ඇකඩමික පාරිභාෂිත දෙක පරීක්ෂා කරමු.

දර්හනය සහ තර්කශාස්ත්‍රය පාරිභාෂික ශබ්ද මාලාව 1991
Subject– විශය ,වාච්‍ය
Object – වස්තුව, විෂය වස්තුව, අරමුණ
මනො විද්‍යා පාරිභාෂික ශබ්දමාලාව 1974
Subject– 1′පරීක්ෂාමානයා
               2.පුද්ගලයා
               3.විශය

Object – අරමුණ , වස්තුව,විශය,අදහස
මෙහි ඇති මූලික පරස්පරයන් දෙකක්  බැලූ බැල්මට හදුන ගන්න පුලුවං. ද.පා. Subject වාච්‍යත්වයට උෘනනය වෙන්න උත්සහ කරන අතර මනෝ විද්‍යා පා. Subject පුද්ගලයාට උෘනනය වෙන්න  උත්සහ කරනව.අනෙක් අතට ශබ්ද කෝෂ දෙකේම Object යන්න වස්තුව විශය කවලම් වෙන්න උත්සහ කරනව.
දැං අපි වෙනත් කාරණාවකට යං.
ලංකාවෙ මුලින්ම විශය වස්තුව කියන පද භාවිතා උනේ වාමාංශික සම්ප්‍රදාය ඇතුලෙ.මනෝ මූලිකත්වය,විශය මූලිකත්වය වගේ යෙදුම් හරහා.මේ විදියට වාමාංශික ළු්‍යවහාරය තුල මේ පද භාවිතා වුනා ඇරෙන්න ඒව දාර්ශනික සම්පුදායන් එහෙමත් නැත්තං චින්තන සම්ප්‍රදායන් මැදිහත් වීමෙන් මේ පද වල අර්තය හෝ මේ පද යෙදිය යුතු  ආකාරය පරීක්ෂාවට ලක් වුනේ නෑ,ඒ වගේම දර්ශනවාදයද ලංකාවෙ භාවිතාවෙන්න ගත්තෙ වාමාංශික සම්ප්‍රදාය තුලයි.
මේ නිසා විශේෂයෙන් පනහ දශකයට පෙර ශබ්දකෝෂවල වස්තුව විශය යන පද දකින්නට ලැබෙන්නෙ නැහැ.
උදාහරණයකට චාල්ස් කාටර් ගුණසේන ඉංග්‍රීසි සිංහල ශබ්ද කෝෂය පලවෙනි සංස්කරණය  1889 දීද දෙවෙනි ස‘ංස්කරණය ු1936 දීද සිදුකරණ ලදී.මේ දෙකේම Subject object වලට දී ඇති සිංහල තේරුම පහත පරිදිය.

Subject – යටත් වැසියා,සාරණාව,මාතෘකාව,ප්‍රධාන කොට්ඨාශය
Object – ද්‍රව්‍ය,අරමුණ,ආරම්මණය,කරුණ,කාරණාව
මේ ආකාරයට මෙහි වස්තුව විශය යන පද දකින්නට නැත.
එසේම 1950 දී  ගුණසේන සිරිසේන මායිටිපේ ඉංග්‍රීසි සිංහල ශබ්ද කෝෂයේ පළවෙනි සංස්කරණයේද Subject object වලට ඇති තේරුම පහත පරිදිය.
Subject – යටත් වැසියා ,මාතෘකාව , පරාධීන,කාරණාව, යටත් කරණවා,කතෘ පදය
Object – අරමුණ,ද්‍රව්‍ය,බඩුව
මෙහිදීද වස්තුව විෂය යන පද භාවිතා වී නැත.
මේ ශබ්ද කෝෂ දෙකේම Subject සදහා යෙදී ඇති පදයක් වනුයේ යටත් වැසියා යන්නය.මෙය එක්තරා ආකාරයකට යටහත්බාවී පරාරෝපිත පුද්ගලභාවයක් පිලිඹදව ඉගි කරයි.ඉහත Subject සදහා යෙදුනු “යටත් වැසියා“ යන්නට ප්‍රතිපක්ෂව ඩෙකාර්ට්ගේ Subject පිලිඹදව මදක් සලකා බලමු.

ඩෙකාර්ට්ගේ සුප්‍රසිද්ද  I Think there for I am යන්න එක විදියකට ගත්තොත් උදාන වාක්‍යක්. මොකද ඩෙකාර්ට්  සිතන මම කට තමයි I am කියන්නෙ.ඒ කියන්නෙ ඩෙකාර්ට් පෙනී සිටින්නෙ සිතන මම වෙනුවෙන්.එනම් සවිඥාණික මමක් වෙනුවෙන්.එනම් විෂය තමන් සතු කරගනිමින්.විශයට අනන්‍ය වෙමින්.වස්තුව විශයෙන් වෙන් වීම වස්තුව අත්පත් කරගැනීම අවධාරණය කරමින්.එනම් ඩෙකාර්ටියන් විශ්වය තුල Object  කියන්නෙ ගණිතය (ජ්‍යාමිතිය,අංක ගණිතය) තුල ගණන් සැදිය සැකි භෞත (physics) යන්.
වස්තුව විශයෙන් වෙන් කිරීමට යාමේදී ඩෙකාර්ට්ට  මූලික තේමාවන් තුනක් මුණගැහනෙව.ඒ තමයි Matter.Body සහ Substance යන්න.
මූලිකවම ඔහු දෙයක වස්තුමය ගුණ ලෙස සලකන්නෙ එය අවකාශය තුල ස්ථානගතවී ඇති ආකාරය.ඔහු එය හදුන්වන්නෙ “Body” (දේහයන්) විදියට.මේ දේහයන් තුල ඇති material ගුණ ලෙස ඔහු හදුන්වන්නෙ එහි දිග,පලල,සහ ගැඹුර.උදාහරණයකට ඔහු “ගල“ නැමැති දේහය ඉදිරිපත් කරනව.පලමුව ඔහ ගලෙහි පාට ,තද ගතිය,බර ඉවත දමනව.සීත බව,උණුසුම්බව ඉවත දමනව.එවිට දේහයේ ඉතිරිවෙන්නෙ දිග ,පලල,හා ගැඹුර පමණයි.එනම් එහි අවකාශමය ගුණ එනම් material .ගුණ පමණයි.
ඒ වගේම මේ දේහයන් වල ගුණ අවකාශයේ පවතින්නෙ හුදකලාව කෙවෙයි.තවත් දේහයන් හා අන්තර් සම්බන්ධිතව.ඒ කියන්නෙ අපි එහි හැඩය ගැන ගැඹුර දිග පලල ගැන සලකන්නෙ එහි ඉතිරි දේහයන්ට අනුකූලවයි.ඩෙකාට් මේක හැදිින්වූයෙ Substance කියල.Substance ගැන ඔහුගේ ඊලග හදුනාගැනීම උනේ මේ දේහයන් අවකාශය තුල කොටස් වලට වෙන් කිරීමේ එකතු කිරීමේ හැකියාව.කොටින්ම එය අපේ සිතීමේ හැකියාවක්.එනම් ඩෙකාර්ට මිනිසාට “පිටතින්“ හමුවන  දේහමය යථාර්තයත් (material reality) සහ  මිකිස් පරිචය (සිකීම) මගින් ගොඩනැගෙන යතාර්තය (intellectual or Mental reality) ලෙස දෙකට පැලෙයි.
දැං ඩෙකාට්ගේ මේ Matter සහ Substance  යන්න සිංහල ශබ්දකෝෂවල යෙදී ඇති ආකාරය සලකා බලමු.

චාල්ස් කාටර් ගුණසේන ශබ්ද කෝෂය 1936 දෙවන මුද්‍රණය
matter – ද්‍රව්‍ය,ධාතුව,භූතයා
material– ද්‍රව්‍ය,ද්‍රව්‍යමය,ශාරීරික,බරපතල,වැදගත්
Substance– පැවැත්ම,ධාතුව,වස්තුව,ද්‍රව්‍ය

මලලසේකර ශබ්දකෝෂය 1958 දෙවන සංස්කරණය
matter– දේ,ද්‍රව්‍ය,ධාතුව,කාරණය,කටයුත්ත
material -ද්‍රව්‍ය
Substance– ,ද්‍රව්‍ය,ධාතුව,වස්තුව,තත්වය,ධනය,සාරය,භාවාර්ථය,ඇත්ත

සදාර්ථවාහිනී මුණිදාස සෙනරත්යාපා ශබ්ද කෝෂය 2007
matter– දේ,ද්‍රව්‍ය,කාරණය,කටයුත්ත,අභිප්‍රාය,අර්ථය,විශය,ප්‍රෙයා්ජනය,දෙය
material – යමක් තනන ද්‍රව්‍ය
Substance – යමක් සමන්විතව පවතිනඅවකාශයක ද්‍රව්‍ය,යතාර්ථය,ඝණත්වය

P.සෙනෙවිරත්න ගොඩගේ ශබ්ද කෝෂය 2001
matter– ,ද්‍රව්‍ය,ධාතුව,කාරණය
material – ද්‍රව්‍ය.භෞතික ද්‍රව්‍ය,ශාරීරික,ප්‍රධාන

හේමපාල ජයවර්ධන ගොඩගේ ශබ්ද කොෂය 1998
matter – ද්‍රව්‍ය,
material– කාරණය,ද්‍රව්‍ය

දැං චාල්ස් කාටර් 1936 ශබ්ද කෝෂයේ Matter යන්නට භූතයා යන්න යෙදෙයි.
මෙය එක්තරා විදියකට පහත පරිදි පෙලගැස්විය හැක.
භූතයා- භූත- භෞත- භෞතික (ඩෙකාර්ට්ගේ physics ගැන ඉහත විස්තරය තැවත කියවමු)
වෙනත් විදියකට  භූතයා අජීවීද සජීවීද (නැත්තං භූතයාට පණ තියෙනවද නැද්ද කියල ඇහුවොත් අපි ලොකු ගැටලුවක පැටලෙයි.

සිරි ගුණසිංහගේ සිංහල ජනශ්‍රැතිය ශබ්ද කෝෂයේ භුතයා හදුන්වන්නේ පහත පරිදිය.

භූත- භූතයා,අමනුෂ්‍යයා,පංවමහා භූත, භූත සන්නිය

මෙහිදී භූතයා -අමනුෂ්‍යයා,භූත සන්නිය වනවිට එය පණ ඇති (ජීවී) වන අතර පංචමහා භූත(Five elements) වන විට එය පණ නැති (අජීවී) වෙයි.එනම් පංච මහා භූත වන විට එයට ඹූලික තැනුම් ඒකක (ධාතුව) ලක්ෂණ ලැබේ.

භූතයා සම්බන්ධ භූත සන්නිය පදය පරීක්ෂා කලොත් අපට වස්තුව පිලිඹද ඩෙකාටියන් සීමාවටත් එහාට යම් ඉදිරිගාමී හෝඩුවාවක් ලැබේ.භූත සන්නිය යනු  මනුස්සයෙකුට භූතයෙක් ආවේශ වීමකි.එනම් මෙහි මූලිකම කාරණය භූතයා මිනිස් ශරීරයට පැමිණෙන්නේ පිටතින්ය.මේ පිටතින් පැමිණෙන භූතයා විසින් ශරීරය හසුරවනු ලබයි.මෙතනදි පුද්ගලයා සහ භූත.යා එකිනෙකින් වෙන්වන නමුත් අපි භූතයා ශරීරය සිටී යැයි හදුනාගන්නේ අර ශරීරය තුලින් භූතයාව පිලිඹිබු (Represent) වීමෙනි.එනම් භූතයා ආවේශ වූ විටය.දැං නඩුකාරයෙක් ගත්තොත් නඩුකාරයාට (පුද්ගලයාට ) නීතිය පැමිනෙන්නේ පිටතිනි.එනම් භූතයා (වස්තුව) නීතියයි.නඩුකාරයා යනු භූත සන්නියයි.අධිකරනයේදී ඔහු ලෝගුව දාගෙන විනිසුරු පුටුවේ හිදගත් විට ඔහුට භූත සන්නිය ආවේශ වේ.එනම් ඔහු නීතියේ විශය බවට පත්වේ.එනම් ලෝගුව ලා ගත්විට ඔහු තුලින් නීතිය නැමති විශය පිලිඹිඹු වේ.
ඒ වගේම අපි නැවතත් භූත යන පදයට ගියොත් එයට  ධාතුව – තැනුම් ඒකක- Elements (පංචමහා භූත) ගුණත් එනම් ඩෙකාර්ට්ට අනුව දේහමය ගුණත්  එම දේහයන් පුද්ගලයා තුලට ඇතුටලු වීමට ඇති හැකියාවත් (භූත සන්නිය) ඇත.

මතු සම්බන්ධයි…..

More From Author

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට වෙනත් පනතක්

න්ගුගි වා තියෙන්ගෝ: අප්‍රිකානු පශ්චාත් යටත්විජිත සාහිත්‍යයේ ගමන් තරුව නිවී යයි!

One thought on “ලාංකීය චින්තනය තුල  Subject Object හැසිරීම පිලිඹදව ශබ්දකෝෂ පරීක්ෂාවක් පළමු කොටස

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348