සැල්වදෝර් අයන්ද්‍රේ ගේ හා පිනෝෂේ ගේ අතීතය තුළින් ලංකාවේ දේශපාලනයේ වත්මන් කියැවීමක්.

චිලී දේශයේ සැල්වදෝර් අයන්දේගේ පාලනය බිඳ වැටෙන්නේ 1973 සැප්තැම්බර් 11 වැනිදා. ඒක ගැන බොහෝ දෙනෙක් කතා කරන්නේ නැත්තේ ඊට පසු කාලයේ සැප්තැම්බර් 11 වැනිදා දිනෙක ඊටත් වඩා අනුවේදනිය දේකට අයන්ද්‍රේගේ ආණ්ඩුව වට්ටන්න කුමන්ත්‍රණ සිය දහස් ගානක් දියත් කරපු ඇමරිකාව මුහුණ දීපු නිසයි. ඒ තමයි ඇමරිකාවේ වර්ල්ඩ් ටේ්‍රඩ් සෙන්ටර් වෙත එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය….! ඒ ගැන කතා කරන බොහෝ දෙනෙක් චිලී දේශයට වූ අපරාදය ගැන කතා කරන්නේ නැහැ. කතා කරන්න දන්නෙ නැතිවා වෙන්නත් පුලුවන්. දැනගෙන නොදන්නවා වගේ ඉන්නවා වෙන්නත් පුලුවන්. කොහොම වුනත් අපි ඒ ගැන කතා කළ යුත්තේ ලංකාවේ දේශපාලනය තුළ දැනට නිර්මාණය වෙමින් දියෙන දේශපාලන දියරැළි එදා චිලියේ දියත් වූ දියරැළි වලට බෙහෙවින් සමාන නිසා.
අයන්ද්‍රේ බලයට එනවාට ඇමරිකාව කොහෙත්ම සතුටු වුනේ නැහැ. ඒ නිසා මුල් කාලයේ සිටම ඔහුව නිහඬ කරවන්න ඇමරිකාව විශාල වෙහෙසක් ගත්තා. නමුත් ප්‍රමුඛ පෙළේ ප්‍රගතිශිලි දේශපාලකයෙක් වශයෙන් ඔහු දිගින් දිගට සටන් කරමින්, ජනතාව පෙල ගන්වමින්, දැනුවත් කරමින් ඉස්සරහට ආවා. අවසානයේ ඇමරිකාවේ උත්සහයන් සියල්ල පරදලා අයන්ද්‍රේ බලයට එනවා. ඇමරිකාව උත්සහය අතහැරලා කුමන්ත්‍රණයට මාරු වෙන්නේ ඉන් පස්සෙ. ඒ සඳහා ඔවුන් තෝරාගන්නා කුමන්ත්‍රණ බල අධිකාරිය වන්නේ හමුදා නායක ඔගස්ටෝ පිනෝචේ ව…! ඒ ඇරෙන්න ඔවුන් ඉතා සියුම් ආකල්පමය විනාසයක් රැල්ලක් චිලියේ සාමාන්‍ය ජන සමාජයට එන්නත් කරනවා. ඒ තමයි “අයන්ද්‍රේට බැහැ….” කියන අදහස. මේ වෙනකොට ඇමරිකානු ආයෝජකයෝ රට තුළ ඉතාම ශක්තිමත් වූ නිසා ඔවුන්ට එය සමාජ ගත කරන්න එතරම් අමාරු වුනේ නැහැ. ඔවුන් රටේ ආර්ථික සමතුලිතතාව බිඳ දමනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයන් මවනවා. ජීවන වියදම අහස උසට ගෙන යා හැකි උපාය මාර්ග අනුගමනය කරනවා. මේ ආදි වශයෙන් රටේ සාමාන්‍ය තත්ත්වය ව්‍යාකුළ කරන්නට දහසකුත් එකක් කුමන්ත්‍රණ දියත් කෙරෙනවා.
මේ අතර වික්ටර් හාරා කවි සිංදු ලියමින්, ප්‍රගතිශිලි මානව වාදි අදහස් සමාජ ගත කරන්නට දැවැන්ත සටනක් කරනවා. ඔහු ජාතික විමුක්තියක් කරා, වඩාත් සුන්දර නිදහස් නිවහල් දේශයක් කරා චිලී දේශය ගෙන යන්නට අයන්ද්‍රේ වෙනුවෙන් කැප වූ කලාකරුවෙක්. ඔහු උපරිම මට්ටමෙන් ජනතාව මුලාවෙන් මුදා ගන්නට හැකි සෑම මෙහෙවරක්ම කරනවා.
නමුත් ඇමරිකානු බහු ජාතික සමාගම් මේ වනවිට වික්ටර් හාරා වැනි ඒක පුද්ගල චරිත වලට වඩා සිය දහස් ගුණයකින් බලවත්ව සමාජය තුල ආකල්පමය දූෂණයක් ඇති කරන්නට සමත් වෙනවා.. ඒක හරියට මේ දැන් ලංකාවේ කෙරෙනවා වගේ දෙයක්.
“කෝ හාල් මිළ අඩු කරනවා කිව්වා නේද…? දැන් කොහොමද…? රැවටුනා නේද…?? ”
“හොරු අල්ලලා නඩු දානවා කිව්වා නේද…? කෝ ඇල්ලුවාද…? චන්ද දායකයො රැවටුනා නේද…?”
“අල්ලස දූෂණය නවත්තනවා කිව්වා නේද…? කෝ… කළාද…? ජනතාව රැවටුනා නේද…?” ආදි වශයෙන් දැන් මේ රටේ සමාජ මාධ්‍යයන් නගන මැසිවිලිම අයන්ද්‍රේගේ ආණ්ඩුවටත් නැගුනා. ඒ කාලේ සමාජ මාධ්‍ය තිබුනේ නැති නිසා අධිපති මාධ්‍යයන්ට හා ඒවාට මුදල් යොදවන ව්‍යාපාරිකයන්ට වැඩි වාසියක් හිමි වුනා. මේ නිසා ඉක්මනින්ම අයන්ද්‍රේගේ ප්‍රතිරූපයට හානි කරන්නට කුමන්ත්‍රණකරුවන්ට සැලකිය යුතු අවකාශයක් ලැබුනා. 1972 දි කුමන්ත්‍රණකරුවන් විසින් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් දියත් කළා. ට්‍රක්රථ රියැදුරන්ගෙන් ඇරඹි මෙය පසුව දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් කරන්නට චිලියේ ව්‍යාපාර මෙහෙය වූ ඇමරිකානු සමාගම් අත දිග හැර වියදම් කළා. ආහාර මිළ ඉහළ ගියා. අපනයන ආදායම පහළ ගියා. මේ ආදි වශයෙන් බොහෝ දේ සිදුවෙන විට මේ කිසිවක් නොදන්න සාමාන්‍ය මිනිස්සු අයන්ද්‍රේට ඇඟිල්ල දිගු කරමින් ඔයුට දෝෂාරෝපණය කළා. අවසානයේදි ඔහුගේ ආණ්ඩුවට එරෙහිව පිනෝෂේ හමුදා කැරැල්ල අරඹනවා. අයන්ද්‍රේට යටත් වෙන්න කාලය දෙනවා. නමුත් ඔහු යටත් වෙන්නේ නැහැ. ඔහු අවසන් අවස්ථාවේදිත් ගුවන් විදුලියෙන් ජාතිය අමතා රටේ සිදුවන්න යන ඛේදවාචකය ගැන ජනතාව දැනුවත් කරනවා. අවසානයේදි ජනාධිපති මන්දිරය වශයෙන් මන්දිරයට කැරළිකරුවෝ පහර දෙනවා. අයන්ද්‍රේ යටත් වෙන්නේ නැහැ. ඔහු අවසන් මොහොත දක්වා සටන් කර මිය යනවා. ඔගස්ටෝ පිනෝෂේ රට බාර ගන්නවා.


එතැන් පටන් සිදු වූ දේ ඇමරිකාවට අනුව “ඉතාම සාමාන්‍ය” යි. වික්ටර් හාරා ඇතුළු කලාකරුවන් බුද්ධිමතුන් ලේඛකයන් සමාජ ක්‍රියාකාරින් දහස් ගණනක් අමානුෂික වද හිංසා වලට ලක් කොට මරා දමනවා. “බැල්ලිගෙ පුතා.. දැන් ඉතින් සිංදු කියපං…” වික්ටර් හාරාව මරා දමන්න පෙර හමුදා භටයෙක් පැවසුවේ එහෙමයි. අවසානයේ හාරාව මරා දමනවා. හාරාව විතරක් නෙමෙයි ෆැබ්ලෝ නෙරූදා වත් හොයාගෙන මාරයෝ පැමිණෙනවා. ඔහුට ලැබෙන්නේ දරුණු පීඩාකාරි මානසික වද හිංසා. මේ හේතු නිසා ඔහු මිය යන්නේ වෛi විiානුකූලව “ස්වභාවික මරණයකින්” වුවත් සැබවින්ම එය ඝාතනයක්….!!
මීට අමතරව 3000කට වැඩි පිරිසක් අතුරුදහන් වුනා. දේශපාලන හේතු මත 2200කට අධික පිරිසක් ඝාතනය කළා. 32,000කට අධික සාමාන්‍ය ජනතාව අධික වද බන්ධන වලට ලක් කරනු ලැබුවා. 1500ක් වගේ පිරිසක් චිලිය අතහැර වෙනත් රටවල් වලට පැන ගත්තත් බොහෝ දෙනෙක් හට සිදු වුනේ භීම සමයක් වෙනුවෙන් පුරුදු පුහුණු වන්නටයි. 250,000ක් අත්අඩංගුවට ගනු ලැබූ අතර ප්‍රධාන වදකාගාර 3ක් යටතේ බොහෝ දෙනෙක් අමානුෂික වද බන්ධන වලට ලක් කෙරුනා.
ඉන් පසුව ගත වූ දීර්ඝ කාලය චිලීයේ අඳුරු යුගයක් වුනා. 1998 වනවිටත් යුද හමුදාවේ අණදෙන නිලධාරි වශයෙන් කටයුතු කල පිනෝෂේ පහසුවෙන් දණ ගැසුවේ නැහැ. නමුත් ඔහු සාමාන්‍ය ජන සමාජයට එක් පැහැදිලි යථාර්ථයක් ඒත්තු ගන්වන්නට සමත් වුනා. ඒ සැල්වදෝර් අයන්ද්‍රේ නැමති ප්‍රගතිශිලි ජනාධිපතිවරයා දිගටම රට පාලනය කළා නම් චිලී දේශය දකුණු ඇමරිකානු කලාපයේ ධනවත්ම, බලවත්ම හා සාමකාමීම රාජ්‍යයක් වන්නට ඉඩ තිබූ බව….!!
ඉතින් අපි අපේ රට පැත්තටත් දැන් හැරෙමුකො.
“රතු හාල් නැතිව පොංගල් බත් උයන්න බෑ…”
“පොල් ගෙඩියක් 200යි…” ආදි වශයෙන් පමණක් නෙමෙයි, මේ මොහොත වනවිට ආණ්ඩුව දියත් කරන සියලු ව්‍යාපෘති කර්කශව හා හේතු රහිතව විවේචනය කරන්නට එක්තරා පිරිසක් සංවිධානාත්මකව කටයුතු කරන බව පැහැදිලියි.
කරන කරන දේ විවේචනය කිරීම, නින්දා අපහාස හා පෞද්ගලික ප්‍රතිරූප විනාස වන ලෙස එල්ල කෙරෙන චරිත ඝාතන, වලට අමතරව “ඔයා රැවටුවා… ඔයා රැවටුනා… ඔයා පව්… ඔයාලා දැන් රැවටිලා…” ආදි වශයෙන් සාමාන්‍ය ජනතාව කලකිරවන ආකාරයේ මනෝ මූලික ආකල්පමය කුමන්ත්‍රණයක්ද දැන් දියත් වෙන බව පැහැදිලියි.
මේ ලෝකයේ සිදු වුන පූර්ව නිදර්ශන සහිත සිදුවීම් දැනෙන විට සාමාන්‍ය ජන සමාජය කළ යුතු වන්නේ එයට බුද්ධිමත් ආකාරයට ප්‍රතිචාර දැක්වීමයි. ඒ වගේම පවතින්නේ ශිෂ්ටසම්පන්න දේශපාලන ප්‍රතිවිරෝධතාවන් නොවන බවත්, අශිෂ්ට, ඉතාම පටු පෞද්ගලික න්‍යාය පත්‍ර අනුව කෙරෙන පුද්ගලික ලාබ ප්‍රයෝජන වෙනුවෙන් කෙරෙන මගෝඩිකම් බවත් ආණ්ඩුවත් තේරුම් ගත යුතුව තිබෙනවා. මොකද කිව්වොත් චිලීයට හිටියේ එකම එක පිනෝෂේ කෙනෙක් විතරයි. නමුත් ලාංකේය දේශපාලන කරලියේ පිනෝෂේලාට ලොකු වන සිය දහස් ගණනක් “දේශපාලයේ නාමයෙන් පෙනී සිටින ව්‍යාපාරිකයෝ හා ඔවුන්ගේ ඥාති වර්ගයා“ වටහා ගනිමින් කටයුතු කිරීමට ආණ්ඩුවත් වග බලාගත යුතු වෙනවා.

More From Author

චීන සංචාරයෙන් පසු රොයිටර්ලා ලංකාව ගැන දකින ආකාරය

මීළග ”විචාර සංවාද” වැඩ සටහන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *