හල් නුවර සිදු කළ සිනමාව සහ සාමය පිළිබඳ දේශනය

එංගලන්ත ගමන යෙදුණේ බර්මින්හැම් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ  සමුළුව සඳහා වුණත්, ඉන් පස්සෙ හල් නගරය බලා ගියාම තවත් හදිසි, නමුත් ඉතා වටිනා, මහජන දේශනයකට ආරාධනාවක් ලැබුණා. සංක්‍රමණිකයින් සහ සරණාගතයින් ලෙස  එංගලන්තයේ සරණ සොයා එන වැසියන් වෙනුවෙන්ම හල් නගරයේ ඇති ‘වෙල්කම් හවුස්‘ වෙනුවෙන් මට ඒ ආරාධනය කළේ ඉරාන ජාතික වෛද්‍ය සිනා හැකමන්.

සිනා වගේම ඔහුගේ මුළු පවුලමත් ‘සිනාවෙන්ම’ පිරි ඉතා සොඳුරු මිනිස්සු. ඒ ගැන වෙනම සටහනක් ලියන්නම්. සය මසක් පුරා ඔවුන් පවත්වාගෙන ආ දේශන මාලාවක අවසන් දිනයේ එක් කාලසීමාවක් මා වෙනුවෙන් වෙන් කරමින් සිනා මට ආරාධනා කළේ මෙහෙම කියමින්.

අපි කතා කරන්නෙ ලෝක සාමය ගැන. අපි විශ්වාසය තියන්නෙ  මනුෂ්‍යත්වය, ආදරය සහ සාමය! ඔයා කතා කරන්න සිනමාවයි සාමයයි ගැන!”

Projecting Peace: Cinematic Journeys from Rupture to Reconciliation කියන මාතෘකාවෙන් මම ඒ දේශනය කළා. සිනමාව ලොව දකින ඇසක් බවත්, එය හැඟීම් සහ සංවේදනා එක්රැස් කරගන්නා බවත් කියමින් මම එතන දී ලෝකයේ නිශ්චිත කලාපවල යුද්ධය සහ එහි වේදනාව පිළිබඳ ලියැවුණු සිනමා පඨිත ගැන කතා කළා. මතකයේ සිට ප්‍රතිවිරෝධය දක්වාත්, සුවපත් වීම/කිරීම සඳහා සිනමාවට ඇති බලය ගැනත් ඒ අවසානයට ගෙන ආවා.

එයට ලැබුණු ප්‍රතිචාර සුබදායක තැනක වුණා. ආරාධනා කරපු සිනාට වගේම සම්බන්ධීකරණය කරපු Sanjeewani ටත් ස්තුතිවන්ත වෙන්න වෙනවමයි.

More From Author

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 8 – III

විල්හෙල්ම් රීච්ගේ ජීවිතය සහ කෘති පිළිබද කරන සාමුහික හැදෑරීමේ සරල සටහනක්

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348