විල්හෙල්ම් රීච් (Wilhelm Reich) ෆ්‍රොයිඩ්ගේ සිසුවෙකු වුවත්, පසුව ඔහුටම ආවේණික න්‍යායන් ගොඩනඟා ගත්තේය. ඔවුන්ගේ මූලික වෙනස්කම් පහත පරිදි සරලව පැහැදිලි කළ හැකිය. ෆ්‍රොයිඩ් මනසේ ක්‍රියාකාරිත්වය (unconscious)අවිඥාණය, අවරෝදානය (repression) සහ සිහින විග්‍රහය මත අවධානය යොමු කළේය. ඔහුගේ ප්‍රතිකාර ක්‍රම කථා ප්‍රතිකාරය (talk therapy) මත පදනම් විය.
රීච්ට අවශ්‍ය වුනේ මනස සහ ශරීරය එක්සත් බව අවධාරණය කිරීමයි. ඔහුගේ (character armor)සංකල්පයට අනුව, මානසික ආරක්ෂණ යාන්ත්‍රණ (defenses) ශරීරයේ පේශි කැක්කුම් හෝ ශ්වසන රටා ලෙස ප්‍රකාශ වේ. උදා: කෝපය ශරීරයේ බැඳී ඇති විට, එය ශාරීරික ප්‍රතිකාර (උදා: ශ්වසන ව්‍යායාම) මගින් මුදා ගත හැකිය. ෆ්‍රොයිඩ් පුද්ගලයාගේ අභ්‍යන්තර මානසික ගැටලු (උදා: ඔඩිපස් සංකීර්ණය) මත අවධානය යොමු කළේය. සමාජයේ බලපෑම් දෙවනියට ගත්තේය. රීච් මාක්ස්වාදී විශ්වාසයන් සමඟ මනෝවිශ්ලේෂණය ඒකාබද්ධ කළේය. ඔහු පවසන්නේ ලිංගික මර්දනය (sexual repression) සහ ඒකාධිපති සමාජ ව්‍යුහ (පවුල, ධනවාදය) අතර සම්බන්ධයක් ඇති බවයි. උදා: පවුලේ පියාගේ ආධිපත්‍යය සමාජයේ ඒකාධිපති රාජ්‍යයන්ට අනුරූප වේ.
ෆ්‍රොයිඩ් රෝගියාගේ කුඩා කල මතක, ආශාවන්, සහ සිහින විග්‍රහ කිරීම මත පදනම් වූ කථා ප්‍රතිකාරය භාවිත කළේය.
රීච් උනන්දු වුයේ ශරීරීය ප්‍රතිකාර (උදා: ශරීරය ස්පර්ශ කිරීම, හුස්ම ගැනීමේ ව්‍යායාම) සමඟ සම්බන්ධ කළේය. ඔහුගේ ජීවන ශක්තිය (orgone energy) සංකල්පයට අනුව, ශරීරයේ ඇති ස්වාභාවික ශක්තිය අවහිර වූ විට මානසික රෝග ඇති වේ.
ෆ්‍රොයිඩ් මනුෂ්‍යයා තුළ මරණයට ඇති මූලික ආශාවක් (death drive) ඇති බව ප්‍රකාශ කළේය. උදා: යම් පුද්ගලයෙකු නැවත නැවතත් වේදනාකාරී අත්දැකීම් පුරුදු වශයෙන් වළඳාගැනීම. රීච්ගේ මතය අනුව, මානසික රෝග ඇති වන්නේ මෙම මානසික ශක්තිය අවහිර වීම නිසාය. ප්‍රතිකාරයේ අරමුණ වූයේ ශරීරීය මානසික බාධක ඉවත් කිරීම්යි.
ෆ්‍රොයිඩ් ප්‍රධාන මනෝවිශ්ලේෂණ සම්ප්‍රදායේ පියා ලෙස පිළිගැනේ.
රීච් ඔහුගේ “ජීවන ශක්ති උපකරණ” (orgone accumulators) වැනි සංකල්ප නිසා මනෝ විශ්ලේෂණ සමාජයන් විසින් විවේචනයට ලක් විය. ඔහුගේ අදහස් බොහෝ විට අවිධිමත් ලෙස සලකනු ලැබීය. ඒ වගේම ඔහුව මනෝවිශ්ලේෂ්ණ සංගම් විසින් කොන් කරන ලදී.
විල්හෙල්ම් රීච් (Wilhelm Reich) සහ ජැක් ලැකාන් (Jacques Lacan)යන

දෙදෙනාම ෆ්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේෂණයෙන් බලපෑම් ලබා ගත් නමුත්, ඔවුන්ගේ දාර්ශනික ප්‍රවේශයන් සහ අරමුණුවල සුවිශේෂී වෙනස්කම් පවතී. ඔවුන්ගේ සම්බන්ධතාවය පහත ආකාරයෙන් විග්‍රහ කළ හැකිය. රීච් විසින් ෆ්‍රොයිඩ්ගේ ලිබිඩෝ න්‍යාය (libido theory) සහ මරණ ආශාව (death drive) වැනි සංකල්ප භාවිත කළ ද, ඒවා ශරීරීය හා සමාජ-දේශපාලනික සන්දර්භයකින් පුළුල් කළේය. මෙතැනදී ලැකාන් වෙනස්වන්නේ, ඔහු විසින් ෆ්‍රොයිඩ්ගේ සිද්ධාන්ත භාෂාව (language) සහ සංස්කෘතිය (culture) හා සම්බන්ධ කරමින් නව අර්ථකථනයක් ලබා දුන්නේය. රීච් ශරීරයේ ශක්ති ගතිකතා (bioenergetics) මත අවධාරණය කළේය. ඔහුගේ (character armor) සංකල්පයට අනුව, මානසික ආරක්ෂණ යාන්ත්‍රණ (උදා: පීඩනය) ශරීරයේ පේශි කැක්කුම් හෝ ශ්වසන රටා ලෙස ප්‍රකාශ වේ.
ලැකාන් ශරීරය සංකේතාත්මක අර්ථකථනයන්ගේ (Symbolic Order) ආධිපත්‍යයට යටත් වේ. උදා: මිරර් අවධිය (mirror stage) තුළ ළමාවියේ දී ශරීරයේ පරාවර්තනය හරහා “මම” යන අනන්‍යතාවය ගොඩනගා ගැනීම උදාහරණයකට ගන්න පුළුවන්. රීච් මාක්ස්වාදය සහ මනෝවිශ්ලේෂණය ඒකාබද්ධ කිරීමට උත්සහ කළේය. ඔහු පවසන්නේ ධනවාදී සමාජ ව්‍යුහ (පවුලේ ඒකාධිපතිත්වය, ලිංගික පීඩනය) මානසික රෝග ඇති කරන බවයි. ලැකාන් පැවසුවේ සමාජයේ සංකේතාත්මක නියම (Symbolic Order) පුද්ගලයාගේ ආශාවන්ට බලපාන බවයි. උදා: පියාගේ නාමය (Name-of-the-Father) යන සංකල්පය තුළින් සමාජීය නීති පුද්ගලයාගේ අවිඥාණයට ඇතුළු වේ. ජීවන ශක්තිය (orgone energy) යනු ශරීරය තුළ ගමන් කරන ස්වාභාවික ශක්තියකි. මෙය අවහිර වූ විට මානසික රෝග ඇති වේන බව රිච් පැහැදිලි කරයි.
ලැකාන් ජූයිසන්ස් ලෙස සැලකුවේ අතිශයින් වේදනාකාරී විනෝදයකි (traumatic pleasure), එය සංකේතාත්මක නියමයන්ගෙන් ඔබ්බට පවතී. උදා: සියදිවි නසාගැනීම යනු ජූයිසන්ස් සමඟ ගනුදෙනු කිරීමේ උත්සාහයකි.
රීච් ගේ ප්‍රතිකාර ක්‍රම යනු ශරීරීය ප්‍රතිකාර (උදා: ශරීරය ස්පර්ශ කිරීම, හුස්ම ගැනීමේ ව්යායාම) සහ ලිංගික සමාජ විප්ලවය තුළින් මානසික සෞඛ්‍යය සුව කිරීමට රිච් දැඩි උත්සාහයක් ගත්තෙය.
ලැකාන් කථා ප්‍රතිකාරය (talk therapy) තුළින් රෝගියාගේ රෝග ලක්ෂණ වලට තුඩු දේන ආශාවන්ගේ ව්‍යාජ අර්ථ (fantasies) හෙළි කිරීම මත අවධාරණය කළේය.
දෙදෙනාම ෆ්‍රොයිඩ්ගේ අවිඥාණික ආශාවන් (unconscious desires) සහ සමාජයේ බලපෑම් පිළිබඳ විග්‍රහ කරති. රීච් ජීවිත ශක්තිය ගැන කතා කරන අතර, ලැකාන් ජූයිසන්ස් ගැන කතා කරයි. දෙකම අපගේ ආශාවන්ගේ අඳුරු පැත්ත පැහැදිලි කරයි. රීච් සහ ලැකාන් යන දෙදෙනාම මනෝවිශ්ලේෂණය පුළුල් කිරීමට උත්සාහ කළ ද, රීච්ගේ කාර්යය ශරීර-දේශපාලනික විප්ලවයක් ලෙසත්, ලැකාන්ගේ කාර්යය භාෂා දාර්ශනික විප්ලවයක් ලෙසත් පටු විදිහට හඳුනා ගත හැකිය.
තිදෙනාම අවිඥාණය ගැන කතා කරයි. හැබැයි බලන කෝණය වෙනස්. ෆ්‍රොයිඩ් මනස පමණක් බලනවා, රීච් ශරීරයත් සම්බන්ධ කරනවා, ලැකාන් භාෂාවෙන්ම ඒක විග්‍රහ කරනවා.
අවිඥාණය පිළිබඳ මනෝවිශ්ලේෂණාත්මක දැක්මක් ෆ්‍රොඉඩ් සහ ලැකාන්ගේ සහ රිචගේ ආකල්ප අනුව සකස් කරගන්නේ කෙසේද?
මනෝවිශ්ලේෂණයේ පදනම වන්නේ අවිඥාණය තේරුම් ගන්නේ කෙසේදැයි කියන දේ යටතේ ය. මෙම සංකල්පය තේරුම් ගැනීම සඳහා ෆ්‍රොඉඩ් සහ ලැකාන්ගේ සහ රිච් ගේ න්‍යාය පදනම් කරගෙන අදහස් විස්තර කිරීම වැදගත්ය.
සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ දැක්ම අනුව, අවිඥාණය යනු පුද්ගලයාගේ මනස තුළ ඇති, නමුත් ඔහුට/ඇයට සෘජුව අවබෝධ කරගැනීමට නොහැකි වූ මතක,ආශා ලෙස තැන්පත්වී ඇති සිතුවිලි වල එකතුවකි.

එය පවතින්නේ පුද්ගලයාගේ හැසිරීම් හා වචන තුළ දැකිය හැකි සන්නිවේදන සංකේත හරහාය.
මේ අදහස, ජැක් ලැකාන් විසින් නව මානසික හා භාෂාමය මැදිහත් වීමකින් යුතුව නැවත කියවීමකට ලක් කෙරිණි. ඔහුට අනුව, අවිඥාණය යනු භාෂාවෙන් ව්‍යුහගත වූ දෙයක් වන අතර, එය කෙනෙකුගේ ක්‍රියාවන් පාලනය කරන අභ්‍යන්තර බලයක් නොවේ. එය තේරුම් ගැනීම යනු, පුද්ගලයෙකු පියවි සිහියෙන් ක්‍රියා කරන විට සම්පූර්ණයෙන්ම අත්හැර දැමූ, නමුත් ඔහුගේම භාෂාමය ක්‍රියාවලිය තුළ පවතින සිතුවිල්ල හඳුනා ගැනීමයි. ලැකාන්ගේ අදහස අනුව, විශ්ලේෂකයාගේ කාර්යය වන්නේ විශ්ලේෂණයට භාජනය වන පුද්ගලයාගේ ක්‍රියාවන් පිළිබඳව තුන්වැනි පුද්ගලයකු ලෙස විචාර කිරීමක් නොවේ. එය කෙනෙකු රහසිගතව ක්‍රියා කරන ආකාරය පරීක්ෂා කිරීමක්ද නොවේ. ඒ වෙනුවට, විශ්ලේෂකයා කරන කාර්යය වන්නේ, පියවි සිහියෙන්ම අතහැර දැමූ නමුත් ඒ පුද්ගලයා තුළම පවතින අවිඥාන සිතුවිල්ල ඔහුට හෝ ඇයට තමාගේම නිර්මාණයක් ලෙසම පැහැදිලි කිරීමය.
මේ සිතුවිල්ලක් තමාගේම ආත්මීය අවශ්‍යතාවයකි බව වටහා ගැනීමෙන් පසු, විශ්ලේෂණයට භාජනය වන පුද්ගලයාට තමන් ගැන සහ තමන්ගේ ආශා හා හැසිරීම් පිළිබඳව නව අවබෝධයක් ලැබෙයි. එය අවිඥාණය මතුකර ගැනීමේ ක්‍රියාවලියක මුල් අදියරකි.
ඒ අනුව, අවිඥාණය යනු පුද්ගලයා තුළම පවතින, නමුත් ඔහු/ඇයට අනාවරණය නොවූ භාෂාමය ව්‍යුහයකි. එය පවතින්නේ බාහිර හෝ අභ්‍යන්තර තැනක නොව, කෙනෙකුගේම පියවි සිහියෙහි අඩවිය තුළම පදිංචිව පවතින දෙයකි. එය තේරුම් ගැනීම, පුද්ගලයාගේම ආත්මීය සිතුවිල්ලක් බව ඔහු හඳුනා ගන්නා විට සිදුවෙයි. එවැනි අවබෝධයකට මඟ පෙන්වීම යයි කියවිය හැක්කේ, සත්‍ය මනෝවිශ්ලේෂණය භාවිතා. කිරීමයි. එබැවින් අවිඥාණය යනු කෙනෙකු පියවි සිහියෙන් ක්‍රියාකරන විට සහමුලින්ම අතහරින ‘සිතුවිල්ල’ (Thought) ඇයි ඔහු හෝ ඇය එහෙම කරන්නේ කියලා අවබෝධ කර ගැනීමයි.
මාක්ස්වාදය සහ මනෝ විශ්ලේෂණය – විල්හෙල්ම් රීච්ගේ ජීවිතය සහ කෘති පිළිබඳ කරන සාමුහික හැදැරීමක සරල සටහන් වගයක්

Mandis Murrukuwadura





