කාර්මික ධනවාදය
1770දී පමණ කාර්මික භාණ්ඩ නිෂ්පාදනය ඇරඹීමත් සමග වැඩවසම් ක්‍රමයේ පැවති නිෂ්පාදන ක්‍රියාවලියේ අසාර්ථකත්වය සමාජීය ලෙස දැනෙමින් පැවතුනි. එහි ප්‍රතිපලයක් ලෙස ලිබරල්වාදීන් ලෙස හැඳින් වූ කාර්මික කර්මාන්ත ශාලා හිමිකරුවන් නිර්ධනීන්ට නායකත්වය දෙමින් වැඩවසම් ක්‍රමය පෙරලා දැමීමට පීඩිතයන්ට නායකත්වය දුන්නේය. එම කාලයේ රටවල් ගණනාවක ඇතිවූ වැඩවසම් ක්‍රමය පෙරලා දැමීමේ ජන අරගල හැඳින්වූයේ “ධනේශ්වර විප්ලව” නමිනි. එවැනි ජන අරගල මගින් වැඩවසම් ක්‍රමය පෙරලා දැමූ රටවල් වූයේ ‘ඕලන්ද විප්ලවය,’ ‘එංගලන්ත විප්ලවය,’ ‘ප්‍රංශ මහා විප්ලවය,’ සහ ‘ඇමරිකානු විප්ලවය’ යන නම්වලින් හඳුන්වන විප්ලව ගණනාවක් යුරෝපයේ සහ අනෙක් මහාද්වීප වලත් සිදුවිය.
එහිදී ලිබරල්වාදීන් කාර්මික විප්ලවය උපයෝගී කරගෙන කාර්මික ධනවාදය ස්ථාපිත කිරීමට කටයුතු කළේය. කාර්මික විප්ලවයේ ආභාෂය ලබමින් කාර්මික ධනවාදය ස්ථාපිත වූයේ එලෙසය.
ඉන් පසුව කාර්මික ධනවාදය විවිධ වෙනස් නම් ඇති කරගනිමින් වර්ධනාත්මක තැනකට පත් කර ගැනීමට ලිබරල්වාදීන් කටයුතු කළේය. ඒ අනුසාරයෙන් බැලුව කල කාර්මික ධනවාදය, රාජ්‍ය ධනවාදයට ඉන් පසුව නව ලිබරල්වාදයට සහ ගෝලීය ධනවාදය බවටත් පත් විය. එහිදී කාර්මික විප්ලවය විසින් ඇති කරපු කාර්මික ධනවාදය වත්මනේදී තාක්ෂණික විප්ලවයේ ආභාෂය ලබමින් ගෝලීය ධනවාදය ලෙස ගමන් කරමින් පවතී.
ධනපති සමාජය ගමන් ගත් අවුරුදු 255ක (1770 සිට 2025 දක්වා) මුලින් හඳුනා ගත් ලිබරල්වාදීන් විවිධ කාලවකවානුවල තම අවශතාවය අනුව තමන්වම නාමකරණය කර ගණිමින් නව ගෝලීය ධනවාදීන් බවට පත් විය.
මේ ගමන් මග ඇවිත් වත්මන වන විට ඇති වී තිබෙන ගෝලීය අර්බුදයේ ස්වභාවය ගැන අපි සාකච්චාවට යොමු වෙමු.
වත්මන් ගෝලීය අර්බුදය
ගෝලීය ධනවාදී ක්‍රමය විසින් ගෝලීය අර්බුදය වඩා තීව්‍ර කරනු ලැබ තිබේ. වත්මන් ගෝලීය අර්බුදය ප්‍රධාන විෂය හැටියට විග්‍රහ කරනවාට වඩා එහි පැති තුනක් විමසා බැලීම පහසුය. ඒ, ගෝලීය ආර්ථික අර්බුදය, ගෝලීය සොබාදහමේ අර්බුදය, ගෝලීය සෞඛ්‍ය අර්බුදය යන මාතෘකා වශයෙනි. මේවා එකිනෙකට බැඳී තිබෙන අර්බුද වුවත් ගෝලීය සමාජ ජීවිතය අහිමි කිරීමට සමත් අර්බුදයන් බවට පත් වී තිබේ.
ගෝලීය ආර්ථික අර්බුදය
ලෝක මූල්‍ය අර්බුද විවිධ රටවල යම් කාලපරිච්ඡේදවල ඇති විය. දරුණු ආර්ථික අර්බුදයක් ලෙස 2008-10 අර්බුදය හැඳින්විය හැකියි. වර්තමානයේ ලෝක ආර්ථික අර්බුදයේ තවත් පැතිකඩක් වන්නේ ණය අර්බුදයයි. ලෝකයේ සෑම රටක්ම විවිධ මූල්‍ය ආයතනවලට ණය වී ඇති ප්‍රමාණය 2025දී ඩොලර් ට්‍රිලියන 304 ඉක්මවා තිබේ. තරමක් විශාල අගයක් වන මේ ණය ප්‍රමාණය ඉදිරි වර්ෂවල තවත් ඉහළ අගයක් ගනු ඇතැයි ආර්ථික විශේෂඥයන්ගේ මතයයි. විශාල ලෙස ණය වී ඇති රටවල් වන ඇමරිකාව, චීනය, ජපානය, එංගලන්තය, කැනඩාව, බ්‍රසීලය සහ ඉන්දියාව හැරුණුවිට අනෙක් රටවල් ද මේ ණය අර්බුදයේ පතුලටම ගිලී සිටී. මේ කිසිම රටකට අද මේ ණය තම රටේ නිෂ්පාදනයෙන් මුදල් උපයා ගෙවා දැමීමට නොහැකි තරමටම වර්ධනය වී ඇත. අනෙක් පැත්තෙන් ජනතාවගේ බදු මුදල් වලින් පවා ගෙවීමට නොහැකි තත්වයකට පත් වී තිබේ. ආර්ථික වශයෙන් මේ ණය ගෙවන්නට නොහැකිවා පමණක් නොව වත්මන් ණය ප්‍රමාණය දිනෙන් දින ඉහළ යන අතර ඒ වෙනුවට සෑම රටක්ම අනුගමනය කරන්නේ පොලිය පමණක් ගෙවා ඒ මොහොතේ සැනසුමක් ලබාගැනීම හෝ තවත් ණයක් ගෙන වාරිකයක් ගෙවා දැමීම හෝ පමණකි.
අනෙක් පැත්තෙන් රටවල් ණය වන විට ලෝකයේ ජනගහනයේ විශාල ප්‍රතිශතයක් විවිධ මූල්‍ය ආයතනවලට, සමාගම්වලට, පොලීකරුවන්ට, ප්‍රාදේශිය වෙළෙන්ඳන්ට ණය වී ඇත. එක් පැත්තකින් ගොවියා නිෂ්පාදනය සඳහා ණය වෙයි. අනෙක් පැත්තෙන් වැඩකරන ජනයා ජීවත්වීම සඳහා විවිධ මූල්‍ය ආයතන වලට ණය වෙයි. ලෝකයේම සමාගම් වාහන, ගෘහස්ත භාණ්ඩ, තාක්ෂණික භාණ්ඩ වැනි එකී නොකී භාණ්ඩ විකිණීම ද ණය පොලී කොන්දේසි මත සිදු කරයි. අනෙක් පැත්තෙන් පරිභෝජන අවශ්‍යතා ද සපුරා ගැනීමට පාරිභෝගිකයාට සිදු වී තිබෙන්නේ ණය මත යැපීමෙනි. එක් පැත්කින් රටවල් ණය උගුලේ වැටෙන විට ලෝකයේ ජීවත්වන ජනයා ද පෞද්ගලිකව ණය උගුලක හිරකරුවන් වී සිටිති. එය රටකට මෙන්ම පුද්ගලයකුට ද ගැලවීමක් නම් නොමැති උගුලක් බවට පත් වී තිබේ.
ලෝකයේ 1770 වර්ෂවල බිලියන 1ක ජනතාවක් සිටි බව සංඛ්‍යා ලේඛන දත්ත වාර්තා කරයි. නමුත් අවුරුදු 255ක් වන විට (2025) බිලියන 8ක් දක්වා ජනගහනය වර්ධනය වී තිබේ. මේ බිලියන 8ක ජනතාවගෙන් 70%ක් වන බිලියන 6ක් වාසය කන්නේ නගරවලය. ඉතරු 30%ක් වන බිලියන 2ක ජනතාව වාසය කරන්නේ ග්‍රාමීය ප්‍රදේශවලය. ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව අහාර නිෂ්පාදනය සඳහා යෙදෙන අතර නගරවල ජනතාව කොලකෑලි ටිකක් එහෙට මෙහෙට කරමින් ජීවත් වෙති. මේ පරතරය විසඳා ගැනීමට නොහැකි ගෝලීය ආර්ථික අර්බුදයක් දක්වා මේ මොහොත වන විට ගමන් කර තිබේ. නගරවල ජීවත් වන ජනතාව මහ පාරට වැටීම ලෝකය පුරාම සිදුවන ක්‍රියාවලියක් බවට පත් වී අවසන්ය. එහි උපරිමයට ගොස් තිබෙන්නේ ඇමරිකාවේය.
මිලියන 4ට වැඩි පිරිසක් මහ පාරට වැටී කාණ්ඩ කීපයක් යටතේ පේමන්ට් වල ජීවිත් වෙති.
ගෝලීය සෞඛ්‍ය අර්බුදය
එක පැත්තකින් ධනේශ්වර ආහාර නිෂ්පාදන රටාවේ කෘත්‍රිම ස්වභාවය මිනිසාගේ ජීවිතයට සෘජුවම බලපා තිබෙන බව පසුගිය කාලයේ අසන්නට ලැබුණ පුවත්ය. ඒ කෘෂි රසායනික සහ රසායනික පොහොර භාවිතයෙන් නිපදවන වන ආහාර ලෝකවාසී සියලුම ජනතාවගේ ප්‍රතිශක්තිකරණය නැති කිරීමට හේතුවක් වී තිබුණ නිසාය. මනුෂ්‍යාගේ ශරීරයේ විවිධ අවයව වලට කෘෂි රසායනික සහ රසායනික පොහොරවල බලපෑම, එනම් වකුගඩු රෝගවල සහ හෘදයාබාදවල සිට ශරීරයේ අභ්‍යන්තර අවයවවලට හානි පැමිණවීම පසුගිය දශක දෙකට පෙර සිටම ලෝකයේ සංඛ්‍යා දත්ත වාර්තා කළේය. ඒ නිසා සෑම මනුෂයකුටම ජීවත්වීමට බෙහෙත් අහුරක් අවශ්‍ය වී තිබුණි.
මෙවැනි පසුබිමක බෙහෙත් නිපදවන බහුජාතික සමාගම්වලට ලැබී තිබුණේ මසුරන් අවස්ථාවකි. ඒ අනුව නූතන මනුෂ්‍යයා ප්‍රතිශක්තිකරණයක් නොමැතිව සොබාදහමෙන් විගලිතයකු බවට පත් වුණි. විගලිතයට පැවැත්මක් නැත. මිය යෑම පමණක් ඉතිරි වී තිබේ.
ගෝලීය සොබාදහමේ අර්බුදය
ධනේශ්වර ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන අතුරු ඵලය ලෙස සියලු ජීවීන්ට දායාද කර ඇත්තේ ගෝලීය උණුසුම සහ ගෝලීය දේශගුණ විපර්යාසයි. ගෝලීය උණුසුම කොතරම් ජන ජීවිතයට බලපෑමක් කර තිබේ ද යන්න දේශගුණ විපර්යාස, ඕසෝන් වියන ක්ෂයවීම, ගැලැසියර් දියවීම, කාන්තාරීකරණය, ජෛව විවිධත්වය විනාශ වීම, හරිතාගාර ආචරණය වැනි සංසිද්ධිවලින් මනාව පැහැදිලි වේ.
මෙයට බෙහෙවින් බලපා තිබෙන්නේ වායුගෝලයේ කාබන් ප්‍රමාණය ඉහළ යාමය. එක පැත්තකින් බිලියන 1.7ක් අලෙවි වී ඇති වාහන මෙන්ම සෑම රටකම ඉදි කර ඇති ගල් අඟුරු බලාගාර, නෘෂ්ටික බලාගාරවලින් නිකුත්වන අධික කාබන්, සෑම කර්මාන්ත ශාලාවකින්ම වායුගෝලයට මුදා හරින කාබන් ප්‍රමාණය අධිකවීම ගෝලීය උණුසුම වැඩිවීමට හේතුව වී තිබේ.
වායුගෝලයේ කාබන් ප්‍රමාණය 1800දී පදාර්ථ අංශු එක් මිලියනයක කාබන් අංශු (CO2) 280 මට්ටමේ පැවතුනි. එය 2025 වන විට අංශු මිලියනක කාබන් අංශු 480 දකවා ඉහළ ගොස් තිබේ. තව දුරටත් මේ පාරිබෝජන රටාවේම ඉදිරියට ගියහොත් 2030 වන විට අංශු මිලියනයකට කාබන් අංශු 950 දක්වා ඉහළ යාහැකි බව විද්‍යාඥයින්ගේ මතයයි.
වර්ෂ ගණනාවක් කාර්මික නිෂ්පාදනයෙන් ඇති කළ ව්‍යසනය නගරවල අපිරිසිදු වායුවලින් පිරී යමින් පවතී. එය අධික මට්ටමට ළඟා වූ නගර බිහිවීම චීනයේ බීජිං, ඉන්දියාවේ මුම්බායි, දිල්ලි යන නගරවල සිට අනෙක් නගර දක්වා ව්‍යාප්ත වෙමින් පවතී. මේ නගරවල වායුගෝලයේ ඔක්සිජන් ප්‍රතිශතය ඉතා පහළ මට්ටමකට වැටුණ අතර බීජිං වැසියන්ට කැනඩාවෙන් ඔක්සිජන් පැකට් ආනයනය කිරීම සිදු කරයි. මේ අතර කොවිඩ් 19 වෛරසයේ බලපෑමෙන් මිදීම සඳහා ලෝකයේ සෑම රටක්ම 2020දී මාස කීපයකට වසා දැමුණි.
එහිදී කර්මාන්තශාලා සහ යාන වාහන භාවිතය අවම මට්ටමක පැවතීම නිසා වායුගෝලයට අපිරිසිදු වායුන් නිකුත් කිරීම ඉතා පහළ අගයක් ගත්තේය. එහිදී පෙන්නුම් කළ සාධකය වූයේ බීජින්, දිල්ලි සහ මුම්බායි නගරවල අපිරිසිදු වායු එකවරම අතුරුදහන් වී ඉතා පිරිසිදු වායුගෝලයක් වර්ධනය වීමයි. කොවිඩ් 19ය වෛරසය නිසා ලෝකයම වසා දැමුණු මාස කිහිපය තුළ ඕසෝන් වියනේ සිදුර 80%ක් ප්‍රතිසංවිධානය වී තිබුණි. ඕසෝන් වියන සිදුරු වන බව සොයාගනු ලැබුවේ 1972 වසරේදීය. ඕසෝන් සම්බන්ධයෙන් 1972 සිට 2020 දක්වා ධනේශ්වර ලෝකයටම විසඳුමක් නොතිබුණි.
ලෝකය කොවිඩ් 19 වසංගතය හමුවේ වසා දැමූ විට ඕසෝන් වියනේ සිදුර නැවත නිර්මාණය වීමට ගියේ ඉතා කුඩා කාලයකි. නමුත් ලෝකය ක්‍රියාත්මක වීමට පටන් ගැනීමත් සමග නැවතත් එම සිදුර වර්ධනය වීම ඇරඹී ඇති බව විද්‍යාඥයන් පැවසුවේය. ධනේශ්වර ආර්ථික ක්‍රියාවලිය දිව යන්නේ සොබාදහමේ පැවැත්ම විනාශ කරමින් බව පසුගිය කාලයක් තුළ සාක්‍ෂි සහිතව ලෝකයට තහවුරු වී ඇත.
ලෝකයේ සෑම අත්‍යවශ්‍ය භාණ්ඩයක්ම ප්ලාස්ටික් වී ඇත. ප්ලාස්ටික් භාවිතය අද ලෝකයටම ප්‍රශ්නයක් වී තිබේ. ප්ලාස්ටික් යනු බොරතෙල්වලින් ඉන්ධන නිපදවීමේ අතුරු ඵලයකි. වත්මන් ලෝකයේ ප්ලාස්ටික් භාවිතය වර්ෂයකට මෙට්‍රික් ටොන් මිලියන 270ක් දක්වා වර්ධනය කර තිබේ. ප්ලාස්ටික් වර්ගවල අනුපාතය අනුව දිරාපත් වීමට වසර 1000ක් හෝ ඊට වැඩි කාලයක් ගත වේ.
අද ප්‍රශ්නය වී තිබෙන්නේ මේ අපද්‍රව්‍ය බැහැර කර ගත නොහැකිව කඳු හැටියට ලෝකයේ තැනින් තැන ගොඩ ගැසී තිබීමයි. කුණු කඳු ලෝකයේ සෑම රටකටම ප්‍රශ්නයක් ඉතිරි කර තිබේ. ඒවා එසේ පැවතීම නිසා නිකුත් වන වායු ද ගෝලීය උණුසුම වැඩිවීමට බලපා තිබේ.
ප්ලාස්ටික් පොලිතින් ජලයට ගසාගෙන ගොස් මුහුදේ තැන්පත් වේ. මුහුදු පතුලේ ප්ලාස්ටික් ගොඩගැසීම අද ප්‍රබල ප්‍රශ්නයක් වී තිබේ. මෙහි භයානක තත්වය වන්නේ ප්ලාස්ටික් දූපත් පහක් සාගර කලාප පහක නිර්මාණය වී තිබීමයි. විශාලම ප්ලාස්ටික් දූපත උතුරු පැසිපික් මුහුදේ මෙන්ම දකුණු පැසිපික් මුහුදේ ද පිහිටා තිබෙන අතර උතුරු ඇට්ලාන්ටික් සහ දකුණු ඇට්ලාන්ටික් සාගර කලාපවල මෙන්ම ලංකාවට පහළින් ඉන්දියන් සාගරයේ ද ප්ලාස්ටික් දූපතක් නිර්මාණය වී තිබේ.
මෙලෙස මුහුදේ පසුගිය කාලයක් තිස්සේ ගොඩ ගැසුණු ප්ලාස්ටික්, මාළුන් ආහාරයට ගැනීම නිසා මාළුන්ගේ ශරීරයේ මයික්‍රො ප්ලාස්ටික් ප්‍රතිශතය ඉහළ අගයක් ගෙන ඇත. විශාල ශරීර සහිත මාළුන්ගේ සිට කුඩා මාළුන්ගේ ද ශරීරයේ මයික්‍රො ප්ලාස්ටික් ප්‍රමාණය සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි වී තිබෙන බව ඕස්ට්‍රේලියාවේ කළ පර්යේෂණයකින් සොයා ගැනිණි. මුහුදු මත්ස්‍යයන් ආහාරයට ගැනීම නිසා මිනිස් ශරීරය තුළට ද යම් ප්‍රමාණයක් මෙම අංශු ඇතුළු වේ.
මයික්‍රො ප්ලාස්ටික් හුස්ම ගැනීමේදි මෙන්ම සමෙන් ද මිනිස් සිරුට ඇතුළු වන බව ඔවුන් තවදුරටත් පෙන්වා දෙයි. දැනට පර්යේෂණ මගින් තහවුරු කරගෙන තිබෙන පරිදි මයික්‍රො ප්ලාස්ටික් ප්‍රතිශක්තිකරණය නැතිවීම, පිළිකා ඇතිවීම, ස්නායු රෝග වැනි විවිධ රෝගවලට මුල බව ඕස්ට්‍රේලියානු පර්යේෂකයන් තවදුරටත් පෙන්වා දෙයි. ප්ලාස්ටික් යනු භාණ්ඩ නිෂ්පාදනය සඳහා ලාබදායි ක්‍රමවේදයක් නිසා දිගින් දිගටම ලෝකයේ ප්ලාස්ටික් කර්මාන්තශාලා සංඛ්‍යාව වැඩි කරමින් පවතින අතර එය විනාශයක් ලෙස ගෝලීය ධනේශ්වරයට දැනෙන්නේ නැත. පොලිතින් හා ප්ලාස්ටික් ඒ තරමටම මිනිසා හා බද්ධ කිරීම තවත් විනාශයක මූලයක් බව පැහැදිලි වේ.
පෘථිවියේ මුලු භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් මිලියන 144.8 භූමි ප්‍රමාණය හෙවත් ගොඩබිම 29%කි. ලෝකයෙ මුලු භූමි ප්‍රමාණයෙන් 30%ක් පමණ වනාන්තරවලින් වැසී තිබුණි. වගා කළ හැකි භූමි ප්‍රමාණය මෙයින් 11%කි. ස්වාභාවික තෘණ භූමි 26%ක් ද, ඉතිරි 26% කාන්තාර, තෙත් බිම්, තුන්ද්‍රා, පඳුරු, වන ළැහැබ් හා අයිස් පර්වත ලෙස ද පැවතුනි,
1800දී 100%ක් ලෙස ලෝකයේ වැසි වනාන්තර ප්‍රමාණය අද 46%ක් දක්වා අඩු වී තිබේ. වනාන්තර විනාශය ගෝලීය උණුසුම වැඩිවීම සඳහා ප්‍රබල සාධකයක් වී තිබේ. වායුගෝලයට නිකුත්වන කාබන් ප්‍රමාණය අවශෝෂණය කරගැනීමට සක්‍රීයව දායක වූයේ වනාන්තරයි. ශාක පත්‍රවලින් කාබන් පදාර්ථ අවශෝෂණය කරගෙන කාබන් – ඵලකට දමා ඔක්සිජන් පිටකිරීමේ ස්වාභාවික ක්‍රියාවලිය ශාක මගින් සිදු විය. ඒ වගේ ඒක සෛලික ජීවියාගේ සිට මිනිසා අත්වා ඔක්සිජන් පදාර්ථ ආශ්වාශයෙන් ශරීරගත කර ඔක්සිජන් නිෂේධනයේ ප්‍රතිපලය වූ කාබන් පදාර්ථ පිටකිරීම කළේය. නමුත් ඒක සෛලික ජීවියාගේ සිට මිනිසා දක්වා ජීවීන් පිටකළ කාබන්කරණය සහ කාර්මිකකරණය නිසා ඇතිවූ කාබන්කරණය විශාල ලෙස වායුගෝලයේ තැම්පත් වීම පමණක් පසුගිය අවුරුදු 255ක කලය තුළ සිදුවිය. විවිධ හේතු නිසා වනාන්තර විනාශය ගෝලීය ප්‍රශ්නයක් බවට පත් වී තිබෙන්නේ ඒ නිසාය. ලෝකයේ ප්‍රධානම වැසි වනාන්තරය වන බ්‍රසීලයේ ඇමසන් වනයේ මෑතකදී ගිනිගත් ප්‍රමාණය අතිවිශාලය. එය නැවත යථාතත්වයට පත්වන්නට අධික කාලයක් ගත වේ. වනාන්තර ගිණි ගන්නා ප්‍රමාණයට සහ කපා දමන ප්‍රමාණයට කිසිම රාජ්‍යයක අවධානය යොමුව නැත.
පෘථිවි භූ ගර්භය ධනේශ්වර පාලනය විසින් විශාල ලෙස වෙනස් කර ඇත. පෘථිවිය බිහි වූයේ මීට වසර බිලියන 4.5කට පෙරය. පෘථිවිය ස්වාභාවිකව සකස් වී වර්ෂ බිලියන 1.5කට පසුව අයිස් යුගය ආරම්භ වීමට පසුබිම සකස් වූයේය. එදා සිට වත්මන දක්වා වර්ෂ බිලියන තුනක් වයසැති අයිස් යුගය වර්ධන හයක් සහිතව, ධනේශ්වර සමාජය දක්වා පැමිණියේ පෘථිවිය මතුපිට සිසිලස පවත්වා ගනිමිනි.
1978/1979 කාලයේ අයිස් දිය වී යන බව සොයා ගත්තේය. අයිස් දියවීමට පටන්ගෙන අවුරුදු 47ක කාලයක් 2025 වන විට ගෙවී ඇති කාලය තුළ උත්තරත් ද්‍රවයේ අයිස් තට්ටු වලින් 60% ප්‍රමාණයක් දිය වී ගොස් අවසන්ය. දක්ෂිණත් ද්‍රවයේ 18%ක් දිය වී ගොස් අවසන්ය. තව අවුරුදු කීපයකින් අයිස් යුගය සම්පූර්ණයෙන්ම අවසන් වනු ඇත. එවිට පෘථිවි මතුපිට සෞම්‍ය උණුසුමක් පවත්වා ගත් ස්වභාවය අවසන් වන්නේය. එවිට කිසිම ජීවියෙකුට තම පැවැත්ම පවත්වා ගෙන යාමට නොහැකිව මිය යෑම පමණක් ඉතිරි වන්නේය.
අනෙක් පැත්තෙන් මේ අවුරුදු බිලියන 4ක කාලය තුළ ගොඩ නැගුණ සංවහන වැසි රටාව සම්පූර්ණයෙන්ම වෙනස් වී කුණාටු දක්වා වර්ධය වී තිබේ.
කුණාටුවකින් ලැබෙන අධික වර්ෂාපතනය විසින් විශාල ප්‍රදේශ ගත ගංවතුර තත්වයකට පත් වන්නේය. එවිට ක්ෂණිකව ගංවතුරට හසු වී මියයන ප්‍රමාණය අධික වී තිබෙනවා වගේම වාසස්ථාන අහමි වීම ඉතා ඉහළ අගයක් ගෙන ඇත. අධික වර්ෂාව පොළවට දාරා ගැනීමට නොහැකි නිසා කඳු නාය යෑම බහුල වී තිබේ.
උෂ්ණත්වය ඉහළ යාම නිසා ගෝලීය දේශගුණ විපර්යාසවලට ලක් වීමේ අවධානම නිසා වියලි කාලයගුණය සක්‍රීය වූ ප්‍රදේශවල ලැව්ගිණි ඇතිවීම ප්‍රබල සාධකයක් වී තිබේ. ගිණි ගන්නා ප්‍රදේශ නැවත සකස් කිරීමට වඩා අතැහැර දැමීම පමණක් සිදුවෙයි. එම ප්‍රදේශවල ජීවත්වන ජනතාව මහමගට වැටීම පමණක් සිදු වෙයි.
අනෙක් පසින් පෘථිවියේ අභ්‍යන්තර උෂ්ණත්වය මතුපිට උෂ්ණත්වය සමග සමපාත වන තත්වයක් නිර්මාණය වීම නිසා දිනෙන් සිදුවන භූමිකම්පා ප්‍රමාණය ඉහළ ගොස් තිබේ. ඒ වගේම ගිණිකඳු පුපුරා යාම සක්‍රීය වී ඇත. දැන් නැවත පෘථිවිය ආරම්භක කාලයේ පැවති ස්වාභාවික භූ විද්‍යාමක සකස්වීමට පෘථීවිය චලනය වෙමින් පවතී.
මේ ස්වාභාවික විපත් ගැන කෙටි සටහනක් පමණි.
මෙවැනි ව්‍යසනයන් ගෝලීය පරිමාණව අතිවිශාලය. එවිට රටකට හෝ යම් භූ කලාපයකට පැවැත්ම ඇත්තේම නැත. මේ ගෝලීය පරිමාණ අර්බුදයකි. මේ අර්බුදයට විසදුම් සෙවිය යුත්තේ ගෝලීය පැවැත්ම පවත්වා ගැනීමට අවශ්‍ය විසඳුමකි. එවිට අපට ද සිදු වී තිබෙන්නේ ගෝලීය පරිමාණ විසඳුමක් කරා ගමන් කිරීමටය. මේ කරුණට ඇති විසඳුම සාකච්ඡා කිරීමට අපි මීළඟට යොමු වෙමු.
සමාජවාදය
සමාජවාදය නැමැති වචනයේ ආරම්භක භාවිතය ප්‍රංශ ජාතික

හෙන්රි ද සෙන්ට්-සයිමන්ගේ [Henri de Saint-Simon 1760-1825] කරන ලද අතර, ඔහු මුලින්ම සමාජවාදය නැමති වචනය භාවිතා කළ බව සඳහන්ය. සයිමන්ගේ යනු පසුව ‘මනෝරාජික සමාජවාදය’ ලෙස හඳුන්වනු ලැබූ ව්‍යාපාරයෙහි ආරම්භක සාමාජිකයෙකි. සමාජය පිළිබඳ වාදය (සමාජය+වාදය) සමාජවාදය ලෙස දාර්ශනික විවරණයක් ගෙනා වේ සෙනට්-සයිමන්ය. පුද්ගලයාගේ සදාචාරාත්මක වටිනාකම අවධාරණය කරන පුද්ගලවාදී ලිබරල් මූලධර්මයට වෙනස්ව මිනිසුන් එකිනෙකා සාමූහිකව ක්‍රියාකරන සමාජීය ආකාරය සමාජවාදය ලෙස ඔහු හඳුන්වා දුන්නේය. කාර්මික විප්ලවය අතරතුර දරිද්‍රතාවය, පීඩනය සහ අතිමහත් ධන අසමානතාවය ඇතුළු සමාජීය ගැටළු විසඳීමට අපොහොසත් වීම නිසා මුල් ‘මනෝරාජික සමාජවාදීන්’ මෙම පුද්ගලවාදයේ මූලධර්මය හෙළා දුටුවේය. සම්පත්වල පුද්ගල අයිතිය මත පදනම් වූ ලිබරල් පුද්ගලවාදයට විකල්පයක් ලෙස ඔවුන් සමාජවාදය ඉදිරිපත් කළහ. සෙන්ට්-සයිමන් ආර්ථික සැලසුම්කරණය, විද්‍යාත්මක පරිපාලනය සහ සමාජ සංවිධානයට විද්‍යාත්මක අවබෝධය සමාජවාදය ලෙස යෝජනා කළේය. ඊට වෙනස්ව,

රොබට් ඕවන් [Robert Owen 1771-1858] නිෂ්පාදනය සහ හිමිකාරිත්වය සමුපකාර හරහා සංවිධානය කිරීමට යෝජනා කළේය.
ප්‍රංශයෙන් ආරම්භ වූ සමාජවාදී ව්‍යාපාරය බ්‍රිතාන්‍යයේ එය සමුපකාර ව්‍යාපාරය ලෙස රෙබට් ඕවන් හඳුන්වා දුන්නේය. සාමූහිකත්ව පදනම් වූ සමූපකාර ව්‍යාපරය සමාජවාදයේ ආභාෂය ලබමින් වර්ධනයන් අත්කර ගත්තේ කාර්මික ධනවාදය තුළය.
1825දී එංගලන්තයේ වෘත්තීය සමිති අයිතිය පිළිගැනීමත් සමග පංති අරගලය පිළිගත් වෘත්තීය සමිති වර්ධනය වීම යුරෝපය පුරාම ඇරඹී තිබුණි. එම අදහස් වලින් සන්නද්ධව ක්‍රියාත්මක වූ

විල්හෙල්ම් වයිට්ලින් [Wilhelm Weitling 1808-1871] කොමියුනිස්ට්වාදය නැමති වචනය නිර්මාණය කළේය.ඔහු විසින් 1842දී රචනා කළ ‘සමගිය සහ නිදහස පිළිබඳ සහතිකය’ නැමති කෘතියේ මේ වචනය අන්තර් ගත විය. මේ අදහස් දැරූ පිරිස ‘සාධාරණ අයගේ සංගමය’ නමින් දේශපාලන සංගමයක් 1842දී පිහිටු විය. එම සංගමයට 1843දී කාල් මාක්ස් [Karl Marx 1818-1883] සහ ප්‍රෙඩ්රික් එංගල්ස් [Friedrich Engels 1820-1895] සම්බන්ධ විය.
එම කාලයේ කොම්යුනිස්ට්වාදීන් විසින් සමාජවාදය පිළිගත් පිරිස හැඳින්වූවේ මනෝරාජික සමාජවාදීන් ලෙසය. මනෝරාජික සමාජවාදීන්ගෙන් වෙන්වීම සඳහා කොමියුනිස්ට්වාදීන් මුල් තැන ගත්තේ පංති අරගල න්‍යාය ප්‍රමුකත්වයට ගැනීම තුළිනි. එතැන් සිට ‘නිර්ධන පංති ව්‍යාපාරය’ හෝ ‘පංති අරගල ව්‍යාපාරය’ හෝ ‘පංති අරගල විමුක්ති ව්‍යාපරය’ ‘විප්ලවවාදී ව්‍යාපාරය’ හෝ හඳුන්වන නාමකරණය “කොමියුනිස්ට්වාදය” බවට පත්විය. එම ආභාෂය ලබමින් 1847දී ‘කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනය’ නමින් එළි දැක්වූ ප්‍රකාශනය කාල් මාක්ස් සහ ප්‍රෙඩ්රික් එංගල්ස්ගේ නායකත්වයෙන් එළි දැක් වීය.

ඉන් පසුව මාක්ස්වාදය කොමියුනිස්ට්වාදය යන පදයෙන් වෙන් වී ඇති බව පැහැදිලි වන්නේ කාල් මාක්ස්ගේ සහ ප්‍රෙඩ්රික් එංගල්සගේ 1960 පසුව ලියන ලද කෘතිවලිනි. කොමියුනිස්ට්වාදය සහ සමාජවාදය අතර මුල් කාලීන වෙනසක් වූයේ පළමුවැන්න නිෂ්පාදනය සහ පරිභෝජනය යන දෙකම සමාජගත කිරීම සමාජීය ක්‍රමවේදයකට සිදු කිරීමටය. එහි වෙනස වූයේ ධනේශ්වර නිෂ්පාදන පරිභෝජනය ඉලක්ක කරගෙන පුද්ගලික ලාබය අරමුණ කරගැනීමට විරුද්ධත්වය ප්‍රකාශ කිරීමටය.
1870 වන විට, ලෙව පුරා විසිර සිටි මාක්ස්වාදීන් “කොමියුනිස්ට්වාදය” වෙනුවට “සමාජවාදය” භාවිතාට ගත්තේ කාල් මාක්ස්ගේ සහ ප්‍රෙඩ්රික් එංගල්ගේ ආභාෂය මත සිටය, මන්ද දෙවැන්න සමාජවාදය සඳහා පැරණි තාලයේ සමාන පදයක් ලෙස නව දැක්මක් සහිතව මාක්ස්වාදය ඉදිපත් කරනු ලැබූ බැවිනි.
රුසියානු සමාජවාදය
1917 බොල්ෂෙවික් විප්ලවයෙන් පසුව, ධනවාදය සහ කොමියුනිස්ට්වාදය අතර අවධිය අදහස් කිරීමට ව්ලැඩිමීර් ලෙනින් [Vladimir Lenin1870-1924] විසින් සමාජවාදය නැමති පදය යොදා ගන්නා ලදී. රුසියාවේ නිෂ්පාදන බලවේග කොමියුනිස්ට්වාදය සඳහා ප්‍රමාණවත් ලෙස වර්ධනය වී නොමැති බවත් විප්ලවවාදී වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ඔහු සමාජවාදය පදය භාවිතා කළේය.
1918දී රුසියානු ‘සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂය’ නම වෙනුවට ‘සමස්ත රුසියානු කොමියුනිස්ට් පක්ෂය’ ලෙස නාම කරණය කරන ලදී. කොමියුනිස්ට්වාදය විශේෂයෙන් බොල්ෂෙවික්වාදය, ලෙනින්වාදය, මාක්ස්-ලෙනින්වාදී දේශපාලනය න්‍යායන්ට සහාය දෙන සමාජවාදීන්ව අර්ථකථනය කිරීම සඳහා ලෝකය පුරා කොමියුනිස්ට් පක්ෂ සෑදීම වර්ධනය කළේය. පසුව “සමාජවාදයෙන් කොමියුනිස්ට්වාදය කාරා” යන වර්ධනාත්මක වෙනස පෙන්වීම සඳහා සමාජවාදය සඳහා කැප වූ කොමියුනිස්ට් පක්ෂ ලෙස විස්තර කිරීම දිගටම කරගෙන ආවේය.
1905 විප්ලවයෙන් පරාජයෙන් පසුව වගේම 1917 රුසියානු විප්ලවයෙන් පසුවත්, සමහර පරිසරවේදීන්, පරිසර විද්‍යාඥයින්, පාරිසරික විඥානය ඒකාබද්ධ කිරීමට උත්සාහ කළේ “පරම ආත්මය” නැමති විඥානවාදී දහරාවේ උන්නතිය ලබා ගනිමිනි. එවැනි බොහෝ දෙනෙකු විඥානවාදය වැළඳ ගෙන තම භෞතිකවාදී පැවැත්ම අවසන් කරගනු ලැබුණි.

අතර ඇලෙක්සැන්ඩර් බොග්ඩනොව් [Alexander Bogdanov 1873-1928] සහ පිරිස විසින් දිරිමත් කරන ලද “පූර්ව-විප්ලවවාදී පාරිසරික ව්‍යාපාරය,” විප්ලවයේ පළමු දශකය තුළ “ස්වාභාවික නීති සහ සීමාවන් සමග නිෂ්පාදනය ඒකාබද්ධ කිරීමට” පරම ආත්මීය සම්බන්ධය නැවත සම්බන්ධ කිරීමට උත්සාහයක් දැරීමක් විය.
එම මතවාද ව්ලැඩ්මීර් ලෙනින් විසින් භෞතිකවාදීව පිළිතුරු දෙන ලදී.
ව්ලැඩිමීර් ලෙනින් රුසියනු විප්ලවයෙන් පසුව 1917 සිට 1924 දක්වා ජීවත් වූයේ අවුරුදු 7ක් කාලයක් පමණි.
එම කාලය තුළ ව්ලැඩිමීර් ලෙනින් සමාජවාදය නමින් වැඩ පිළිවෙළවල් 10ක් ක්‍රියාත්මක කළේය.
- කර්මාන්ත ජනසතුව.
- ඉඩම් ජනසතුව
- නිදහස් සෞඛ්‍ය සේවය.
- නිදහස් අධ්‍යාපනය.
- පොදු ප්‍රවාහන සේවය.
- සමූහ ආණ්ඩු ක්‍රමය {පෙඩරල් ව්‍යවස්ථාව}.
- සමූපකාර ව්‍යාපාරය.
- සමූහ ගොවිපල ක්‍රමය.
- වැඩපල මත ඡන්ද ක්‍රමය.
- කොමියුනිස්ට් ජාත්‍යන්තර ව්‍යාපරය {3වැනි ජාත්‍යන්තරය}
යන කරුණු යටතේ රුසියානු ධනේශ්වර සමාජයට ව්‍යුහාත්මක ලෙස වෙනස් දැක්මක් සහිත සමාජවාදය නැමැති යෝජනා 10ක් ක්‍රියාත්මක කළේය. ඉන් පසුව බලයට පැමිණි ජෝසප් ස්ටාලින් [Joseph Stalin 1878-1953] මේ වැඩ පිළිවෙල නිලධාරී තන්ත්‍රයේ පාලනයට යටත් කර කාර්මික සමාජවාදය නැමති ව්‍යුහයට මූවා වී තනි රටේ සමාජවාදය නැමති හුදකලාවාදයට රැගෙන ගියේය.
එහි කූටප්ප්‍රාප්තියට පැමිණෙන්නේ දෙවනි ලෝක යුද්ධයෙන් පසුවය. දෙවනි යුද්ධයෙන් ඇති වූ පීඩනයට විරුද්ධ වූ ධනේශ්වර පංතිය සමාජවාදය පිහිටු වීමට රටවල් කීපයක් පෙරමුණ ගත්තේය. එම අරමුණට ජෝසප් ස්ටාලින්ගේ නිලධාරිවාදී නායකත්වය යටතේ කාර්මික සමාජවාදය ස්ථාපිත කිරීම සිදු කළේය.
එම රටවල් අතර බල්ගේරියාව, හංගේරියාව, නැගෙනහිර ජර්මනිය, පෝලන්තය, මොන්ගෝලියාව, ලාඹ්සය, රුමේනෙියාව සහ චෙකොස්ලොකියාව නැමැති රටවල් කාර්මික සමාජවාදය නැමති ධනපති සමාජවාදය පිහිටු වූයේය.
එම රටවල් නාමිකව සමාජවාදය යන වචනය භාවිතා කළ අතර යම් රටවල පමණක් නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය යන ව්‍යුහයන් දෙක පමණක් ගෙන සමාජවාදය නාමයෙන් කර ගෙන ගියේය. අනෙක් සියල්ල ධනේශ්වර පුද්ගලවාදී ව්‍යුහය සමාජවාදය නමින් ක්‍රියාත්මක කළේය.
ඉන්පසුව 1947 පසුව ආයුධ සන්නද්ධ අරගල මගින් ක්‍රියාත්මක වූ රාජ්‍ය බලය අල්ලා ගැනීමට සමත් වූ කණ්ඩායම් රාජ්‍ය බලය අල්ලා ගැනීමේ හැකියාව උදා කර ගත්තේය. එම රටවල් වූයේ වියට්නාමය (හෝ චි මින්),
චීනය (මාඹ් සේතුං), උතුරු කොරියාව (කිම් ඉල් සුං), කියුබාව (පිදෙල් ක්‍රැස්තෝ) යන රටවල් හඳුන්වා දිය හැකිය. මෙම රටවල් ද ස්ටැලින්වාදී කාර්මික සමාජවාදය වැළඳ ගෙන ඉතා කෙටි කලක් යන තුරු රුසියාව සමග මිත්‍රව සිටියේය. මේ රටවල සමාජවාදී රාජ්‍ය පද්ධතිය ලෙස හැඳින් වුවත් ව්ල්ඩ්මිර් ලෙනින් විසින් ක්‍රියාත්මක කළ වැඩ පිළිවෙලවල් 10න් එකක්වත් ක්‍රියාත්මක නොකළ රටවල් මේ අතර පැවතුනි. මේ කාර්මික සමාජවාදයෙන් ධනේශ්වර සමාජවාදයට ගමන් කිරීම වෙනස් වූ ආකාරය මේ රටවල්වල සමාජ ව්‍යුහය අධ්‍යයනයන් මගින් සනාථ වේ.
මෙහිදී ලංකාවේ ද ජේ. ආර්. ජයවර්ධන නව ලිබරල්වාදය (විවෘත ආර්ථිකය) වැළඳ ගෙන ගියත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ ‘ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය’ යනුවෙනි. එහිදී වාමාංශික ව්‍යාපාරයේ බලපෑම මත සිදු වූ නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සහ පොදු ප්‍රවාහන සේවය (අද දුම්රිය විතරක් පවතී) තවමත් පවතී. එවිට මේ ධනපති සමාජවාදය යන වාචික අභිනය ලෝකයේ ව්‍යාප්ත වූ ආකාරය හඳුනා ගත හැකි ප්‍රබල සාධකයක්ය.
ඒ වගේම තවමත් නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවය පවත්වාගෙන යන රටවල් ලෙස කියුබාව, ජර්මනිය, පින්ලන්තය, ග්‍රීසිය, අයර්ලන්තය, ස්විඩනය, නෝවේ, චෙක් ජනරජය, ඕස්ට්‍රියාව සහ ලංකාව ද ඇතුළුව රටවල් 9ක අදත් පවතී. වත්මනේ රුසියාවේ ද නිදහස් අධ්‍යාපනය ඉවතට විසි කර ඇත.
නිදහස් සෞඛ්‍ය පමණක් පවත්වාගෙන යන රටවල් 55ක් ලෝකය පුරා තවමත් පවති. ඒවා නම් ඇල්බේනියාව, ඇල්ජීරියාව, ආජන්ටිනාව, ඕස්ට්‍රේලියාව, බහමාසය, බහරේනය, බෙල්ජියම, බෘටානය, බොස්වානාව, බ්‍රසීලය, බෘනේයි, බල්ගේරියාව, කැනඩාව, චිලි, චීනය, කොලොම්බියව, කොස්ටර් රීකාව, කියුබාව, සයිප්‍රසය, චෙච්නියාව, ඩෙන්මාකය, ඉජිප්තුව, ප්‍රංශය, ගානාව, හොංකොන්, ඉන්දියාව, ඉන්දුනිසියාව, ඊශ්‍රායලය, ඉතාලිය, ජපානය, කුවේටය, මැලේසියාව, මොක්සිකෝව, මොරොක්කෝව, නෙදර්ලන්තය, උතුරු කොරියාව, නොර්වේ, පකිස්ථානය, පේරු, පිලිපීනය, පෘතුගාලය, රුසියාව, රුවන්ඩාව, සවුදි අරාබිය, සැල්වේනියාව, දකුණු අප්‍රිකාව, දකුණු කොරියාව, ස්පාඤ්ඤය, ස්විස්ටර්ලන්තය, තායිවානය, තායිලන්තය, ටියුනීසියාව, තුර්කිය සහ එංගලන්තය වන්නේය.
දැන් සමාජවාදය කියන්නේ කාර්මික සමාජවාදයට හෝ ධනේශ්වර සමාජවාදයට බව පැහැදිලිය. අනෙක් කරුණ වන්නේ කාර්මික ධනවාදය හෝ කාර්මික සමාජවාදය හෝ පාලන ව්‍යුහය විසින් ලෝකයට මුදාහල කාබන් පරමාණු ප්‍රමාණයේ වර්ධනය නිසා ගෝලීය උෂ්ණත්වය සහ ගෝලීය දේශගුණ ව්‍යපර්යාස මුලු පෘථිවියේම පැවැත්ම අවසන් කරන තැනට ළං වෙමින් තිබේ.
ගෝලීය ව්‍යසනය පාලනය කරමින් ඇතිකරන සමාජ ආර්ථික ක්‍රමවේදය ගැන නව අර්ථකථනය ලෙස හරිත සමාජවාදය (eco socialism) පැමිණෙන්නේ 2000 පසුවය. ඒ පැවති සමාජවාදය ව්‍යුහයෙන් සමාජය නැවත පිහිටුවිය නොහැකිය යන කතිකාව හරහාය. මේ කරුණ ගැන මම 2014 සිට විශාල වශයෙන් අධ්‍යයනය කර 2019දී ‘හරිත සමාජවාදය’ නමින් කෘතියක් පල කළේ ඒ අවශ්‍යතාවය සඳහාය. හරිත සමාජවාදය ගැන අපි දැන් කතා කරමු.
හරිත සංකල්පය
“හරිත” (eco) යන වදන බොහොමයක් භාෂාවන් තුළ විවිධාංගීකරණය වූ සංකල්පයක් ලෙස භාවිතා කිරීම 1950 සිට පැවත එයි.
එය විශේෂයෙන්ම ඉංග්‍රීසි භාෂාවේ eco යන්න green යන්න වගේම grass හා ජර්මන් භාෂාවේ grow යන පද භාවිතාවේදී සමාන අරුතක් ගෙන දුන් eco යන්න සමාන පදයකි. ඉංග්‍රීසි භාෂාවේ විවිධ සංකල්ප, ගතිගුණ විස්තර කිරීම සඳහා eco යන වචනය යොදාගෙන තිබේ. eco යන වචනය ජීවිතය, සෞඛ්‍ය, තාරුණ්‍ය සහ ප්‍රබොධය යනදී සංකල්ප සඳහා ද යොදා ගෙන ඇත.
ලංකාවේදී “හරිත” යන්න මූලිකව වර්ණ ක්‍රියාවලියේ නිල්පාට සහ කහපාට අතර පිහිටි වර්ණය වූ කොළපාට හැඳින්වීම සඳහා යොදා ගත් පදයකි. කොළපාට යන්න එම වර්ණයටම සීමා වූ වචනයක් වන අතර හරිත යන්න එයටත් වඩා පුලුල් අරුතක් ගෙන දෙන පදයක් ලෙස භාවිතයට පැමිණයේ මෑත භාගයේය. “හරිත” පදය විවිධ භාෂාවල පවතින අතර සොබාදහම වැනි විෂයන් තුළ නව සංකල්ප ගොඩනැගීම සඳහා ද මෑතකදී වැඩියෙන් යොදාගනු දැකිය හැකිය.
ඕනෑම භාෂාවක් සජීවී නම් එයට නව වදන් එකු වීම නිතර සිදුවන දෙයකි. එවිට සොබාදහමට අදාලව මෙලෙස බිහි වූ වදන් අතර eco යන්න environment යන වචනයෙන් බිඳී ආ පදයකි. Eco – connected with the environment (Nature) යන පුලුල් අරුත දෙන පදයක් බව ශබ්ද කෝෂයන් තුළ ප්‍රතිරාවය දෙයි. eco යන්න සිංහල අරුතින් වඩාත්ම පරිවර්තනීය වචනය වන්නේ “හරිත” යන්න වේ.
හරිත යන වදනට සිංහල භාෂාවේ සබඳතාවය පරික්ෂා කරන විට පෙනී යන කරුණ වන්නේ පැරණි සිංහල ග්‍රන්ථ සාහිත්‍යයේ මෙම වදන හමු නොවන බවයි. බොහෝවිට “නීල” යන පදයෙන් පැරණි සිංහල සාහිත්‍යයේ කොළපාට යන්න විස්තර වුවත් හරිත යන්න හමුවන්නේ නැති බව සිංහල විද්වතුන්ගේ මතයයි. කෙසේ වෙතත් “පලාස” යන වදන කොළපාට වෙනුවට පුරාණ සාහිත්‍යයේ නිතර හමුවන පදයකි.
කෙසේ වෙතත් දෙමල බසින් “පච්ච” යන්න කොළපාට සඳහා පුරාණ කාලයේ සිට යොදා ගෙන ඇති බව දෙමළ ඉතිහාසය සාක්‍ෂි දරයි. එවිට බලන විට ලංකාවේ “හරිත” යන වචනය 19වැනි සියසේ සිංහල භාෂාවට එකතු වූ වචනයක් බව හඳුනා ගනු ලබයි.
හරිත යන්න ඇස් ප්‍රිය කරන හරිත වර්ණයෙන් යුක්ත වීම තුළින් ගොඩනැගෙන සුවදායී සොබාදහම යන්න සංකේතවත් කිරීම සඳහා සංකල්පයක් ලෙස ලෝකයට එක්වන්නේ 1950 ගණන්වලින් පසුවය. එයට හේතුවන්නේ ලෝකයේම සිදුවන භෞතික විනාශය නිසා සොබාදහමේ පැවැත්ම අහෝසි වීම සංකේතවත් කිරීම හරිත (eco) වචනය යොදා ගැනීමත් සමගින්, හරිත යන වන වැස්ම වැඩි කිරීම මගින් නැවත ලෝකයේ සොබාදහම ආරක්‍ෂා කිරීමට පැමිණෙන පදයක් ලෙස සමාජයට එකතු වන්නේ එලෙසය. නමුත් එය 21වැනි සියවස ආරම්භවන කාලවන විට සොබාදහමේ විනාශය මෙන්ම, ගෝලීය උණුසුම මෙන්ම, ගෝලීය දේශගුණ විපර්යාස මෙන්ම, ගෝලීය හරිතාගාර ආචරණය වැනි ස්වාභාවික ව්‍යසනය නිසා ඇතිවන සොබාදහම කාන්තාරීකරණය වීමෙන් මෙන්ම සහ ආහාර විනාශයෙන් ගැලවීම සඳහා විසඳුමක් ගෙන දෙන වචනයක් ලෙස නව සංකල්පයකට ඉඩකඩ විවර වන්නේ “හරිත විප්ලවය” යන සංකල්පය ද සමගිනි.
එය තවත් දුරට දිරියට ගොස් හරිත ආර්ථිකයක අවශ්‍යතාවය මත මාක්ස්වාදීන්ගේ වචනයක් ලෙස ද එකතුවන්නේය. එහිදී හරිත යන තේරුමෙන් ලෝකයේ සොබාදහම සමග මුසුවූ ආර්ථිකයක් යන්න අර්ථ ගැන්වීම සඳහා හරිත සමාජවාදය ලෝකයට නව අර්ථකථනයක් එක් කරන්නට සමත් වන්නේය. එය අද මාක්ස්වාදීන් අතර හරිත සමාජවාදය (eco socialism) යන්න වැදගත් සංකල්පයක් ලෙස 21වැනි සියවසේදී ලෝකයට එකතු වී අවසන්ය. එවිට වත්මන වන විට හරිත සමාජවාදය යනු වැඩකරන ජනතාවගේ පැවැත්ම ආරක්ෂා කරන, අලුත් සමාජ ආර්ථික දැක්මක් සහිත, අලුත් විප්ලවවාදී දේශපාලන දැක්මක් සහිත, අලුත් මානව සංකෘතියක දැක්මක් සහිත සහ අලුත් සොබාදහමේ දැක්මක් සහිත සමාජ – ආර්ථික – දේශපාලනික – දාර්ශනික – දෘෂ්ටිමය – සංවිධානාත්මක පද ව්‍යුහයක් බවට පත් වෙමින් පවතී. හරිත සමාජවාදය යනු පරණ රුසියාවේ පැවති ව්ලැඩ්මීර් ලෙනින් බිහිකල සමාජවාදයෙන් ඉදිරියට ගිය දර්ශනික ප්‍රපංචයේ ස්වාභාවික භෞතිකවාදය සමග මුසුවූ නව සංවර්ධනාත්මක දාර්ශනික ස්වරෑපය ලෙස හඳුනා ගැනීමයි. රුසියාවේ පැවති වත්මන සමග හිතකර සමාජවාදී අංග හරිත සමාජවාදී ක්‍රියාවලිය සමග එක් කර ගනු ලබන්නේ ඓතිහාසික භෞතිකවාදී පැවැත්ම ඉටු කිරීමටය. ව්ලැඩ්මීර් ලෙනින් ක්‍රියාත්මක කළ සමාජවාදයේ සමහර කරුණු වත්මන් ගෝලීය අර්බුද හමුවේ නිෂේධනය වී ඇති නිසා අපි විසින් ඉවත දැමිය යුතු කරුණු එම වැඩ පිළිවෙල තුළ ඇත. වත්මන් ගෝලීය අර්බුදයට ව්ලැඩ්මීර් ලෙනින්ගේ සමාජවාදය පිහිටුවීම මගින් විසදුමක් සොයනවා යනු තවත් ගැටළු ගොඩකට ප්‍රවිශ්ඨ වන්නේය.
ඒ වැඩපිළිවෙල සංවර්ධනාත්මකව හා සංසන්ධනාත්මකව ගෝලීය අර්බුදය සමග විග්‍රහකර ගත යුතු නිසාවෙනි. ඒ සඳහා වත්මන් නාමකරණය වන්නේ හරිත සමාජවාදය නැමැති නව අවශ්‍යතාවයක් සහිත සංවර්ධනාත්මක දැක්මකි.
එම සංවර්ධනාත්මක පියවර සකස්වන්නේ කුමන සංගටක නිසාද යන්න අපි දැන් සාකච්ඡාවට ගනිමු.
හරිත දෘෂ්ටිවාදය
සමාජවාදයේ අතීත සහ පවතින බොහෝ ආකාර විවේචනාත්මක ලෙස හරිත සමාජවාදීන් සහ හරිත දේශපාලනයේදී බොහෝ විට “රතු හරිතවාදීන්” ලෙස හඳුනා ගනී. පැහැදිලි ලෙස ගෝලීය ධනවාදී විරෝධී අදහස් ඇති හරිත දේශපාලනයේ යෙදෙන මාක්ස්වාදීන් ඓතිහාසික භෞතිකවාදය, අපෝහක භෞතිකවාදය, ස්වාභාවික භෞතිකවාදය නැමති මාක්ස්වාදී ස්ථාවරයේ ආභාෂය තුළිනි. එවිට මාක්ස්වාදීන් පරිසර-ධනවාදීන්ගෙන් සහ හරිත අරාජිකවාදීන්ගෙන් සහ පරිසර සමාජවාදීන්ගෙන් වෙන් වන මාක්ස්වාදී දෘෂ්ටිවාදය හරිත සමාජවාදය නැමති නාමකරණය යටතට ගිනියි.
“කොමඩු” යන යෙදුම සාමාන්‍යයෙන්, බොහෝ විට අපහාසාත්මක ලෙස, “සමාජ විප්ලව” ඉලක්ක වලින් සොබාදහමේ ඉලක්ක වැළඳ ගැනීමට තබන “හරිත විප්ලවය” මාක්ස්වාදීන්ගේ දෘෂ්ටියට බවට වත්මනේ පත් වී අවසන්ය. එයින් ඇඟවෙන්නේ ඔවුන් “පිටත කොළ පැහැති නමුත් ඇතුළත රතු” බවයි. මෙම යෙදුම සාමාන්‍යයෙන් ස්වාභාවිකවාදය ආරක්ෂා කරන මාක්ස්වාදීන් අතර සංසරණය වන යොදුමකි,
ස්ටැලින්වාදය, මාඕවාදය, නිලධාරිවාදය, රාජ්‍ය ධනවාදය ලෙස හඳුනාගන්නා ස්වයංව විස්තර කරන ලද කාර්මික සමාජවාදී ප්‍රභූ න්‍යායන් ද මාක්ස්වාදීන් විවේචනය කරති. එම විවේචනයන් වත්මනේ වැඩක් නැත. ඒ වගේම, මාක්ස්වාදයේ “පළමු යුගයේ” සමාජවාදී විමුක්තිදායක ඉලක්ක තබා ගනිමින් සමාජවාදය ස්වාභාවිකත්වයෙන් පුරවා ගැනීම සඳහා හරිත සමාජවාදය කෙරෙහි අවධානය යොමු කරති.
වෙනස් සමාජවාදී මත දැරුව කාලය අවසන් කර හරිත සමාජවාදය නැමැති නව දැක්ම තුළට වමේ විවිධ පිල් එකතු කර ගැනීම මේ මොහොතේ කළ යුතු වැඩසටහනකි. ඒ සඳහා නව තාවයක් හරිත සමාජවාදය යන නාමකරණයෙන් ලබා ගත හැකිය.
හරිත සමාජවාදය සමාජීය හා සොබාදහමේ යහපැවැත්මට මුල් තැන දෙන පංති අරගලයට රැඩිකල් විකල්පයක් ඉදිරිපත් කිරීම සඳහා නව මූලාරම්බයක් සපයයි. ශ්‍රමය සූරාකෑම සහ සොබාදහම සූරාකෑම අතර සම්බන්ධතාවලට අනුගත වෙමින් ගෙන යන “ගෝලීය ධනවාදය,” “කාර්මික සමාජවාදය,” “ධනපති සමාජවාදය,” “නිෂ්පාදන සමාජවාදය,” “පරිසර සමාජවාදය” සහ “පශ්චාත් නූතනවාදය” යන ව්‍යසනකාරී මතවාද වලට එරෙහිව හරිත සමාජවාදය පැහැදිලි විකල්පකි.
ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී සැලසුම්කරණයේ නව ආකෘතියක් වැළඳ ගැනීමෙන්, සමාජයට නිෂ්පාදන මාධ්‍යයන් මගින් සමාජයේ ඉරණම පාලනය කළ හැකි දාර්ශනික දැක්මක් මාක්ස්වාදය සතුය. එම මාක්ස්වාදී දැක්ම හරිත සමාජවාදය නමින් නව දෘෂ්ටියක අවශ්‍යතාවය සමාජ ගත කිරීම අප සැමගේ වගකීමකි.
සොබාදහමේ මූලික මූලධර්ම සහ දේශපාලන ආර්ථිකය පිළිබඳ මාක්ස්වාදී විවේචනය සංස්ලේෂණය කිරීමේදී, හරිත සමාජවාදය සාපේක්ෂ සත්‍ය මත පදනම් වන රැඩිකල් විකල්පයකි. හරිත සමාජවාදය, ව්‍යාපාරයක් ලෙස, සාපේක්ෂව අලුත්ය, නමුත් එහි මූලික තර්ක කාල් මාක්ස් – ප්‍රෙඩ්රික් එංගල්ස් – ව්ල්ඩ්මීර් ලෙනින්ගේ – ලියෝන් ට්‍රොට්ස්කිගේ [Leon Trotsky 1879-1940] ලේඛන දක්වා දිව යයි. දැන්, බුද්ධිමතුන් සහ ක්‍රියාකාරීන් මෙම උරුමය යථා තත්ත්වයට පත් කරමින් ජීවය සහ සොබාදහමේ අවශ්‍යතා ප්‍රමුඛව තබමින් ප්‍රජාතන්ත්‍රවාදී ස්වාභාවික සැලසුම්කරණ මූලධර්මවලට අනුව ආර්ථිකය රැඩිකල් ලෙස ප්‍රතිව්‍යුහගත කිරීමක් සොයමින් සිටිති.
20වැනි සියවසේ “පැවති සමාජවාදයන්,” බොහෝ විට පාරිසරික වශයෙන් නොසලකා හරින ලද නිලධාරිවාදයන් සමග, ඇති වූ ක්‍රියාකාරීත්වය වත්මනේදී නිෂේධනයකට ලක් වී අවසන්ය. අද සමාජවාදීන් ලෙස පෙනී සිටින අය ගෝලීය ව්‍යසනයන් පසෙක දමා කරන විවේචනය සඳහා ආකර්ශනයක් ලබා නොදේ. ඒ නිසා, වත්මනට ගැලෙපෙන වඩා හොඳ ලෝකයක් නිර්මාණය කළ හැකිව ඇති බව පැවසුවත් දැක්මක් නැත.
දැක්මක් අවශ්‍ය බව විශ්වාස කරන ලොව පුරා ඇති මාක්ස්වාදී ව්‍යාපාර සමග සම්බන්ධ වන අප විසින් හරිත සමාජවාදය නැමති දෘෂ්ටිය සකස් කර ගත යුතුය.
මාක්ස්වාදීන් ස්වාභාවිකවාදීන් විය යුත්තේ ඇයි?
පෘථිවියේ බොහෝ ජීවීන්ගේ පැවැත්ම අවදානමට ලක්ව ඇත.
ජීවීන්ගේ විවිධත්වය විසින් සමතුළිතතාවය ආරක්ෂා කරන එක් ප්‍රපංචයක් ලෙස වසර මිලියන 538ක කාලයක් පැවතුණි. ස්වාභාවික විද්‍යාව අනුව සමතුලිත ව්‍යුහය අත්‍යව්‍යශය පැවැත්මකි.
ගෝලීය දේශගුණික විපර්යාස පෘථිවියේ අර්බුදයේ වඩාත්ම තර්ජනාත්මක ප්‍රකාශනය නියෝජනය කරන අතර එය ඓතිහාසික භෞතිකවාදයෙන් තොරව අභියෝගයක් මතු කරයි. ගෝලීය උෂ්ණත්වය කාර්මිකකරණයට පෙර මට්ටම් 2°C ට වඩා වැඩි වීමට ඉඩ දෙන්නේ නම්, ජනතාව වැඩි වැඩියෙන් භයානක ප්‍රතිවිපාක බලාපොරොත්තු විය යුතුයි. එනම් මුහුදු මට්ටම ඉතා විශාල ලෙස ඉහළ යාම, එය බංග්ලාදේශයේ ඩකා සිට ඇම්ස්ටර්ඩෑම්, වැනීසිය හෝ නිව්යෝර්ක් දක්වා බොහෝ සමුද්‍රීය නගර ජලයෙන් යටවීමේ අවදානමක් ඇත. මහා පරිමාණ කාන්තාරකරණය, ජල විද්‍යාත්මක චක්‍රයේ සහ කෘෂිකාර්මික නිෂ්පාදනයේ බාධා, නිතර නිතර ඇතිවන ආන්තික කාලගුණික සිදුවීම් නිසා ජීවය අහිමි වීම වේගවත් වී තිබේ. උෂ්ණත්වය වැඩිවීම සෙල්සියස් අංශක 5°Cක්, 6°Cක් , හෝ 7°Cක් – පෘථිවියට ශීෂ්ට සම්පන්න ජීවිතයට සහාය විය නොහැකි බව වාසයට නුසුදුසු බවට පත් විය හැකි අන්තර් කාලයකට අපි ළඟා වෙමින් සිටිමු.
විශේෂයෙන්ම කනස්සල්ලට කරුණ නම්, දේශගුණික විපර්යාසවල බලපෑම් දේශගුණ විද්‍යාඥයින් විසින් පුරෝකථනය කළ ප්‍රමාණයට වඩා ඉතා වේගවත් ලෙස ව්‍යාප්ත වීමයි. ඔවුන් – සියලුම විද්‍යාඥයින් මෙන් – ඉතා ප්‍රවේසම් සහගත වීමට නැඹුරු වෙති. දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලයක වාර්තාවක තීන්ත වියළී ගිය විගසම, දේශගුණික බලපෑම් වැඩි වීම නිසා ඔවුන්ගේ ක්‍රියාකලාපය එවිට ගුඪවාදී බවක් දිස් විය. අනාගතයේදී කුමක් සිදුවේදැයි අවධාරණය කරන කාලවලදී අප මුහුණ දෙන දේ කෙරෙහි ජනතාවගේ අවධානය වැඩි වැඩියෙන් යොමු කිරීමට හරිත සමාජවාදීන්ට සිදු වී තිබේ.
සමහර සමාජවාදීන් පරිසර විද්‍යාවක අවශ්‍යතාවය පිළිගන්නා නමුත්, “හරිත සමාජවාදය” යන යෙදුමට විරුද්ධ වෙයි. ඒ සමාජවාදය දැනටමත් පරිසර විද්‍යාව, ස්ත්‍රීවාදය, ජාතිවාදයට එරෙහි වීම යන කරුණු සහ සමාජවාදී ප්‍රගතිශීලී පෙරමුණු තුළට තමන් ඇතුළත් බව ද තර්ක කරති. කෙසේ වෙතත්, සමාජවාදී අදහස්වල තීරණාත්මක වෙනසක් යෝජනා කිරීමෙන් හරිත සමාජවාදය යන යෙදුම දේශපාලන වැදගත්කමක් දරයි. පළමුව, ධනවාදී ව්‍යසනය පිළිබඳ නව අවබෝධය සමාජ ගත කිරීමයි. දෙවනුව, විසඳුම විදිමත් ලෙස අර්ථකථනය කර සමාජයට ඉදිපත් කිරීමත් මේ සමගම පැවරෙන වගකීමකි.
හරිත සමාජවාදීන් විය යුත්තේ ඇයි?
මාක්ස්වාදී කතෘවරුන් දෙදෙනා විසින් පෙන්වා දී ඇති පරිදි, ධනවාදී සමාජය අනාගතයට නොගැලපෙන්නේය. කාර්මික විප්ලවයේ සිට පොසිල ඉන්ධන මගින් මෙහෙයවන ආර්ථික වර්ධන යන්ත්‍රයක් වන ධනවාදී ක්‍රමය, ගෝලීය උණුසුම සහ ගෝලීය දේශගුණික විපර්යාස සහ පෘථිවියේ පුළුල් ස්වාභාවික අර්බුදයේ ප්‍රධාන වැරදිකරුවෙකි. නිමක් නැති ප්‍රසාරණය සහ සමුච්චය කිරීම, සම්පත් නාස්තිය, ප්‍රදර්ශනාත්මක පරිභෝජනය, සැලසුම් සහගත යල් පැන යාම සහ ඕනෑම වියදමකින් ලාභය ලුහුබැඳීම යන එහි අතාර්කික තර්කනය මගින් පෘථීවියේ අගාධයේ අද්දරට වත්මන වන විට තල්ලු කර ඇත.
උදාහරණයක් ලෙස, 2015 පැරිස් දේශගුණික සමුළුවේදී, බොහෝ රටවල් සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම 2°C කට වඩා අඩුවෙන් තබා ගැනීමට බැරෑරුම් උත්සාහයන් ගැනීමට තීරණය කළහ (එහිදී ඔවුන් එකඟ වූයේ, 1.5°C කට වඩා අඩු මට්මමක උෂ්ණත්වය තබා ගැනීමටය). නමුත් ඔවුන් තම හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම සඳහා පියවර ක්‍රියාත්මක කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් විය. කෙසේ වෙතත්, ඔවුන් කිසිදු විසඳුමක් බලාත්මක කිරීමේ යාන්ත්‍රණයක් හෝ අනුකූලතාවයක් ක්‍රියාත්මක කිරීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයකට එකඟ වූයේ නැති අතර, එබැවින් කිසිදු රටක් තම වචනය ඉටු කරන බවට සහතිකයක් නොමැතිව සමුළුව කල් දැමීම පමණක් කළේය. ලෝකයේ දෙවන ඉහළම කාබන් විමෝචකයෙකු වන ඇමරිකා එක්සත් ජනපදය, දැන් එක්සත් ජනපදය එම ගිවිසුමෙන් ඉවත්ව දේශගුණික විපර්යාස ප්‍රතික්ෂේප කරන්නෙකු වන ඩෙනල්ඩ් ට්‍රම්ස් [Donald Trump 1946-] විසින් මෙහෙයවනු ලැබේ. සියලුම රටවල් ඔවුන්ගේ කැපවීම ඉටු නොකළ නිසා, ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 3ක් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් ඉහළ යනු ඇති අතර, භයානක ලෙස ආපසු හැරවිය නොහැකි දේශගුණික විපර්යාස සඳහා විශාල අවදානමක් වත්මනේ හටගෙන ඇත. ඒ භූමිකම්පා, සුලි කුණාටු, ලැව්ගිනි, අධික සුලං ප්‍රවාහයන්, ගිණි කඳු පුපුරායාම වැනි ක්‍රියාවලිය සක්‍රීය වී තිබේ.
අවසානයේදී, හරිත ධනවාදයේ මාරාන්තික දෝෂය පවතින්නේ ලාභය සහ අලාභය පිළිබඳ කෙටි දැක්මක් සහිත ගණනය කිරීම් සහිත ධනවාදී වෙළඳපොළේ ක්ෂුද්‍ර තාර්කිකත්වය සහ පොදු යහපත සඳහා සාමූහික ක්‍රියාකාරිත්වයේ සාර්ව තාර්කිකත්වය අතර ගැටුම තුළය. වෙළඳපොළේ අන්ධ තර්කනය, පාරිසරික තාර්කිකත්වයේ අභ්‍යන්තර පරස්පරතාවයකින් පොසිල ඉන්ධන යැපීම පිළිගනිමින් වේගවත් බලශක්ති පරිවර්තනයකට විරෝධය දක්වයි. කාරණය වන්නේ “හොඳ” හරිත ධනපතියන්ට ප්‍රතිවිරුද්ධව “නරක” පරිසර නාශක ධනපතියන්ට චෝදනා කිරීම නොවේ; වරද ඇත්තේ අනුකම්පා විරහිත තරඟකාරිත්වයකින් සහ ස්වභාවධර්මයේ සමතුලිතතාවය විනාශ කරන කෙටි කාලීන ලාභය සඳහා වන තරඟය මුල් කර ගත් පද්ධතියකින් ලෝකය මෙහෙය වීමය.
එම අභියෝගයට මූල්‍යමය නොවන සහ බාහිර-ආර්ථික, ස්වාභාවික සමාජ මූලධර්ම මත පදනම් වූ සහ ප්‍රජාතන්ත්‍රවාදී තීරණ ගැනීමේ ක්‍රියාවලීන් හරහා පාලනය වන “හරිත ආර්ථිකයක්” ගොඩනැගීම අවශ්‍ය වේ. මෙම දැක්ම සාක්ෂාත් කර ගැනීම, පහසුකම්, යන්ත්‍රෝපකරණ සහ යටිතල පහසුකම් වැනි ආර්ථික වටිනාකමක් නිෂ්පාදනය කිරීමට භාවිතා කරන භෞතික යෙදවුම් වන “නිෂ්පාදන මාධ්‍යයන්” මත මහජන සැලසුම් කිරීම සහ පාලනයක් නොමැතිව කළ නොහැකි වනු ඇත.
ඇත්ත වශයෙන්ම, හරිත සමාජවාදය අතීතයේ පැවති “සමාජවාදයට” වඩා බෙහෙවින් වෙනස් වැඩසටහනක් සහ දැක්මක් ගෙන ඒමද තවත් හේතුවකි. සොබාදහමේ ගැටලුවට මූලයන් ගෝලීය ධනේශ්වර පද්ධතිය බැවින්, පවතින ධනේශ්වර ක්‍රමයට අභියෝග කළ යුතු අතර, එයින් අදහස් කරන්නේ 21වැනි සියවසේ සොබාදහම සහ සමාජවාදය යන ඒකාබද්ධතාවය නිවැරදිව – “හරිත සමාජවාදය” නමින් තේරුම් ගැනීමයි.
හරිත සමාජවාදය යනු ඓතිහාසික භෞතිකවාදය, අපෝහක භෞතිකවාදය, ස්වාභාවික භෞතිකවාදය හෝ සොබාදහමේ පරිණාමය ලෙස ද මාක්ස්වාදී දර්ශනය මගින් ස්ථාවර කළ භෞතිකවාදය නැමති දාර්ශනික දෘෂ්ටියයි. භෞතිකවාදය යනු පරමාණුව, විශ්වය, සොබාදහම නම් එය ස්වාභාවික ලෙස ජෛව විවිධත්වය සහිතව සමාජීය ලෙස සකස් කිරීම ආරම්භක දැක්ම ලෙස හරිත සමාජවාදය සංවර්ධනාත්මකය. හරිත සමාජවාදයේ අංග ලෙස විප්ලවවාදී පංතිය හෝ හරිත දේශපාලනය හෝ සොබාදහමේ ප්‍රකෘති කිරීම හෝ සංල්පීය ලෙස වත්මනේදී ප්‍රමුකත්වයට පැමිණි කරුණුය.
හරිත සමාජවාදය සැලසුම්කරණය
හරිත සමාජවාදයේ හරය සොබාදහමේ ප්‍රජාතන්ත්‍රවාදී සැලසුම්කරණය පිළිබඳ සංකල්පයක් වන අතර, ජනගහනය වැඩිවීම සොබාදහමට ප්‍රශ්නයක් නොවන්නේය. ඒ වත්මනේ සිටින ලෝක ජනගහනය බිලියන 8ක ජනතාව ජීවත් කරවීමට සොබාදහම සමග මුසුවූ සැලසුම් සහගත ආර්ථිකයක් සකස් කර සියලු ජීවින්ගේ විවිධත්වය ද ආරක්ෂා වන පරිදි සැලසුම් කළ හැකි නිසාවෙනි. මෙම නව ජීවන රටාවට මහා සංක්‍රාන්තියේ මුල් අවධියේදී, එහි නව නිෂ්පාදන හා පරිභෝජන ක්‍රමය සමග, ආර්ථිකයේ සමහර අංශ නිෂේධනයට ලක් කළ යුතුය (උදා: දේශගුණික අර්බුදයට සම්බන්ධ පොසිල ඉන්ධන භාවිතය) හෝ පොදු ප්‍රවාහන සේවය නැවත ස්ථාපිත කළ යුතු අතර, එහි නව අංශ සංවර්ධනය කර ගත යුතුය. ආර්ථික පරිවර්තනය සමග සමාන රැකියා කොන්දේසි සහ වැටුප් සහිත පූර්ණ රැකියා සක්‍රීයව වැඩි කිරීම සිදු කළ යුතුය. සාධාරණ සමාජයක් ගොඩනැගීමට සහ නිෂ්පාදන බලවේගවල ව්‍යුහාත්මක පරිවර්තනය සඳහා වැඩකරන පංතිය බලයට ගෙන ඒම මගින් පරිවර්තනයන් ඇති කිරීම අත්‍යවශ්‍ය කොන්දේසිය වේ.
එවැනි සාමූහික දැක්මක් නිෂ්පාදන මාධ්‍යයන් සහ සැලසුම් ක්‍රියාවලියේ පෞද්ගලික පාලනය ක්‍රියාවලිය සමග සමපාත කළ නොහැකිය. විශේෂයෙන්, ආයෝජන සහ තාක්ෂණික නවෝත්පාදනයන් පොදු යහපතට සේවය කිරීම සඳහා, තීරණ ගැනීම දැනට ආධිපත්‍යය දරන බැංකු සහ ධනේශ්වර ව්‍යවසායන්ගෙන් ඉවත් කර පොදු වසමට ඇතුළත් කළ යුතුය. එවිට, දේපළ හිමියන්ගේ කුඩා කතිපයාධිකාරීත්වයක් හෝ තාක්ෂණික-නිලධාරිවාදී ප්‍රභූවාදයක් නොව, සමාජයම නිෂ්පාදන මාර්ග වරප්‍රසාද සහිත විය යුතුද යන්න අධ්‍යාපනය, සෞඛ්‍යය සහ සංස්කෘතිය සඳහා සම්පත් ආයෝජනය කළ යුත්තේ කෙසේද යන්න ප්‍රජාතන්ත්‍රවාදීව තීරණය කර ගත යුතුව ඇත. ආයෝජන ප්‍රමුඛතා පිළිබඳ ප්‍රධාන තීරණ – එනම් සියලුම ගල් අඟුරු බලාගාර අවසන් කිරීම හෝ කෘෂිකාර්මික රසායනික පොහොර සහනාධාර වෙනුවට කාබනික පොහොර නිෂ්පාදනයට (සොබාදහමේ ගොවිතැන) යොමු කිරීම සෘජුව කර ගත යුතුය. අනෙකුත්, අඩු වැදගත්කමක් ඇති තීරණ අදාළ කලාපීය හෝ ප්‍රාදේශීය හෝ දේශීය හෝ ජාත්‍යන්තර පරිමාණයෙන් විසඳා ගත යුතුය.
පූර්ව විප්ලවවාදී සමය
ජන අරගලයෙන් විප්ලවකාරී බලය ලබා ගැනීම් අවස්ථා දෙකක් ධනපති ක්‍රමය තුළ සටහන් වී තිබේ. ඒ 1871දී ‘පැරිස් කොමියුනය’ පිහිටුවීම සහ 1917 ‘රුසියානු විප්ලවය’ යන අවස්ථා දෙකය. එහිදි ප්‍රංශයේ පාලකයාව සිටි ඇඩොල්ෆ් තියර්ස් [Adolphe Thiers 1797–1877] පන්නා දැමීම සිදු වූයේ ජන අරගලය තුළිනි. කාල් මාක්ස් ‘පැරිස් කොමියුනය’ ගැන වීශේෂ කෘතියක් සම්පාදනය කළේ එම අරගලයේ ඇති වැදගත්කම සැලකිල්ලට ගෙනය. ඉන් පසුව රුසියාවේ පාලකයා වූ මයිකල් ඇලෙක්සැන්ඩ්‍රොවිච්ව (සාර්) ජන අරගලයෙන් එලවා දැමූයේ 1917 අප්‍රේල් මාසයේදීය. මෙසෙල ජන අරගලය තුළින් පාලකයන් එලවා දැමීම නැවත ආරම්භ වූයේ 2022 ශ්‍රී ලංකාවේ ගෝඨාභය රාජපක්ෂ එලවා දැමීම තුළිනි. ඉන් පසුව 2024 බංලාදේශයේ ශික් හෂීනාව එලවා දැමීම දක්වා ගමන් කළේය. වත්මනේ ඇමරිකාවේ ඩෙනල් ට්‍රම්ට සහ තුර්කියේ ජනාධිපතිව ටයීප් එර්ඩොගන්ව එලවා දැමීමේ අරගල ආරම්භ වී තිබේ. එංගලන්තයේද මෙවැනිම අරගලක් ආරම්භ වී තිබේ. මෙවැනි අරගල ලෝකයේ සෑම රටකම ආරම්භ වීමට ගෝලීය අරබුදය හරහා මතුවන අරගල වත්මනේ හඳුන්වන්නේ “පූර්ව විප්ලවාදී සමයක්” ලෙසය. මෙලෙස ලෝකයේම ගෝලීය ධනේශ්වර ක්‍රමය කඩා වැටීමට ලං වෙමින් තිබේ. මෙහිදී ලෝකය පුරාම ජන අරගලය මගින් අර්බුදයට විසඳුම් සොයති. ඒ සඳහා මාක්ස්වාදීන් වන අපිද විදිමත් ලෙස ලෝකයේ ගමන් කරන නිවැරදිව මාවත තුළින් නව දැක්මකින් ගමන් කිරීම ආරම්භ කළ යුතුය.
හරිත සමාජවාදී ප්‍රකාශනය
“හරිත සමාජවාදී ප්‍රකාශනයක” අවශ්‍යතාවය විසින් යෝජනා කරන්නේ ගෝලීය ධනවාදී ව්‍යාප්තිය හඳුන්වන “ධනේශ්වර ස්වරූපයෙන්” පැන නගින ලද “ප්‍රචණ්ඩ කාර්මිකකරණය” වගේම “සමාජ බිඳවැටීම” වගේම “සෙබාදහමේ අර්බුද” විසඳා ගැනීමට මාක්ස්වාදී විසඳුම් ලියවිල්ක අවශ්‍යතාවයයි.

චමිල් ජයනෙත්ති





