මංජුල වෙඩිවර්ධන විහිළුවට මං එහෙම කිව්වෙඇත්තට ම ගත්තද?ඔබ හිටියෙඅඳුනන්නැතිසෙනඟ ගොඩක් මැදවිශේෂයක් නැති මුහුණක.මතක තියාගන්නඔබට වුණත් පුළුවන්දමේපල් ගසක තුරුපත්වෙන වෙන ම?අත්තැරුණු…
සිත දැහැන් ගන්වනු මැනේ….
එස්. අමුණුගම දෙනෙත් පියැවුණුඇසිල්ලකහිත නිවනඅරුමැතිමසුමිතුරු ඔබයදෙවිඳුනි!සඳ ඇවිත් අහසේ මුදුන් වීතරු ගයත් පෙම් ගී තුරුල්වීතුරු මුදුන්ඉඳ හිට වහන් කරමින්ඇයි ද දන්නෙ…
තවමත් අළුයම අයිති රැයටයි
නිමාලි දිල්රුක්ෂි තවමත් අළුයම අයිති රැයටයිඅළුයමට කවි ගී පද කෙලෙස ගොතන්නදපෙරදිග ක්ශිතිජයේ නැග එන ආලෝකය පතලාවිහගුන්ගේ ස්වර ගීත අසා සිටින්නම්හද…
තාත්තා නැති අරුම දැනුනී
රොෂිකා ජයසුරිය නිහඩ උනුසුම්සුසුම් පරවිකදුලු නිසසලගතින් වෙන් වීනිල්වලානිමිනයද තනිවීතාත්තා නැති අරුම දැනුනී.
උපහාරයෙන් පිදෙනා වගයි නම්…
එස්. අමුණුගම හද ඉකිබිඳිනා මැනවින් හඳුනාදෙනෙත් කෙවෙණිඅග ඔබ හිඳිනාතනිකම හඳුනාදෙකොපුල් සිඹිනාපිවිතුරු හදිනාපාලුව මකනාසීමා මායිම් වැට පන්නාතුරුලට වී දිගටමහිත හදනාකිසි දින…
ආදරණීය හිස්තැනට..…
පැටලිලි ගැට ගැහුන ජීවිතේට සෑහෙන්න හිස්තැන් තිබ්බා…….මං වක්කඩ කැඩුනා වගේ කියවද්දි දුඹුරු ඇස්වලින් ඔයා බලන් හිටියා……..කවුරුත් කවදාවත් ඇහුම් කන් නෝදීපු…
සද්දන්ත වන ගැබේ අසිරිය අලියා
“සද්දන්ත වන ගැබේ අසිරිය අලියා” ගිතය එලි දැක්විම අද (12) ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ගේ…
ඔයා මට කැමති උනේ ඇයි ?
ඔබ අසන්නේ මට යාබදව වැතිර හිඳ මලානික කහ පෑ බල්බය නිවී ගිහිනුත් පැය ගාණකට පස්සෙ, තද අඳුරේ වුවද අතිශය සියුම් වෙනස්කම් පවා හොඳින්ම පෙනෙමින් තිබූ වෙලාවක, ජනේලෙන් එපිට විල ලෝකයකම පැවැත්ම අවිනිශ්චිත වූත් නොසලකා හැරිය හැකි වූත් වෙලාවක, සිවිලිමේ ඩිම් වුනු සුද දැල්වෙමින් තිබූ වෙලාවක, “ඒ වගේ දේවල්වලට හේතු තියෙනවද ?” මම අසන්නේ ඔබට යාබදව වැතිර හිඳ ඒකාකාරීව ඇසෙන විදුලි පංකාවේ තටු, සුළඟ හා ගැටෙන හඬ පවා නෑසෙමින් ගොස් රාත්‍රියටම එකතු වී තිබු වෙලාවක, කේමදාසයන් මල පසුත් ප්‍රේමදාසයන් මියගියේ නැති නිසා අඳුරේම පමණක් විමුක්ති ගී ගයන රැහැයි කැන්ටාටා කණ්ඩය ප්‍රසංගය අරඹා තිබු වෙලාවක,…
තවත් එක් ගැහැණියක්……
මුළු පරිසරයම අඳුරින් වෙලිලා කෑලි කැපිය හැකි කළුවර අතීතය වගේම මහ දුකක් ඇස් පිය මත ගුලි ගැහිලා…. හැමෝම මේ නිදගත් මොහොතේ මගේ සිත පමණක් අවදිවෙලා… නිදිමත අතිත මතකයන් පලවාහැර දමලා… පියවී ඇති නෙතුපියන් අතරින් ගලායන උණුම උණු කඳුළු බිඳු මුහුණ දිගේ ඇදී ගොස් කොට්ටය මත නොයෙක් නොයෙක් දිශාවන් පුරා විසිරි ගිහිල්ලා හරියට මගේ ජීවිතය වගේ….. ” දැන් නිදාගනින් දුවේ “ ආදරණිය කටහඬින් කණ වැටුණු සැනෙන් මට දැණුනේ ඇයත් මං එක්කම නිදිනැතිව හඬාවැටෙන බවයි තනියට ඇගේ සිතත් ඒ මතම අම්මේ මං දන්නවා මගේ ජීවිතය නුඹට මහ දුකක් බව…. විවාහය බිඳ වැටිලා.. කුරිරු මිනිසෙකු ලඟ දිවි ගෙවමින් දුක ම ජීවිතයම කරගත් මම නුඹ ලඟට ආපහු ඇවිල්ලා…. මගේම කුසින් බිහිකරපු දියණයත් සමඟම….. එදා මම දීග යන දවසේ නුඹ හැඬුවත් දන්නවා මම නුඹ තරම් කව්රුත් සතුටු නොවුනු බව මිහිමත තාත්තාවත් නැති මගේ අනාගතය…. මගේ ජීවිතයේ සතුට හා රැකවරණය තවත් මිනිසෙකුගෙන් ලැබෙන බව නුඹට දැනුණ නිසා ……මහමෙරක් පැතුම් සිත පුරා ඉතිරිලා… අළුත් කැදැල්ලකට… සෑම ගැහැණියකගේ ජීවිතයේ සතුට සිනහව උණුසුම රැකවරණය ……. හා ආරක්ෂා වත් බලාපොරොත්තුවුන ගැහැණු අතර මමත් තවත් එක් ගැහැණියක් වුණා…. එහෙත්… ගතවු කාලය….. සුන්දර කතාබහ වෙනුවට රළු දරුණු විස වදන්… දයාදර උණුසුම වෙනුවට රත් පැහැගත් අතැඟිලි වල හැඩතල සිරුර පුරා පුපුරලා…. සෙනෙහසක දැවටීම වෙනුවට කතානොකරන දින සති ගෙවන්නට සිදුවෙලා…… මට මාවම අහිමි කරලා විවාහය……. ජීවිතයේ නීරසම කාලය බවට පත්වෙලා ඔහුගේ එකම සතුටේ බාදකය මා බව මට වැටහුණා පා පහරින් එළියට වීසිවුනු ජීවිතය යළිත් මගේ අම්මත් සමග…… මට වැඩියෙන්ම දුක මගේ අම්මා මා නිසා විඳින වේදනාවයි ….. මේ කිසිත් නොදන්නා නරුමයකුගේ ලෙයින් උපන් දියණියකගේ හෙට දවසේ අනාගතයයි…… මේ රාත්‍රිය ….අළුත්, වේදනාවෙන් ඇරඹෙන මේ රාත්‍රිය දිගුයි.. උදෑසනක් යළිත් හමු නොවන ලෙස වේදනාවෙන් ගෙවන මේ රාත්‍රිය අවිනිශ්චිත ජීවතය අවසන් වනතෙක් විඳින්නට…ම නොගැලෙපෙන මිනිසෙකු ජීවිතයට ලන්කරගත් වැරැද්දට………. සුධර්ම රත්නායක 2025 මාර්තු 08
තිතක් දියතේ ජානකී
උදය ආර්. තෙන්නකෝන් සිතා ගත හැකිපතා ගෙන නැතිලෝක දහමකිවෙලාවක් නැති සිතේ අහළකපහළ වී නැතිඅවේලාවක අඳුරකිකලාවක් වූ අකල් වැස්සටගසා ගෙන ගියහද…




