සද්දන්ත වන ගැබේ අසිරිය අලියා

“සද්දන්ත වන ගැබේ අසිරිය අලියා” ගිතය එලි දැක්විම අද (12) ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී දළදා මාලිගාවේ බහුකාර්‍ය ගොඩනැගිල්ලේ දි පැවත්විනි .
සාහිත්‍ය ශූරි සුනිල් සරත් පෙරේරා විසින් රචිත, සංගිතවේදි නවරත්න ගමගේ මහතා සංගිතවත් කල මෙම ගී සංකල්පනාව රොහාන් ශාන්ත බුලේගොඩ ගේ සුගායනයෙන් ගීතවත් වේ.

උත්සව සභාව ඇමතු නිලමේවරයා අලි ඇතුන් කියන්නේ බොදුණුවන් ගේ සංස්කෘතිය ,බුද්ඩ චරිත හා සමීප සත්වයෙක්. එය ප්‍රග් ඓතිහාසික යුගය දක්වා විහිදෙනවා. අතිතයෙ මිනිසුන් හා අලියා අතර හොද අවබෝධයක් හා මිත්‍රත්වයක් තිබුනා.
වර්තමානයේ අලි ගහනය වැඩිවිමක් පවතින අතර මිනිස් වාස ජනාකිර්ණ විම හේතුවෙන් අලි ඇතුන් ගේ භූමිය, අහාර, ජලය හිගවිම නිසා අලි- මිනිස් ගැටුම් තිර්ණාත්මක වි ඇති බව නිලමේවරයා වැඩිදුරටත් පැවසීය.
අලින් හා මිනිසුන්ට ද සාධාරණව මේ ගැටලුව විසදිය යුතුය. මෙය තනිව කල නොහැකි, ඒය සාමුහික උත්සහයක් විය යුතුය .

අලි සම්බන්ධ සාහිත්‍යය සෙල්ලිපි වල පවා සටහන් වි ඇති බව පැවසු සාහිත්‍යවේදි සුනිල් සරත් පෙරේරා මහතා ,
අලියා කියන්නේ අපිට ආවෙනික සත්වයෙක්. අතීත සෙල්ලිපි වල “වැරියන්” නමින් අලියා හදුන්වනු ලැබුවා. අප අලි මිනිස් ඇල්මක් ඇතිකර යුතුය. එ් වෙනුවෙන් මෙ සත්වයා පිළිබඳ අවබෝධයක් ලබා ගැනිම වැදගත්.
අනාගත පරපුර වෙනුවෙන් මේ සත්වයා පිළිබඳ අවබෝධයක් ලබා දිම වෙනුවෙන් අලියා පිළිබඳ ජිව විද්‍යාත්මකව හා ඉතිහාස තොරතුරු පෙලපොත් වල ඇතුලත් කිරීම වැදගත් බව පෙරේරා මහතා තවදුරටත් පැවසීය.
අලියා ගැටලුවක් නෙවෙයි සම්පතක් ලෙස දකිමු.

ගිතය සංගිතවත් කල සංගිතවේදි නවරත්න ගමගේ මහතා ,
මම අලි පිළිබඳ කුඩා කාලයේ සිටම සංවේදී කෙනෙක්. 2018 “පනාමුරේ කුංචනාද ” නිර්මාණය වන්නේ එ් අනුව. මෙ නිර්මාණය එවන් වු සංවේදි අවස්ථාවක් .

මෙම ගීතයේ රූප රචනාව රවින්ද්‍ර මුණසිංහ මහතා ගෙනි. “සද්දන්ත වන ගැබේ අසිරිය අලියා ” ගිතයේ නිශ්පාදක හෙල්ප් ශ්‍රී ලංකා අධ්‍යක්ෂක සුනිල් රඹුක්පොත මහතාය.

More From Author

ජීවිතය ලිවීමේ සොක්‍රටික පරීක්ෂාවක්…

Leave a Reply

Categories

LDM Columns