පැටලිලි ගැට ගැහුන ජීවිතේට සෑහෙන්න හිස්තැන් තිබ්බා…….
මං වක්කඩ කැඩුනා වගේ කියවද්දි දුඹුරු ඇස්වලින් ඔයා බලන් හිටියා……..
කවුරුත් කවදාවත් ඇහුම් කන් නෝදීපු මගේ ජිවිතේ අදුරු පැති ගැන මං ඔයාට කියන්න ගත්තේ හරි බයෙන්….
අර ඔයා ගේ හයිය අත මගේ අත උඩුන් තිබ්බම දැනෙන ආරක්ෂිත හැගීමට අරක් අරන්. එහෙම වෙලාවට මගේ වචන පැටලැවෙනවා…
එහාට මෙහාට දුවන ජීවිතේ වෙහෙසයි කියලා මං කියද්දි ඔයා ඒවට උත්තර හොයනවා..
කාත් කවුරුත් නැතුව නොදන්න පලාතක තට්ට තනියෙන් වැරදි වැරදි නැගිටින්න හදද්දි ස්පර්ශයක් වත් නැතුව ඔයා මාව රකිනවා..
කලුවරට මං බය බව දන්න නිසා ඔයා විඩින් විඩේ මට ඇමතුම් ගන්නවා…
මට වදයක් වෙනකම්..
” live location දාන්න” දැන් කොහෙද දැන් ලගද තාත්තා මගද.. දැන් 10යි.. තාම ඔයා බස් එකෙද.. නිදී නැති ඔයාගේ හඩ මට ගවු ගානක් මුහුදු හතකට එහා ඉදන් ඇහෙනවා..
මං ආසයි ඒකට” ආදරය කියන්නේ වචන ගොඩක් විතරක් නෙවේ ක්‍රියා පදයක් කියලා මට කියලා දුන්නට ඔයාට පිං..
මං ඔයාට කියුවා දවසක “ජිවිතේ අමාරුම දවස් ටික මගේ ලගින් ඉන්න” කියලා.. මගේ පැටලුනු ජීවිතෙ ඇද ඇර ගන්න මට උදව් කරන්න.. ඉවසන් දරන් ඉන්න ඔයාට පිං..
ඔයා මගේ නොවෙනස් මහා පොලව..
සැනින් සැරේ වෙනස් වෙන අහස මං..
අකුණු සැර…මහා වැසි දරන් මාව දරාගෙන ඉන්න
මගේ මහ පොලව ඔයා..
මට තවම නොතේරෙන මං අදුන ගන්න හදන මේ අලුත් හැගීමට මං ආදරෙයි … ඒක මං දන්නේ නෑ..
ඉතිං මං හිස්තැනට.. මං නමක් තිබ්බා..
ඔයා මගේ මහාපොළව..
මාව දරාගෙන ඉනන
දක්ෂිකා පෙරේරා
“රන් දෝළියක් ලග”





