තිතක් දියතේ ජානකී

උදය ආර්. තෙන්නකෝන්

සිතා ගත හැකි
පතා ගෙන නැති
ලෝක දහමකි
වෙලාවක් නැති

සිතේ අහළක
පහළ වී නැති
අවේලාවක අඳුරකි
කලාවක් වූ

අකල් වැස්සට
ගසා ගෙන ගිය
හද හඬා හළ ගීයකි

කීව කිව යුතු කී
පෑව දෑසින් කී
කුරුටු ගීයකි
තිතක් දියතේ ජානකී

08.03. 25

More From Author

අද බිළිඳිය හෙට යුවතිය සුරතලිය……

ලලනාවන්ට උපහාර පිණිස        

Leave a Reply

Categories

LDM Columns