උපහාරයෙන් පිදෙනා වගයි නම්…

හද ඉකිබිඳිනා මැනවින් හඳුනා
දෙනෙත් කෙවෙණි
අග ඔබ හිඳිනා
තනිකම හඳුනා
දෙකොපුල් සිඹිනා
පිවිතුරු හදිනා
පාලුව මකනා
සීමා මායිම් වැට පන්නා
තුරුලට වී දිගටම
හිත හදනා
කිසි දින අත් නොහැරම ලඟ හිඳිනා
නිදි වරනා රෑ යාමයෙ
වේදනාව දෝරෙම ගලනා
ඔසුවක් ම වෙලා
තුන් සිතම පහදවා
දෑතම දිගු කරනා
ඔබම ඔබම
පමණය
එකම හිතවතා
තුන් යාමෙ පුරා
තනිකමට ගී ගයන
කාල නියමයට ඔබ නතු නොවනා
හුස්ම රැඳෙනා තුරා
නික්ම නොයානා
තනිකම මකනා
උපහාරයෙන්ම පිදෙනා
…..කඳුළමයි….
ඒ නෙත් අග රැඳෙනා!

More From Author

වැලිමිදුලෙන් හමු වූ විනුර උස ගිහින්

අහස යට මිනිසා…

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348