එස්. අමුණුගම
දෙනෙත් පියැවුණු
ඇසිල්ලක
හිත නිවන
අරුමැතිම
සුමිතුරු ඔබය
දෙවිඳුනි!සඳ ඇවිත් අහසේ මුදුන් වී
තරු ගයත් පෙම් ගී තුරුල්වී
තුරු මුදුන්
ඉඳ හිට වහන් කරමින්
ඇයි ද දන්නෙ නෑ
සතුරුවී
කළු වලාවන්
දෙනෙත වළකයි
සුන්දර ම යාමය ගින්දරට පෙරළයි
සොබා දම තරහින් වගේ ඇයි
සිතක් සුවපත් නොකර
ගිනිබත් කරනු
ඇයි මේ
සොඳුරු යාමය
සොරා ගනිමින්
දිලෙන පහනේ
තිරය විසිකර
නැගී සිටිමින්
එරෙහි වී ඇයි?
සුළු ඇසිල්ලක්
අනේ දෙනවද
ගලායන සිහිනයෙ
ගිලෙන්නට
සිනාසෙන සඳ වටා
නැලවී මුකුළු
කරනා තරු දකින්න ට
නින්ද ගිලිහී
දුක දැනේවී
නෙත් පුරා නිදි වරනු වෙනුවට
දැහැන් ගතවන
සාමකාමී
සුයාමය
සමා අවසර
සිහින දෙවිඳුනි
කමා කර හැකි නම් රැඳෙන්නට
අයදිමී
දෙනෙතින් වහන් වී!