බැල්කනිය මත වැටී ඇති පයින් මල් කිහිපයක්

බැල්කනිය මත
වැටී ඇති
පයින් මල් කිහිපයක්
ක්රේප් මර්ට්ල් මල්
වරුසාවක්,
මුල්ලකට වී ඇති
ලිලී මල් පඳුරක්,
වියලී ගිය
ඕකිඩ් මුලක්
අව්වට කර වුණු
මිනි රෝස් පැලයක්
තවත් අවශේෂ
අබලි ද්‍රව්‍ය කිහිපයක්
ඒ දෙස
බලා සිටි බිරිඳගෙන්
“ඔයාට කොහෙද ඉතින්
වෙලාවක් නේද?
මේ සේරම
පිළිවෙලකට අස්කරන්න”
ඇනුම් පද
දෙක තුනක්

More From Author

විද්‍යාර්ථ නිවාසාන්තර ක්‍රීඩා ශූරතාවය පරාක්‍රම නිවාසයට.

සිත දැහැන් ගන්වනු මැනේ….

Leave a Reply

Categories

LDM Columns