නිමාලි දිල්රුක්ෂි
තවමත් අළුයම අයිති රැයටයි
අළුයමට කවි ගී පද කෙලෙස ගොතන්නද
පෙරදිග ක්ශිතිජයේ නැග එන ආලෝකය පතලා
විහගුන්ගේ ස්වර ගීත අසා සිටින්නම්
හද දොරගුලු වසලා
මල් පිපෙනා හැටි බලා හිදින්නම්
මී මැසි ගුම් ගුම් සවනත වැකිලා
වැහිපිණි සිපගෙන එන මදනලක
නෙතු අග වැගිරෙන කදුළක් තවරා
පාකර අරින්නම් අළුයම තවමත්
රැයට අයිති නිසා………………