කැපිටලසිටි දුම කොළඹ අහස වහගෙන……

බ්‍රසීලයේ බොල්සොනාරෝ පාලනයත් එක්ක ඇමෙසන් කැලය ගිනි තියලා වාණිජ බෝග වවන්න හදනකොට අපි ලංකාවෙ බ්‍රසීල තානාපති කාර්යාලය ඉස්සරහ විරෝධයක් පැවැත්වූවා.
සමහර ලිබරල් ගොබ්බයො ෆේස්බුක් වල ලිව්වා ලංකාවෙ මෙච්චර ප්‍රශ්න තියෙද්දී ඇමේසන් ගැන උද්ඝෝෂන කරන්න මුංට පිස්සු කියලා.

දැන් ඉන්දියාවෙ මෝඩිගේ කැපිටලිස්ට් දුම කොලඹ අහස වහගෙන.
දැන් මොකද කරන්නෙ ලිබරල් ගොබ්බයො කියයි මාස්ක් දාමු කියලා.

කැපිටලිසම් ගෝලීයයි. ඒක පරාජය කරන එකත් ගෝලීය මිෂන් එකක්. නගර බ්රූන්ඩින් කරන්න අනුර කුමාර කතා කරන කොට නගර වසාගෙන කලු දුම එනවා. ගෝලීය උණුසුම එක්ක නගර යටකරගෙන මුහුදු රල එනවා.

  • ඉන්දියා ආයෝජන, චීන ආයෝජන විතරක් නෙමෙයි සංචාර වල දාන ලංකාවෙ කොඩි ගැනත් වර්ණනා කරන අය හිටියා. ඉන්දියාවයි චීනයයයි හරිතාගාර වායු විමෝචනයෙ මුල් තැනට ඇවිල්ලා. දැන් ලංකාවෙ අපි එම වායු 000001% ක් වත් විමෝචනය නොකලට ඉන්දියානු අධි පරිභෝජන ආර්ථික දුම නිසා අපේ ගෙවල්වල සුදු කොඩි දාන්න වෙන තත්ත්වයට ඇවිල්ලා.

අපිට කැපිටලිසම් අර්බුධයෙන් මිදෙන්න බැහැ. ඒක පරාජය කරන්න සටන් කරන ව්‍යාපාරයක් ඕන. ඒකට සුදු හුණු ගාලා පින්තාරු කරලා රී සෙට් කරන්න හදන අයගෙයි ලිබරල් ගොබ්බයන්ගෙයි වෙනසක් නැහැ.

More From Author

ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් වැඩසටහන 2025 

තවමත් අළුයම අයිති රැයටයි

Leave a Reply

Categories

LDM Columns