ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් වැඩසටහන 2025 

මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යංශයේ වනිතා කටයුතු ඒකකය මගින් සංවිධනය කරනු ලබන ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් වැඩසටහන මාර්තු 20 දින මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්. බී. එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පල්ලෙකැලේ පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

  • මෙම සැමරුම් වැඩසටහනේදී මධ්‍යම පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 38 තුළ තම ස්වශක්තියෙන් යුතුව නැගී සිටින ලද දිරිය කාන්තා ව්‍යවසයිකාවන් 38 දෙනෙකු ඇගයීමට ලක් කරමින් සම්මාන හා සහතික පත්‍ර පිරිනැමිම සිදු කරන ලදී. එසේම මහනුවර,මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රි‍ක්ක තුනෙන් සාර්ථකම ව්‍යවසයිකාවන් තිදෙනෙකුට රුපියල් විසිපන්දහස බැගින් මුදල් ත්‍යාග පිරිනැමිණි. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයෙන් ගලගෙදර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඇගලුම් නිෂ්පාදන ක්ෂේත්‍රය වෙනුවෙන් අනුෂි නිල්මිණි මහත්මිය, මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුළුබඩු ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රයෙන් දිලානි පුෂ්පකුමාරි මහත්මිය හා නුවරඑළිය දිස්ත්‍රික්කයේ සැලෝන් ගවේෂීහි අධිපතිනි අනෝමා මිගොල්ල මහත්මිය සාර්ථකම ව්‍යවසයිකාවන් වශයෙන් තේරී පත්විය.

මෙහිදී අදහස් දැක්වූ මහාචාර්ය අභයකෝන් මහතා අවුරුද්දේ සෑම දිනයකම කාන්තාවන් කරන කැප කිරීම අගය කළ යුතු බවත්, වර්තමානය වනවිට වර්ධනයක් පෙන්නුම් කරන කාන්තා හිංසනය පිටු දැකීම වෙනුවෙන් ක්‍රියා කිරීම අපගේ වගකීමක් බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

  • කාන්තාව මුහුණ දෙනු ලබන වර්තමාන ආර්ථික අභියෝග ජය ගැනීම පිළිබඳව දැනුවත් කිරීමේ දේශනයක් දිනරා ක්ලෝදින් ආයතනයෙහි කළමනාකරු ආචාර්ය ධම්මික විජේකෝන් මහතා විසින් පැවැත්විය.මෙහිදී ව්‍යාපාර ප්‍රවර්ධනයට කාන්තා ව්‍යවසායකයින් දිරිමත් කිරීම හා ඒ සම්බන්ධයෙන් මඟපෙන්වීම සිදුවිය.

එසේම තෝරාගත් අඩු ආදායම්ලාභී කාන්තාවන් 125ක් සඳහා පවුලේ පෝෂණ තත්වය හා ආදායම ඉහළ නැංවීමේ අරමුණින් කුකුළු පැටවුන් ලබාදීම සිදු කෙරිණි. තවද කාන්තා ව්‍යසයිකාවන්ගේ නිෂ්පාදන දිරි ගැන්වීම සඳහා රෙදිපිළි, අත් බෑග්, පාවහන් හා ආහාරපාන යනාදියෙන් සමන්විත අලෙවි ප්‍රදර්ශනයක් ද පළාත් සභා පරිශ්‍රයේදී පැවත්විණ.

මෙම වැඩසටහන ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය, ලංකා බැංකුව, මහජන බැංකුව, ප්‍රදේශීය සංවර්ධන බැංකුව, DMax ආයතනය ඇතුළු ආයතනවල අනුග්‍රහකත්වයෙන් පැවැත්විණි.

මෙම වැඩසටහන සඳහා ඉන්දියානු සහකාර මහකොමසාරිස් වී.එස්.සරන්‍යා මහත්මිය ,මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය,ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මධුපානි පියසේන මහත්මිය, සමග මධ්‍යම පළාත් අමාත්‍යංශයේ ලේකම්තුමන් හා තුමියන්  ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහ පළාතේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම සාර්ථකම කාන්තා ව්‍යවසයිකාවන්, කාන්තා සමිති නායිකාවන් ඇතුළු විවිධ කේත්‍ෂ්ත්‍රවල කාන්තාවන් 300 ක් පමණ සහභාගි විය.

More From Author

කම්පුචියා හෙවත් කාම්බෝජ සංචාරය (21/02/2025 සිට 01/03/2025 දක්වා) 4 /5

කැපිටලසිටි දුම කොළඹ අහස වහගෙන……

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348