කඳුගැටයක් මුදුනේ, නිල් අහසට සමීපව, බ්‍රිතාන්‍ය යුගයේ ඉදිකළ පෞද්ගලික ගැහැනු පාසලක්. එය මගේ ළමා කාලයේ සිහිනයන් සැබෑ කළ මාලිගාවක් විය. පාසලට යන මාර්ගයේ දෙපස හරිත වනාන්තරයක් විය. එහි සිසිල මදහස මට හැමදාම සිහිපත් වෙනවා.
පාසලට ඇතුළු වන දොරටුවේ සිට මට දැනුනේ ආඩම්බරයක්. පැරණි ගොඩනැගිලි, ඉංග්‍රීසි උද්‍යාන, සහ ඒ සියල්ලටම උඩින් පැතිරෙන සන්සුන්කම. පන්ති කාමරවලට ඇතුළු වූ විට මට දැනුනේ විද්‍යාව, ගණිතය, ඉතිහාසය වැනි විෂයයන් හැදෑරීමට ඇති ආශාවක්.
පාසලේ තිබුණු පුස්තකාලය මගේ දෙවැනි නිවස විය. පොත් අතර ගිලී සිටීම මට ලොකු සතුටක්. ඒ පොත්වල ලියැවුණු කතා මගේ ඇස් ඉදිරියේ ජීවත් වුණා.
පාසලේ තිබුණු ක්‍රීඩාංගණයේ අපි බොහෝ විනෝද වුණා. නෙට්බෝල්, බැඩ්මින්ටන්,බාස්කට් බෝල් , ටෙනිස් වැනි ක්‍රීඩා කරමින් අපි යාළුවන් බවට පත් වුණා.
පාසලේ උත්සව, තරඟ, සංචාර වැනි විවිධාකාර වැඩසටහන් තිබුණා. ඒවාට සහභාගී වීම මට ලොකු අත්දැකීමක් වුණා.
මගේ පාසල ජීවිතය හරිම සතුටින් ගෙවුණා. ඒ පාසල මට දුන්න දැනුම, හැකියාවන්, මිතුරියන් මට ජීවිතයේ ඉදිරියට යාමට ශක්තියක් ලබා දුන්නා.
අද මම ඒ පාසලට යන විට මට දැනෙන්නේ සතුටක් වගේම ආඩම්බරයක්. මම ඉගෙන ගත් පාසල ගැන මට හරිම ආදරයක්.
මේ පාසල මට දුන්න දේවල් ගැන මම හැමදාමත් කෘතඥ වෙනවා.
තනුජා දිසානායක