සංජීවනී රූපසිංහ:
ජනශ්‍රැති යනු ජනතාව අතර පවතින ජනප්‍රවාද කතන්දර පිරුඵ ආදියයි. ඒවා කටින් කට එමින් ජන විඥානය තුළ දැඩිව කිඳා බැස ගනී. මේවා බොහොමයක් නිර්මාණය කර ඇත්තේ පිරිමින් විසිනි. එම නිසා ඒවා ස්ත්‍රී ද්වේශී ස්වභාවයක් ගනී.
අපි එකක් දෙකක් ගෙන බලමු.
“ගැහැණු ජාතිය ජරා ජාතිය
ගලේ ගහලා මරා දාපිය”
මෙවැනි ජනශ්‍රැති පිරිමි සිත්වලට පමණක් නොව ගැහැණු සිත්වලටද බලපායි. ගැැහණිය අපවිත්‍රත්වයේ සංංකේතයක් කරයි. ඇය මරා දැම්මාට කමක් නැත. මෙවැනි ජනශ්‍රැති නිර්මාණය කළ සමාජයක ගැහැණු ළමයි මරා සූට්කේස් එකක දමා මඟ තබා යාම ගැන පුදුම විය යුතුද?
“පිරිමි ජාතිය උතුම් ජාතිය
මල් තියාලා වැඳ පුදාපිය”
පිරිමි ශ්‍රේෂ්ට ජන කොටසක් බවත් ගැහැණු පහත් ජන කණන්ඩායමක් බවත් කුඩා කළ සිටම ළමා මනසට කා වද්දන්නට මෙවැනි ජනශ්‍රැතිවලට හැකියාව ඇත. එවිට කුඩා කළ සිටම පිරිමි දරුවා සිතන්නේ ගැහැණු පහත් කණන්ඩායමක් බවය. එවැනි සමාජයකට සමානාත්මතාවය ඉගැන්වීම ඉතා දුෂ්කරය.

ගැහැණිය පිරිමියාට වඩා කුමන ආකාරයෙන් හෝ පහත් වන්නේ නැත. එහෙත් මෙහි අලුත් වර්ෂන් එක නම්
“ගෑනුන්ට චීත්ත ලස්සන වුනාට පිරිමින්ට කැතයි” යනන ෆේස්බුක් කියමනයි.
ඵිරිමි චීත්ත අඳින්න එපා යැයි කියන්නේ කුමක්ද? ගැහැණු වැඩ කරන්න එපා යන්නයි. එවිට ගැහැණු වැඩ යනු කුමක්ද? පහත් මට්ටමේ වැඩයි.
ගැහැණු කරන වැඩ පහත් ද?
ඵහුගිය කාලයේ ඇතැම් පහත් වැඩ කළ පිරිමින්ට කොණ්ඩ දමා ගැහැණු ආකාරයට රුව වෙනස්කර සමාජ මාධ්‍ය වල ප්‍රචාරය කිරීමත් මෙහිම දිගුවකි. ආකල්පය එකම වේ. ගැහැණු පහත්ය. පිහත් වැඩක් කළ පිරිමියෙක් ගැහැණියෙක් ලෙස වර නගන්නේ එබැවිනි.
ප්‍රශ්නය ඇත්තේ මෙතනයි. මිනිසුන්ගේ ක්‍රියා උස් පහත් වන්නේ ගැහැණු පිරිමි බේදය මත නොවේ. ඒවා පුද්ගල බද්ධ කාරණාය. ඇතැම් ගැහැණු කේලාම් කීම කෙටවීම කරන අතර ඇතැම් පිරිමි එසේ කරයි. එවිට එවැනි පහත් කාර්යයන් ගැහැණු කාරයයන් කළේ කව්ද? අනාදිමත් කාලයක් ජනශ්‍රැති නිර්මාණය කළ පිරිමි සමාජයයි.
මෙය වෙනස් කළ හැක්කේ කෙසේද? අපගේ මනස්වලට අවිඥානගතව සවිවී ඇති ගැැහණු පහත්ය යන දෘෂ්ටිය ඉවත් කිරීමෙනි. එය කිසිසේත් පහසු ක්‍රියාවක් නොවනු ඇත. එහෙත් අප එය කළ යුතුය.
එය කරන්නේ කෙසේද? අලුතෙන් බිහිවනන පරපුර විචාරාත්මක චින්තනයට හුරු කිරීම එක් ක්‍රමයකි.

ප්‍රශ්න කරන මනස් සෑදිය යුතුය. එවිට මේ ඒකාකෘතික චිනන්තනය ඔවුන් අතහරිනු ඇත. එසේම පැරණි මතවාද පැරණි යැයි ඒවා ගෞරවයෙන් ගන්නා චින්තනය පරදවා පැරණි සමාජයෙන් සාධනීය දේ පමණක් ගෙන නිශේධනීය දේ හලා යා යුතුය. ඒ සඳහා නැණවත් ගුරු පරපුරක් අවශ්‍යය. මෙම පැරණි ස්ත්‍රීද්වේශයට අභියෝග කළ යුතුය. ඒවාට විරුද්ධව තර්ක කළ යුතුය.
එහෙත් මේ කිසිවක් සරලව කළ හැකි දේ නොවන්නේ අනාදිමත් කාලයක සිට ජන විඥානයට කිඳා බැස ඇති මිථ්‍යා මත නිසාය.

සංජීවනී රූපසිංහ –Sanjeewani Rupasinghe
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
දර්ශන අධ්‍යයන අංශය,
කැලණිය විශ්ව විද්‍යාලය.





