පරිවර්තනය-පරාක්‍රම කුරුප්පු:
ජේම්ස් පී. කැනන්
2. ජෝසෆ් හැන්සන්ට යැවූ ලිපියක් [11]
නිව්යෝර්ක්,
1939 ඔක්තෝබර් 24
ප්‍රිය ජෝ,
සෝවියට් රාජ්‍යයේ ස්වභාවය පිළිබඳ දෙවැනි ලිපිය [12] මට ලැබිණි. පළකිරීම සඳහා මම එය කමිටුව වෙත එවමි. එය සහෝදරවරුන්ට කරදර කරමින් තිබූ සංයුක්ත ප්‍රශ්න බොහොමයකට පිළිතුරු සපයයි. සමස්ත ප්‍රශ්නය සම්බන්ධයෙන් සැබැවින් ම පැහැදිළි කර ගැනීමට යත්න දරනා තාක් දුරට, පැහැදිළි කර ගැනීමෙහි ලා එය භෞතික වශයෙන් ආධාරකාරී වනු ඇත.

සම්මුතියක් තුළින් අපට පක්ෂයේ තියුණු අරගලයක් වළකා මඟ හැර යා හැකි ද? දීර්ඝ කාලයක් පුරා අඩුවැඩි වශයෙන් නිත්‍ය ලෙස ම පාහේ අප අනුයන ලද මාවත වූයේ එයයි. එසේ නැතහොත්, ඍජු හා අසංදිග්ධ දේශපාලන අරගලයක් මඟින් තත්ත්වය පිළිබඳ යම් පැහැදිළිකමකට එළැඹෙමින් බෙදුම් රේඛා තියුණු ලෙස සටහන් කිරීම අත්‍යවශ්‍ය වී ඇත් ද?
මේ සම්බන්ධයෙන් ඔබේ අදහස් හා උපදෙස් ලබා ගැනීමට කැමැත්තෙමි. මේ තත්ත්වය තුළ අලස හා සාමවාදී ප්‍රවිෂ්ඨයක් (ගැනීම) වැඩි ම වුවහොත් අපට ලබා දෙනු ඇත්තේ කෙටි කලෙකට මෝඩයාගේ පාරාදීසයට (මෝඩයාගේ පාරාදීසය: සැබෑ අනතුර නො දකින්නාගේ සතුටු උයන – ලිප ගිණි මොළවන තෙක් දිය කෙළින කකුළුවා පිළිබඳ සිංහල යෙදුම මෙයට ආසන්න අරුතක් දනවයි) යාමට ප්‍රවේශපත්‍රයක් පමණකැයි යන්න මගේ අදහසයි. ඔබේ අදහස කුමක් ද?
සහෝදරත්වයෙන්,
ජේ.පී. කැනන්
3. වින්සන්ට් ආර්. ඩන්ට යැවූ ලිපියක්
නිව්යෝර්ක්, 1939 ඔක්තෝබර් 25
ප්‍රිය වින්සන්ට්,
ඊයේ ඔබ වෙත තැපැල් කරන ලද, ජෝ හැන්සන් අමතා මා විසින් ලියන ලද ලිපියේ පිටපත ඔබ වෙත ලැබී ඇති බව මගේ විනිශ්චයයි. එය ලිවීමෙන් පසුව, පක්ෂ අභ්‍යන්තර තත්ත්වය පිළිබඳව ස්ටැන්ලි සහෝදරයා විසින් යවන ලද ලිපියකට ප්‍රතිචාර ලෙස ක්‍රක්ස් (ට්‍රොට්ස්කි) එවූ ලිපියේ පිටපතක් අපට ලැබිණ. [14] ක්‍රක්ස්ගේ මෙම පිළිතුර හැන්සන් සහෝදරයා වෙත මා යවන ලද ලිපියේ පිටපත සමඟ එක ම කවරයේ බහා එවන ලදී.
ඒ පිළිබඳ උනන්දු සහෝදරවරුන්ට, මගේ ආස්ථානය ඔවුන්ට දැන ගත හැකිවන පරිදි පෙන්වීමේ සම්පූර්ණ නිදහස ඔබට ඇත. කෲක්ස්ගේ ලිපියට ද එය අදාළ වේ, මන් ද, එය බොහෝ විට අභ්‍යන්තර බුලටිනයේ ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.

සියලු ඇඟවීම්වලින් පෙන්නුම් කෙරෙන පරිදි, අපි බරපතළ අරගලයකට මුහුණ දී සිටිමු. හතරවැනි ජාත්‍යන්තරය සඳහා අරගලය මේ දැන් සංකේන්ද්‍රණය වී ඇත්තේ ඇමරිකානු ශාඛාව තුළ ක්‍රියා මාර්ගික අනම්‍යතාවය සඳහා වූ අරගලය තුළට ය. සෑම දුෂ්කර අවස්ථාවක ම පුපුරන සුළු අර්බුදවලට අභිමුඛවීමෙන් තොරව, දෘඩතර එක්සත්කමක් රැක ගනිමින්, යුද්ධය අබියසට සහ යුද්ධය හරහා යාමට අපට අපේ ශ්‍රේණි සැබැවින් ම සූදානම් කළ හැක්කේ මේ මාවත ගැනීමෙන් පමණි.
එවැනි මොහොතක සෑම මිනිසෙකු ම තමාට වඩාත් ම හොඳින් තම සේවය ලබා දිය හැකි ස්ථානය අරා ගත යුතුය. මෙහි සිටින සහෝදරවරුන්ගේ අදහසට අනුව මෙයින් ඇඟවුම් කෙරෙන්නේ ඊළඟ කාල පරිච්ඡේදයේ දී මා, පරිබාහිර සේ ම අභ්‍යන්තර දේශපාලන කටයුතුවල යෙදීමට නිදහස් කරමින්, හැකිතාක් දුරට පරිපාලනමය දින චර්යාවෙන් මුදා හළ යුතු බව ය. මගේ පැත්තෙන්, කටයුතුවල එවැනි ප්‍රතිසැකසුම් කිරීමක් භාර ගැනීමටත්, අරගලය තුළ මගේ වගකීම් කොටසට සම්පූර්ණයෙන් උර දීමටත් මා සූදානම් ය.
මෙය, ඩොබ්ස් සහෝදරයාගේ අනාගත කටයුතු පිළිබඳ ප්‍රශ්නය තියුණුතම ආකාරයෙන් මතු කරයි. මෑතක දී එවන ලද ලිපියකින් ඔහු පළ කර ඇත්තේ, සේවායෝජකයන් සමඟ වෘත්තීය සමිතියේ ගිවිසුම අත්සන් කිරීම හරහා මෑත මාසවල ඔහුගේ අවධානය මුළුමනින් ම දිනා සිටි බරපතළ වැඩ කටයුතු සම්පූර්ණ වී ඇති බවයි. ඔහු මෙසේ ද ලියයි: “මා සිටින්නේ කටයුතුවල කෙළවර සුළු සුළු නිමහම් කාර්යයන් මධ්‍යයේ ය. අනාගත වැඩ කටයුතු පිළිබඳ ප්‍රශ්නය කඩිනමින් ඔබ සමඟ කථා කිරීමට හැකි වෙතැයි මම අපේක්ෂා කරමි.” ඉදින් දැන්, ඔහු පක්ෂ පරිපාලන හා සංවිධානාත්මක කටයුතු සඳහා මූලස්ථානයට ගෙන ඒමේ අපේ මුල් සැලැස්ම ක්‍රියාවට නැංවුවහොත් එය ඉමහත් ලෙස ආධාරකාරී වනු ඇත.

තරබාරු වෙමින්, තතු පවතින ආකාරය පිළිබඳ තෘප්තිමත්ව හා සතුටුදායක ලෙස කල් ගෙවිය හැකි වූයේ ඔවුන් ධනේශ්වර ලෝක පර්යාය ස්ථාවර වෙමින් පැවැති හා වැඩි වර්ධනය වෙමින් පැවැති යුගයක සිටි නිසා ය. එවැනි ශක්‍යතා මේ දිනවල නො පවතී. අපේ සහෝදරවරුන් මේ ප්‍රශ්නයට කෙළවරක් කරා ම මුහුණ දෙමින්, නව්‍යවූත් ප්‍රචණ්ඩවූත් කම්පන හා විස්ථාපනයන් පූර්වාපේක්ෂා කරමින්, උචිත ලෙස තමන් හැඩ ගස්වා ගත යුතු අතර, එය වඩාත් ඉක්මණින් සිදුකිරීම වඩාත් හොඳය.
වත්මන් තීරණාත්මක පරීක්ෂාව තුළ පක්ෂයට ලබා දෙන ද්‍රව්‍යමය සහයෝගය පිළිබඳ සිය තක්සේරු කිරීම් දෙගුණ කිරීමට ස්වේච්ඡාවෙන් එකඟ වීම මඟින්, ප්‍රවාහයට ප්‍රතිවිරුද්ධව යළිත් වරක් පිහිනා යාම සඳහා අනධික ආරම්භයක් ගැනීමට බලපෑමට ලක් වූ සහෝදරවරුන්ට පුළුවන. එම ප්‍රකාශය ම පක්ෂය තුළ සෑම බැරෑරුම් සහෝදරයෙකු ම සම්බන්ධයෙන් ද වලංගු ය.
සහෝදරත්වයෙන්,
ජේ.පී. කැනන්
[11] 1939 ඔක්තෝබරයේ ජෝසෆ් හැන්සන් මෙක්සිකෝවේ ට්‍රොට්ස්කිගේ ලේකම් කාර්යාලයේ කටයුතු කිරීමට පිටත්ව ගියේය. මෙම ලිපිය හා මෙයින් අනතුරුව එන, හැන්සන් එහි රැඳී සිටි සමයේ ඔහු අමතා ලියූ ලිපි ට්‍රොට්ස්කිගේ දැන ගැනීම සඳහා ද ලියූ ඒවා ය.
[12] ට්‍රොට්ස්කි, “Again and Once More Again on the Nature of the USSR”, In Defense of Marxism
[13] 1939 ජූලි මාසයේ පැවති එස්ඩබ්ලිව්පී සමුළුව ආසන්නයේ දී, ට්‍රොට්ස්කි කැනන් වෙත පෞද්ගලික ලිපියක් යැවීය. 1939 මැයි 27 දිනැති මෙම ලිපියෙන්, සෝෂලිස්ට් ඇපීල් ප්‍රකාශනය පිළිබඳ දේශපාලන කමිටුවේ සාකච්ඡා සම්බන්ධයෙන්, ට්‍රොට්ස්කි, එවකට පක්ෂයේ පැවති – විශාල නගරවල; විශේෂයෙන් නිව්යෝර්ක්හි සුලු ධනේශ්වර කොටස්වල ප්‍රමුඛතාවයක් සහිත වූ – සමාජ සංයුතියේ සැඟවී තිබූ අනතුර පිළිබඳව අනතුරු ඇඟවීමක් කළේය.
මෙම ලිපියේ අවසාන කොටස පහත පරිදි වේ:
“සාර්ථකත්වයේ කොන්දේසියක් ලෙස රැඩිකල් සහ නිර්භීත වෙනසක් අවශ්‍ය වේ. මෙම පුවත්පත ඇමරිකානු කම්කරුවන් සම්බන්ධයෙන් ගත් කල පමණට වඩා බුද්ධිමත් ද, පමණට වඩා ශාස්ත්‍රීය ද, පමණට වඩා වංශාධිපති ද වන අතර, පක්ෂය එහි අනාගතය සඳහා සූදානම් කිරීමට වඩා එය පවතින හැටියෙන් පිළිබිඹු කිරීමට එය වඩාත් නැඹුරු වේ.
“ඇත්ත වශයෙන්ම එය පුවත්පතේ ප්‍රශ්නයක් පමණක් නොව, සමස්ත ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගය පිළිබඳ ප්‍රශ්නයකි. ඉතා හොඳ සහ කැප වූ, නමුත් තම යුතුකම වන්නේ තමතමන් අතර සාකච්ඡා කිරීම නොව, නැවුම් කම්කරුවන්ගේ පරිස්ථිතියකට විනිවිද යාම බව සම්පූර්ණයෙන්ම වටහා නොගන්නා, සුළු ධනේශ්වර පුරුෂයන් හා ස්ත්‍රීන් ඕනෑවටත් වඩා පක්ෂයට සිටින බව මම තවමත් සිතමි. මම මගේ යෝජනාව නැවත කියමි: යම් කාලයක් තුළ, මාස තුනක් හෝ හයක් ලෙස ගනිමු, පක්ෂය සඳහා කම්කරුවෙකු දිනා නොගන්නා පක්ෂයේ සෑම සුළු ධනේශ්වර සාමාජිකයෙකුම අපේක්ෂක සාමාජික තනතුරට පහත හෙලා, තවත් මාස තුනකට පසු පක්ෂයෙන් නෙරපා හැරිය යුතුය. සමහර අවස්ථාවල එය අසාධාරණ විය හැකි නමුත්, සමස්තයක් ලෙස පක්ෂයට ඉතා අවශ්‍ය වන සුබවාදී කම්පනයක් ඉන් ලැබෙනු ඇත. ඉතා රැඩිකල් වෙනසක් අවශ්‍ය වී තිබේ.
සහෝදරත්වයෙන්,
වී. ටී. ඕ’බ්‍රයන් [ලියොන් ට්‍රොට්ස්කි]”
කැනන් අවධාරණය කර ඇති පරිදි, ට්‍රොට්ස්කිගේ අනතුරු හැඟවීමට හෝ ඔහුගේ යෝජනාවට එම අවස්ථාවේ නිසි අවධානයක් හෝ සැලකිල්ලක් නො දැක්විණි.
[14] ට්‍රොට්ස්කි, In Defense of Marxism, 34-36 පිටු
උපුටා ගැනීම:Socialist.lk





