ඉෂු බණ්ඩාර:
නිර්මලා ද අල්විස් නම් ඇය වියෝවී හත් දවසක් ඉක්ම ගොස් හමාරය. ඇය මා හා බෙදාගත් මතකයන් ලියන්නට අදහස් කලේ ඇයගේ ඒ අදහස් ඔබද දැනගැනිම වටිනවා යැයි මා තීරණය කල නිසාවෙනි.
අරගලයට ගිය රස කතා කියන අතර තුර නැන්දා මා හට හොරෙන් “ මට කාවහරි අරගල භුමියේ ප්‍රධානියෙක් කන්ටැකට් කරලා දෙන්න පුතේ මට දෙයක් කියන්න තියනවා” යැයි පැවසීය.
“මොකද පුතේ ———- ආවොත් මේ රට ලේ විලක් වෙවී, ළමයි ටික මැරිලා යනවා. දැන් මම ඒක ගැන ස්ටඩි කර කර ඉන්නෙ. මට පේනවා ———- ළමයි ටිකයි , තව කීප දෙනෙකුයි තමයි ඕකට හැබෑවට ඉන්නෙ. අනිත් ගොඩක් ම ඉන්නෙ එක්කො මෙයාට තරහට, එක්කො වෙනත් පක්ෂ වල අය.”
“දැන් ඔහොම ගිහිල්ලා එක එක්කෙනා ඔතනින් බේරිලා බේරිලා ගිහින් හේදිලා ඉතුරු වෙන පිරිසක් ඉන්නවා. ඒ පිිරිස එකතු වෙලා පුතේ, දැන් ඔය සිස්ටම් චේන්ජ් එකක් ගැන කතා කරනවනෙ මුළු රටේම අය, ඔය චේන්ජ් එක ගැන, වෙලා තියන දේවල්, වෙන්න ඕන දේවල් , කරන්න ඕන දේවල් හැමදේම එකතු කරලා ලියවිල්ලක් හදන්න ඕන.”
“ඒක මහ පොතක් වෙන්නත් පුළුවන්. ඒ සම්මුතිය මේ පොඩ්ඩ පොඩ්ඩ තියන එකක් නෙමේ. සම්පූර්ණම එකක්.”
“ගම්වල මෙහෙම වෙන්න ඕන. මේ මේ කර්මාන්තශාලා ටික ගොඩනගන්න ඕන. ළමයින්ගෙ කාළය මේ විදියට තියෙන්න ඕන. ගුරුවරු මේ විදියට තියෙන්න ඕන. එහෙම එහෙම කියලා මහ ලියවිල්ලක්, මහ පොතක් හදලා, මුළු රටේ හැම පවුලකට ම ඒක පත් කරන්න ඕන.”
“මේ හය මාසෙ කවුරු හිටියත්, ඔය හය මාසෙන් පස්සෙ මේ වගේ ලියවිල්ලකට බලය දීලා ඒ පවුල් වල ඉන්න ළමයි දැනුවත් කරලා , එතනදි පුද්ගල නෙමේ නායකත්වය, ලියවිල්ලයි නායකත්වය වෙන්න ඕන.”
“ලියවිල්ලට පොරොන්දු වෙලා දෙයක් කරනවා හැරුණු කොට නායකත්වයෙන් තොරව කරන එක තමයි වැදගත්. එතකොට ඕක තමයි නායකත්වය වෙන්නෙ, ව්‍යවස්ථාව වෙන්නෙ. “
“ මොනව නැතත් ඕකට ඡන්දයක් ඕනනෙ. ඡන්දෙකින් එහා අපිට යන්න බැහැනෙ. මොනම දේ කළත් අපි ප්‍රජාතන්ත්‍රවාදිව නෙ යන්න වෙන්නෙ. “
ව්‍යවස්ථාවක් හැදෙන්න ඕන ,ව්‍යවස්ථාව වෙනස් කරන්න ඡන්දෙකින් පුළුවන්නෙ.”
“ අනේ පුතේ මට තව ඒ ළමයින්ට කියන්න ගොඩක් දේවල් තියනවා.මට ගිහින් ඔය පොඩිවුන් ටික හම්බවෙලා හරි කතාකරන්න පුළුවන්”

“ මට දැන් කතා කරන්න කෙනෙක් නැහැ. පුතේ පුළුවන්නම් මට කවුරු හරි සම්බන්ධ කරලා දෙන්න”
නැන්දා එක හුස්මට කියවා ගෙන යයි. ශරීරයෙන් වියපත් ව යනවා වුවද ඇතුළාන්තයෙන් ඇය වැනි ගැහැණු වානේ තරම්ම ශක්තිමත් බව මට සිතුනේ ඇගේ ජවසම්පන්න කටහඬ හමුයේ වානේ පන්නරය ලැබූ හැටි කෘතියද සිහිගන්වමිනි.

“අනිවාර්යයෙන්ම මට ඔයා ඒ උදව්ව කරන්න පුතේ” මම ගිහින් කතා කරන්නම්. මට යන්න උදව්වක් ඕන නැහැ. මම ත්‍රීවීලර් එකක නැඟලා ඔය යන විදියට යන්නම්, මට යන්න අවස්ථාවක් හදලා දෙන්න පුතේ. පුතේ බලන්න කවුරුහරි ප්‍රධාන කෙනෙක් ඉන්නවද කියලා මට මේ ටික කියන්න.”
ඇයට කෙසේ හෝ ප්‍රධානියකු සම්බන්ධ කොට දෙන පොරොන්දුවෙන් මම දුරකථනය විසන්ධි කලේ, මේ නම් කුමන හැඟීමක් ඇති ගැහැණියකදැයි සිතමිනි.
උපන් බිමට මා දැඩි සේ ආදරය කරන බව සිතා සිටියද මේ යකඩ ගැහැණියගේ ජාති හිතෛෂි හඬ හමුයේ මා තුළ මා කෙරෙහිම ලජ්ජාශීල හැඟීමක් ඇති විය.
පොරොන්දු ව ඉෂ්ට කළයුතුම තත්වයක තිබුණ බැවින්, අරගල භූමියට සක්‍රීයව දායකත්වය දුන් ප්‍රධානියෙකුගේ අංකයක් මගේ යෙහෙළියකගේ මාර්ගයෙන් ඉක්මනින් ලබාගැනීමට මට හැකි විය.
එය නැන්දාට ලබා දුන් දිනම හවස ඇගෙන් ඇමතුමක් ලැබිණි.
“ අනේ පුතේ, ඔයාට ගොඩක්ම පින්. ඔයා මට හරිම කෙනාව සම්බන්ධ කරලා දීලා තියනවා. අපි ගොඩක් දේවල් සාකච්ඡා කලා “ යනුවෙන් ඇය කියාගෙන ගියාය.
“ අද මට ටිකක්, වෙනදට වඩා මහන්සි පුතේ, නිවුස් බැලුවෙත් නැහැ, මගෙ ඔළුව දෙදරනවා වගේ “ යැයි කියූ නිසා, ඇය මේ අරගලය සම්බන්ධව ඕනෑවට වඩා අවදානය යොමුකිරීම ඇගේ සෞඛ්‍යට අහිතකරයැයි මට හැඟිණ.
“ නැන්දා , වැඩිය ඕවා ගැන හිතන්න එපා , අසනීපෙන්නෙ ඉන්නෙත්, අනිත් එක ඔය අරගල භූමියෙත් දැන් ගොඩක් අනවශ්‍ය දේවල් වෙනවා කියලා කියනවා, අවශ්‍ය අරමුණට යනවාද කියලත් සැකයි “ යනුවෙන් මම පැවසීමි.
ඇය , ඇගේ මෙතෙක් කතා කල පහත් ස්වරය වෙනස් කොට “ හිතන එකට වඩා ඉතිං , වෙලා තියන දේට අපි මුහුණ දෙනන ඕනනෙ” යැයි පැවසූයේ දැඩි ස්වරයකිනි.
“ මම එහෙම වෙන්නෙ මට දැන් සද්දයක් අහන්න වැඩිය අමාරුයි, ඒ මට ශාරීරිකව තියන තත්වයනෙ, ඒ වුනාට දූලා එහෙම වෙන්න එපා, දූලා අවදියෙන් ඉන්න ඕන, මොකද ඉතිං අපි නිදාගෙන ඉදලා බැහැ “ යනුවෙන් ඇ කියාගෙන ගිය උස් ස්වරයම ඇගේ ජාති මාමකත්වය කෙතරම්දැයි විදහා පෑවාය.
අරගල භූමිය සම්බන්ධව මම කියූ සෘණාත්මක දෑ පිළිබදව ඇය සාධාරණීකරණය කලේ මෙසේය.
“ ඕනෑම තැනක, බුදුහාමුදුරුවන් ගෙ සාසනේ වුනත් කොච්චර වැරදි වුනාද? හාමුදුරුවරු විනය කඩලා කායික සම්බන්ධතා වලට පවා නුසුදුසු හැසිරීම් වුන දේවල් තිබුණනෙ.”
“ලෝකේ කොහේවත් සර්ව සුබවාදී ව ඔක්කොම හොද වෙන්නෙ නැහැ.”
මූලිකව ප්‍රතිපත්ති මාලාවක් ලීඩ් කරන්න ගත්තොත්, ඊට පස්සෙ ලීඩර් කෙනෙක් හැදෙනවා. “
“ මම අර කතා කරපු දරුවටත් මේ ටික පැහැදිලි කලා, එයා ඒක පිළිගත්තා.” යනුවෙන් ඇය පවසාගෙන ගියාය.
තවදුරටත් ඒ කියපු දේවල් මට පැහැදිලි කරමින් ඇය මෙසේ පැවසීය.
“ පුතේ ලිස්ට් එකක් හැදුවම දහදෙනෙක් ඉන්නවනම් ලීඩර් කෙනෙක් විදියට වැඩ කරන්න පුළුවන් එතනින් දෙන්නෙක් ට නම් ලැබෙන්නෙ නායකත්වය , එතකොට අනිත් අට දෙනා අවංකව අර දෙන්නට උදව් වෙන්න ඕන. ඒ වගෙ අවංකභාවයෙන් යුතුව මොනවහරි ක්‍රියා පිළිවෙතක් තමයි දැන් ඕන.”
“ මෙහෙමයි , මේක අරාජික වුනොත් ලැබෙන්න තියන දේ්ත් නැති වෙනවා, මේක ඇතුලෙන්ම ඔය නිසි ක්‍රියාපටිපාටය වෙන්න ඕන. “
ඇය මට ලෝක ස්වාභාවය ගැන පවසමින් අපූරු පාඩමක් කියාගෙන යයි.
“ ශක්තීන් සීමා සහිතයිනෙ පුතේ, ඕනම දෙයක් එකම විදියට කාලයක් තියාගෙන යන්න බැහැ, දියාරු වෙනවා.” ඇය මට අරගල භුමියේ බලය ගිලිහුන දවසේ පැවසීය.
“ අපි දැන් කල්පනා කරන්න ඕන හැමදේම සීමාවක් තියනවා කියලා. මැරුම් කන්න ළමයි එවන්නෙ නැහැනෙ පුතේ. අපි බුද්ධි මත් වෙන්න ඕන.”
“ මේ වෙනස කරන්න ඕන ප්‍රතිපත්ති මාලාවක් හරහා. වගාකරනවා නම් මෙහෙමයි. දැනුවත් වීම් ග්‍රාමසේවක ලා හරහා කරලා, මුළු රට වටේම තියන ශක්තින් ඒකක වශයෙන් ගණනය කරලා අවබෝධයක් ඇතිකරගන්න ඕන.”
“ ගමක තියන වටිනාකම් ප්‍රමාණය අරගෙන, මුළු ගමක් ශක්තිමත් කරලා මිසක් මේක ගොඩනගන්න අමාරුයි.”
“ මේ දරුවන්ට යකඩ කටවල් එක්ක හැප්පෙන්න බැහැ, දරුවෙකුට මොනවහරි වුනාට පස්සෙ මානව හිමිකම් වලින් ඇවිත් මොන නීතිය දැම්මත් වැඩක් නැහැනෙ”
“ අනේ පුතේ ඒකයි මම කතා කරලා කිව්වෙත් , මට දැන් හයියෙන් මොනවත් කියන්නත් බැහැ , මොනවත් කරගන්නත් බැහැ, ඒකයි මම අර දරුවටත් කතා කරලා කිව්වෙ.”
“ හරි වැඩපිළිවෙළක් අවශ්‍යයි. සන්නද්ධ වෙන්න ඕන වෙන මොකකින්වත් නෙමෙයි. අපිට දැන් දැනුම තියනවා, අවබෝධය තියනවා, මෙච්වර කල් වෙලා තියන ඉතිහාසය තියනවා, ඔක්කොම දැනුවත් අය එතන ඉන්නවා. ඒ අය ඒකාරාශි වෙන්න ඕන අනුපිළිවෙළකට”
අවුරුදු හැටේ සීමාව පහුකර හිටියත් ඇගේ හඬ තාරුණ්‍යයේ ආවේගශීලී හඬට නොදෙවෙනි ය. ඇය එදා මා හා මේ අදහස් බෙදාගත් මොහොතට ත් වඩා අද මම මෙය ලියන මොහොතේ මගෙ ඇස් ඉදිරිපිට මැවි පෙනෙනුයේ ලෝක ප්‍රසිද්ධ “අම්මා” නවකතාවේ මුල් පිටුවෙ චිත්‍රණය කොට ඇති අම්මාගෙ රුවමය.
ඇගේ හඩ එතරම්ම නිර්ව්‍යාජය, ප්‍රබලය. ඇයට මේ උත්සාහය තුලින් ලැබෙන පෞද්ගලික ලාබ ප්‍රයෝජනයක් නැත. ඒත් ඇය ඇගේ හඬ අවියක් කොට ගනී.
“ මොනවද කරන්න ඕන, මොනවද ව්‍යවස්ථානුකූල ව වෙන්න ඕන වෙනස් කම් , මේවයි පුතේ සාකච්ඡා කරන්න ඕන. නැතුව කෑ ගහලා එක එක්කෙනා කියන ඒවා නෙමේ , දැන් ඉතිං නායකත්වයක් නෙමෙයි. සාමූහික එක් වීමක අත්වැලක් තියෙන්න ඕන. “ ඇය කිසිදු වෙහෙසක් නොමැතිව කියවා ගෙන යයි.
“ අපි ඔක්කොම එකතු වෙලා උඩ පැනලා අත් උස්සලා වැඩක් නැහැ. අත්වැලකුයි වෙන්න ඕන ශක්තිමත්. “
“ අත් උස්සන්න නෙමෙයි, අත්වැලක්” වෙන්න ඕන”. ඇය එය දෙපාරක්ම කියමින් තහවුරු කළාය.
“ දැන් ඉලක්කයක් තියනවනෙ මේක වෙනස් වෙන්න ඕන කියලා, දැන් ඒ වෙනස වුනාම මොකද්ද වෙන්න ඕන , කොතනින්ද පටන් ගන්න ඕන., කවුද ඒ වෙනස තුළ පත්වෙන්න ඕන. අන්න ඒ සුදුස්සො ටික හදන එකයි ඔතන ඉදන් කරන්න ඕන.”
ඇය කතා කරනවා අහන් ඉන්න ආසය, සෙමින් නමුත් ඒ හඬ හරිම ප්‍රබලය. ඇගේ මේ පැහැදිලි කිරීම් වලට මදක් බාධා කරමින් , ඇය විසින් මේ කළයුතු යැයි කියන වැඩපිළිවෙළ පිළිබද ව ඇගේ ඇති සම්පූර්ණ අදහස කෙසේදැයි දැනගැනිමට මට අවශ්‍ය විය.
ඒ පිළිබදව ඇය මා හා පැවසූ විස්තරය හතරවන කොටසින් ඔබ හමුයේ තියන්නම්.

ඉෂු බණ්ඩාර-Ishu Bandara
පෙර කොටස්:





