බී.ඒ.කාදර්:
එක්සත් ජනපදය වේලාසනම ඇතුළු වී ඉක්මනින් ඉවත් වීමට හේතු වූයේ කුමක්ද?
ඒ කාලයේ චීනය සහ රුසියාව සැලකිය යුතු තරමේ දක්ෂ ක්‍රීඩකයන් නොවූවත්, ඉරානය වසර අටක් එක්සත් ජනපදය උපකාර ලත් ඉරාක ආක්‍රමණයෙන් දිවි ගලවා ගත්තේය. නමුත් මෙම යුද්ධයෙන් දින කිහිපයක් ඇතුළත එක්සත් ජනපදය තේරුම් ගත්තේ ඊශ්‍රායලයට ආර්ථික වශයෙන් සහ මිලිටරිමය වශයෙන් දින කිහිපයක්වත් පැවතිය නොහැකි බවයි.
එක්සත් ජනපදය සම්පූර්ණයෙන්ම පුදුමයට පත් විය. ගැටුම තවත් දින කිහිපයක් පමණක් පැවතුනත් ඊශ්‍රායලයේ පැවැත්ම අනතුරේ වැටිය හැකි බවට පැතිර ගිය කනස්සල්ලක් ඒහි තිබුණි. අඛණ්ඩ සටන් හේතුවෙන් හමාස්, හිස්බුල්ලා සහ හවුති වැනි අනෙකුත් ඉරාන ගැති සටන්කාමී කණ්ඩායම් සටනට පිවිසීමේ අවදානමක් ඇති වූ අතර, එමඟින් සිරියාව ඇතුළු විවිධ මැද පෙරදිග ජාතීන් පුරා ඉරානයට සහ පලස්තීනුවන්ට සහාය දැක්වීම සඳහා පුළුල් විරෝධතා ඇති විය හැකිය.

මෙහිදී ඊශ්‍රායලය පසුබට වුවහොත්, එය ඇමරිකාවේ ගෝලීය ආධිපත්‍යයට සෘජුවම හානි කරනු ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන්, එක්සත් ජනපදය සෘජුවම යුද්ධයට පිවිසීමට තෝරා ගත්තේය. මීට පෙර, ඊශ්‍රායලය හරහා ඉරානය මැඩපැවැත්වීමේ උත්සාහයේදී එක්සත් ජනපදය නේටෝ රටවල් ඇතුළු එහි සහචරයින් නොසලකා හැර තිබුණි. කෙසේ වෙතත්, දැන් එයට මැදිහත් වී ඊශ්‍රායලය ආරක්ෂා කිරීමට බල කෙරුනි. මෙම හදිසි අවශ්‍යතාවය නිසා ට්‍රම්ප් G7 සමුළුව සඳහා කැනඩාව බලා ගිය ඔහුගේ දෙදින සංචාරය කෙටි කර ජුනි 17 වන දින එක්සත් ජනපදයට නැවත පැමිණියේය. මෙම කාලය තුළ සිදු වූ වැදගත් සිදුවීම් දෙකක් අපගේ විශ්ලේෂණය සඳහා ඉතා තීරණණාත්මක ලෙස වැදගත් වේ.

පළමුවෙන්ම, කොන්දේසි විරහිතව යටත් වීම සඳහා ඉරානයට දින දෙකක කාල සීමාවක් ඔහු පැනවූ අතර, එසේ නොවුවහොත් දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි තර්ජනය කළේය. එවැනි සාර්ථකත්වයක් අත්විඳිමින් සිටි රටකට යටත් වන ලෙස ඉල්ලා සිටිය හැකි එකම නායකයා ට්‍රම්ප් වන්නට තිබුණි. ගැටුමේ ඊශ්‍රායලය තවමත් ජය ගනිමින් සිටින බව ලෝකයට ඒත්තු ගැන්වීමට ඔහු දැරූ නිෂ්ඵල උත්සාහයක් ලෙස මෙය සලකනු ලැබීය.

මිනිත්තු හතක් ඇතුළත සැතපුම් 1,200 කට වඩා ගමන් කළ මෙම නවීන මිසයිලය, ප්‍රහාරය ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලයේ දියුණු ආරක්ෂක වළලු මග හැරියේය. මෙයින් පසුව, ඉරානය එක්සත් ජනපදයට අනතුරු ඇඟවීමක් කරමින් කියා සිටියේ සැතපුම් 1,200 ක් දුරින් පිහිටි ටෙල් අවිව් වෙත පහර දිය හැකි නම්, මැද පෙරදිග ආසන්නතම ඇමරිකානු ස්ථාන වෙත පහර දීමට වැඩි කාලයක් ගත නොවන බවයි.
මැද පෙරදිග පිහිටා ඇති එක්සත් ජනපද හමුදා කඳවුරු 19 ක් ඇත. ඒවා ඇමරිකාවේ හමුදා ශක්තියේ සංකේත ලෙස සැලකේ. මෙම කඳවුරු පවත්වාගෙන යන තෙල්වලින් පොහොසත් ඉස්ලාමීය රටවල් ඒවා සලකන්නේ ඔවුන්ගේ ආරක්ෂිත කුඩයක් සහ ඔවුන්ගේ ධනයේ නියෝජනයක් ලෙස ය.ඉරාන යුද්ධය විසින් මැදපෙරදිග ස්ථාපිත ඇමරිකානු හමුදා කඳවුරු දෙස බලන ආකාරය පරිවර්තනයකට ලක් කළේය. වරක්, ගුවන් යානා වාහක නෞකා ආඩම්බරයෙන් මුහුදේ ගමන් කළේ බලය සහ බිය ගැන්වීම ප්‍රක්ෂේපණය කරමිනි; දැන්, ඉරාන මිසයිලයකට ගොදුරු වීමේ හැකියාව පිළිබඳ කනස්සල්ලෙන් ඔවුන් වට වී සිටියහ. එවැනි සිදුවීමක් සිදුවුවහොත් ගෝලීය වේදිකාවේදී තමන්ට මුහුණ දීමට සිදුවිය හැකි නින්දාව ගැන ඇමරිකාව බිය විය. මෙම කඳවුරුවල ස්ථානගත කර ඇති නිල ඇඳුම් ඇඳගත් ඇමරිකානු සොල්දාදුවන්ට දැන් ඉරාන මිසයිලයකට හසු වේ යැයි බියෙන් සටන් කිරීමට සිදු විය. මෙම සොල්දාදුවන්ගෙන් කිහිප දෙනෙකු පවා අහිමි වීමෙන් ඇමරිකාවේදී ඇති විය හැකි ප්‍රතිවිපාක සලකා බැලීමට ට්‍රම්ප්ට සිදු විය. තමන්ගේ ආරක්ෂාව පතා කලින් විශ්වාසය තැබූ ඇමරිකානු හමුදා කඳවුරු ආරක්ෂා කිරීමට අවශ්‍ය බව මෙම රටවල් දැන් තේරුම් ගෙන ඇත.ඉරාන යුද්ධය විසින් මැදපෙරදිග ස්ථාපිත ඇමරිකානු හමුදා කඳවුරු දෙස බලන ආකාරය පරිවර්තනයකට ලක් කළේය. වරක්, ගුවන් යානා වාහක නෞකා ආඩම්බරයෙන් මුහුදේ ගමන් කළේ බලය සහ බිය ගැන්වීම ප්‍රක්ෂේපණය කරමිනි; දැන්, ඉරාන මිසයිලයකට ගොදුරු වීමේ හැකියාව පිළිබඳ කනස්සල්ලෙන් ඔවුන් වට වී සිටියහ. එවැනි සිදුවීමක් සිදුවුවහොත් ගෝලීය වේදිකාවේදී තමන්ට මුහුණ දීමට සිදුවිය හැකි නින්දාව ගැන ඇමරිකාව බිය විය. මෙම කඳවුරුවල ස්ථානගත කර ඇති නිල ඇඳුම් ඇඳගත් ඇමරිකානු සොල්දාදුවන්ට දැන් ඉරාන මිසයිලයකට හසු වේ යැයි බියෙන් සටන් කිරීමට සිදු විය. මෙම සොල්දාදුවන්ගෙන් කිහිප දෙනෙකු පවා අහිමි වීමෙන් ඇමරිකාවේදී ඇති විය හැකි ප්‍රතිවිපාක සලකා බැලීමට ට්‍රම්ප්ට සිදු විය. තමන්ගේ ආරක්ෂාව පතා කලින් විශ්වාසය තැබූ ඇමරිකානු හමුදා කඳවුරු ආරක්ෂා කිරීමට අවශ්‍ය බව මෙම රටවල් දැන් තේරුම් ෙගන ඇත.

බී.ඒ.කාදර්–B.A.Kader
(මෙම සිංහල පරිවර්තනය සඳහා කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් සහ එක්සත් රාජධානියේ හල් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂකයෙකු වන සංජීවනී රූපසිංහ දුන් අනගි සහායට ස්තූතිය)
පෙර කොටස :
ඡායාරූප අන්තර්ජාලය ඇසුරිනි.






One thought on “කොන්දේසි විරහිතව යටත් වීම හෝ ප්‍රතිවිපාකවලට මුහුණ දීම’ යනාකාරයෙන් තර්ජනය කිරීමෙන් ආරම්භ වූ ඉරානයට එරෙහිව අවි අමෝරා ගත් ඇමරිකාවේ යුද්ධය, ‘ඉරානය නැවතත් ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීමට’ පොරොන්දු වීමෙන් අවසන් කළේ කෙසේද? (2කොටස)”