හිත්තැටියගේ සමන්ත:
දේශපාලනය තවමත් මනුෂ්‍යයන් දේශපාලන න්‍යායේ කේන්ද්‍රයේ තබා ඇත. ඒනිසා, හර්මන් OOO ( Object Oriennted Ontology ) ව්‍යාප්ත කිරීමේ අවශ්‍යතාවය පෙන්වාදේ. හර්මන් මේ සඳහා ඔහුගේ දාර්ශනික රාමුව වන OOO දේශපාලනයේ සහ සමාජ න්‍යායේ ක්ෂේත්‍රයට ප්‍රායෝගිකව යොදා ගැනීමට උත්සාහ කරයි. මානව, මානව නොවන, ස්වාභාවික හෝ කෘතිම වේවා, සියලුම වස්තූන්ට තමන්ගේමවූ යථාර්ථයක් ඇති බවත්, ඒවායේ කොටස් හෝ අනෙකුත් වස්තූන් කෙරෙහි ඒවායේ බලපෑම්වලට එය සම්පූර්ණයෙන්ම අඩු කළ නොහැකි බවත් OOO ප්‍රකාශ කරයි.
මානව නොවන ආයතනවල භූමිකාව පිළිබඳව වූ හර්මන්ගේ කේන්ද්‍රීය නිබන්ධනය වන්නේ, දේශගුණික අර්බුද සහ අනෙකුත් ගෝලීය ගැටළු සහිත යුගයක, “දේවල් වල දේශපාලනය” ( Politics of the Things ) අවශ්‍ය බවයි. මෙම ප්‍රවේශය මානව නොවන ආයතනවල තීරණාත්මක කාර්යභාරය අවධාරණය කරයි. ඔහු යෝජනා කරන්නේ මෙම ” දේවල් වල දේශපාලනයේ ” මූලයන් Actor Network Theory තුළ ඇති බවයි. Actor Network Theory බෲනෝ ලැටූර් වැනි චින්තකයින් විසින් වර්ධනය කරන ලද රාමුවක් වන අතර, එය මිනිස් සහ මානව නොවන වස්තූන් ජාලයක අන්තර් ක්‍රියා කරන ආකාරය ගවේෂණය කරයි.

මේ ඔස්සේ අප ජයගතයුතු අනෙක් උත්සාහය, මාක්ස්වාදයේ මානව කේන්ද්‍රීයතාවය (Anthropocentrism) තීරණාත්මක අභියෝගයක් බව තේරුම් ගැනීමයි. වර්තමාන සංකීර්ණ පරිසර ගැටළු (ප්‍රාකෘතික හා සමාජීය ජීව පද්ධතිවල අන්තර් ක්‍රියාවන් සහ අහඹුතා) වැනිදෑ හමුවේ, මෙම මානව කේන්ද්‍රීය විග්‍රහයන් හට සරල විසඳුම් ලබාදීම අපහසුය. මේනිසා, පශ්චාත්-මානවකේන්ද්‍රීය (post-anthropocentric) නැතිනම් ප්‍රති-මානවකේන්ද්‍රීය (anti-anthropocentric) දර්ශනයක අභාසය ලබා ගැනීමෙහි වැදගත්කම පිළිගත යුතුය.
මෙයට ග්‍රැහෑම් හාර්මන්ගේ Object-Oriented Ontology (OOO) න්‍යායාත්මක පදනමක් සපයයි. OOO අනුව, මනුෂ්‍යයන් විශේෂ ස්ථානයක නොව බොහෝදේ (objects) එකම පදනමකින් සැලකීම, යාවත්කාලීන සමාජ-පරිසර සාකච්ඡාවකට දොරටුවක් විවර කරයි.

මනුෂ්‍ය සහ මනුෂ්‍ය නොවන (non-human) වස්තූන් සමාන වශයෙන් සැලකීම, නව දාර්ශනික හා ප්‍රායෝගික ප්‍රවණතා නිර්මාණයට හැකියාව අපව සපයයි. මග හැර යා නොහැකි අනිවාර්යයක් ලෙස මාක්ස්වාදය ප්‍රායෝගික සහ දාර්ශනික අභියෝග හමුවේ අලුත් ආකාරයට විවෘත කළ යුතු අතර, වත්මන් සමයේ විප්ලවවාදීන්ට අදාල ප්‍රශ්න වලට උත්තර සෙවීම සඳහා මේ අලුත් දෘෂ්ටීන් එක් කළ යුතුය. මේ ලිපි පෙල ඒ සඳහා අරමුනු කරගෙන ලියවෙන්නකි.
බොහෝවිට එකම කාරනය නැවත නැවතත් පුනුරුච්චාරනය කිරීමක් ලෙස පෙනී ගියද, විශාල පරාසයක පැතිරුනු අවිධිමත් විවිධ මට්ටම් වල කියවන්නන් ජාලය ගැන සිතා, සෑම සටහනකින්ම බරක් නොවන ලෙස කුඩා නව අදහසක් එකතු කිරීමට උත්සාහ දරා ඇත.

හිත්තැටියගේ සමන්ත – Hiththatiyage Samantha






One thought on “දේවල් වල දේශපාලනය (Politics of the Things ) සහ මාක්ස්වාදය : අපට ඇති දාර්ශනික හා න්‍යායාත්මක අභියෝග (පළමු කොටස)”