මහේෂි බී. වීරකෝන්:
විසිවැනි සියවසේ බිහි වූ අසහායම ලේඛකයකු වෙන්නට පෙර, J. D. සැලින්ගර්, දාහත් වියැති යෞවනියක සමඟ ඉතා දැඩිව ආදරෙන් බැඳුණා. ඒ නාට්‍යවේදියෙක් උන යූජීන් ඕ’නීල්ගේ දියණිය වූ ඕනා ඕ’නීල් සමඟ.

ඒ 1942 වසර. සැලින්ගර් සහ ඕනා, කෙටි කාලීන, අනුරාගී ප්‍රේමයක පැටළුණා. ඒක අවසන් උනා ඕනා වෙනත් කෙනෙක් නිසා සැලින්ගර් අත් හැරීම නිසා. ඒ අනික් පුද්ගලයා උනේ චාලි චැප්ලින්.

එයාගේ දහ අටවැනි උපන්දිනේ ලැබුවත් සමඟම, 1943 දී, ඕනා චැප්ලින් සමඟ විවාහ උනා. බිඳුණු හදකින්, යුද පෙරමුණේ උන් සැලින්ගර්ට හැකි උනේ නෑ කෙදිනවත් ඒ වේදනාවෙන් ගොඩ එන්නට. එයා ඕනාට ලියලා යවපු ලිපි වලට පිළිතුරු ලැබුණේ නෑ. පෙළක් විචාරකයෝ කියන්නේ ඒ ප්‍රතික්ෂේප කිරීමේ සංතාපය සැලින්ගර්ගේ පසුකාලීන නවකථාවලින්, විශේෂයෙන් ඒවායෙ එන කාන්තා චරිත වලින් පිළිඹිබු උන බව. “The Catcher in the Rye” කතාවේ සැලී හේයිස්ගේ චරිතය වගේ.

ඕනාත් චැප්ලිනුත් දරුවන් අට දෙනෙකුගේ දෙමාපියන් බවට පත් උනා. 1977දී චැප්ලින් මිය යනතෙක්ම ඔවුන් එකට දිවි ගත කළා.
නැවත කිසිම දිනෙක සැලින්ගර් ප්‍රසිද්දියේ ඕනා ගැන සඳහන් කළේ නැහැ.
- Classical Literature page

මහේෂි බී. වීරකෝන්-Maheshi B. weerakoon





