මහේෂි බි. වීරකෝන්:
“හඳ ලස්සනයි, නේද” කියන්නේ “මම ඔයාට ආදරෙයි” කියලා කාව්‍යාත්මක විදියට කියන ජපන් වැකියක්. ඒ වැකිය ඇරඹුණා කියලා හිතන්නේ ජපන් ලේඛකයෙක් උන නට්සුමේ සොසෙකිගෙන් (1867-1916).”

නට්සුමේ සෝසෙකි කියන්නේ උසස් පාසැල් ගුරුවරයෙක්. කතාවේ හැටියට එයා තමන්ගේ සිසු සිසුවියන්ට උගන්නලා තියෙනවා ජපන් පිරිමි “මං ඔයාට ආදරෙයි” කියන එක සුදුසු නැති බව. “හඳ ලස්සනයි” කීම ඇති බව.
ඒත් මේ කතාව ඔප්පු කරන්න සාක්ෂි නැහැ. මේ කතාව මෑතකදී කොමික් සහ කතා රචකයන් විසින් පැතිරුවා කියලා තමයි කියන්නේ. ඊට පස්සේ ඒක “මං ඔයාට ආදරෙයි” කියන්න කෝඩ් එකක් උනා. “හඳ ලස්සනයි, නේද?” හැබැයි කවුරුහරි ඔයාට මෙහෙම කීවොත්, ඒක තෝරා බේරා ගන්න ඔයා නට්සුමේගේ කතාව දැනගෙන ඉන්නෝනි.
තව කතාවක කියවෙන විදියට, තමන්ගේ සිසුන් “මං ඔයාට ආදරෙයි” කියන වැකිය වචනෙන් වචනේ ට්‍රාන්ස්ලේට් කරනවා දැකලා නට්සුමේ කියලා තියෙනවා එහෙම කියන්න ඕනි නෑ, ඒක ජපන් විදිය නෙමේ, ඒ වෙනුවට “හඳ ලස්සනයි” කීවම ඇතිය කියලා. (මට හිතෙන විදියට කොහොමත් ජපන්නු ගුප්තයි. සෘජු නෑ. හරිම පරස්පරයි. එයාලාගෙ හිතේ තියෙන දේ කියවන්න බෑ. එයාලාගේ භාෂාවත් හුඟක්ම indirect කියලා මම අහලා තියෙනවා.)

ඒත් මේ කතාන්දර ඇත්ත බව ඔප්පු කරන්න කිසිම සාක්ෂියක් නෑ.
කොහොම නමුත් නට්සුමේගේ මේ කතාව පටන් ගන්නේ 1970 ගණන් වල. ඒ නිසා බොහෝ දුරට මේක ඒ කාලේ ලේඛකයෙක් ගොතපු කතාවක් වෙන්න පුළුවන්.
නට්සුමේගේ සමකාලීනයෙක් “මං ඔයාට ආදරෙයි” කියනවා වෙනුවට “මට ඔයා වෙනුවෙන් මැරෙන්න පුළුවන්” කියන වැකිය ඉන්වෙන්ට් කළා කියලත් කියවෙනවා.
ඉතින් ඒ විදියට අද කවුරු හරි ඔයාට “හඳ ලස්සනයි, නේද?” කීවොත්, ඒකට උත්තරේ විදියට ඔයාට “මට ඔයා වෙනුවෙන් මැරෙන්න පුළුවන්” කීවහැකි ඔයාත් එයාට ආදරෙයි නම්.
කොහොම උනත් “මං ඔයාට ආදරෙයි” කියන්න විදියවල් දාහක් තියෙනවා නම්, මේකත් එහෙම කියන්න ලස්සනම විදියක්.
OnThisDay

මහේෂි බි. වීරකෝන්-Maheshi B.weerakoon





