සිංහල කෙටිකතා වංශ කතාවට වසර 100 කි

රංජනී සෝමචන්ද්‍ර:

සිංහල සාහිත්‍යයේ මුල්ම කෙටිකතා සංග්‍රහය “ගැහැනිය” කෙටිකතා සංග්‍රහය වේ.එය 1924 වසරේදී එළි දක්වා ඇත.සිංහල කෙටිකතා වංශ කතාවට මේ වනවිට වසර 100 ක් ගෙවී ගොසිනි.
ගැහැනියක් හැරුණු විට හද සාක්කි කීම, වහල්ලු වික්‍රමසිංහයන් ගේ උසස් තැනක් ගන්නා කෙටිකතා සංග්‍රහයන් වේ.

මගුල් ගෙදර හා චරිතා දර්ශ කථා , පව්කාරයාට ගල් ගැසීම, මගේ කතාව, බිල්ල සහ අපූරු මුහුණ, යන කෙටිකතා සංග්‍රහය ද මාර්ටින් වික්‍රමසිංහ සූරීන් විසින් රචිත අනෙකුත් කෘතින්වේ.
සෑම භාෂාවකටම පාහේ පොදු වූ ජනප්‍රිය සාහිත්‍යය අංගයක් ලෙස වර්තමාන කෙටිකතාව දැක්විය හැකිය. කතා කලාවේ ක්‍රමික විකාශනයේ ප්‍රතිඑලයක් ලෙස කෙටිකතාව ගොඩනැගුනේ යැයි විශ්වාස කෙරේ.

මාර්ටින් වික්‍රමසිංහ

එඩ්ගා ඇලන්පෝ,නතෑනියල් හෝර්තෝන් ,ගීද මෝපසාං හා ඇන්තන් චෙකොෆ් යන ලේඛකයන් ගේ නිර්මාණ හේතුකොට ගෙන කලාත්මක ලෙස සකස් වූ වර්තමාන කෙටිකතාවේ විෂය හා ස්වභාවය විවරණය කරනු පිණිස ආරම්භයේදී පැහැදිලි නිර්වචනයක් තිබුනේ නැත.

එඩ්ගා ඇලන්පෝ-Edgar Allan Poe

ඒ බැව් එකල කෙටිකතාව හදූන්වා දුන් විවිධ නම් වලින් පැහැදිලි වන්නේය.
කෙටිකතාවෙ සුවිශේෂත්වය පැහැදිලි කරනු ලැබූවේ 1824 පමණ නතෑනියල් හෝර්තන්ගේ දෙවරක් කියූ කතා (Twice told talks) නම් කෘතිය ට ප්‍රස්තාවනාව ක් සැපයූ එඩ්ගා ඇලන්පෝ විසිනි.
බයිබලයෙහි ඇතුළත් රූත් සහ ජොනාවා නම් වූ කතා වලින් කෙටිකතා ව ගොඩනැගුනේ යැයි සමහරු පවසති. පෙර අපර දෙදිග ප්‍රචලිත වූ ජන කතාවලින් වර්තමාන කෙටිකතාවේ පසුබිම ගොඩනැගෙන්නට ඇතැයි සිතිය හැකිය.

නතෑනියල් හෝර්තන් -Nathaniel Hawthorne

බොහෝ විචාරකයින් කෙටිකතා ගැන අදහස් ප්‍රකාශ කර ඇත.මාර්ටින් වික්‍රමසිංහ සූරීන්,කේ ජයතිලක,ඒ.වී.සුරවීර,ජෝසප් බර්ග් ,එසන්වීන් , කෙටිකතා ව පිළිබඳ නොයෙකුත් සමාලෝචනයන්හි යෙදී ඇත.
කෙටිකතා ඇතූලූ කවර කලා මාධ්‍යයක් පිළිබඳ වුවද හැම කෙනෙකුටම එකගවිය හැකි නිර්වචනයක් ඉදිරිපත් කළ නොහැකි බව එසන්වීන් විසින් හඳුන්වා දී ඇත..

රංජනී සෝමචන්ද්‍ර-Ranjani Somachandra

More From Author

සිංහල ගීත කලාවේ බයිලා චක්‍රවර්ති හෙවත් එම්.එස්. ගැන ලියූ පරිපූර්ණ අපදානයක් !

චීනය,රුසියාව සහ ඉන්දියාවේ නායකයෝ ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සමුලුවට එක්‍ රැස් වෙති

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348