ස්ත්‍රී අධ්‍යාපනයේ මිත්‍යා කතා

ගැහැණුන්ට අධ්‍යාපනය ලැබෙන්නේ ලෝකයේ සිදුවන ස්ත්‍රී අරගලවල ප්‍රතිඵලයක් ලෙසටය. අතීතයේ සෑම රටකම පාහේ අධ්‍යාපන අවස්ථා හිමිි වූයේ පිරිමි ළමුන්ට පමණි. ගැහැණු විද්‍යාඥයින් ගැහැණු දාර්ශනිකයින් අතීතයේ නොසිටින්නේ එබැවිනි. මෙය අවබෝධ කර ගත් ස්ත්‍රීන්ම අධ්‍යාපන අයිතීන් ඉල්ලා සටන් වැදුනහ. එහි ප්‍රතිඵලයක් ලෙස දැන් ගැහැණු ළමුන්ට අධ්‍යාපන අවස්ථා හිමිව ඇත. එහෙත් ඒ තුළ විශාල මිත්‍යා මත සමුදායක් තවමත් ඉතිරිව ඇත.

මේවා කඩා බිඳ දමන්නේ කෙසේද? ඒ සඳහා අප ඒවා හඳුනා ගත යුතුව ඇත.

ගෑණු ළමයි වගේද පිරිමි ළමයෙක්නේ. හොඳට උගන්වන්න එපැයි”

එහෙම කතා ගෙවල්වලින් ඇසේ.
ඒ කියන්නේ කුමක්ද? ගැහැණු ළමයෙකුට නම් එතරම් ඉගැන්වූයේ නැතත් කමන් නෑ කියන අදහසයි.
එහෙම කියන්නේ ඇයි? ඇය කිසිවෙකු මක කවදා හෝ යැපිය යුතුය එසේ නැතහොත් යැපුනාට කමක් නැත හෝ යැපීමට නියමිතයි යන අදහසිනි.
එහෙත් අධ්‍යාපනයෙන් ගැහැණු ළමයෙකුට ඉදිරියටම යා හැකිය. ගැහැණුන්ට ඉගෙනීමේ අවස්ථා හිමිවීමෙන් පසුව විශාල ස්ත්‍රී විද්‍යාඥයින් පිරිසක් ලොව පුරා බිහි විය. එම නිසා ඔබගේ දියණියගේ අනාගතය අවතක්සේරු නොකර ඇයට ඉගෙනීමට සියලු අවස්ථා ලබා දිය යුතු නොවේද?
විෂයයන් තෝරා ගැනීමේදී ඇතැම් විට අපට ඇසෙන දෙයක් නම් ගැහැණු ළමුන්ට සුදුසු කලා විෂයයන් බවත් පිරිමි ළමුන් විද්‍යා ගණිත විෂයයන් හැදෑරිය යුතු බවත්ය.

MARIE CURIE

එහෙත් අපගේ විශ්වවිද්‍යාලවල ගණිත ඉංංජිනේරු වෛද්‍ය පීඨවල වැඩිම ලකුණු ගන්නා ගැහැණු ළමයි ඕනෑ තරම් ඇත. ගැහැණු ළමුන්ට ගණිතය හෝ විද්‍යාව බැහැ යන්න සමාජයේ පැතිර පවතින විශාල මිථ්‍යාවකි.

“ගෑනු ළමයෙක් ඉගෙන ගන්න ඕන ගුරුකමක් වගේ රස්සාවක් ගන්න” තවත් අය මෙසේ සිතයි. ගුරුවරියක් වීම හොඳය. එහෙත් ඒ ගෑනු ළමයාට එයින් එහාට සිහින තිබිය හැකිය. ඒ සඳහා ඇයට දිරි දිය යුතුය.

“රෑ වෙලා එන රස්සාවල් නම් එපා.”

එහෙම කියන්නේ ඇයි? අපේ වගේ රටවල ස්ත්‍රියකට රාත්‍රී ගමන් අවදානම් නිසාය. එවිට කළ යුත්තේ ස්ත්‍රිය ගෙට කර තැබීම ද එසේ පවතින අනාරක්ෂිත සමාජය වෙනස් කිරීමට පියවර ගැනීමද? අප කළ යුත්තේ ඕනම රාත්‍රියක ස්ත්‍රියකට බියෙන් සැකෙන් තොරව එළියට බැස යා හැකි සමාජයක් නිර්මාණය කිරීමයි.

ටෙක්නිකල් වැඩ නම් ගෑනුන්ට බැහැ

මෙය තවත් මිථ්‍යා මතයකි. ඕනෑම විෂයයක් ස්ත්‍රියකට වුවත් පුරුෂයෙකුට වුවත් පුහුණු කළ විට කළ හැකිය. තාක්ෂණික විෂයයන් වුව ද එසේමය.
“මල් හදන්න, මනමාලියයෝ අන්දන්න, කේක් හදන්න ඉගෙන ගන්න” තවත් අය දියණියට කියයි. ඒවා සියල්ල හොඳය. එහෙත් ඒවාට දක්ෂතා දක්වන පිරිමි ඕනෑ තරම් ඔබ දැක ඇත. ගැහැණු ළමුන්ට ගැහැණු වැඩ යැයි සම්මත වැඩවලින් ඔබ්බෙහි බොහෝ දේ කළ හැකිය. අවශ්‍ය කරන්නේ නිසි පුහුණුවකි. එය ලබා දීමට ස්ත්‍රීන් සවිබල ගැන්වීමට රටක් ලෙස අපට දැක්මක් තිබිය යුතුය.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
දර්ශන අධ්‍යයන අංශය,
කැලණිය විශ්ව විද්‍යාලය.  

තරුණි

ඡායාරූප අන්තර්ජාලය සහ Meta AI ඇසුරිනි.

More From Author

ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියෙන් වැසුණු වෘත්තීය අයිතීන්

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 12-I

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348