ස්වාභාවික පරමාණුව සහ කෘත්‍රිම පරමාණුව අතර වෙනස

චමිල් ජයනෙත්ති:

පුද්ගලයෙකුගේ ශරීරයක් සෑදී ඇති ද්‍රව්‍ය සංයුතිය කුමක්ද? යන්න යම් පුද්ගලයෙකුගෙන් විමසුවහොත්; එහිදී එම පුද්ගලයාගේ පළමු අදහස විය හැක්කේ හදවත, පෙනහළු සහ ආමාශය වැනි විවිධ ඉන්ද්‍රියයන් සංයුතියකින් සමන්විත ශරීරයක් බවයි. ඒවා පුද්ගලයන්ගේ ශරීරය පවත්වා ගැනීමට ක්‍රියා කරන බව ද පවසාවි. එසේත් නැතිනම් ශරීරය විවිධ වර්ගයේ සෛල විශාල ප්‍රමාණයකින් සෑදී ඇති බව ද පැවසිය හැකිය. කෙසේ වෙතත්, ශරීරයක් හෝ සමස්ත ජෛව ප්‍රජාව මෙන්ම, පෘථිවිය, සෞරග්‍රහමණ්ඩලය, මන්දාකිනි, විශ්වය මෙන්ම සෑදී ඇත්තේ පරමාණු වලිනි. ඒවා පදාර්ථ ව්‍යුහයන් ලෙස හඳුන්වන විශාල ව්‍යුහ පද්ධතියක් (වලාවන්) ලෙස ඒකාබද්ධ වී ස්වාභාවිකව බිහි වී ඇත. එවිට පුද්ගලයකුගේ ශරීරයක් යනු පරමාණුවලින් සමන්විත පද්ධතියකි.

සජීවීව හුස්ම ගන්නා සෑම ජීවියෙකුගේ පැවැත්මේ කොටසක් ලෙස පරමාණුව ද අයත් වෙයි. එහිදී ඒක සෛලික ජීවියාගේ සිට මානවයා දක්වා ආශ්වාස කිරීම මගින් ඔක්සිජන් පරමාණු ලබාගන්නා අතර ප්‍රාශ්වාසයේදී කාබන් පරමාණු පිටකරයි. ශරීරය තුළදී ඔක්සිජන් පරමාණු කාබන් පරමාණු දක්වා නිෂේධනයක් සිදුවෙයි. ගස්වැල් කාබන් පත්‍රවලින් අවශෝෂණය කරගන්නා අතර මුදා හරින්නේ ඔක්සිජන්ය. එවිට මේ ක්‍රියාවලිය ස්වාභාවික භෞතික ක්‍රියාවලියකි.සොබාදහම සහ ජීවය අතර පවතින සහජීවන ක්‍රියාවලිය සකසන්නේ පරමාණු ක්‍රියාවලියකිනි.

සියලුම ජීවීන්ට පොදු පරමාණු මූලද්‍රව්‍ය හතර වන්නේ ඔක්සිජන් (O), කාබන් (C), හයිඩ්‍රජන් (H) සහ නයිට්‍රජන් (N) වන අතර ඒවා ජීවියෙකුගේ සිරුරෙන් 96%ක් පමණ අන්තර්ගතය. අජීවී ලෝකයේ මූලද්‍රව්‍ය විවිධ ප්‍රමාණවලින් දක්නට ලැබෙන අතර ජීවීන්ට පොදු සමහර මූලද්‍රව්‍ය සමස්තයක් ලෙස පෘථිවියේ සාපේක්ෂව දුර්ලභය. සියලුම මූලද්‍රව්‍ය සහ ඒවා අතර සිදුවන රසායනික ප්‍රතික්‍රියා ජීවමාන ලෝකයේ කොටසක් ලෙස ස්වාභාවික භෞතික ක්‍රියාවලියක් හරහා ගමන් කරයි.

පරමාණුවක් සහ පදාර්ථයක් අතර වෙනස:

පරමාණුව: මූලද්‍රව්‍යයක සියලුම රසායනික ගුණාංග රඳවා තබාගන්නා අභ්‍යන්තර ඒකක තුනකින් සමන්විත චලිත ක්‍රියාවලියක පවතින අංශුවකි. ඒ අංශුව අභ්‍යන්තරයේ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන සහ නියුට්‍රෝන ලෙස හඳුනාගන්නා අනු තුනකින් සමන්විත වෙයි.

පදාර්ථය: ස්කන්ධය ඇති ඕනෑම ද්‍රව්‍යයක් සහ පරිමාවක් තිබෙන ව්‍යුහයක් පදාර්ථයකි. පදාර්ථයක් සෑදී ඇත්තේ පරමාණු එකතුවකිනි. උදා- කාබන්ඩයොක්සයිඩ් (CO₂) යනු කාබන් පරමාණුවක් සමග ඔක්සිජන් පරමාණු දෙකක එකුතුවකින් ඒකාබද්ධ වීමෙන් පදාර්ථයක් සෑදී ඇත. එවැනි සංයුතීන් විශ්වය ආරම්භයේ සිට මන්දාකිනි වල සිට ජීවය දක්වා ගමන් කරයි.

පරමාණුවේ ව්‍යුහය

පරමාණුවක් යනු මූලද්‍රව්‍යයක සියලුම රසායනික ගුණාංග රඳවා තබා ගන්නා කුඩාම ඒකකයයි. පරමාණුවක් කලාප දෙකකින් සමන්විත වේ. පළමුවැන්න නම් පරමාණු මධ්‍යයේ පිහිටා ඇති කුඩා න්‍යෂ්ටියවන අතර එහි ධන ආරෝපිත අංශු ප්‍රෝටෝන සහ උදාසීන, ආරෝපණය නොවූ අංශු නියුට්‍රෝනයි. පරමාණුවේ දෙවන, වඩා විශාල, කලාපය න්‍යෂ්ටිය වටා කක්ෂගත වන ඉලෙක්ට්‍රෝනයි.

ඉලෙක්ට්‍රෝන ධන – සෘණ ආරෝපිත අංශු “වලාවක්” ලෙස චලනය වෙයි. ධන ආරෝපිත ප්‍රෝටෝන සහ සෘණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන අතර ඇති ආකර්ෂණය පරමාණුව එකට තබාගනී. බොහෝ පරමාණුවල මෙම උප පරමාණුක අංශු තුන ලෙස ප්‍රෝටෝන, ඉලෙක්ට්‍රෝන සහ නියුට්‍රෝන අඬංගු වේ. මෙහිදී සමහර පරමාණු අභ්‍යන්තර අංශු තුනෙන් සමහර අංශු නොමැති ඒවාද පවතී.

ඒ හයිඩ්‍රජන් (H) පරමාණුව එක් ප්‍රෝටෝනයක් සහ එක් ඉලෙක්ට්‍රෝනයක් ඇති නමුත් නියුට්‍රෝනයක් නොමැත. න්‍යෂ්ටියේ ඇති ප්‍රෝටෝන සංඛ්‍යාව පරමාණුවක් ලෙස කුමන මූලද්‍රව්‍ය දැයි තීරණය කරන අතර න්‍යෂ්ටිය වටා ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව පරමාණුව කුමන ආකාරයේ ප්‍රතික්‍රියාවලට භාජනය වේද යන්න ද තීරණය කරයි. හීලියම් පරමාණුවක උප පරමාණුක අංශු වර්ග තුන ලෙස ප්‍රෝටෝන දෙකක් අඩංගු වේ.

පරමාණුවක ප්‍රෝටෝන (ධන ආරෝපණය) සහ නියුට්‍රෝන (උදාසීන ආරෝපණය) පරමාණුවේ මධ්‍යයේ ඇති කුඩා න්‍යෂ්ටිය තුළ එකට හමුවේ. ඉලෙක්ට්‍රෝන (සෘණ ආරෝපණය) න්‍යෂ්ටිය වටා විශාල ගෝලාකාර වලාකුළක් අල්ලා ගනී. මෙම විශේෂිත පරමාණුව හීලියම් වන අතර ප්‍රෝටෝන දෙකක්, නියුට්‍රෝන දෙකක් සහ ඉලෙක්ට්‍රෝන දෙකක් ඇත.

ඉලෙක්ට්‍රෝනයක් අංශුවක් ද තරංගයක් ද යන්න නිශ්චිත කිරීම අපහසුය. ඒ ඉලෙක්ට්‍රෝනයක සිදු වන චලනයේ වේගය නිසාය. එමනිසා ඉලෙක්ට්‍රෝනයක් හඳුනාගැනීමේදී නිත්‍ය නැති (අනිත්‍ය) චලනයක පැවතීම නිසා එය වලාකුලක් ලෙස අර්ථ ගන්වයි. ප්‍රෝටෝන සහ නියුට්‍රෝනවල එකම ආරෝපණයක් නැත, නමුත් ඒවාට ආසන්න වශයෙන් එකම ස්කන්ධයක් ඇත.

පදාර්ථයේ ව්‍යුහය

පදාර්ථය යන්නෙන් අදහස් කරන්නේ අවකාශය තුළ ස්කන්ධයක් ඇති ඕනෑම දෙයකි. වෙනත් වචන වලින් කිවහොත්, විශ්වය සෑදී ඇති “ද්‍රව්‍යය” සමන්විත වන්නේ පරමාණු එකතු වී බිහිවෙන ව්‍යුහයන් පදාර්ථ ව්‍යුහයන් ලෙස හඳුනාගනියි. කාබන්ඩයොක්සයිඩි (CO₂) යන පදාර්ථය සෑදී ඇත්තේ කාබන් පරමාණු එකකින් සහ ඔක්සිජන් පරමාණු දෙකක් එකතු වීමෙනි.

එනම් එම පරමාණු තුනක එකතුව පදාර්ථයක් ලෙස නම් වෙයි. ඒවා අතර විශේෂිත රසායනික හා භෞතික ගුණ ඇති අතර සාමාන්‍ය රසායනික ප්‍රතික්‍රියා හරහා වෙනත් ද්‍රව්‍යවලට බෙදිය නොහැක. උදාහරණයක් ලෙස රන් යනු මූලද්‍රව්‍යයක් වන අතර කාබන් ද එසේමය. එවැනි මූලද්‍රව්‍ය 118ක් ඇතත් ස්වභාවිකව ඇතිවන්නේ 92ක් පමණි. ඉතිරි මූලද්‍රව්‍ය රසායනාගාරවල සාදා ඇති අතර ඒවා අස්ථායී මූලද්‍රව්‍ය ලෙස හැඳින්වේ.

සෑම මූලද්‍රව්‍යයක්ම එහි රසායනික සංකේතය මගින් නම් කර ඇත. එය තනි කැපිටල් අකුරක් හෝ, පළමු අකුර දැනටමත් වෙනත් මූලද්‍රව්‍යයක් මගින් “ගෙන” ඇති විට, අකුරු දෙකක එකතුවකි. සමහර මූලද්‍රව්‍ය සඳහා ඉංග්‍රීසි යෙදුම් අනුගමනය කරයි.

එනම් කාබන් සඳහා C ලෙසද හයිඩ්‍රිජන් සඳහා H ලෙසද ඔක්සිජන් සඳහා O ලෙසද භාවිතා වේ. අනෙකුත් මූලද්‍රව්‍යවල රසායනික සංකේත ඒවායේ ලතින් නම් වලින් පැමිණේ; උදාහරණයක් ලෙස, සෝඩියම් සඳහා සංකේතය Na වේ, එය Natrium හි කෙටි ආකාරයකි. මූලද්‍රව්‍ය අතර ඇතිවන විවිධ බන්ධන වර්ග කිහිපයක් පිළිබඳ අදහසක් ලබා ගැනීම සඳහා, ආවර්තිතා වගුවක විවිධ ප්‍රදේශවලින් නියෝජනය වන මූලද්‍රව්‍ය කිහිපයක් සලකා බලමු. ආරම්භයක් ලෙස, අපි කාබන් දෙස බලමු. කාබන් (C) ලෝහ නොවන ලෙස හැඳින්වෙන මූලද්‍රව්‍ය පවුලට අයත් වේ. කාබන් (C) පරමාණු (සහ අනෙකුත් පරමාණු වර්ග) අතර බන්ධනය සාමාන්‍යයෙන් සහසංයුජ බන්ධනයක් ලෙස විස්තර කෙරේ, එහිදී සෑම බන්ධනයකටම ඉලෙක්ට්‍රෝන දෙකක් (එක් එක් බන්ධිත පරමාණු වලින් එකක්) ඇතුළත් වේ.

මෙය වඩාත් පොදු ආකෘතියක් වුවද, එය එකම දෙය නොවන්නේය; දියමන්ති යනු කාබන්හි (C) ස්වභාවිකව ඇති වන ඇලෝට්‍රොප් ලෙස හඳුන්වන නාමය ලබා දී ඇත; කාබන්හි අනෙකුත් ඇලෝට්‍රොප් වන්නේ ග්‍රැෆයිට්, ග්‍රැෆීන් සහ ෆුලරීන් වෙයි. වැදගත් ප්‍රශ්නය නම්: මෙම ද්‍රව්‍යවලට මෙතරම් වෙනස් ගුණාංග තිබිය හැකි නමුත් එකම වර්ගයේ පරමාණු වලින් සමන්විත වන්නේ කෙසේද යන්නය. උදාහරණයක් ලෙස: දියමන්ති දෘඩ, අවර්ණ, දිලිසෙන සහ විදුලිය සන්නයනය නොකරන මූලද්‍රව්‍යයකි. නමුත් ග්‍රැෆයිට් මෘදු, අළු, දිලිසෙන සහ විදුලිය සන්නයනය කරන මූලද්‍රව්‍යයකි. කාබන්හි මෙම ඇලෝට්‍රොප් වල අණුක මට්ටමේ ග්‍රැෆයිට් ව්‍යුහ තුළ පවතී.

පරමාණුවක ස්කන්ධය

පරමාණුවක ස්කන්ධය මැනීම එතරම් පහසු නොවන බැවින් විද්‍යාඥයන් විකල්ප මිනුමක් වන ඩෝල්ටන් හෝ පරමාණුක ස්කන්ධ ඒකකය (amu) යන නිර්වචනය කිරීම තෝරා ගෙන ඇත. තනි නියුට්‍රෝනයක හෝ ප්‍රෝටෝනයක බර amu 1 කට ආසන්නය. ඉලෙක්ට්‍රෝනය ප්‍රෝටෝනයට වඩා ස්කන්ධයෙන් අඩු වන අතර, පරමාණුක ස්කන්ධ ඒකකයකින් 1/1800 ක් පමණ වෙයි. ඒවා මූලද්‍රව්‍යයක සමස්ත පරමාණුක ස්කන්ධයට වැඩි දායකත්වයක් නොදක්වයි. අනෙක් අතට, සෑම ඉලෙක්ට්‍රෝනයකම – ප්‍රෝටෝනයකම ධන ආරෝපණයට සමාන සෘණ ආරෝපණයක් ඇති බැවින් ඉලෙක්ට්‍රෝන පරමාණුවක ආරෝපණයට බෙහෙවින් බලපායි. ආරෝපණය නොකළ, උදාසීන පරමාණුවල, න්‍යෂ්ටිය වටා කක්ෂගත වන ඉලෙක්ට්‍රෝන ගණන න්‍යෂ්ටිය තුළ ඇති ප්‍රෝටෝන ගණනට සමාන වේ. ධන සහ සෘණ ආරෝපණ අවලංගු වන අතර, ශුද්ධ ආරෝපණයක් නොමැති පරමාණුවකට මග පාදයි.

ප්‍රෝටෝන, නියුට්‍රෝන සහ ඉලෙක්ට්‍රෝන ඉතා කුඩා වන අතර පරමාණුවක පරිමාවෙන් වැඩි ප්‍රමාණයක් – සියයට 99% ට වඩා වැඩි ප්‍රමාණයක් හිස් අවකාශයක පවතින්නේය. මෙම හිස් අවකාශය තුළින් ඝන වස්තූන් එකිනෙක හරහා ගමන් නොකරන්නේ ඇයිද යන්න ඔබට ප්‍රශ්නයක් ඇසිය හැකිය. පිළිතුර නම් පරමාණුවල සෘණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන වලාකුළු ඉතා සමීප වුවහොත් එකිනෙක විකර්ෂණය වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඝනත්වය ඇති වන නිසාය.

සමහර පරමාණු ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමට හෝ නැතිවීමට හෝ එකිනෙක සමග බන්ධනය ඇති කර ගැනීමට නැඹුරු වෙයි. පරමාණු දෙකක් අතර ඇතිවන බන්ධනය රඳවා ගන්නේ ඉලෙක්ට්‍රෝන විසිනි. ඇත්ත වශයෙන්ම, පරමාණු අතර සරල අන්තර්ක්‍රියා – බොහෝ වාර ගණනක් සහ විවිධ සංයෝජන වලින්, තනි සෛලයක් හෝ විශාල ජීවියෙකු තුළ – ජීවය ඇතිකරයි. පුද්ගලයෙකුගේ ඥානය ඇතුළුව ඔහු සිටින සෑම දෙයක්ම ඉතා විශාල අජීවී පරමාණු අතර රසායනික හා විද්‍යුත් අන්තර්ක්‍රියාවල අතුරු ඵලයක් බව කෙනෙකුට තර්ක කළ හැකිය!

කාබන්ඩයොක්සයිඩ් (CO₂) අපගේ වායුගෝලයේ අත්‍යවශ්‍ය අංගයක් වන අතර ස්වාභාවික තත්වයන් යටතේ වායුමය ස්වරූපයෙන් විෂ සහිත නොවන, වර්ණ රහිත සහ ගන්ධ රහිත පදාර්ථ සංයුතියකි. අපගේ දේශගුණය තුළ කාබන්ඩයොක්සහිඩ්හි (CO₂) කාර්යභාරය ඉතා වැදගත් වේ: එය හිරුගෙන් නිකුත්වන තාපයෙන් සහ පෘථිවි අභ්‍යන්තරයෙන් විකිරණය වන තාපයෙන් කොටසක් අවශෝෂණය කර නැවත පෘථිවි පෘෂ්ඨයට පරාවර්තනය කරයි.

කාබන් ඩයොක්සයිඩ් (CO₂) යනු කුමක්ද?

කාබන් ඩයොක්සයිඩ් (CO2) යනු රසායනික සංයෝගයකි. එය සෑදී ඇත්තේ ඔක්සිජන් පරමාණු දෙකකට බන්ධනය වූ එක් කාබන් පරමාණුවක සහසම්බන්ධයකිනි. වායුගෝලයේදී කාබන්ඩයොක්සයිඩ් (CO2) වායුමය තත්වයක් දක්නට ලැබෙයි. කාබන් චක්‍රයේ කාබන්ඩයොක්සයිඩ් (CO2) ප්‍රභවයක් ලෙස පෘථිවියේ ජීවය සඳහා ප්‍රාථමික ප්‍රභවයක් වේ. වායුගෝලයේදී, කාබන්ඩයොක්සයිඩ් (CO2) දෘශ්‍ය ආලෝකයට විනිවිද පෙනෙන නමුත් හරිතාගාර වායුවක් ලෙස ක්‍රියා කරමින් අධෝරක්ත තාප කිරණ අවශෝෂණය කර ගනියි. කාබන්ඩයොක්සයිඩ් (CO2) ජලයේදී ද්‍රවයක් වන අතර භූගත ජලය, විල්, අයිස් තට්ටු සහ මුහුදු ජලයේ ද දක්නට ලැබේ.

කාබන් ඩයොක්සයිඩ් (CO₂) යනු වායුවක් වන අතර එය වාතයේ ස්වාභාවික සංරචකයක් වන අතර ගෝලීය කාබන් චක්‍රයේ කොටසක් ලෙස ක්‍රියාකරයි. ගස්-වැල් ප්‍රභාසංස්ලේෂණයේදී කාබන් නිෂේධනයකට ලක් කර වායුගෝලයට වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. එහිදී ශාක කාබන්ඩයොක්ස්යිඩ් (CO₂) ඔක්සිජන් (O₂) බවට නිෂේධනයක් සිදු කරයි. ඒ සමඟම, කාබන්ඩයොක්සයිඩ් (CO₂) යනු තාපය ගබඩා කරගන්නා පදාර්ථයක් නිසා පෘථිවියේ මතුපිට උණුසුම පවත්වාගැනීමට ස්වාභාවිකව දායක වූ පදාර්ථ සංයුතියකි.

කාබන්ඩයොක්සයිඩ් (CO₂) වායුගෝලයේ අධික ලෙස වැඩිවීම මතුපිට උණුසුම ඉහළ යාම සිදුවන බව බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙකු වන ගයි කැලෙන්ඩර් 1938දී ධනේශ්වර ක්‍රියාකාරකම් නිසා ගෝලීය උණුසුම ඇතිවන බව සොයාගත්තේය.

Guy Callendar

කාබන්ඩයොක්සයිඩ් (CO₂) දේශගුණික විපර්යාස සඳහා දායක වන සැලකිය යුතු හරිතාගාර වායුවක් බව තහවුරු වූයේ 1978 කාලයේදී ගැලැසියර් දියවෙන බව සොයාගැනීමත් සමගය. එහිදී පොසිල ඉන්ධන දහනය වැනි ධනේශ්වර සමාජ ක්‍රියාකාරකම් නිසා කාබන්ඩයොක්සයිඩ් (CO₂) ස්වාභාවික ප්‍රමාණයට වඩා වැඩිවීම හේතුවක් ලෙස සඳහන් වෙයි.

එබැවින් කාබන්ඩයොක්සයිඩ් (CO₂) විමෝචනය මගින් ස්වාභාවික පැවති සමතුලිත උණුසුම් තත්වය අවසන් වී ස්වාභාවික ආරක්ෂා වූ පැවැත්ම ද අහෝසි වී දේශගුණික විපර්යාස ඇතිවීමට කේන්ද්‍රීය සාධකය බවට වත්මනේ කාබන්ඩයොක්සයිඩ් (CO₂) පත් වී අවසන්ය.

කාබන්ඩයොක්සයිඩ් (CO₂) අපගේ වායුගෝලයේ අත්‍යවශ්‍ය අංගයකි. නමුත් වායුගෝලයේ සමතුළිතතාවය රැකගැනීම සිදුවන්නේ ස්වාභාවිකව සිදුවුන කාබන්ඩයොක්සයිඩ් (CO₂) ක්‍රියාකාරිත්වය හරහාය. පෘථවියේ දේශගුණය තුළ කාබන්ඩයොක්සයිඩ් (CO₂) කාර්යභාරය වන්නේ: එය පෘථිවියෙන් විකිරණය වන තාපයෙන් කොටසක් අවශෝෂණය කර එය නැවත පෘථිවි පෘෂ්ඨයට පරාවර්ථනය කරමින් සමතුළිතතාවය රැකගත් නිසාය. එහිදී පෘථිවිය වර්ෂ බිලියන 4.5ක කාලයක සිදුවූ ක්‍රියාවලිය විසින් ස්වාභාවිකව අපගේ ග්‍රහලෝකයේ දේශගුණය නියාමනය කරන ලද් දේ කාබන් මගිනි. ශාක හා සත්ත්ව විශේෂ වර්ධනය විය හැකි අකාබනික තත්වයක සිට කාබනික තත්වයක් දක්වා ස්වාභාවිකව නිර්මාණය වූයේ එම නියාමනය හරහාය. නමුත් කාබන්ඩයොක්සයිඩ් වැඩි කිරීම නිසා ඒ ස්වාභාවික භෞතිකය අහෝසිකර ඇත.

ස්වාභාවික කාබන් චක්‍රය සෑදීම

කාබන් නිපදවන්නේ බොහෝ ජීවීන්ගේ ශ්වසනයේදී ස්වාභාවික අතුරු ඵලයක් ලෙසය. මිය ගිය ජීවීන්ගේ සහ දැව දිරාපත්වීම මගින් බොර තෙල්, ගල් අඟුරු සහ වායුව වැනි කාබනික ද්‍රව්‍ය දහනය කිරීමෙන් හෝ නිපදවන කාබන්ඩයොක්සයිඩ් (CO₂) කෘත්‍රිම ක්‍රියාවලියක් හරහා නිපදවයි. ස්වාභාවික ජීවය විසින් ප්‍රාශ්වාසයේදී සාදන ලද කාබන්ඩයොක්සයිඩ් (CO₂) චක්‍රයේ නිදර්ශනය වගේම අනෙක්පසින්, ප්‍රභාසංස්ලේෂණයේදී කාබන්ඩයොක්සයිඩ් (CO₂) අවශෝෂණය කර සොබාදහම සමතුළිත කිරීම ස්වාභාවිකව සිදුවිය. අනෙක්පසින්, ධනේශ්වර සමාජය විසින් නිපදවන කාබන්ඩයොක්සයිඩ් (CO₂) කර්මාන්ත හා ප්‍රවාහනයෙන් හා බලාගාරවලින් පැමිණෙන කාබන් ප්‍රතිශතය අධික ලෙස වර්ධනය කිරීම නිසා ධනේශ්වර ලාබය සඳහා කෘත්‍රිමව නිපදවූ කාබන් පරමාණු විශාල ලෙස වායුගෝලයේ තැන්පත් විය. එය අද ගෝලීය ඛේදවාචකයකට ගමන් කර ඇත.

දේශගුණික විපර්යාස සඳහා CO₂ ඉටු කරන කාර්යභාරය

කාබන්ඩයොක්සයිඩ් (CO₂) දේශගුණික විපර්යාස සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන්නේ හරිතාගාර වායුවක් නිසාවෙනි. හරිතාගාර වායුව පෘථිවි පෘෂ්ඨයෙන් විමෝචනය සහ හිරුගෙන් නිකුත්වන තාපය රඳවා තබා ගන්නා බ්ලැන්කට්ටුවක් මෙන් ක්‍රියාකර තාපය වායුගෝලයේ රඳවා ගනී.

කාබන්ඩයොක්සයිඩ් (CO₂) වැනි හරිතාගාර වායු නොමැතිව, පැවතියේ නම් පෘථිවි පෘෂ්ඨය ඉතා සීතල වනු ඇත. ප්‍රධාන වශයෙන් ධනේශ්වර ක්‍රියාකාරකම් නිසා ඇතිවන වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් (CO₂) සාන්ද්‍රණයේ වැඩිවීම දේශගුණ විපර්යාස සඳහා ඇතිකරන බලපෑම සැලකිය යුතු ලෙස තීව්‍ර කර ඇත. එහිදී අයිස් (ගැසියර්) දියවී යාම, කුණාටු වර්ධනය වීම, භූමිකම්පා සිදුවීම, ගිනිකඳු සක්‍රීය වීම, කානන්තාර බිහිවීම, වියලි කලාපයන් නිර්මාණය වීම වැනි විශාල ප්‍රමාණයෙන් ස්වාභාවිකත්වය අහෝසි වීම සිදුවෙමින් පවතින්නේය.

ධනේශ්වර ක්‍රමය විසින් කෘත්‍රිම කාබන් පරමාණු නිෂ්පාදනය

කාර්මිකරණය ආරම්භයේ සිට (19 වන සියවසේ මුල් භාගයේදී), ප්‍රධාන වශයෙන් ගල් අඟුරු, තෙල් හා ස්වාභාවික වායු දහනය මෙන්ම වනාන්තර එළිපෙහෙළි කිරීම, තෙත්බිම් විනාශ කිරීම සහ කොන්ක්‍රීට් වනාන්තර ඉදි කිරීම හරහා ධනේශ්වර අවශ්‍යතාවය සැලකිය යුතු ව්‍යවසනයකට පෘථිවිය ළං කළේය. ඒ කාර්මික විප්ලවයෙන් පසුව කාර්මික ධනවාදය ස්ථාපිත වීමෙන්ය.

විද්‍යාත්මකව කාබන්යොක්සයිඩ් (CO₂) විමෝචනය කිරීම සඳහා ස්වාභාවිකව පැවති ලෝකයේ වනාන්තර ප්‍රමාණය 2025 වන විට 46% දක්වා පහත බැස ඇත. ධනවාදී සමාජයේ ක්‍රියාකාරකම් හේතුවෙන් වැඩිවන හරිතාගාර ආචරණය පෘථිවිය උණුසුම් වීමට හේතු වීම නිසා ස්වාභාවික පද්ධතියට අතිවිශාල බලපෑමක් ඇතිකර ඇත.

මේවාට සාමාන්‍ය උෂ්ණත්වය වැඩිවීම, ගැලැසියර් දියවීම, ජලයේ ආම්ලිකතාවයේ වෙනස්වීම් සහ ශාක හා සත්ත්ව විශේෂ වඳ වී යාම ද ඇතුළත් වේ. එවිට සිදුවී තිබෙන්නේ පෘථිවියේ සමතුළිතතාවය බිඳවැටීම විවිධ පැතිවලින් සක්‍රීය වීමයි.

කාබන් පෘථිවි වායුගෝලයේ අංශු මිලියනයකට කාබන් කොටස් 485 (ppm), හෝ 0.046% (2025 ජූලි වන විට) හි කාබන් අංශු එය පූර්ව කාර්මික සමාජ මට්ටමේ දී පැවති 260 ppm හෝ 0.028% ප්‍රතිශතය දැවැන්ත ලෙස ඉහළ ගොස් ඇත. ෆොසිල ඉන්ධන දහනය කිරීම මෙම වැඩි වූ කාබන්ඩයොක්සයිඩ් (CO2) සාන්ද්‍රණයන්ට දේශගුණික විපර්යාස සඳහා ප්‍රධාන හේතුව වී තිබේ.

මුල් ජීවය ආරම්භ වූ ප්‍රාග්කේම්බ්‍රියානු යුගයේ (වර්ෂ මිලියන 541) සිට පෘථිවියේ පූර්ව කාර්මික යුගය (ක්‍රිස්තු වර්ෂ 1770) දක්වා වායුගෝලයේ එහි සාන්ද්‍රණය ජීවීන් සහ ස්වාභාවික භූ-විද්‍යාත්මක ලක්ෂණ මගින් වායුගෝලය නියාමනය කරන ලදී. ශාක, ඇල්ගී සහ සයනොබැක්ටීරියා කාබන්ඩයොක්සයිඩ් සහ ජලයෙන් ද කාබෝහයිඩ්‍රේට් සංස්ලේෂණය කිරීම සඳහා හිරු එළියෙන් ලැබෙන තාප ශක්තිය භාවිතා කරන්නේය. එය ප්‍රභාසංස්ලේෂණය ලෙස හැඳින්වෙන ක්‍රියාවලියක් වන අතර එහිදී ඔක්සිජන් අපද්‍රව්‍යක් ලෙස නිපදවයි.

අනෙක් අතට, ඔක්සිජන් පරිභෝජනය කරන සියලුම ජීවීන් විසින් ශ්වසනය මගින් ශක්තිය නිපදවීම සඳහා ඔක්සිජන් සංයෝග ශරීරය තුළදී නිෂේධනය කර කාබන් අපද්‍රව්‍ය ලෙස වායුගෝලයට මුදා හරියි. වනාන්තර ගිනි ගැනීම් සහ ලැව්ගිනි වැනි කාබනික ද්‍රව්‍ය දිරාපත් වන විට හෝ දහනය වන විට කාබන් ද්‍රව්‍ය බවට පත්වේ. කාබන්ඩයොක්සයිඩ් (CO2) ජලයේ දියවන විට, එය කාබනේට් සහ ප්‍රධාන වශයෙන් බයිකාබනේට් (HCO) සාදයි, එය වායුගෝලීය කාබන්ඩයොක්සයිඩ් (CO2) මට්ටම් වැඩිවන විට සාගර ආම්ලිකතාවය ද වැඩිවේ.කාබන්ඩයොක්සයිඩ් (CO2) වියළි වාතයට වඩා 53% වැඩි ඝනත්වයක් ඇති නමුත් දිගු කල් පවතින අතර වායුගෝලයේ එය හොඳින් මිශ්‍ර වේ.

වායුගෝලයට අතිරික්ත

කාබන්ඩයොක්සයිඩ් (CO2) විමෝචනයෙන් අඩක් පමණ ගොඩබිම සහ සාගර කාබන් නිෂේධනය මගින් අවශෝෂණය වේ. දිරාපත්වීම සහ ලැව්ගිනි හේතුවෙන් කාබන්ඩයොක්සයිඩ් (CO2) නැවත වායුගෝලයට මුදා හරින බැවින් මෙම සින්ක් සංතෘප්ත විය හැකි අතර වාෂ්පශීලී වේ. කාබන්ඩයොක්සයිඩ් (CO2) නැතහොත් එහි අඩංගු කාබන්, අවසානයේ ගල් අඟුරු, ඛනිජ තෙල් සහ ස්වාභාවික වායු වැනි පාෂාණ සහ කාබනික නිධිවල තැන්පත් වේ (ඒවා දීර්ඝ කාලීනව ගබඩා වූ ද්‍රව්‍යයකි).

ධනේශ්වර ක්‍රමය විසින් නිපදවන සියලුම කෘත්‍රිම කාබන් වායූන් සියල්ලම වායුගෝලයේ රැඳෙයි. එවිට විමෝචනය වන ප්‍රධාන හරිතාගාර වායුව කාබන්ඩයොක්සයිඩ් (CO2) බවට පත්වේ. ජීවීන් විසින් ප්‍රාශ්වාසයේදී වාර්ෂිකව මුදාහරින කාබන්ඩයොක්සයිඩ් (CO2) වලින් 1% කටත් වඩා අඩු ප්‍රමාණයක් වූ අතර ඒවා වනාන්තර මගින් නිෂේධනය විය. එයට අමතරව ධනේෂ්වර නිෂ්පාදන ක්‍රමයේදී නිපදවන්නේ ගල් අඟුරු, තෙල් සහ ස්වාභාවික වායු වැනි පොසිල ඉන්ධන දහනය කිරීමෙන් වායුගෝලයට මුදාහරින කාබන් වායු ප්‍රමාණය අධිකව එලෙසම පැවතුනි.

කාබන් පරමාණුවකට වායුගෝලය තුළ වර්ෂ මිලියන ගණනක් ජීවත්විය හැකිය. මෙයින් අදහස් කරන්නේ බලශක්ති උත්පාදනය, පෙට්‍රල් සහ ඩීසල් වාහන පැදීම, ගුවන් සේවා සහ කර්මාන්ත වැනි ක්‍රියාකාරකම් සියල්ලම කාබන්ඩයොක්සයිඩ් (CO2)නිපදවන බවයි. 2020දී කාබන් විමෝචනය 79% ක් දක්වා වර්ධනය වී තිබුණේ එම කරුණ නිසාය.

කාබන් ඩයොක්සයිඩ් වඩාත් බහුල හරිතාගාර වායුවක් වන බැවින්, සියලුම වායූන්ගේ ගෝලීය උණුසුම් විභවය (GWP) ප්‍රකාශ කිරීම සඳහා එය මිණුම් ලකුණක් ලෙස භාවිතා කරයි. කාබන්ඩයොක්සයිඩ් (CO2) GWP සමාන්‍යෙයන් CO2e ලෙසද ප්‍රකාශ වේ. කාබන්ඩයොක්සයිඩ් (CO2) ටොන් එකක් පැහැදිලිවම CO2e ටොන් එකකට සමාන බැවින්, CO2 හි GWP 1 බවද ප්‍රකාශ කරයි. මෙයින් අදහස් කරන්නේ එය සියලුම GHG වලින් ගෝලීය උණුසුම් විභවයක් ඇති බවයි – නමුත් ධනේශ්වර ක්‍රමය විසින් සිතුවාට වඩා විශාල ප්‍රමාණයකින් කාබන් ජනනය කළ සහ කරන නිසා, එය ගෝලීය උණුසුම සඳහා විශාල ලෙස දායකවන එකම වායුව බවට පත් වී ඇත.

මීතේන් (CH4)

මීතේන් භූ-විද්‍යාත්මක හා ජීව විද්‍යාත්මක ක්‍රියාවලීන් දෙකෙන්ම නිපදවනු ලබයි. වසර මිලියන ගණනක් පුරා භූ-විද්‍යාත්මක ක්‍රියාවලීන් හරහා නිර්මාණය වන මීතේන්, පොසිල ඉන්ධනයක් වන ස්වාභාවික වායුවකි. 2022 සැප්තැම්බර් මාසයේදී බෝල්ටික් මුහුදේ ගෑස් කාන්දුවීම් දෙකකින් මීතේන් සෘජුවම වායුගෝලයට පිටවුනි. මීතේන් අනෙකුත් පොසිල ඉන්ධන සමග පවතින බැවින්, මීතේන් කාන්දුවීම වායුගෝලය තුළ උෂ්ණත්වය ඉහළ යාමට බලපාන්නේය. ඒ මීතතේන් ප්‍රධාන විමෝචන ප්‍රභවයක් නිසාය. ඒවගේම ගැලැසියර් දියවීම නිසා අවුරුදු බිලියන ගණනක් අයිස්වල හටගත් ඇල්ගී ශාක කුණුවීම නිසා (කුණුවීම යනු රසායන ක්‍රියාවලියකි) පිටවන්නේ මීතේන්ය. මීතේන් ඉක්මනින් ගිණි ගන්නා නිසා ප්‍රතිවිරුද්ධ වායුවක් හමු වූ තැනදී ගිණි ගන්නා බව ග්ලැසියර් (අයිස්) ගිනි ගැනීම තුළින් ද පැහැදිලි වෙයි.

ඉතිරි මීතේන් ජෛව විද්‍යාත්මක ක්‍රියාවලීන් මගින් පෘථිවියේ නිපදවනු ලබයි. මෙම ප්‍රභවයන්ගෙන් සමහරක් ස්වාභාවිකයි. ස්වාභාවික තෙත්බිම් වල ජීවත් වන ක්ෂුද්‍ර ජීවීන්ගෙන් ලැබෙන මීතේන්ය. ඒවා සුලු ප්‍රමාණයකින් නමුත් මීතේන් 60%ක් පමණ වායුගෝලයට මුදා හරින්නේ ධනේශ්වර ක්‍රියාකාරකම් වලිනි. විශේෂයෙන් ගොවිතැනෙනි.

ස්වාභාවික ක්‍රියාවලිය පසෙක දමා කෘතිම වල්නාෂක නිසා මීතේන් නිෂ්පාදනය වැඩි වීමට හේතු වී තිබේ. එයින් වැඩි ප්‍රමාණයක් වායුගෝලයට යන නිසා මීතේන් වායුගෝලයේ වැඩිවෙයි. ප්‍රධාන තාක්ෂණය වන්නේ නිර්වායු ජීර්ණය සහ ගොඩකිරීමෙන් හෝ අපජල පිරිපහදුවෙන් වායුව නැවත ලබා ගැනීමයි. මෙම ක්‍රියාවලීන්ගෙන් වායූන් මිශ්‍රණය සමහර විට ජීව වායුව ලෙස හඳුන්වනු ලබන අතර, පිරිසිදු මීතේන් නිස්සාරණය කළ විට එය ජෛව මීතේන් ලෙස ද හැඳින් වේ.

මීතේන් වල GWP 25ක් ඇත, එයින් අදහස් වන්නේ මීතේන් ටොන් එකක් කාබන්ඩයොක්සයිඩ් (CO2) ටොන් 25 ක් හා සමාන උණුසුම්වීමක් ඇතිකරන බවයි. මීතේන් වායුගෝලයේ තාපය රඳවා ගැනීමේදී කාබන්වලට වඩා බෙහෙවින් අඩුවන නමුත් මීතේන්වල ආයු කාලය ඉතා කෙටිය: එය අවුරුදු 12 ක් පමණ බව ගණන් බලා ඇත.

නයිට්‍රස් ඔක්සයිඩ් (N2O)

නයිට්‍රස් ඔක්සයිඩ් ධනේශ්වර නිෂ්පාදන ක්‍රියාවලියෙන් ප්‍රභවය වන වායුවක්ය. 18වැනි සියවසේ අගභාගයේදී විද්‍යාඥයින් එය නිපදවන ආකාරය සොයාගත් අතර එතැන් සිට එය නිර්වින්දනය සහ රොකට් ප්‍රචාලකයක් ලෙස විවිධ අරමුණු සඳහා ධනේශ්වර පාලකයන් භාවිතයට ගෙන ඇත.
එහි ප්‍රචාලක ගුණාංගවලින් අදහස් වන්නේ නයිට්‍රස් ඔක්සයිඩ් බහාලුමක එන නිෂ්පාදනවල නිතර භාවිතා වන බවයි. නමුත් එහි GWP 273 යන්නෙන් අදහස් වන්නේ එවැනි නිෂ්පාදන පෘථිවියට විශාල බලපෑමක් ඇති කළ බවයි. විප්ඩ් ක්‍රීම් කෑන් දෙකක කාබන් කිලෝග්‍රෑම් 8.7 CO2e ඇතිබව ඇස්තමේන්තු කර ඇත. 2017දී සාමාන්‍ය UK ගෘහස්ථ තාපන විමෝචනය කිලෝග්‍රෑම් 2745 CO2e විය; එය දිනකට CO2e කිලෝග්‍රෑම් 7.52 ක් පමණි. එබැවින් නයිට්‍රස් ඔක්සයිඩ් කුඩා ප්‍රමාණයක් අඩංගු වුවද, එය දිනකට වැඩි උණුසුම් විමෝචනයක් ජනනය කරයි.

වායුගෝලයේ නයිට්‍රස් ඔක්සයිඩ් සාන්ද්‍රණය පසුගිය වසර 150 තුළ වැඩි වී පැවති අතර පසුගිය දශක හතර තුළ වැඩිවීම තවත් වේගවත් වී ඇත.
හයිඩ්‍රොෆ්ලෝරෝකාබන් (HFCs)
හයිඩ්‍රොෆ්ලෝරෝකාබන් යනු ශීතකරණය, වායු සමීකරණ සහ ගිණි නිවන පද්ධති ඇතුළු පුළුල් පරාසයක් සහිත ධනේෂ්වර නිෂ්පාදන ක්‍රියාවලිය විසින් සාදන ලද සංයෝග සමූහයකි. ඒවා සමහර ඇදුම ආශ්වාස කරන්නන් තුළ ද දක්නට ලැබේ. ඕසෝන් වියන විනාශකරන ප්‍රධාන වායුව හයිඩ්‍රොෆ්ලෝරෝකාබන්ය.
මෙම පන්තියේ GHG පිළිබඳ වර්ධනය වන දැනුමට ප්‍රතිචාර වශයෙන් නිල අගයන් කාලයත් සමග වෙනස් වී ඇත.

සාමාන්‍යයෙන් හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම සඳහා ධනේශ්වරයේ සමස්ත කැපවීම අමතක කර ඇති අතර, යුරෝපීය සංගමය සහ එක්සත් ජනපදය ද HFC ක්‍රමයෙන් ඉවත් වීමට වෙනම ම කැපවීමක් සිදු කළේය. මෙය 1985 මොන්ට්‍රියල් ප්‍රොටෝකෝලයට 2016 සංශෝධනයක් අත්සන් කිරීම හරහා එය මුලින් ඕසෝන් ස්ථරය ආරක්ෂා කිරීම සඳහා සකස්කරන ලද බව ප්‍රකාශ කලත් එය තවත් වර්ධනවීම හරහා ගෝලීය ධනේශ්වරයේ අවශ්‍යතාවය බොරුවක් බව ඔප්පු විය.

පර්ෆ්ලෝරෝකාබන් (PFCs)

පර්ෆ්ලෝරෝකාබන් යනු කාබන්-ෆ්ලෝරීන් බන්ධන සහිත රසායනික සංයෝග කාණ්ඩයකි. ඇලුමිනියම් නිෂ්පාදන කර්මාන්තය මෙම GHG හි විශාලතම උත්පාදක වායුන්ගෙන් එකකි. අනෙකුත් ප්‍රභවයන් අතර ශීතකරන සහ ද්‍රාවක ද ඇතුළත් වේ. සරලම PFC, කාබන් ටෙට්‍රාෆ්ලෝරයිඩ්, මෙම රසායනික ද්‍රව්‍ය කාණ්ඩයේ අඩුම GWP ඇත: 7390. පර්ෆ්ලෝරෝසයික්ලොප්‍රොපේන් හි ඉහළම අගය GWP 17340 කි.

සල්ෆර් හෙක්සාෆ්ලෝරයිඩ් (SF6)
සල්ෆර් හෙක්සාෆ්ලෝරයිඩ් ප්‍රධාන වශයෙන් විදුලි බල කර්මාන්තයේ පරිපථ කඩන යන්ත්‍ර සහ ස්විච් වැනි උපකරණ පරිවරණය කිරීම සඳහා භාවිතා කරයි. මෙම උපකරණ ක්‍රියා විරහිත කළවිට, එය වායුගෝලයට ළඟාවීම වැළැක්වීම සඳහා හැකි තරම් SF6 නැවත ලබා ගැනීම වැදගත් වනු ඇත. SF6 වෛද්‍යමය භාවිතයන් කිහිපයක් ද ඇති අතර SF6 භාවිතා කර ඇත. එහි GWP අගය 22,800 කි.

නයිට්‍රජන් ට්‍රයිෆ්ලෝරයිඩ් (NF3)
පැරිස් ගිවිසුමට පූර්වගාමියා වූ 1997 කියෝතෝ ප්‍රොටෝකෝලය මගින් පිළිගත් හරිතාගාර වායු විමෝචනවල මුල් “කූඩයට” නයිට්‍රජන් ට්‍රයිෆ්ලෝරයිඩ් ඇතුළත් නොවීය. එය දෙවන කාල පරිච්ඡේදයේදී එකතු කරන ලද අතර, නිල වශයෙන් පිළිගත් කෘත්‍රිම හරිතාගාර වායු සංඛ්‍යාව හය සිට හත දක්වා ගෙන එන ලදී. 20වැනි සියවසේදී එය සංස්ලේෂණය කිරීමේ ක්‍රම සොයා ගැනීමට පෙර NF3 ඉතා කුඩා ප්‍රමාණවලින් පමණක් පැවතුනි. එහි ප්‍රධාන භාවිතය වන්නේ ප්‍රදර්ශන තිර, සූර්ය පැනල සහ LED වැනි ඉලෙක්ට්‍රොනික භාණ්ඩ නිෂ්පාදනයයි.

නව මිනුම් ශිල්පීය ක්‍රම මෑතකදී හෙළි කර ඇත්තේ කලින් සිතුවාට වඩා බොහෝ නයිට්‍රජන් ට්‍රයිෆ්ලෝරයිඩ් වායුගෝලයේ ඇති බවයි. මෙය භයානක පුවතක් වන්නේ එයට GWP 17,200 ක් ඇතිබව ප්‍රකාශවන බැවිනි. ඔවුන්ගේ GHG විමෝචනය වාර්තා කරන ව්‍යාපාර GHG හත පිළිබඳව දැනුවත් විය යුතුය. ව්‍යාපාරයක දේශගුණික බලපෑමට විවිධ GHG වල වැදගත්කම එහි අංශය සහ ක්‍රියාකාරකම් මත රඳා පවතී.

මානව විද්‍යාත්මක විමෝචනයන් දැනට වාර්ෂිකව කාබන් ගිගාටොන් 7ක් (ටොන් බිලියන 7) පමණ වායුගෝලයට මුදාහැර ඇත. කෘත්‍රීමව කරන ධනේශ්වර ක්‍රියා මගින් කාබන් විමෝචනය ස්වාභාවික ප්‍රභවයන්හි ආසන්න වශයෙන් සියයට 3% කට සමාන වන අතර, අනෙකුත් ක්‍රියාකාරකම් වලින් මෙම විස්තාරණය කරන ලද කාබන් බර ස්වාභාවික නිෂේධනයට හිලව් කිරීමේ ධාරිතාව විශාල ලෙස (සමහර විට වසරකට ගිගාටොන් 2-3 ක් තරම්) ඉක්මවා ගොස් ඇත.

එහි ප්‍රතිඵලයක් ලෙස 1959 සිට 2006 දක්වා කාලය තුළ වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් (CO2) සාමාන්‍ය වාර්ෂික අනුපාතය 1.4 ppm සහ 2006 සිට 2018 දක්වා කාලය තුළ දළ වශයෙන් වාර්ෂිකව 2.0 ppm අනුපාතයක පැවතුනි. සමස්තයක් වශයෙන්, මෙම සමුච්චය වීමේ අනුපාතය දිනෙන් දින ඉහළ යමින් ඇත. කෙසේ වෙතත්, සාගර වැනි ඇතැම් ධාරා ගිලා බැසීම අනාගතයේදී ප්‍රධාන ප්‍රභවයක් වන්නේ කාබන්ඩයොක්සයිඩ් (CO2) සාන්ද්‍රණය වැඩි වීමෙනි. මෙය වායුගෝලීය කාබන්ඩයොක්සයිඩ් (CO2) සාන්ද්‍රණය අතිවිශාල අනුපාතයකින් වර්ධනය වන තත්වයකට ධනේශ්වර ක්‍රමය මඟ පාදා ඇත.

ගිණිකඳු නැවත සක්‍රීයවීම හරහා කාබන්ඩයොක්සයිඩ් (CO2) වල ස්වාභාවික මට්ටම වසර මිලියන ගණනකට පසු දැවැන්ත වෙනසක් සිදුවෙමින් ඇත. නිදසුනක් වශයෙන්, දළ වශයෙන් වසර මිලියන 100 කට පෙර, ක්‍රිටේසියස් යුගයේදී (වසර මිලියන 145 සිට මිලියන 66 දක්වා), කාබන්ඩයොක්සයිඩ් (CO2) සාන්ද්‍රණය අදට වඩා කීපගුණයකින් අඩුබව පෙනෙන්නේ එම කාලයේ 100 ppm ට ආසන්න මට්ටමක පැවතීම නිසාය. පසුගිය වසර ලක්ෂ 7ක් තුළ කාබන්ඩයොක්සයිඩ් (CO2) සාන්ද්‍රණය ප්ලයිස්ටොසීන් නැතිවීම හා සම්බන්ධ එකම පෘථිවි කක්ෂීය බලපෑම් සමග සම්බන්ධව ඉතා කුඩා පරාසයක (දළ වශයෙන් 100 ppm ත් 250 ppm ත් අතර) වෙනස් වී පැවතුනි. 21වැනි සියවසේ මුල් භාගය වනවිට කාබන්ඩයොක්සයිඩ් (CO2) මට්ටම 384 ppm දක්වා ළඟා වී ඇති අතර එය කාර්මික විප්ලවයේ ආරම්භයේ පැවති දළ වශයෙන් 260 ppm හි ස්වාභාවික මට්ටමට වඩා 104 ppm කින් වැඩිවීමකි. වායුගෝලීය කාබන්ඩයොක්සයිඩ් (CO2) මට්ටම් අඛණ්ඩව වැඩි වූ අතර 2022 වනවිට ඒවා 470 ppm දක්වා ළඟා විය.

මිනුම්වලට අනුව එවැනි මට්ටම් අවම වශයෙන් වසර ලක්ෂ 7 කට පසු ඉහළම අගය ලෙස විශ්වාස කරන අතර අනෙකුත් සාක්ෂිවලට අනුව අවම වශයෙන් වසර මිලියන 5 කට පසු ඉහළම අගය ලෙස සටහන් වෙයි.
කාබන් ඩයොක්සයිඩ් නිසා ඇතිවන විකිරණශීලී බලය වායුගෝලයේ එම වායුවේ සාන්ද්‍රණය සමග ආසන්න වශයෙන් ලඝුගණක ආකාරයෙන් වෙනස් වේ. කාබන්ඩයොක්සයිඩ් (CO2) සාන්ද්‍රණයන් වැඩිවන විට, අතිරේක කාබන්ඩයොක්සයිඩ් (CO2) පදාර්ථ “අධෝරක්ත කවුළුව” (වායුගෝලීය වායූන් මගින් අවශෝෂණය නොකරන – අධෝරක්ත කලාපයේ තරංග ආයාම කලාපය) තවදුරටත් බලපෑම් කිරීම වඩ වඩාත් අපහසුවන සන්තෘප්ත ආචරණයක ප්‍රතිඵලයක් ලෙස ලඝුගණක සම්බන්ධතාවය ඇතිවේ. ලඝුගණක සම්බන්ධතාවය පුරෝකථනය කරන්නේ කාබන්ඩයොක්සයිඩ් (CO2) සාන්ද්‍රණය දෙගුණ වන සෑම අවස්ථාවකම මතුපිට උණුසුම් කිරීමේ විභවය ආසන්න වශයෙන් එකම ප්‍රමාණයකින් ඉහළයනු ඇතිබවයි. පොසිල ඉන්ධන භාවිතයේ වත්මන් අනුපාතය අනුව, පූර්ව කාර්මික මට්ටමට වඩා කාබන්ඩයොක්සයිඩ් (CO2) සාන්ද්‍රණයන් දෙගුණ කිරීම 21වැනි සියවසේ මැද භාගය වන විට සිදුවී ඇත. කාබන්ඩයොක්සයිඩ් (CO2) සාන්ද්‍රණ මට්ටම 2030දී 560 ppm දක්වා ළඟාවනු ඇති බවට විද්‍යාඥයන් පුරෝකථන ඉදිරිපත් කරයි. කාබන්ඩයොක්සයිඩ් (CO2) සාන්ද්‍රණයන් දෙගුණ කිරීම විකිරණශීලී බලයේ වර්ග මීටරයකට වොට් 4ක පමණ වැඩිවීමක් නියෝජනය වෙයි. “දේශගුණික සංවේදීතාව” පිළිබඳ සාමාන්‍ය ඇස්තමේන්තු අනුව, කිසිදු සාධකයක් නොමැති විට, මෙම ශක්ති වැඩිවීම පූර්ව කාර්මික කාලවලදී 2°C සිට 5°C (3.6°F සිට 9°F) දක්වා ගෝලීය උණුසුම වැඩිවීමට හේතු වනු ඇත.

කාර්මික ධනවාදය විසින් කාර්මික යුගය ආරම්භයේ සිට කාබන්ඩයොක්සයිඩ් (CO2) විමෝචනය මගින් ඇතිකරන ලද මුළු විකිරණශීලී බලය වර්ග මීටරයක් තුළ ආසන්න වශයෙන් වොට් 1.66 ක වර්ධනයක් සිදුකර ඇත.

ධනේශ්වර ක්‍රමය ලෝකය තුළ ස්ථාපිත වී කළ සියලු ක්‍රියා පෘථිවියේ පැවැත්ම විනාශ කිරීමට යොදාගත් බව කෘත්‍රිම නිෂ්පාදන ක්‍රියාවලියකට යොමුවීමෙන් පැහැදිලි වෙයි. එහි ප්‍රතිඵලය 2025 වනවිට දැවැන්ත පරිමාණයෙන් සිදුවන විනාශය කෘත්‍රිම කාබන් පරමාණු ව්‍යාප්ත කිරීම හරහා ඇතිකළ ව්‍යසනයක් බව වත්මන් ලෝකයම ජන අරගලය මගින් ප්‍රකාශ කරති. නමුත් ගෝලීය ජනතාවගේ පැවැත්ම ගැන කිසිම වගක් නොමැතිව ගෝලීය ධනවාදය පෘථිවියේ පැවැත්මට වඩා ලාභය ප්‍රමුඛකර ගනිමින් මුලු පෘථීවියම ගෝලීය විනාශයක් කරා ගෙනයමින් පවතී. පැවැත්ම සහතික කරගැනීමට අවශ්‍ය නම් ස්වාභාවික භෞතිකවාදී සමාජ ආර්ථික ව්‍යුහයකින් ඇතිකරන වෙනසකින් පමණක් මෙයට පිළිතුරු සෙවිය හැකිය. මේ ස්වාභාවික භෞතිකවාදී දාර්ශනික දෘෂ්ටිය ඇති එකම දර්ශනය වන්නේ මාක්ස්වාදය පමණි. මාක්ස්වාදී සමාජ දෘෂ්ටියකින් සංවර්ධනාත්මක අර්ථකථනයකයට යාමට කාලය පැමිණ ඇත.

චමිල් ජයනෙත්ති-Chamil Jayaneththi

More From Author

පාස්කු ඛේදවාචකය: රහස් හස්තය එස වු විට

ප්‍රියංවදාගේ අලුත් පොත් ද්විත්වය

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348